ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය 2008-09

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 2009
පාකිස්තානය
ශ්‍රී ලංකාව
දින වකවානුව ජනවාරි 20 – මාර්තු 5
නායකයන් ෂොයිබ් මලික් මහේල ජයවර්ධන
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය
වැඩිම ලකුණු යුනිස් ඛාන් (313) තිලාන් සමරවීර (469)
වැඩිම කඩුළු උමර් ගුල් (9) දිල්හාර ප්‍රනාන්දු (2)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සල්මන් බට් (162) තිලකරත්න ඩිල්ෂාන් (255)
වැඩිම කඩුළු උමර් ගුල් (10) මුත්තයියා මුරලිදරන් (6)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2009 ජනවාරි සහ පෙබරවාරි මාසවල පාකිස්තානයේ සංචාරය කරමින් සිටියේය. මෙම තරගමාලාව 2007 ඔක්තෝම්බර් මාසයේදී දකුණු අප්‍රිකාව සංචාරය කිරීමෙන් පසු පාකිස්තානයේ කණ්ඩායමක් සිදු කරන පළමු ටෙස්ට් සංචාරය විය.[1] 2008 මුම්බායි ප්‍රහාරයෙන් පසු BCCI විසින් අවලංගු කරන ලද නියමිත ඉන්දීය කණ්ඩායමේ සංචාරය වෙනුවට මෙම සංචාරය සංවිධානය කරන ලදී.[2] මෙම සංචාරයට එදිජා තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත් විය.

පාකිස්තානයේ සංචාරක ක්‍රිකට් කණ්ඩායම්වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ගැටලු මතුව තිබිණි. 2002 මැයි මාසයේදී, නවසීලන්තය ඔවුන්ගේ හෝටලයෙන් පිටත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පසු පාකිස්තානයේ ඔවුන්ගේ ටෙස්ට් තරඟාවලිය අතහැර දැමීය: එතැන් සිට ඔවුන් නැවත පකිස්ථානයට පැමිණ නැත.[3] ඔස්ට්‍රේලියාව පසුගියදා සංචාරය කිරීම ප්‍රතික්ෂේප කර තිබුණේ ආරක්‍ෂක හේතු මතයි.[4] ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණීමට ඒත්තු ගැන්වීම සඳහා, පාකිස්තාන රජය "ජනාධිපති පන්නයේ ආරක්ෂාවක්" ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සම්පාදනය කිරීමට ඉදිරිපත් විය.[5] නමුත් ඔවුන් එය ලබා දීමට අපොහොසත් විය. ලාහෝර් හි පැවති දෙවන ටෙස්ට් තරඟය අතරතුර, ශ්‍රී ලංකා කණ්ඩායමට වෙස්මුහුණු පැලදගත් තුවක්කුකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී. ත්‍රස්ත ප්‍රහාරයදී කණ්ඩායම්වල ආරක්ෂක අංශයේ සාමාජිකයින් 6 දෙනෙකු සහ තවත් සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගියහ. කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මිය නොගිය නමුත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සහ ඔහුගේ උප නායක කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තිලාන් සමරවීර සහ තරංග පරණවිතාන ඇතුළු පස් දෙනෙකු තුවාල ලැබූවන් ලෙස නම් කර ඇත.[6]

2015 වසරේ සිම්බාබ්වේ කණ්ඩායම සංචාරය කරන තෙක් සංචාරක කණ්ඩායමක් පකිස්ථානයේ කළ අවසන් සංචාරය මෙය විය.

