Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර්

විකිපීඩියා වෙතින්

තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්


තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


දැන් වෙලාව 21:06 සෙනසුරාදා, ඔක්තෝබර් 10, 2026 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න


<< නොවැම්බර් මාසය සඳහා තෝරාගත් සංවත්සර
>>
ඉරිදා සඳුදා අඟ. බදාදා බ්‍රහස් සිකු. සෙන.
1234567
891011121314
15161718192021
22232425262728
2930  
An archive of historical anniversaries that appeared on the Main Page
2026 day arrangement

නොවැම්බර් 1: බටහිර ක්‍රිස්තියානි ආගමෙහි සියළු සාන්තුවරයන්ගේ දිනය ;

ජේ.ආර්. ජයවර්ධන
ජේ.ආර්. ජයවර්ධන
  • 1996 – ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති පදවිය මුල් වරට දැරූ ජේ.ආර්. ජයවර්ධනගේ (රූපයේ) අභාවය.
  • 1918 – බටහිර යුක්රෙනියානු ජාතික සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කිරීම.
  • 1993 - මාස්ට්‍රිච්ට් ගිවිසුම බලාත්මක වීම.
  • 1973 - ඉන්දියානු සිනමා නිලි අයිශ්වර්යා රායි, උපත.
  • තවත් සිදුවීම්: ඔක්තෝබර් 31 – නොවැම්බර් 1 – නොවැම්බර් 2


    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 2: බටහිර ක්‍රිස්තියානි ආගමෙහි මළවුන්ගේ දිනය;

    ටයිග්‍රේ යුද්ධය
    ටයිග්‍රේ යුද්ධය

    තවත් සිදුවීම්: නොවැම්බර් 1 – නොවැම්බර් 2 – නොවැම්බර් 3


    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 3: ඩොමිනිකා (1978) හී , මයික්‍රොනීසියා ගිවිසුම් ජනපදයන්ගේ (1986), සහ පැනමාවෙහි (1903) නිදහස් සැමරුම් දිනය; ජපානයෙහි සංස්කෘතික දිනය

  • 644 – පර්සියානු වහලෙකුවූ පිරෝස් නවහන්දි නමැත්තා විසින්, මුහමද් තුමාගේ අනුප්‍රාප්තිකයාවූ මුස්ලිම් කාලිෆ් උමාර් හට පිහියෙන් ඇන මරණීය තුවාල සිදු කළේය.
  • 1935 –ග්‍රීක ජනමත විමසුමෙහිදී ප්‍රකාශිත ඡන්ද වලින් 98% පමණ අනුමත කළේ හෙලනෙස්හී රජ ලෙසින් දෙවන ජෝර්ජ් රජ යළි ස්ථාපිත කිරීමය.
  • 1979 – එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ග්‍රීන්ස්බරෝ නුවරහී පැවැති උද්ඝෝෂණයකදී කූ ක්ලක්ස් ක්ලෑන් හා ඇමරිකානු නාසි පක්ෂයේ සාමාජිකයන් විසින් එක්සත් ජනපද කොමියුනිස්ට් කම්කරු පක්ෂයෙහි සාමාජිකයන් පස්දෙනෙක් වෙඩි තබා ඝාතනය කරනු ලැබූහ .
  • 1988 – ශ්‍රී ලාංකික දෙමළ කුලී හේවායන් මාලදිවයිනේ රජය පෙරලා දැමීමට උත්සාහ කළහ.
  • 2007 – පකිස්තානු ජනාධිපති සහ යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි පර්වෙස් මුෂාරෆ් විසින් පකිස්තානය පුරා හදිසි අවස්ථාවක් පනවමින්, පකිස්තානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිෂ්ප්‍රභා කරන බව ප්‍රකාශ කළේය.
  • 2016 – ශ්‍රී ලංකාවේ ගායකයා ඩබ්ලිව්. ඩී. අමරදේවගේ (සේයාරුව) අභාවය.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 2 – නොවැම්බර් 3 – නොවැම්බර් 4


