ඒබ්‍රහම් ලින්කන්
| ඒබ්‍රහම් ලින්කන් | |
|---|---|
|
54 වියැති ඒබ්‍රහම් ලින්කන් 1863 දී | |
| 16වන ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති | |
|
In office 1861 මාර්තු 4 – 1865 අප්‍රේල් 15 | |
| Vice President |
හැනිබෙල් හැම්ලින් (1861–1865) ඇන්ඩෲ ජොන්සන් (1865) |
| Preceded by | ජේම්ස් බ්‍රචානන් |
| Succeeded by | ඇන්ඩෲ ජොන්සන් |
| ඇමරිකාවේ මහජන මන්ත්‍රී මණ්ඩල සාමාජික | |
|
In office 1847 මාර්තු 7 – 1849 මාර්තු 3 | |
| Preceded by | ජෝන් හෙන්රි |
| Succeeded by | තෝමස් එම්. හැරිස් |
| ඉලිනුවා නියෝජිත මණ්ඩලයේ සාමාජික | |
|
In office 1834 දෙසැම්බර් 1 – 1842 | |
| Personal details | |
| උපක |
1809 පෙබරවාරි 12 හාර්ඩින් නුවර, කෙන්ටනි, ඇ.එ.ජ. |
| මරණය |
1865 අප්‍රියෙල් 15 (වයස 56) වොෂින්ටන්, ඇ.එ.ජ. |
| ජාතිකත්වය | ඇමරිකානු |
| දේශපාලන පක්ෂය | විග් (1832-1854), රිපබ්ලිකන් (1854-1864), ජාතික සන්ධානය (1864-1865) |
| කලත්‍රයා(යන්) | මේරි ටෝඩ් ලින්කන් |
| දරුවන් |
රොබට් ටෝඩ් ලින්කන් ඒඩ්වඩ් ලින්කන් විලී ලින්කන් ටැඩ් ලින්කන් |
| වෘත්තිය |
නීතිඥ දේශපාලනඥ |
| අත්සන |
|
1809 පෙබරවාරි මස 12 වන දින උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් 1861 මාර්තු මස 04 වන දින සිට ඝාතනයට ලක්වන තෙක්ම ඇමරිකාවේ 16 වන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. ඇමරිකාවේ වහල්භාවය ව්‍යාප්ත කිරීමට එරෙහිව සෘජුව කථා කරන විරුද්ධවාදියෙක් ලෙස ලින්කන් ප්‍රසිද්ධියට පත් වූ අතර ඔහු 1860 දී රිපබ්ලිකන් පක්ෂ නාම යෝජනාව ජයග්‍රහණය කළ අතරම එම වර්ෂයේම පසු කායේ ජනාධිපතිධූරයට තේරී පත් වුණි. ඔහුගේ පාලන කාලය අතරතුර පක්ෂයෙන් නොමනාප වී යන්නවුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කරමින් හෙතෙම ඇමරිකානු එක්සත් ජනපදය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලදී. ලින්කන් විසින් වහල්භාවය අහෝසි කිරීමේ ප්‍රතිඵල දෙන මිනුම් දඬු කීපයක් ද හඳුන්වාදුන් අතර 1863 දී තම විමුක්තිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම 1865 දී ඔහු 13 වන වතාවටත් ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කරන ලදී.
ලින්කන් විසින් ජයාග්‍රාහී යුධ උපක්‍රම සමීපව අධීක්ෂණය කළ අතර විශේෂයෙන්ම උසස් ජෙනරාල්වරු තෝරා ගැනීමේ දී උලිසෙස් එස්. ග්‍රාන්ට් ඇතුළුව ඔහු එය විශේෂයෙන් අධීක්ෂයට ලක් කරන ලදී. ඉතිහාසඥයින් විසින් තීරණය කොට ඇති අන්දමට ලින්කන්, හේද වූ රිපබ්ලිකන් පක්ෂය මනාව හැසිරීමට සමත් විය. එකී බෙදී ගිය පක්ෂවලින් නායකයන් තම කැබිනට් මණ්ඩලයට රැගෙන ඒමෙන් හා ඔවුනට සාමුහිකව කටයතු කිරීමේ බලය ලබාදීමෙන් හෙතෙම ස්වකීය පක්ෂය මනාව හසුරවන ලදී. 1861 බ්‍රිතාන්‍ය මඟින් ඇති වූ යුධ බිය පූර්ණ වශයෙන් නිශ්ක්‍රීය නායකත්වය යටතේ යුද්ධයේ ආරම්භයත් සමඟම වහල් මායිම් ජනපදවල පාලනය වෘත්තීය සමිති විසින් පවරා ගන්නා ලදී. ඊට අමතරව ලින්කන් 1864 පැවැත්වූ ජනපතිවරණයේ නැවත ඡන්දය ඔහු මනාව කළමණාකරණය කරන ලදී.
යුධ විරුද්ධවාදීන් ලින්කන් විවේචනයට භාජනය කළේ වහල්භාවය සම්බන්ධයෙන් සමඟි සම්මුතියකට ඒමට ලින්කන්ගේ තිබූ නොකැමැත්ත නිසාය. අනෙක් අතට රැඩිකල්වාදී රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයින් අතර පවතින භේදය අහෝසි කිරීමට ක්‍රියා කිරීම හේතුවෙන් ද ඔහු විවේචනයට බඳුන් වූයේ ඒ කරුණු හේතු කොට ගෙන වහල්භාවය අහෝසි කිරීමේ ක්‍රියාදාමය වෙත ළඟා වීම මන්දගාමී ස්වරූපයක් ඉසිලූ බැවිනි. මෙවැනි බාධා හමුවේ වුවද ලින්කන් ජයග්‍රාහී ලෙස ස්වකීය වාග් කෞශල්‍ය හා දේශනය මඟින් මහජන මතය දිනා ගත් අතර ඔහුගේ ගෙට්ස්බර්ග් ඇමතීම මීට උදාහරණ වශයෙන් දැක්විය හැකිය. යුද්ධයට සමීප වීමත් සමඟ ලින්කන් ප්‍රතිසංස්කරණය පිළිබඳ මැදහත් දර්ශනයක් අනුගමනය කළ අතර සමඟි සන්ධානය වීම මඟින් ජාතිය යළි ඉක්මනින් එක් කිරීමේ ප්‍රතිපත්තියක් ඔහු විසින් සොයා බලන ලදී.
1865 දී ඔහුගේ ඝාතනය ඇමරිකානු ඉතිහාසයේ මුල්ම ජනාධිපති ඝාතනය විය. එමෙන්ම ජාතිය නැවත එක් කිරීමේ මාතෘ වීරවරයන් ලෙස ද ඒබ්‍රහම් ලින්කන්ව සලකන ලදී.