ඇලන් බෝඩර්

විකිපීඩියා වෙතින්
ඇලන් බෝඩර්
Allan Border 2.jpg
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඇලන් රොබට් බෝඩර්
උපත27 ජූලි 1955 (1955-07-27) (වයස 67)
ක්‍රමෝන්, නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව
අපනාමයඒබී, කැප්ටන් ග්‍රම්පි
උස5 අඩි 9 අඟ (175 සෙමී) [1]
පිතිකරන විලාසයවමතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයමද වේග වමතින් ඕර්තඩොක්ස්
භූමිකාවනායක, පුහුණුකරු, පරිපාලක
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායම
ටෙස්ට් මංගලාවතරණය (cap 299)29 දෙසැම්බර් 1978 එරෙහි එංගලන්තය
අවසන් ටෙස්ට් තරගය25 මාර්තු 1994 එරෙහි දකුණු අප්‍රිකාව
එදිජා මංගලාවතරණය(තොප්පිය 49)13 ජනවාරි 1979 එරෙහි [[{{{odidebutagainst_adj}}} ක්‍රිකට් කණ්ඩායම|එංගලන්තය]]
අවසන් එදිජා8 අප්‍රේල් 1994 එරෙහි [[{{{lastodiagainst_adj}}} ක්‍රිකට් කණ්ඩායම|දකුණු අප්‍රිකාව]]
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1980–1996 ක්වීන්ස්ලන්ඩ්
1986–1988 එසෙක්ස්
1976–1980 නිව් සවුත් වේල්ස්
1977 ග්ලොස්ටර්ෂයර්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් තරග එදිජා පපෙ ලැඒ
තරග 156 273 385 382
රැස් කල ලකුණු 11174 6524 27131 9355
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 50.56 30.62 51.38 31.71
100ඒවා/50ඒවා 27/63 3/39 70/142 3/62
වැඩිම ලකුණු 205 127* 205 127*
යැවුනු පන්දු 4009 2661 9750 3703
කඩුළු 39 73 106 90
පන්දු යැවීමේ සාමාන්‍යය 39.10 28.36 39.25 32.27
ඉනිමකදී කඩුළු පහක් 2 0 3 0
තරගයකදී කඩුළු 10 ක් 1 n/a 1 n/a
හොඳම පන්දු යැවීම 7/46 3/20 7/46 3/20
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 156/– 127/– 379/– 183/–
මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ, 13 ජනවාරි 2008

ඇලන් රොබට් බෝඩර් ඒඕ[2] (උපත 27 ජූලි 1955) යනු, හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පිතිකරුවෙකු වූ බෝඩර්, වසර ගණනාවක් තුල ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙහි නායකයා විය. තරග කිරීමේදී ඔහුගේ අපනාමය වූයේ "ඒ.බී." යන්නයි. ඔහුගේ ක්‍රීඩා අභිවෘත්තිය තුලදී ටෙස්ට් තරග 156 ක් ක්‍රිඩා කර ඇති අතර, ඔහුගේ ඕස්ට්‍රේලියානු මිත්‍ර ස්ටීව් වෝ විසින් මෙම කෞෂල්‍යය පසු කරන තෙක් එය වාර්තාවක් විය. අනුයාත ලෙසින් ටෙස්ට් තරග153 ක් සඳහා තරග කරමින් එසේ වැඩිම ගණනක් සඳහා පෙනී සිටීමේ වාර්තාවද සහ නායකයා වශයෙන් ටෙස්ට් තරග වැඩිම සංඛ්‍යාවක් ක්‍රීඩා කල වාර්තාවද බෝඩර් තවමත් උසුලයි. ප්‍රාථමික වශයෙන් වමතින් පිත්ත හසුරුවන පිතිකතරුවෙකු වුවද, අර්ධ-කාලීන වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යවන්නෙකු ලෙසින් කඩින් කඩ සාර්ථකත්වයක්ද ඔහු ලබා ඇත. බෝඩර් විසින් ටෙස්ට් ලකුණු 11,174 ක් රැස් කර ගති (2005 වසරේදී බ්‍රයන් ලාරා විසින් එය පසු කරන තෙක් ලෝක වාර්තාවක් විය). ඔහු විසින් සිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා අභිවෘත්තිය තුලදී, ශතක 27 ක් රැස් කර ගති. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පෙනී සිටීම් වැඩිම ගණනක් සහිතවූ ක්‍රීඩකයා සහ ටෙස්ට් සහ එදිජා යන තරග ආකෘති දෙකෙහිම ඉදිරියේ සිටි ලකුණු රැස් කරන්නා ලෙසින් ඔහු විශ්‍රාම ගත්තේය. ටෙස්ට් තරග ලකුණු රැස් කිරීම සඳහා ඔහුගේ ඕස්ට්‍රේලියානු වාර්තාව, 2009 ජූලි මසදී එංගලන්තයට එරෙහි තුන්වන අළු බඳුන ටෙස්ට් තරගයෙහිදී රිකී පොන්ටිං විසින් ඔහු අභිබවා යෑමට පෙර වසර 15 ක් පුරා නොබිඳී පැවතියේය.[3]

අයිසීසී ක්‍රිකට් හෝල් ඔෆ් ෆේම් හඳහා එක් කර ගනු ලැබුනු සමාරම්භක ක්‍රීඩකයන් 55 දෙනා අතුරින් බෝඩර් එක් අයෙකු විය.[4]

සටහන්[සංස්කරණය]

  1. "ඇලන් බෝඩර්". espncricinfo.com. ඊඑස්පීඑන් ස්පෝට්ස් මීඩියා. සම්ප්‍රවේශය 20 ජනවාරි 2014.
  2. "බෝඩර්, ඇලන් රොබට්, ඔෆිසර් ඔෆ් දි ඕඩර් ඔෆ් ඕස්ට්‍රේලියා". itsanhonour.gov.au. අග්‍රාමාත්‍ය සහ කැබිනට් දෙපාර්තමේන්තුව. 27 සැප්තැම්බර් 1989. සම්ප්‍රවේශය 7 සැප්තැම්බර් 2013.
  3. "පොන්ටිං පාසස් බෝඩර් ඈස් හයස්ට් ඕස්ට්‍රේලියන් රන් ගෙටර්".[මළ බැඳිය]
  4. "බෝඩර්, හාවි, ගවර්, අන්ඩර්වුඩ් ඉන්ඩක්ටඩ් ඉන්ටු හෝල් ඔෆ් ෆේම්".
"https://si.wikipedia.org/w/index.php?title=ඇලන්_බෝඩර්&oldid=353169" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි