එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය
නිව්යෝක් හී එජා ආරක්ෂක මණ්ඩල සභා ශාලාව, නෝවීජියානු මැදිරිය ලෙස ද හැඳින්වේ. | |
| පිහිටුවන ලද්දේ | 1946 |
|---|---|
| වර්ගය | ප්‍රධාන සංවිධානය |
| නෛතික තත්ත්වය | සක්‍රීය |
| වෙබ් අඩවිය | www.un.org/sc |
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (එජආම) යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග 5න් එකක් වන අතර එයට පැවරී ඇත්තේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑමයි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සටහන් කොට දක්වා ඇති පරිදි, එහි බලතල අතර සාමය පවත්වා ගෙන යෑමෙහි ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, ජාත්‍යන්තර සම්බාධක පැනවීම, සහ හමුදාමය ක්‍රියාමාර්ග සඳහා බලය ලබා දීම යන දේ වෙයි. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ඔස්සේය.
ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජිකයෝ 15 දෙනෙක් සිටිති. දෙවන ලෝක යුද්ධයෙහි ජයග්‍රාහකයන් වී මහා බලවතුන් වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයෝ පස් දෙනෙක් ද —චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, සහ එක්සත් ජනපද— මෙයට ඇතුලත් වෙති. [1] ස්ථීර-නොවන සාමාජිකයන් 10 දෙනකු ද සිටින අතර, සැම වසරක දී ම ඔවුන් ගෙන් පස් දෙනකු තෝරාපත් කර ගැනෙන්නේ වසර දෙකක සේවා කාලයකට යි. මෙම මූලික ව්‍යුහය එජා ප්‍රඥප්තියෙහි පස් වන පරිච්ඡේදයෙහි දක්වා ඇත. වර්තමාන ස්ථීර -නොවන සාමාජිකයන් වන්නේ ඇල්ජීරියාව, සියෙරා ලියොන්, සෝමාලියාව, දකුණු කොරියාව, පකිස්ථානය, ගයනාව, පැනමාව, ඩෙන්මාර්කය , ග්‍රීසිය හා ස්ලෝවේනියාව යි.
ආශ්‍රිත
[සංස්කරණය]- ↑ දි යූඑන් සෙකියුරිටි කවුන්සිල්, සම්ප්‍රවේශය 15 මැයි 2012