මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
මන්නාරම දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
මන්නාරම දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
මන්නාරම දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතඋතුරු පළාත
අග නගරයමන්නාරම
සරිය
 • මුළු1,996 කිමී2 (771 සතරැස් සැත)
 • භූමිය1,880 කිමී2 (730 සතරැස් සැත)
 • ජලය116 කිමී2 (45 සතරැස් සැත)
ජනගහණය(2012)
 • මුළු99,051
 • ඝණත්වයBad rounding here50/කිමී2 (Bad rounding here130/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-44

මන්නාරම දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,996 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 99,051 ක් විය. ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ගොඩබිම් ප‍්‍රදේශයකට ළඟාවිය හැකි පහසුම හා අඩුම දුරකින් යුත් මුහුදු ගමන් මාර්ගය මන්නාරම් දූපත හරහා වැටී ඇත. බටහිර විද්වතුන් පවා විශ්මයට පත් කළ ආදම්ගේ පාළම සම්බන්ධ වන්නේ මන්නාරම් දුපතටයි. මන්නාරම නම මෙම ප‍්‍රදේශයට ලැබී ඇත්තේ හෙළයේ මුල්ම රජු ලෙස සැලකෙන මහා සම්මත මනු රජතුමා මෙම ප‍්‍රදේශය අගනුවර කරගෙන සිටි නිසා යැයි අරිසෙන් අහුබුදු ශූරීන් පවසයි. මනු-ආ-අරම මන්නාරම බවට පත් වූ බව එතුමාගේ අදහසයි.

























ආශ්‍රිත ලිපි[සංස්කරණය]