එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය
![]() එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය United Nations Security Council(ඉංග්‍රීසි) las Naciones Unidas (ස්පාඤ්ඤ) | |
---|---|
![]() නිව්යෝක් හී එජා ආරක්ෂක මණ්ඩල සභා ශාලාව, නෝවීජියානු මැදිරිය ලෙසද හැඳින්වේ | |
සංවිධාන වර්ගය | ප්‍රධාන සංවිධානය |
ප්‍රධානියා | එක්සත් ජනපද (දෙසැම්බර 2010 සඳහා) |
තත්ත්වය | සක්‍රීය |
පිහිටුවීම | 1946 |
වෙබ්අඩවිය | www.un.org/sc |
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (එජආම) යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග 5න් එකක් වන අතර එයට පැවරී ඇත්තේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑමය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර සාමය පවත්වා ගෙන යෑමෙහි ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, ජාත්‍යන්තර සම්බාධක පැනවීම, සහ හමුදාමය ක්‍රියාමාර්ග සඳහා බලය ලබා දීම යන දේ වෙයි. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ඔස්සේය.
ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. දෙවන ලෝක යුද්ධයෙහි ජයග්‍රාහකයන්වී මහා බලවතුන් වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද —චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, සහ එක්සත් ජනපද— මෙයට ඇතුලත් වෙති. [1] ස්ථීර-නොවන සාමාජීකයෝ 10 දෙනෙකුද සිටින අතර, සැම වසරකදීම ඔවුන්ගෙන් පස්දෙනෙකු තෝරාපත් කර ගනු ගබන්නේ වසර දෙකක සේවා කාලයකටය. මෙම මූලික ව්‍යුහය එජා ප්‍රඥප්තියෙහි පස් වන පරිච්ඡේදයෙහි දක්වා ඇත. වර්තමාන ස්ථීර -නොවන සාමාජීකයන් වන්නේ ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, චෑඩ්, චිලි, ලක්සම්බර්ග්, ජෝර්දානය, ලිතුවේනියාව, රුවන්ඩා, දකුණු කොරියාව, සහ නයිජීරියාව යන රටවල් වෙති.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ දි යූඑන් සෙකියුරිටි කවුන්සිල්, retrieved 15 මැයි 2012