ලියනාඩෝ ඩිකැප්‍රියෝ
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ලියනාඩෝ ඩිකැප්‍රියෝ" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 අප්‍රේල්) |
ලියනාඩෝ ඩිකැප්‍රියෝ | |
---|---|
![]() ඩිකැප්‍රියෝ, 2019 දී | |
උපත | නොවැම්බර් 11, 1974 හොලිවුඩ්, කැලිෆෝනියා, එක්සත් ජනපද |
නිවහන | බැටරි පාර්ක් නගරය, නිව් යෝර්ක්, එක්සත් ජනපදය ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියා, එක්සත් ජනපදය පාම් ස්ප්‍රින්ග්ස්, කැලිෆෝනියා, එක්සත් ජනපදය |
රැකියාව | රංගනය, චිත්‍රපට නිෂ්පාදනය |
සක්‍රීය වසර | 1989–වර්තමානය |
දෙමව්පියන්(s) | ජෝර්ජ් ඩිකැප්‍රියෝ ඉර්මලින් ඩිකැප්‍රියෝ |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය ලියනාඩෝ ඩිකැප්‍රියෝ පදනම |
ලියනාඩෝ විල්හෙල්ම් ඩිකැප්‍රියෝ (උපත 1974 නොවෙම්බර් 11) ඇමෙරිකානු නළුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වේ. 1990 මුල් බාගයේදී, සැන්ටා බාබරා සෝප් ඔපෙරාව සහ ග්රෝවින් පේන්ස් කතා මාලාවෙහි පුනරාවර්තී චරිත ලෙස පෙනී සිටීමෙන් අනතුරුව, රූපවාහිනී වෙළඳ දැන්වීම් වල රඟපාමින් ඔහු සිය රංගන දිවිය ආරම්භ කළේය. 1993 දී Critters 3 චිත්‍රපටයේ රඟපාමින් ඩිකැප්‍රියෝ සිය චිත්‍රපට රංගන දිවිය ඇරඹීය. ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටයේ රඟපාමින් අන්තර්ජාතික කීර්තියක් අත් කර ගැනීමට සමත් විය.
2000 වසරේ සිට, පුළුල් සිනමාත්මක පරාසයක විහිදුණු චිත්‍රපට වල රඟපෑම වෙනුවෙන් ඩිකැප්‍රියෝ විචාරක ප්‍රසාධය දිනාගෙන සිටී. ඩිකැප්‍රියෝ ඇකඩමි සම්මාන හයක් සඳහා නිර්දේශ වී ඇති අතර ඉන් පහක් රංගනය වෙනුවෙන් ද එකක් නිෂ්පාදනය වෙනුවෙන්ද විය. 2016 දී ඔහු හොඳම නළුවා සඳහා වන ඇකඩමි සම්මානය ද රෙව්නන්ට් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හිමි කර ගත්තේය.
රඟපෑමට අමතරව, ඩිකැප්‍රියෝ ඇපියන් වේ ප්‍රඩක්ෂන්ස් නමැති ඔහුගේ නිෂ්පාදන සමාගමෙහි ආරම්භකයා මෙන්ම, කැපවුණු පරිසරවේදියෙකු ද වේ.