විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 21

විකිපීඩියා වෙතින්

නොවැම්බර් 21:

  • 1916පළමු ලෝක යුද්ධය: බ්‍රිතාන්‍ය නෞකාව වන "බ්‍රිටැනික්" (ටයිටැනික් නෞකාවේ සහෝදරිය) ග්‍රීසිය අසල ගිලී යාමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගියහ.
  • 1950කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා පළාතේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
  • 1980එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ ගින්නකින් 87 දෙනෙක් මිය ගොස් 650 දෙනෙක් තුවාල ලැබූහ.
  • 2005රත්නසිරි වික්‍රමනායක (සේයාරුව) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දෙවන වරටත් දිවුරුම් දුන්නා.
  • 2009චීනයේ හෙයිලොන්ජියැන්ග් නගරයේ පතලක් පිපිරීමකින් 108 දෙනෙකු මිය ගොස් 23 දෙනෙක් තුවාල ලැබූහ.
  • 2019ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහුට එරෙහිව අල්ලස්, වංචා සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ අධිචෝදනා ගොනුකර තිබේ.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 20නොවැම්බර් 21නොවැම්බර් 22