    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 4: රුසියාවේ එකමුතු දිනය

  • 1921 – ජපාන අග්‍රාමාත්‍ය හාරා ටකාෂි ටෝකියෝහිදී ඝාතනය කෙරේ.
  • 1952 – එක්සත් ජනපද රජය ජාතික ආරක්ෂක නියෝජිතායතනය (NSA) ස්ථාපිත කෙරේ.
  • 1979 – ඉරාන ප්‍රාණඇපකරු අර්බුදය ඇරඹේ.
  • 2008 – බරාක් ඔබාමා (සේයාරුව) ඇමරිකා එක්සත් ජනපදයේ 44 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙයි.
  • 2015 – පකිස්ථානයේ ලාහෝර් නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 100 දෙනෙකු තුවාල ලැබේ.
  • 2020 – ඉතියෝපියාවේ ටිග්‍රේ යුද්ධය ඇරඹේ.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 3 – නොවැම්බර් 4 – නොවැම්බර් 5

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 5:මහා බ්‍රිතාන්‍යයෙහි සහ සමහරක් පොදු රාජ්‍ය මණ්ඩල රටවල ගයි ෆෝක්ස් රාත්‍රිය (1605)

    තවත් සිදුවීම්: නොවැම්බර් 4 – නොවැම්බර් 5 – නොවැම්බර් 6

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 6: ඩොමිනිකන් ජනරජයේ (1844) සහ ටජිකිසේතානයේ (1994) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය;

  • 1528 – ස්පාඤ්ඤ ආක්‍රමණික අල්වාරේ නූනෙස් එක්සත් ජනපදයේ දැන් ටෙක්සාස් ප්‍රදේශයට පා තැබූ පළමු යුරෝපීයයා බවට පත්වේ.
  • 1860 – ඒබ්‍රහම් ලින්කන් (සේයාරුව) එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වේ.
  • 1977 – එක්සත් ජනපදයේ ජෝර්ජියාව ප්‍රාන්තයේ වේල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
  • 1999 – ඕස්ට්‍රේලියාව ජනමත විචාරණයකදී, බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව යටතේ ඉදිරියට යාමට බහුතරයක් එකඟ වූහ.
  • 2004 – එංගලන්තයේ ඇෆ්ටන් නර්වෙට් ගම්මානයේ, දුම්රියක් ස්ථාවර මෝටර් රථයක ගැටීමෙන් හත් දෙනෙකු මිය ගොස් 150 දෙනෙකුට තුවාල සිදු විය.
  • 2016 – සිරියානු සිවිල් යුද්ධය: සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව රක්කා මෙහෙයුම දියත් කළේය.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 5 – නොවැම්බර් 6 – නොවැම්බර් 7


    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 7: බෙලාරූස් හා පැරණි සෝවියට් සංගමයෙහි වෙනත් බොහෝ ප්‍රදේශ විසින් සමරනු ලබන ඔක්තොම්බර් විප්ලව දිනය

  • 1665 – දැනටද ප්‍රකාශයට පත් වන පැරණිතම ඉංග්‍රීසි-භාෂා පුවත්පත වන ලන්ඩන් ගැසට්, පළමුවරට ඔක්ස්ෆර්ඩ් ගැසට් ලෙසින් ප්‍රකාශයට පත් කරන ලදි.
  • 1867 – රේඩියම් හා පොලෝනියම් සොයාගත් හා, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව යන ක්ෂේත්‍ර දෙකම සදහාම නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් මාරි කියුරි මැතිණියගේ 144 වන ජන්ම දින සංවත්සරය අදට යෙදී ඇත.
  • 1917 – ඇලෙක්සැක්ඩර් කෙරෙන්ස්කිගේ රුසියානු යාවකාලීන රජය එරෙහිව ව්ලැඩිමියර් ලෙනින්(සේයාරුව) විසින් මෙහෙයවනු ලැබූ බොල්ෂෙවික් කැරැල්ල හා සමගින් බොල්ෂෙවික් විප්ලවය ඇරඹිනි.
  • 1985 – එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්, ශ්‍රී ලංකාව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නාමල්වත්ත ගම්මානයේ සිටි කුඩා දරුවන් ඇතුළු 10 දෙනෙකු ඝාතනය කිරීම.
  • 1991 – ඇමෙරිකානු වෘත්තීය පැසිපන්දු ක්‍රීඩක මැජික් ජොන්සන් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළේ ඔහු එච්යිවී ආසාදනයෙන් පෙලෙන බැවිනි.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 6 – නොවැම්බර් 7 – නොවැම්බර් 8


    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 8:

    විල්හෙල්ම් කොන්රඩ් රොන්ට්ජන්

  • 1939 – ජර්මනියේ මියුනිච් නගරයේදී ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය.
  • 1957 – එක්සත් රාජධානිය සිය පළමු න්‍යෂ්ටික යුධ ශීර්ෂය කිරිබාස් දූපත්වලට ඔබ්බෙන් ශාන්තිකර සාගරයේදී සාර්ථකව අත්හදා බලයි.
  • 1987 – ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය ලකුණු 6කින් පරාජය කළ ඔස්ට්‍රේලියාව පළමු වරට තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
  • 2002 – සදාම් හුසේන් වහාම නිරායුධකරණයට කැපවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අනතුරු අඟවයි.
  • 2016 – ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත් විය.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 7 – නොවැම්බර් 8 – නොවැම්බර් 9

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 9:ඔස්ට්‍රියාවේ, ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ නිපැයුම්කරුවන්ගේ දිනය

  • 1701 – ජොසොන් රාජධානියේ හිටපු වල්ලභ රැජිණ හුයි-බින් ජෑං අභාවප්‍රාප්ත විය.
  • 1953 – කාම්බෝජය ප්‍රංශයෙන් නිදහස ලබයි.
  • 1987 – එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්, ශ්‍රී ලංකාව කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන උප නගරයේ බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 23 දෙනෙකු මිය ගොස් 106 දෙනෙකු තුවාල ලබා ඇත.
  • 1989 – බර්ලින් තාප්පය (සේයාරුව) බිඳ දැමීම ඇරඹේ.
  • 2000 – උත්තරාඛණ්ඩ් නිල වශයෙන් ඉන්දියාවේ 27 වන ප්‍රාන්තය බවට පත් වේ.
  • 2012 – වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලකින් 27 දෙනෙකු මිය ගොස් 40 දෙනෙකු තුවාල ලැබුවා.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 8 – නොවැම්බර් 9 – නොවැම්බර් 10

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 10: බංග්ලාදේශයේ සැමරෙන නූර් හොසේන් දිනය;

  • 1847 – පුද්ගලයින් 110 දෙනෙකු රැගත් මගී නෞකාවක් අයර්ලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් ගිලී යාමෙන් පුද්ගලයින් 92 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
  • 1940 – රුමේනියාවේ භූමිකම්පාවෙන් 1000 කට වැඩි පිරිසක් මිය ගියහ.
  • 1983 – වින්ඩෝස් 1.0 හඳුන්වා දී ඇත.
  • 1989 – දිගුකාලින බල්ගේරියාවේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ ටෝඩෝර් ෂිව්කොව් (සේයාරුව) ධූරයෙන් පහ කෙරේ.
  • 1993 – ශ්‍රී ලංකාවේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ගම්මානය පිහිටි පුනරින් ආරක්ෂක කඳවුරට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කල කෘර ප්‍රහාරයෙන්, නිළදාරීන් 8 දෙනෙකු ඇතුළුව සෙබළුන් 233 ඝාතනය වීම.
  • 2020 – ආර්මේනියාව සහ අසර්බයිජානය සටන් විරාම ගිවිසුමකට අත්සන් තබමින් දෙරට අතර යුද්ධයක් අවසන් කරයි
  • තවත් සිදුවීම්: නොවැම්බර් 9 – නොවැම්බර් 10 – නොවැම්බර් 11

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 11: පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරෙන රණවිරු අනුස්මරණ දිනය ;

  • 1918 – ජර්මනිය සහ මිත්‍ර හමුදා අතර පළමු ලෝක යුද්ධය අවසන් කිරීමට සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන ලද්දේ ප්‍රංශයේ දුම්රිය මාර්ගයකදීය (සේයාරුව).
  • 1947 – ඩී.එස්. සේනානායක බ්‍රිතාන්‍යය සමඟ ආරක්ෂක, විදේශ කටයුතු සහ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ගිවිසුම් 3කට අත්සන් තැබීය.
  • 1984 – එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්, ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඩොලර් ෆාම් ගම්මානයේ සිටි 33 දෙනෙකු ඝාතනය කිරීම.
  • 1987 – එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්, ශ්‍රී ලංකාවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ගම්මානයේ සිටි 7 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
  • 1995 – ශ්‍රී ලංකාවේ කොම්පඤ්ඤ වීදිය දුම්රියපල ආසන්නයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්, බෝම්බයක් පුපුරුවා හරිමින් කුඩා දරුවන් 15 දෙනෙකු සහ හමුදා සෙබළුන් දෙදෙනෙක් මරා දැමීම.
  • 2000 – ඔස්ට්‍රියාවේ කප්රුන් නුවරහි ඇල්පයින් උමං මාර්ගයක කේබල් කාර් රථයක් ගිනි ගැනීමෙන් 155 දෙනෙක් මිය ගියහ.
  • ජෝර්ජ් බ්ලේක් (උ. 1922) · ලතා වල්පොල (උ. 1933) · ලියනාඩෝ ඩිකැප්‍රියෝ (උ. 1974)
    තවත් සිදුවීම්: නොවැම්බර් 10 – නොවැම්බර් 11 – නොවැම්බර් 12

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 12: බැහෑ අල්ලාහ්ගේ උපත, බහායි ධර්මයේ ශුද්ධවූ දිනයකි

  • 1918 – ඔස්ට්‍රියාව ජනරජයක් බවට පත් විය
  • 1927 – මහත්මා ගාන්ධි ශ්‍රී ලංකාවට සිය එකම සංචාරය කළේය.
  • 1936 – එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාව ප්‍රාන්තයේ පිහිටි සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක හරහා සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ඕක්ලන්ඩ් නගරවල යා කරන පාලම රථවාහන ගමනාගමනයට විවෘත විය.
  • 1987 – ශ්‍රී ලංකාවේ වවුනියාව දිස්ත්‍රික්කයේ චෙඩ්ඩිකුලම් ගම්මානයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අටවන ලද වැළලූ බිම් බෝම්බයකට හසුවීමෙන් ප්ලොට් සාමාජිකයින් 13ක් සහ දමිළ සිවිල් වැසියන් 12 දෙනෙකු රැගත් වෑන් රථයකට පහරදීමෙන් ඔවුන් සියලු දෙනාම මිය ගියහ.
  • 1994 –චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (සේයාරුව) ශ්‍රී ලංකාවේ 5 වැනි ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන් අතර, එම ධුරයට පත්වූ පළමු කාන්තාව බවට පත් විය.
  • 1996 –සෞදි අරාබියේ බෝයිං සහ කසකස්තානයේ ඉලියුෂින් ගුවන් යානය නව දිල්ලිය ආසන්නයේදී ගුවනේදී ගැටීමෙන් පුද්ගලයන් 349 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
  • ගුණදාස අමරසේකර (උ. 1929) · පුබුදු චතුරංග (උ. 1982) · ඉස්කැන්ඩර් මිර්සා (ම. 1969)
    තවත් සිදුවීම්: නොවැම්බර් 11 – නොවැම්බර් 12 – නොවැම්බර් 13

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 13: ශුද්ධවූ ජෝන් ක්‍රිසොස්ටොම් තුමාගේ මංගල්‍යය දිනය (ක්‍රිස්තියානි ආගම)

  • 1795 – බ්‍රිතාන්‍ය හමුදා ශ්‍රී ලංකාවේ කරාපිටිය ප්‍රදේශය ලන්දේසීන්ගෙන් අල්ලා ගත්හ.
  • 1918 – මිත්‍ර හමුදා ඕටමන් අධිරාජ්‍යයේ අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය අල්ලා ගනී.
  • 1946 – ශ්‍රී ලාංකික ගුවන් නියමු ජේ.බී. ඔබේසේකර ලන්ඩනයේ සිට රත්මලාන දක්වා සැතපුම් 7000ක් දුරින් ඔහුගේම තනි එන්ජිමක් සහිත ගුවන් යානයක් පියාසර කළේය.
  • 1989 – ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර පොලිස් වෙඩිපහරකින් මරණයට පත් වෙයි.
  • 1994 – ස්වීඩනය යුරෝපා සංගමයට එක්වෙයි.
  • 2015 –පෘථිවි අභ්‍යවකාශ සුන්බුන් ඩබලිව්ටී1190එෆ් (සේයාරුව) ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වැටේ.
  • ජී. ආර්. පෙරේරා (උ. 1939) · ගිරිරාජ් කෞෂල්‍ය (උ. 1964) · ජුහි චව්ලා (උ. 1967)
    තවත් සිදුවීම්: නොවැම්බර් 12 – නොවැම්බර් 13 – නොවැම්බර් 14


    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 14: ලෝක දියවැඩියා දිනය; ඉන්දියාවේ ළමා දිනය

  • 1918 – චෙකොස්ලෝවැකියාව ජනරජයක් බවට පත් විය.
  • 1988 – ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල නගරයේ පැණිකැටියාව ප්‍රදේශයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂක නිලදාරීන් දෙදෙනෙකු ඇතුළුව 28 දෙනෙකු ඝාතනය කිරීම.
  • 2008 – දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂයේ හිටපු සභාපති කුමාරස්වාමි නන්දගෝපන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් කොළඹදී ඝාතනයට ලක් විය.
  • 2015 – ප්‍රංශයේ පැරිස් නුවර අයිසිස් ත්‍රස්තවාදීන් විසින් නොවැම්බර් 13 වැනිදා ආරම්භ කළ ප්‍රහාරවලින් 137ක් මිය ගොස් 435ක් තුවාල ලැබූහ.
  • 2019 – එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා ක්ලැරිටා නගරයේ ද්විතීයික පාසලක වෙඩි තැබීමකින් අපරාධකරුවා ඇතුළු මරණ තුනක් සහ තුවාල තුනක් සිදු වේ.
  • 2021 – අවසන් මහා තරගයේදී නවසීලන්තය කඩුලු 8කින් පරාජය කළ ඔස්ට්‍රේලියාව (කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් සේයාරුව) පළමු වරට විස්සයි20 ලෝක කුසලානය දිනා ගත්තේය.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 13 – නොවැම්බර් 14 – නොවැම්බර් 15


    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 15: බ්‍රසීලයේ ජනරජ දිනය ( 1889);

  • 1938 – නාසි ජර්මනිය යුදෙව් දරුවන්ට රජයේ පාසල්වලට යාම තහනම් කරයි
  • 1947 – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ (සේයාරුව), උපත ලැබීය.
  • 1978 – ශ්‍රී ලංකාවේ කොළඹ ආසන්නයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 183 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
  • 1983 – තුර්කි සයිප්‍රස්වරුන් විසින් සයිප්‍රසයේ ඊසාන දිග කොටසෙහි උතුරු සයිප්‍රස තුර්කි සමූහාණ්ඩුව නමින් නව රාජ්‍යයක් බිහිකල බව ප්‍රකාශ කළ අතර මේ වන තුරු තුර්කිය විසින් පමණක් පිළිගැනීමට ලක්ව ඇත.
  • 2000 – ජාර්ඛාන්ඩ් නිල වශයෙන් ඉන්දියාවේ 28 වන ප්‍රාන්තය බවට පත් වේ.
  • 2013 – ශ්‍රී ලංකාවේහි 23වන පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම ආරම්භ වෙයි
  • තවත් සිදුවීම්: නොවැම්බර් 14 – නොවැම්බර් 15 – නොවැම්බර් 16

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 16: එස්ටෝනියාවේ ස්වෛරීත්වය ප්‍රකාශයට පත් කිරීමේ දිනය ( 1988)

  • 1852 – ජේ. ආර්. හයින්ඩ් විසින් 22 කලායියපී ග්‍රහකය සොයා ගන්නා ලදී
  • 1916 – පළමු ලෝක යුද්ධය: ඔස්ට්‍රියාව-හංගේරියාව සහ සර්බියාව අතර කොලියුබරා සටන ආරම්භ වේ.
  • 1933 – එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟයි.
  • 1945 – යුනෙස්කෝ සංවිධානය ආරම්භ කරන ලදී.
  • 1992 – ශ්‍රී ලංකාවේ කොළඹදී එල්ටීටීඊ ත්‍රස්තවාදියෙකු විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ශ්‍රී ලංකා නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු ඇතුළු සිව් දෙනෙක් මිය ගියහ.
  • 2019 – ගෝඨාභය රාජපක්ෂ (සේයාරුව) ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 15 – නොවැම්බර් 16 – නොවැම්බර් 17

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 17:

  • 1558 – එංගලන්තයේ පළමුවන එළිසබෙත් (සේයාරුව) රැජිණ බවට පත් වේ
  • 1800 – වොෂින්ටන්, ඩී.සී. නගරයේදී එක්සත් ජනපද කොංග්‍රසය සිය පළමු සැසිවාරය ආරම්භ විය.
  • 1869 – ඊජිප්තුවේ, මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද සම්බන්ධ කරන සූවස් ඇළ විවෘත වේ.
  • 1950 – ලාමෝ ඩොන්ඩ්‍රබ් නිල වශයෙන් 14 වැනි දලයි ලාමා ලෙස නම් කරන ලදී.
  • 1993 – නයිජීරියාවේ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයකින් රජය පෙරලා දමන ලදී.
  • 2012 – ඊජිප්තුවේ දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ අනතුරකින් පාසල් සිසුන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
  • යූසුෆ් පතාන් (උ. 1982) · ජේ. ජේ. ෆෙරිස් (ම. 1900) · හර්මන් හොලරිත් (ම. 1929)
    තවත් සිදුවීම්: නොවැම්බර් 16 – නොවැම්බර් 17 – නොවැම්බර් 18

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 18: ලැට්වියාවේ නිදහස් දිනය (1918);

  • 1918 – ලැට්වියාව රුසියාවෙන් නිදහස ප්‍රකාශ කරයි.
  • 1947 – නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
  • 1971 – ඕමානය එක්සත් රාජධානියෙන් නිදහස ප්‍රකාශ කරයි.
  • 1988 – එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීමට ජනාධිපති රොනල්ඩ් රේගන් අනුමැතිය ලබාදී තිබේ
  • 2006 – ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් කෘර ප්‍රහාරකින් ශ්‍රී ලංකා නාවික සෙබළුන් 10 දෙනෙකු මිය ගියා.
  • 2010 – මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය (සේයාරුව) විවෘත කළා
  • තවත් සිදුවීම්: නොවැම්බර් 17 – නොවැම්බර් 18 – නොවැම්බර් 19

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 19: මාලි රාජ්‍යයේ විමුක්ති දිනය

  • 1492 – ක්‍රිස්ටෝෆර් කොළොම්බස් මුලින්ම ගොඩ බැස්සේ ඔහු සොයාගත් දූපතට වන අතර එය සැන් ජුවාන් බැටිස්ටා (පසුව පුවටෝ රිකෝ) ලෙස නම් කළේය.
  • 1862 – ශ්‍රී ලංකාවේ ගාල්ලේ සිට එංගලන්තය බලා පිටත්ව ගිය ද කලම්බෝ මගී නෞකාව මාලදිවයින ආසන්නයේදී ගිලී ගියේය.
  • 1946 – ඇෆ්ගනිස්ථානය, අයිස්ලන්තය සහ ස්වීඩනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ විය.
  • 1985 – සීතල යුද්ධය: එක්සත් ජනපදයේ ජනාධිපති රොනල්ඩ් රේගන් සහ සෝවියට් සංගමයේ නායක මිහායිල් ගොර්බචොෆ් පළමු වරට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරහිදී හමුවිය.
  • 2005 – මහින්ද රාජපක්ෂ (සේයාරුව) ශ්‍රී ලංකාවේ 6 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය
  • 2010 – නවසීලන්තයේ පතලක සිදුවූ පිපිරීම් හතරකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 18 – නොවැම්බර් 19 – නොවැම්බර් 20

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 20: විශ්ව ළමා දිනය

  • 1923 – ජර්මනියේ මුදල් ඒකකය පැපියර්මාර්ක් රෙන්ඩන්මාර්ක් ලෙස වෙනස් කරන ලදී.
  • 1940 – දෙවන ලෝක යුද්ධය: හංගේරියාව අක්ෂ බලවතුන්ට එක්වෙයි.
  • 1947 – එලිසබෙත් කුමරිය සහ ෆිලිප් කුමාරයා ලන්ඩනයේදී විවාහ වෙති.
  • 1977 – ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර වසර හයක සිරගතව සිට නිදහස් කෙරේ.
  • 1996 – හොංකොංහි කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 41 දෙනෙකු මිය ගොස් 81 දෙනෙකු තුවාල ලබා ඇත.
  • 2015 – නවසීලන්ත ධජය පිළිබඳ ජනමත විචාරණයේ පළමු වටය ආරම්භ විය. (වර්තමාන ධජය සේයාරුව)
  • තවත් සිදුවීම්: නොවැම්බර් 19 – නොවැම්බර් 20 – නොවැම්බර් 21

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 21:

  • 1916 – පළමු ලෝක යුද්ධය: බ්‍රිතාන්‍ය නෞකාව වන "බ්‍රිටැනික්" (ටයිටැනික් නෞකාවේ සහෝදරිය) ග්‍රීසිය අසල ගිලී යාමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගියහ.
  • 1950 – කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා පළාතේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
  • 1980 – එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ ගින්නකින් 87 දෙනෙක් මිය ගොස් 650 දෙනෙක් තුවාල ලැබූහ.
  • 2005 – රත්නසිරි වික්‍රමනායක (සේයාරුව) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දෙවන වරටත් දිවුරුම් දුන්නා.
  • 2009 – චීනයේ හෙයිලොන්ජියැන්ග් නගරයේ පතලක් පිපිරීමකින් 108 දෙනෙකු මිය ගොස් 23 දෙනෙක් තුවාල ලැබූහ.
  • 2024 – ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වෙයි.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 20 – නොවැම්බර් 21 – නොවැම්බර් 22

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 22:ලෙබනනයේ නිදහස් දිනය (1943)

  • 1574 – ස්පාඤ්ඤ ගවේෂක ජුවාන් ෆර්නැන්ඩස් චිලී දේශයට ආසන්නයේ පිහිටි දූපත් සොයා ගනී.
  • 1908 – ඇල්බේනියානු අක්ෂර මාලාව නිර්මාණය කෙරේ
  • 1952 – එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 52 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1963 – එක්සත් ජනපදයේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි (සේයාරුව) ඝාතනය කරනු ලැබේ.
  • 1995 – ශ්‍රී ලංකාවේ කොළඹ නගරය පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට එල්ල වූ එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2020 – එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 4 දෙනෙකු තුවාල ලැබේ.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 21 – නොවැම්බර් 22 – නොවැම්බර් 23

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 23: ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය, ක්‍රිස්තියානි ආගම (2014)

    තවත් සිදුවීම්: නොවැම්බර් 22 – නොවැම්බර් 23 – නොවැම්බර් 24

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 24:

    රයිට් සොහොයුරෝ
    රයිට් සොහොයුරෝ
    • 1859 - චාල්ස් ඩාවින්ගේ "සත්ව සන්තතියේ ප්‍රභවය" නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම.
    • 1902 - ලොව ප්‍රථම වරට වෘත්තීය ඡයාරූප ශිල්පීන් සඳහා වු සමුළුවක් පැරීසියේ දී ආරම්භ වීම.
    • 1909 - රයිට් සහෝදරයන් විසින් ඩොලර් මිලියනයක සංස්ථාවක් වානිජමය වශයෙන් ගුවන්යානා නිෂ්පාදනය සඳහා ස්ථාපිත කිරීම.
    • 1910 - මෙදින නිකුත් වූ නියෝගයක් ප්‍රකාරව ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් ගණන 21 දක්වා වැඩි කිරීම.
    • 1950 - ගල්ඔය සංවර්ධන මණ්ඩලය පිහිටුවීම.
    • 1959 - මරණ දඩුවම නැවත පැනවීමේ පනත මහජන මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වීම.
    • 1970 - බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා මුල් ගල් තැබිම.

    තවත් සිදුවීම්: නොවැම්බර් 23 – නොවැම්බර් 24 – නොවැම්බර් 25

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 25: ඉන්දුනීසියාවේ ගුරුවරුන්ගේ දිනය;

    • 1865 - කොළඹ නගර සභාව සංස්ථාපනය කිරීම.
    • 1947 - පළමු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නම් කිරීම.
    • 1949 - 1949 අංක 58 දරන මුදල් නිතී පනත සම්මත වීම.
    • 1955 - ශ්‍රී ලංකාවේ චිත්‍රපටය සඳහා පැවැත්වුණු පළමු වැනි සම්මාන උළෙල වන දීපශිඛා සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය හිමි සම්මානය ලැබු සිරිසේන විමලවීර විසින් අධ්‍යක්ෂණය කරන ලද “පොඩි පුතා” චිත්‍රපටය තිරගත වීම.
    • 1975 - රොබට් එස්. ලඩ්ලි විසින් සම්පුර්ණ ශරීරය එක්ස් - රේ කළ හැකි ස්කෑනර් යන්ත්‍රයක් සඳහා වන පළමු ඇමෙරිකානු පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම.
    • 1984 - විලියම් ජේ. ස්ක්‍රෝඩර්ට කෘතීම හදවතක් බද්ධ කරනු ලැබීය.

    තවත් සිදුවීම්: නොවැම්බර් 24 – නොවැම්බර් 25 – නොවැම්බර් 26


    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 26: ජගත් දිය ඇළි දිනය;

    තවත් සිදුවීම්: නොවැම්බර් 25 – නොවැම්බර් 26 – නොවැම්බර් 27

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 27: හිරු අවරට යත්ම හනුකාහ් උත්සවය ඇරඹේ (ජුදා ආගම, 2013);

    තවත් සිදුවීම්: නොවැම්බර් 26 – නොවැම්බර් 27 – නොවැම්බර් 28


    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 28: ඉරානයේ නාවික හමුදා දිනය

    • 1912 - ඇල්බේනියාවට නිදහස ලැබීම.
    • 1922 - පළමු වැනි අහසේ අකුරු ලිවීම ඇමරිකාවේ ටයිම්ස් චතුරශ්‍රයට ඉහළ අහසේදී සිදු කිරීම.
    • 1948 - පැලරොයිඩ් කැමරාව පළමු වරට අලෙවි කිරීම.
    • 1964 - මැරිනර් 4 යානය ඇමරිකාවේ විසින් අභ්‍යවකාශගත කිරීම.

    තවත් සිදුවීම්: නොවැම්බර් 27 – නොවැම්බර් 28 – නොවැම්බර් 29

    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 29: ඇල්බේනියාවේ විමුක්ති දිනය (1944)

    තවත් සිදුවීම්: නොවැම්බර් 28 – නොවැම්බර් 29 – නොවැම්බර් 30


    view – සාකච්ඡාව – edit – history


    නොවැම්බර් 30: බාර්බේඩෝස් රාජ්‍යයේ නිදහස් දිනය (1966)

    ඌ තාන්
    ඌ තාන්

    තවත් සිදුවීම්: නොවැම්බර් 29 – නොවැම්බර් 30 – දෙසැම්බර් 1

    view – සාකච්ඡාව – edit – history


    තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
    ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්


    තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


    දැන් වෙලාව 21:06 සෙනසුරාදා, ඔක්තෝබර් 10, 2026 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න