පුහුණු තරගය[සංස්කරණය]

පෙබරවාරි 17 - 18
ලකුණු පුවරුව
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුශාසක XI
395/4 (ඕවර 90)
එරෙහි
 ශ්‍රී ලංකාව
283/5 (ඕවර 90)
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුශාසක XI කණ්ඩායම ලකුණු 112 කින් ජයග්‍රහණය කළේය
සවුත් එන්ඩ් ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කරච්චි
විනිසුරුවන්: එතෙෂාම්-උල්-හක් සහ රියාසුදීන්
  • එක් පැත්තකට ක්‍රීඩකයන්: 14 (පිතිකරණය 11, පන්දු රැකීම 11)
  • උපරිම ඕවර 90

එදිජා තරගමාලාව[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

2009 ජනවාරි 20
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා 
219 (ඕවර 45.2)
 පකිස්තානය
220/2 (ඕවර 45.5)
පාකිස්තානයට කඩුලු 8ක ජයක්
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා: පකිස්ථානය සල්මන් බට්
විනිසුරුවන්: එංගලන්තය නයිජල් ලොන්ග් සහ පකිස්ථානය නදීම් ගෞරි

2 වන එදිජා තරගය[සංස්කරණය]

3 වන එදිජා තරගය[සංස්කරණය]

2009 ජනවාරි 24
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා 
309/5 (ඕවර 50)
 පකිස්තානය
75 (ඕවර 22.5)
ශ්‍රී ලංකාවට ලකුණු 234ක ජයක්
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව තිලකරත්න ඩිල්ෂාන්
විනිසුරුවන්: පකිස්ථානය අසාද් රවුෆ් සහ එංගලන්තය නයිජල් ලොන්ග්

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

පෙබරවාරි 21 - 25
ලකුණු පුවරුව
644/7 dec (ඕවර 155.2)
මහේල ජයවර්ධන 240 (424)
ඩනිෂ් කනේරියා 3/170 (ඕවර 46.2)
765/6 dec (ඕවර 248.5)
යුනිස් ඛාන් 313 (568)
දිල්හාර ප්‍රනාන්දු 2/124 (ඕවර 39)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා: පකිස්ථානය යුනිස් ඛාන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල්
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට නායකයන් දෙදෙනාම එකම ටෙස්ට් තරගයකදී ලකුණු 200ක් හෝ ඊට වැඩිය ඉනිමක ලබා ගත්හ.[7]
  • ටෙස්ට් ඉතිහාසයේ පිතිකරුවන් තිදෙනෙකු ද්විත්ව ශතක වාර්තා කළ දෙවැනි ටෙස්ට් තරගය මෙයයි.[8] තරගයේ අනෙක් ද්විත්ව ශතකය වාර්තා කලේ ශ්‍රී ලංකාව තිලාන් සමරවීර විසිනි.
  • පකිස්ථානය කුරාම් මන්සූර්, පකිස්ථානය සොහේල් ඛාන් සහ ශ්‍රී ලංකාව තරංග පරණවිතාන ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගය ක්‍රිකට් ක්‍රීඩා කළහ.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

මාර්තු 1 - 5
ලකුණු පුවරුව
606 (ඕවර 151)
තිලාන් සමරවීර 214 (338)
උමාර් ගුල් 6/135 (ඕවර 37)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්

විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් තරගය අතහැර දමා තිබෙනවා.
  • පකිස්ථානය මොහොමඩ් තල්හා ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. Cricinfo – South Africa in Pakistan Test Series, 2007/08
  2. "Sri Lanka have confirmed tour – Pakistan board". Cricinfo Pakistan. 10 December 2008. සම්ප්‍රවේශය 3 March 2009.
  3. "Where terror was never too far away". The Statesman. 3 March 2009. 5 August 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 March 2009.
  4. Knight, Ben (9 August 2002). "Australian cricket team cancel Pakistan tour". ABC News. සම්ප්‍රවේශය 3 March 2009.
  5. Perlez, Jane (2009-03-03). "For Pakistan, Attack Exposes Security Flaws". The New York Times. සම්ප්‍රවේශය 2009-03-04.
  6. Cricinfo staff (2009-03-03). "SL cricketers injured in terror attack". Cricinfo. සම්ප්‍රවේශය 2009-03-03.
  7. "Test matches: Batting records (filters: captaincy, innings score ≥ 200)". Cricinfo. සම්ප්‍රවේශය 2009-02-24.
  8. "Test matches: Batting records (filter: 3 or more double centuries)". Cricinfo. සම්ප්‍රවේශය 2009-02-24.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග