Jump to content

2003 බෑන්ක් අල්ෆාලා ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
බෑන්ක් අල්ෆාලා කුසලානය 2003
පරිපාලක(යෝ)ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසාන තරගය
සත්කාරකත්වය ශ්‍රී ලංකාව
ශූරයන් නවසීලන්තය
අනුශූරයන් පකිස්තානය
සහභාගීත්වය නවසීලන්තය
 පකිස්තානය
 ශ්‍රී ලංකාව
තරඟ7
තරඟාවලියේ වීරයාපකිස්ථානය ෂොයිබ් මලික්
වැඩිම ලකුණුපකිස්ථානය ෂොයිබ් මලික් (170)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන් (13)

2003 බෑන්ක් අල්ෆලා කුසලානය යනු 2003 මැයි 10 සිට 23 දක්වා දඹුල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟයකි [1] එයට නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් ඇතුළත් විය. තරගාවලියේ ශූරතාව හිමිවූයේ අවසන් මහා තරගයේදී පාකිස්තානය පරාජය කළ නවසීලන්තයයි.

ෂොයිබ් මලික් - තරගාවලියේ වීරයා

ක්‍රීඩාංගණ

[සංස්කරණය]

තරගාවලියේ සියළු තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්විනි.

දඹුල්ල
ධාරිතාව: 16800

ලකුණු වගුව

[සංස්කරණය]

තරගාවලියේ කණ්ඩායම් 3ම තරග 2 බැගින් ජය ගත් නමුත් ප්‍රසාද ලකුණු සටහන අනුව නවසීලන්තය ප්‍රථම ස්ථානයද පාකිස්ථානය දෙවන ස්ථානය ද සත්කාරක ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්විය.

කණ්ඩායම සම විනැ ශුලවේ ප්‍රසාද
 නවසීලන්තය 4 2 2 0 0 +0.196 13
 පකිස්තානය 4 2 2 0 0 +0.061 12
 ශ්‍රී ලංකාව 4 2 2 0 0 -0.259 11

1 වන තරගය

[සංස්කරණය]
පකිස්තානය 
199/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
120 (ඕවර 43.1)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: පකිස්ථානය 6, ශ්‍රී ලංකාව 0

2 වන තරගය

[සංස්කරණය]
පකිස්තානය 
116 (ඕවර 43.1)
 නවසීලන්තය
117/3 (ඕවර 27.3)
නවසීලන්තයට කඩුලු 7ක ජයක්
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා: නවසීලන්තය ඩැරිල් ටෆේ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: නවසීලන්තය 6, පාකිස්තානය 0

3 වන තරගය

[සංස්කරණය]
නවසීලන්තය 
139 (ඕවර 43.1)
 ශ්‍රී ලංකාව
143/5 (ඕවර 43.4)
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රොමේෂ් කළුවිතාරණ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව දර්ශන ගමගේ සිය මංගල එදිජා තරගයට පිවිසියේය.
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 5, නවසීලන්තය 1

4 වන තරගය

[සංස්කරණය]
2003 මැයි 18
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
172 (ඕවර 49.5)
 පකිස්තානය
160 (ඕවර 47.3)
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 5, පාකිස්තානය 1

5 වන තරගය

[සංස්කරණය]
2003 මැයි 19
ලකුණු පුවරුව
නවසීලන්තය 
156/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
147 (ඕවර 49.1)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: නවසීලන්තය 5, ශ්‍රී ලංකාව 1

6 වන තරගය

[සංස්කරණය]
2003 මැයි 20
ලකුණු පුවරුව
පකිස්තානය 
203\9 (ඕවර 50)
 නවසීලන්තය
181 (ඕවර 48.1)
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • පකිස්ථානය යසීර් හමීඩ් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
  • ප්‍රසාද ලකුණු: පාකිස්තානය 5, නවසීලන්තය 1

අවසාන තරගය

[සංස්කරණය]
පකිස්තානය 
198 (ඕවර 50)
 නවසීලන්තය
200/6 (ඕවර 45.2)
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • නවසීලන්තය 2003 බැංකු අල්ෆලා කුසලානය ජයග්‍රහණය කලේය.
  • පකිස්ථානය ෆයිසාල් ආතාර් ඔහුගේ පළමු එක්දින තරගයට පිවිසියේය.

යොමු කිරීම්

[සංස්කරණය]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග