ඇඩොල්ෆ් හිට්ලර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඇඩොල්ෆ් හිට්ලර්
Bundesarchiv Bild 183-H1216-0500-002, Adolf Hitler.jpg
හිට්ලර් 1938දී
ජර්මනියේ ෆියුරර්
නිලය දැරීම
2 අගෝස්තු 1934 – 30 අප්‍රේල් 1945
නියෝජ්‍ය
පූර්වප්‍රාප්තිකයා පෝල් වොන් හිඩෙන්බර්ග්
(ජනාධිපති ලෙස)
අනුප්‍රාප්තිකයා කාල් ඩොනිට්ස්
(ජනාධිපති ලෙස)
ජර්මනියේ චාන්සලර්
නිලය දැරීම
30 ජනවාරි 1933 – 30 අප්‍රේල් 1945
ජනාධිපති පෝල් වොන් හිඩෙන්බර්ග් (1934 තෙක්)
නියෝජ්‍ය
පූර්වප්‍රාප්තිකයා Kurt von Schleicher
අනුප්‍රාප්තිකයා ජෝසෆ් ජොබල්ස්
නාසිවාදයේ පක්ෂයේ නායක
නිලය දැරීම
29 ජුනි 1921 – 30 අප්‍රේල් 1945
නියෝජ්‍ය රැඩොල්ෆ් හෙස්
පූර්වප්‍රාප්තිකයා Anton Drexler
අනුප්‍රාප්තිකයා Martin Bormann
පුද්ගලික තොරතුරු
උපත 20 අප්‍රේල් 1889(1889-04-20)
Braunau am Inn, ඕස්ට්‍රියා-හංගේරියා
මරණය 30 අප්‍රේල් 1945 (වයස 56)
බර්ලින්, ජර්මනිය
පුරවැසිභාවය
  • ඕස්ට්‍රියානූ පුරවැසිභාවය 1925 අප්‍රේල් 7 තෙක්[1]
  • ජර්මානු පුරවැසිභාවය 1932 පෙබරවාරි 25 සිට
දේශපාලන පක්ෂය ජාතික Socialist ජර්මන් කම්කරු' පක්ෂය (1921–45)
අනෙකුත් දේශපාලන
අනුබැඳියන්
ජර්මන් කම්කරු පක්ෂය (1920–21)
කලත්‍රයා(යන්) ඊවා බ්‍රෝන්
(29–30 අප්‍රේල් 1945)
ජීවනෝපායය දේශපාලඥ
ආගම බලන්න: ඇඩොල්ෆ් හිට්ලර්ගේ ආගම් දැක්ම
අත්සන
හමුදා සේවය
පක්ෂපාතිත්වය  ජර්මානු අධිරාජ්‍යය
සේවාව/අංශය සැකිල්ල:Flagdeco Bavarian Army
සේවා වසර ගණන 1914–20
තනතුර
ඒකකය
  • 16 වන Bavarian Reserve Regiment
  • Reichswehr intelligence
සටන්/යුද්ධ ලෝක යුද්ධය I

ඇඩොල්ෆ් හිට්ලර් ( ඉංග්‍රීසි: Adolf Hitler ) ඔස්ට්‍රියාවේ උපත ලද ජර්මන් දේශපාලඥයෙක් හා ජර්මන් නාසි පක්ෂයේ නායකයා විය. තවද ඔහු 1933 සිට 1945 දක්වා ජර්මනියේ චාන්සල්වරයා වශයෙන් 1933 සිට 1945 දක්වා කටයුතු කරන ලදී. එම කාලයේ නාසී ජර්මනියක් පිහිටුවා ඒකාධිපති පාලනයක් ගෙන ගියේ ය.

ළමාවිය සහ තරුණවිය[සංස්කරණය කරන්න]

1889 අප්‍රේල් මස 20 වන දා, එකල ඔස්ට්‍රියා හංගේරියාවේ නගරයක වු ද ජර්මානු අධිරාජයේ අසන්න මායිමේ පිහිටි නගරයක් වු ද බ්‍රෝනාවූ හි දි ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබිය. 52 හැවිරිදි සැර පරුෂ ඔස්ට්‍රියානු රේගු නිලධරයකු වූ ඇලෝයිස් හිට්ලර්, ඔහුගේ ගේ පියා වු අතර මව ඒ වනවිට වයස විසි ගණනක් වූ ක්ලේරා පෝල්සල් නම් ගැමි කාන්තාවක වූවා ය. ඇය ඇලෝසියස් හිට්ලර්ගේ තෙවන බිරිඳ ලෙසද පැවසෙයි.

හිට්ලර්ගේ මව, ක්ලාරා
හිට්ලර්ගේ පියා, ඇලෝසිස්

ඇලෝයිස් ගේ දිවිය එතරම් ප්‍රසන්න වූවක් නොවී ය. ඔහුගේ පළමු බිරිය වූ ඇනා ග්ලසල් රෝගී ව සිට මිය ගියා ය. ඉන්පසු ඔහු විවාහ වූයේ ඒ වනවිටත් ඔහුට දාව දරුවකු ලබා සිටි ෆ්‍රන්සිස්කා මත්සෙල්බර්ගර් සමඟ ය. ඇය ද ක්ෂය රෝගය වැළඳී මිය ගියා ය. ඉන් පසු සිය නෑනා වූ, ඔහුට වඩා විසිතුන් වසරක් බාල ක්ලේරා පෝල්සල් හා විවාහ විය. ඇඩොල්ෆ් හිට්ලර් ගේ ද මව වූ ඇය ඇලොයිස්ට දාව දරුවන් පස් දෙනෙකු ම බිහි කළා ය. ගුස්ටාව්, අයිඩා, ඇඩොල්ෆ්, එඩ්මන්ඩ් හා පෝලා එම දරුවන් විය. ඉන් තිදෙනෙකු ම මිය ගියේ ඇඩොල්ෆ් හා ඔහුගේ නැඟණිය වූ පෝලා පමණක් ඉතිරි කරමිනි.

අනෙක් දරුවන්ට වඩා වෙනස් ගති පැවතුමෙන් හෙබි ඇඩොල්ෆ් කෙතරම් මවගේ ආදරයට පාත්‍ර වූවත් නිතර ම අසන්තෝෂයෙන් යුත් කලකිරීමෙන් හා නපුරුකමින් ජීවත් වූ දරුවෙක් විය. සිය සැමියා සමඟ පැවැති නොහොඳ නෝක්කාඩු සහිත කනස්සලු ජීවිතයට ක්ලේරා නොදැනුවත් ව ම හෝ තම පුතු යොමු කර තිබුණා ය. එය ඔහු වෙතින් සමස්ත ලෝකයට ම දායාද කෙරුණි. ඇඩොල්ෆ්ගේ රුදුරු ජීවන දැක්මට, නොහික්මුණු රළු පරළු ඔහුගේ පියා ඔහුට බෙහෙවින් බලපෑවේ ය. පියා, ඇඩොල්ෆ් බෙහෙවින් බියට පත් කළේ ය. අසාර්ථක විවාහ තුනකින් කනස්සල්ලට හා හුදකලාවට පත් ඇලොයිස් අස්වැසිල්ලක් ලැබුවා නම් ඒ මත්පැනින් පමණි.

1895 ඇඩොල්ෆ් හය හැවිරිදි ව සිටිය දී, නිසි කාලය එළඹීමටත් කලින් 58 හැවිරිදි පියා රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේ ය. වහා කිපෙන සුළු කුරිරු මිනිසකු බවට පත් හේ, තම දරුවන්ට නිතර ම පහර දුන්නේ ය. පසු කලෙක ඇඩොල්ෆ් තුළ සමාජය කෙරෙහි පැන නැඟුණු බද්ධ වෛරය ඔහු පියා කෙරෙහි දැක්වූ සතුරු ආකල්පය මෝරා යාමක් ලෙස සැලකිය හැකි ය. එමෙන් ම ඔහු ළමාවියේ දී ම උගත් එක් දෙයක් විය. එනම් යුක්තිය සැමවිට ම ශක්තිවන්තයාගේ පැත්තේ බව ය.

කලක්‌ ගොවිතැන හා මීමැසි පාලනය රැකියාව කොටගෙන සිටි තම පියා හට හිට්‌ලර් කුඩා කල නිතර සහයෝගය දැක්‌වූයේය. ප්‍රාථමික අවධියේදී හිට්‌ලර් දක්ෂ දරුවකු වූ අතර ඔහු ආගමට බෙහෙවින් ලැදි හික්‌මුණු අයකු ද විය. කතෝලික පූජකවරයකු වීම එකල ඔහුගේ බලාපොරොත්තුව වී තිබිණි. ප්‍රාථමික අධ්‍යාපනය හමාර වෙත්ම හිට්‌ලර්ගේ අපේක්ෂාව වූයේ කලාකරුවකු වීමටයි. ඔහු පල්ලියේ ගීතිකා කණ්‌ඩායමේ කැපී පෙණුනු සාමාජිකයකු වූ අතර, චිත්‍ර ඇඳීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශය විය.

චිත්‍ර ශිල්පියකු වීමට ඇඩොල්ෆ් තුළ තිබූ කැමැත්ත ඔහුගේ මව තුළ කනස්සල්ලක් ඇති කළේ ය. දැඩි ආගමික ශක්තියෙන් යුක්ත වූ කාන්තාවක වූ ඕ, තම පුත්‍රයා ලම්බාක්හි ආගමික පාසලකට යැව්වේ ඇඩොල්ෆ් පූජකයකු වනු දැකීමට ඈ තුළ වූ අපේක්ෂාව මුදුන්පත් කර ගන්නට ය. එහෙත් එවැනි ආකල්පයක් ඇඩොල්ෆ් තුළ නොවී ය. එම පාසලේ දුම්පානය කොට අසුවීම නිසා ඔහු පාසලින් පලවා හරිනු ලැබිණි.

ඇඩොල්ෆ් පියා හට වුවමනා වී තිබුණේ තම පුතු රේගුවේ උසස්‌ නිලධාරියකු වනු දැකීමට වුවත් හිට්‌ලර් ජර්මනියේ උසස්‌ කාර්මික විද්‍යාලයකට ඇතුළත් කරනු ලැබුවේ ඔහුගේ බලවත් විරෝධය නොසලකා හරිමිනි. එතැන් පටන් හිට්‌ලර් තම පියාටද, පාසලේ ගුරුවරුන්ටද විරුද්ධව කැරලි ගසන්නට පටන් ගැනීය. එම පාසලේදී ඔහු දුර්වල සිසුවකු ලෙස හංවඩු ගැසිණි. හිට්‌ලර් හට වයස 14 වන විට පියා හට පෙනහලුවලට ලේ ගැලීමේ රෝගයක් නිසාවෙන් 1903 වසරේ ජනවාරි 03 දා අවුරුදු 65ක්ව තිබියදී හදිසියේ මිය ගියේය. සිය වැන්දඹුව හා ජීවත් වූ දරු දෙදෙනාට ඉතිරි කර ගිය එකම ධනය ඔහුගේ සුළු විශ්‍රාම වැටුප පමණකි. වයස 15 වන විට ඔහු පාසල් මිතුරන් සමඟ මත්පැන් පානය කරමින් විනෝද වන නාස්‌තිකාර හා කරදරකාර පුත්‍රයකු වීය.

එකල්හි තම ඔස්‌ට්‍රියනු සම්භවය අමතක කළ සිටි හිට්‌ලර් නිතරම පක්‍ෂපාතී වූයේ ජර්මන් රජයටයි. ඔස්‌ට්‍රියානු ජාතික ගීතය(Anthem) වෙනුවට ඔහු ගායනා කරනු ලැබූයේ ජර්මන් ජාතික ගීතයයි. ඔහු එසේ කරණු ලැබූයේ ඔස්‌ට්‍රියානු රජයට බොහෝ සේ ලැදි තම පියාගෙන් පළිගැනීමේ චේතනාවෙන් යැයි පැවැසේ.

මිතුරන් සමඟ විනෝදවෙමින් සිටිනා විටෙක ඔහු පාසල් සහතිකය ඉරා දමා එය වැසිකිළි කඩදාසියක්‌ ලෙස (Toilet Paper) භාවිත කළේය. කෙසේ හෝ මේ ආරංචිය විදුහල්පතිතුමාගේ දැනගැනීමට ලැබුණු අතර එයින් බොහෝ සේ කෝපයට පත් විදුහල්පති හිට්‌ලර් හට දඬුවම් කොට ඔහු විදුහලෙන් නෙරපා දමන ලදි. එය ජීවිතයේ අතිශය වේදනාත්මක අත්දැකීමක්‌ කොට සැලකූ හෙයින් ඔහු නැවත කිසිදාක පාසල් ගියේ නැත.

දහසය හැවිරිදි වත්ම හිට්‌ලර් ඔස්‌ට්‍රියානු අගනුවර වූ වියානාවෙහි අපිළිවෙළැති "බොහිමියන්" නම් ජීවන රටාවට හුරුවී සිටියේය. නටමින් ගයමින් නිදහසේ විනෝද වෙමින් සිටි නමුත් කලාකරුවකු වීමේ සිහිනය ඒ වන විටත් ඔහු සිත තුළ සැඟවී තිබුණි. 1907 දී ඔහු වියානා සෞන්දර්ය ඇකඩමියට ඇයෑදුම්පතක්‌ යැවීය. එහිදී ඔහුට චිත්‍ර ඇඳීමේ හැකියාව ප්‍රමාණවත් තරම් නැතැයි කියා ඔහුව ප්‍රතික්ෂේප කරන ලදි. 1908 දී එම ආයතනයටම ගෘහ නිර්මාණ ශිල්පය හැදැරීම සඳහා ඔහු අයෑදුම්පතක් ඉදිරිපත් කිරීය. එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප වූයේ ඔහු සතුව පාසල් සහතිකයක්‌ නොතිබූ නිසාවෙනි.

The Alter Hof in Munich. ඇඩොල්ෆ් හිට්ලර්ගේ දියසායම් චිත්‍රයක්, 1914

සෞන්දර්ය ආයතනයෙන් හිට්‌ලර් ප්‍රතික්‍ෂේප වීමෙන් අනතුරුව ඔහු යොමු වූයේ හමුදාව දෙසටයි. ඔහු යුද හමුදාවට බැඳීමේ බලාපොරොත්තුවෙන් අයෑදුම් කළේය. විසිපස්‌ වියේදී ඔහු කම්කරුවකු, පින්තාරකරුවකු සහ තීන්ත අලෙවි කරන්නකු ව සිටියේය. මවගේ වියෝවෙන් පීඩා විඳිමින් සිටි ඔහු ඒ දිනවල පියාට අයත්ව තිබූ ජර්මනියේ මියුනිච් නුවර කුඩා වත්තක තනිව ජීවත් වෙමින් සිටියේය.

මුල්ම වරට ඔහු යුධ හමුදාවට යෑවූ අයෑදුම් පත්‍රය නිෂ්ඵල වූයේය. එර් ශාරීරික-සෞඛ්‍ය අයහපත් වීම හේතුවෙනි. එනමුදු පසුව 1914 වර්ෂයේදී පළමුවන ලෝක යුද්ධය සඳහා ඒ කිසිවකුත් නොසලකා හිට්‌ලර් යුධ හමුදාවට කැඳවාගැනීය. 1914 අගෝස්‌තු මසදී "බාබ්රියන්" රෙජිමේන්තුවට බැඳුණු හිට්‌ලර් ප්‍රංශයේ හා බෙල්ජියමේ බටහිර පෙරමුණෙහි සොල්දාදුවකු ලෙස සේවය කරනු ලැබීය.

නිර්භීත සොල්දාදුවකු ලෙස දෙවතාවක්‌ම අයන් ක්‍රොස්(Iron Cross) පදක්කම් දිනූ හිට්‌ලර් පසුව ඉහළ හමුදා නිලධාරියකුද විය. එහෙත් අනෙකුත් හමුදා නිලධරීන් ඔහු ගැන සඳහන් කළේ 'නායකත්ව ගුණාංගයන්ගෙන් හීන වූ නිලදරුවකු' ලෙසය. මේ අතර යුධ හමුදාව මගින් මුද්‍රණය කරනු ලැබූ පුවත්පතකට කාටුන් චිත්‍ර අඳිමින් හිට්‌ලර් නිදහස්‌ පුවත් පත් කලාවේදියකුද ව සිටියේය. පළමුවන ලෝක යුද්ධය තුළදී විටෙකදී ඔහු බරපතළ ලෙස තුවාල ලැබුවේය. තවත් විටෙක විෂ වායුවක්‌ හේතුවෙන් මාස කිහිපයක්‌ තාවකාලික අන්ධභාවයෙන් පීඩා වින්දේය.

දේශපාලන ක්‍ෂේත්‍රයට හිට්‌ලර් හට ආරාධනය ලැබුණේ ඔහු සතුව තිබූ දක්‍ෂ කථිකත්වය නිසාවෙන්මය. ජර්මන් සේවක පක්‍ෂයෙහි (German Worker's Party) 55 සාමාජිකයා ලෙස ඔහුගේ නම සටහන් වනූයේ 1919 දී ය.

1921 දී පක්‍ෂයේ නායකත්වය ලබන හිට්‌ලර් 1923 වසරේදී පවතින රජයට විරුද්ධව කැරලි ගැසීම හේතුවෙන් සිරගත කෙරිණි. මේ සියලු දැ අතර ගැටවර වියෙහි සිටම ඔහුගේ සිත තුළ රෝපණය වී තිබූ යුදෙව් විරෝධාකල්පයන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබිණි. යුදෙව්වන්ගෙන් තොර වූ ජර්මන් අධිරාජ්‍යයක්‌ පිළිබඳ කුරිරු සිහිනයක්‌ ඔහු සිත තුළ තිබෙන්නට ඇත.

දේශපාලන දිවිය[සංස්කරණය කරන්න]

පළමු ලෝක යුද්ධය ආරම්භ වන වකවානුවේ හිට්ලර් මියුනිච් හි ජිවත් වු අතර ඒ අනුව ඔහු ඔස්ට්‍රියනුවෙක් වශයෙන් බැව්රියාවේ හමුදාවට ස්වේච්ඡාවෙන් එක්විය. තවද, 1914 පෙබරවාරි මාසයේ දී හමුදා සේවයට සුදුසු ද යන්න පරික්ෂා කර බැලීම සඳහා හිට්ලර් තාවකාලික ව ඔස්ට්‍රියාවට කැඳවන ලද නමුදු අවි දැරීමට තරම් ශක්තියක් නොමැති දුර්වලයකු සේ සලකා ඒ සඳහා ඔහු තෝරා නො ගැනිණ. 1914 අගෝස්තු මස යුද්ධය ආරම්භ වූ පසු බැව්රියාවේ රජුට ලිපියක් යවමින් ඔහුගේ හමුදාවෙහි සේවය කිරීමට ඉඩ දෙන ලෙස හිට්ලර් ඉල්ලා සිටියේ ය.

ඇඩොල්ෆ් හිට්ලර් පළමු ලෝක යුද්ධයේ සෙබලෙක්ව (1914–1918)

ඒ අනුව බෙහෙවින් ශිෂ්‍ය ස්වේච්ඡා භටයන්ගෙන් සමන්විත වූ 16 වැනි බැවේරියානු පාබල හමුදාවට ඔහු බඳවා ගනු ලැබීය. සති කීපයක පුහුණුවකින් පසු ඔහු යුද පෙරමුණට යවන ලදී. එහි දී තමා දක්ෂ හා නිර්භීත සෙබළකු බව ඔහු තහවුරු කළේ ය. 1916 වනතුරු හිට්ලර් හමුදා පණිවුඩකරුවකු ලෙස සේවය කළ අතර පසුව පණිවුඩ යවන්නකු ලෙස කටයුතු කළේ ය. සිව් වසරක් තුළ ඔහු සටන් 47 කට සහභාගි විය.

මේවායින් වැඩි ප්‍රමාණයක් දරුණු සටන් විය. දෙවරක් ම ඔහු තුවාල ලැබී ය. 1914 දී ඔහු තම පළමු වන පදක්කම වන යකඩ කුරුසය (දෙවැනි පන්තිය) දිනා ගත්තේ ය. ඉන්පසු ජර්මන් අධිරාජ්‍යවාදී හමුදාවේ සාමාන්‍ය සෙබළෙකුට ලැබිය හැකි දුලබ සම්මානයක් වූ යකඩ කුරුසය (පළමු පන්තිය) 1918 අගෝස්තු 4 දා ඔහුට හිමි විය. දෙවැන්න ඔහුට හිමිවූයේ සතුරු නිලධාරියකු හා පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා ය. කෙසේ වෙතත් ලාන්ස් කෝප්රල් නිලයෙන් ඔබ්බට හිට්ලර් කිසි දිනෙක උසස් කරනු නො ලැබී ය.

පළමුවන ලෝක යුද්ධයෙන් ජර්මනිය අන්ත පරාජයක් ලැබීමෙන් පසු හිට්ලර් යළි මියුනික් බලා ආවේ ය. ජර්මනියේ සිදුවූ ආණ්ඩු පෙරළිය හා වියෙමාර් ජනරජයේ නැඟීමෙන් කුපිත වූ හෙතෙම වර්සේල්ස් ගිවිසුමට හා නව ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමට දේශපාලනයට පිවිසියේ ය.

හිට්ලර් (දකුණු පස පුටුවෙහි හිඳගෙන) සමඟ සෙබළුන්  16 (ක්‍රි.ව. 1914–18)

තම පැරණි රෙජිමේන්තුවේ රාජකාරි ලේඛනයට ඇතුළත්ව සිටි ඔහුට දේශපාලන පක්ෂ ගැන ඔත්තු බැලීමේ කාර්යය පැවරිණි. ජර්මානු කම්කරු පක්ෂයේ ජාතිකවාදී ප්‍රවීණයන්ගෙන් යුත් සුළු කණ්ඩායමක් ගැන සොයා බැලීමට 1919 සැප්තැම්බර් මාසයේ දී ඔහුට අණ ලැබිණි.

මේ පක්ෂයට කිසිදු වැඩ පිළිවෙළක් හා ක්‍රියාත්මක සැලැස්මක් නොවී ය. (එය රජයට එරෙහි වූවක් පමණක් විය) පක්ෂ භාණ්ඩාගාරයේ මුළු වත්කම ඩොලර් දෙකක් පමණක් විය. එහෙත් පක්ෂයේ නිශ්චිත මතවාද කීපයක් බෙහෙවින් ඔහු සිත් ගත්තේ ය. ඒ ඒවා ඔහුගේ අදහස් හා සමාන වූ බැවිනි.

ඒ අනුව ඔත්තු බැලීම පසෙක තබා ඔහු එම පක්ෂයේ අංක 55 හිමි සාමාජිකයා ලෙස පක්ෂයට එකතු වූයේ ය. පසුව එම පක්ෂයේ විධායක කමිටුවේ හත්වැනියා ලෙස ඔහු පත් විය. දේශපාලන උද්ඝෝෂණ හා සංවිධාන කටයුතු පිළිබඳ ව තමා සතු හැකියාව යෙදවිය හැකි සුදුසු ම ස්ථානය, අවසානයේ දී ඔහුට හමු වී තිබිණි. පිරිසක් එක් රොක් වූ ඕනෑ ම තැනක දී ඔවුන් ඇමතීමට ලත් අවස්ථාව ඔහු අත් නො හළේ ය.

දෙවරකදී හිට්ලර් මේ කුඩා පක්ෂයේ නායකත්වය කරා ළඟා වූයේ ය. එහි නම ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය ලෙස ඔහු වෙනස් කළේ ය. පසුව එය ප්‍රසිද්ධ වූයේ ව්ඉච්ඒර්‍ථ යනුවෙනි. නට්සි යන වචනය ද ව්චබඪදචත ඉධලතචතඪඵබ) යන්නේ මුලකුරුවලින් සැදුනක් විය. හිට්ලර් හමුදාවෙන් ඉවත් වූයේ නව පක්ෂය ගොඩනැඟීමට ඔහුගේ පූර්ණ කාලීන දායකත්වය ලබාදෙනු පිණිස ය.

ඒ වනවිට පැවති තත්ත්වය ඔවුනට වාසිදායක විය. ආර්ථිකමය වශයෙන් රටේ කලකිරීමක් පැතිර තිබිණ. 1920 පෙබරවාරි 24 දා ප්‍රකාශයට පත් කළ කරුණු 25 කින් යුත් ඔහුගේ වැඩ පිළිවෙළේ දී වියනාවේ සිටිය දී ඔහු තුළට කා වැඳී තිබූ අදහස් හිට්ලර් අවධාරණය කළේ ය.

ඒ අනුව සෙමිටික් විරෝධය, අන්ත ජාති මමත්වය, ආර්යයන් ගේ වාර්ගික ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සංකල්පය, මධ්‍යස්ථ, (ලිබරල්) ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති පිළිකුල හා නායකත්වයේ මූලධර්මය වැනි දෑ එහි අඩංගු විය.

හිට්ලර්ගේ බොහෝ අදහස් නව සංකල්ප නොවී ය. එහෙත් ඔහු ඒවා අසාමාන්‍ය අලංකාරණයකින් හා ව්‍යක්ත බවින් වර්ණවත් කළේ ය. නට්සි පක්ෂයට ස්වස්තික සංකේතය මෙන් ම ආචාර කිරීමේ නව ක්‍රමය ද ඔහු නිර්මාණය කළේ ය. එහෙත් ඒ දෙක ම පැරණි වාර්ගික කණ්ඩායම්වලින් ණයට ගත් ඒවා විය. ඔහුගේ රැස්වීම්වල ආරක්ෂාව සඳහා ‘කුණාටු බලඇණිය’ නම් දුඹුරු කමිස හමුදාවක් නිර්මාණය කළේ ය. ඔහු තමාගේ පෞද්ගලික ආරක්ෂක හමුදාවක් ලෙස දැඩි විනයකින් යුත් ‘කළු කමිසධාරි’ (ඉඉ) ආරක්ෂක බලඇණිය නමින් දෙවන ඒකකයක් ද නිර්මාණය කළේ ය. එම බලඇණිය දිවි හිමියෙන් තම නායකයා රැකීමට ප්‍රතිඥා දී තිබිණි.

1923 නොවැම්බර් 8 දා මියුනිච්හි පැවති බීරහල් කුමන්ත්‍රණයේදී අත්අඩංගුවට පත් හිට්ලර් 1924 පෙබරවාරි 26 දා රාජද්‍රෝහිවීමේ චෝදනාව යටතේ අධිකරණය ඉදිරියට පමුණුවන ලදී. මෙහි දී මෙම නඩු විභාගය තම ප්‍රචාරාත්මක ජයග්‍රහණයක් බවට පෙරළා ගැනීමට හිට්ලර් සමත් වූයේ ය.

නඩු විභාගයෙන් හිට්ලර් ට පස් අවුරුදු සිර දඬුවමක් නියම විය. නඩුවේ දී ඔහු ඊට මුහුණ දුන් විලාසය ජර්මන් ජනතාව තුළ දැඩි හැඟීමක් ඇති කිරීමට හේතු වූයෙන් ජනතාව ඔහු ජාතික වීරයකු කොට සලකන්නට පටන් ගත්හ. පසුකලෙක නට්සි ව්‍යාපාරයේ දේශපාලන බයිබලය බවට පත් ‘මගේ සටන’ (Mein Kampf) හි පළමු වෙළුම, සිය සගයා වූ රුඩොල්ෆ් හෙස්ට ලිවීම සඳහා කියවන ලද්දේ ලෑන්ඩ්ස්බර්ග් සිරගෙදරදී ය. ‘මගේ සටන’ අන්තර්ගතය කුමක් වුව ද එය ලොව වැඩියෙන් ම අලෙවි වන ග්‍රන්ථය බවට පත් විය. 1939 වනවිට එය භාෂා 11 කට පරිවර්තනය වී පිටපත් පනස් දෙලක්ෂයක් පමණ අලෙවි විය. එහි කර්තෘභාගයෙන් ලත් ආදායම හිට්ලර් ධනවතකු කළේ ය.

1930 වනවිට නට්සි ව්‍යාපාරයේ අවිවාදාත්මක ව පිළිගත් නායකයා ඔහු විය. 1928 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොමියුනිස්ට්වාදීන් ලබාගත් ආසන 54 කට එරෙහි ව නට්සි පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 12 ක් පමණි. එහෙත් 1930 මැතිවරණයේදී NSDAP ය ඡන්ද 60 ලක්ෂයක් පමණ දිනා ගනිමින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට (රයිෂ්ටාගයට) ජනතා නියෝජිතයන් 107 ක් යැවීමට සමත් විය. එමඟින් එය රටේ දෙවන ප්‍රධාන පක්ෂය බවට ද පත් විය. මෙහි දී කොමියුනිස්ට්වාදී නියෝජිතයන් 77 දක්වා ඉහළ නැංගේ ය.

හිට්ලර් තම උපදේශකයන් ඉදිරියේ කථා පවත්වමින් ජනතාවගේ සිත් ඇද බැඳ ගන්නා ලෙස ජනතාව ඇමතීමට පෙරපුහුණුවීම් පවා කළ බව වාර්තා වේ. හිට්ලර් 1933දී බලයට පත්වූයේ එරට පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරුනගේ සහය ලබාගනිමිනි. එහෙත් ක්‍රමයෙන් තම බලය ස්ථාවර කර ගත් හෙතෙම ඒකාධිපති බලතල රැස් කරන්නට විය. ඔහු ජර්මනියේ චාන්සලර් ධූරයට පත් වන විට වොන් හිඩෙන්බර්ග් ජර්මනියේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. මහලු ජනාධිපති හිඩෙන්බර්ග් ටික කලකින් මිය ගිය අතර හිට්ලර් විසින් ජනාධිපති බලතල තමන් වෙත පවරා ගන්නා ලදි.

මැතිවරණයක් ආසන්නව තිබිය දී අනුගාමිකයන් ලවා ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තැබ්බවූ හෙතෙම එහි වරද කොමිනිස්ට්වරුන් වෙත පැවරී ය. අනතුරුව ඔහු සියලු දේශපාලන පක්ෂ තහනම් කොට කොමියුනිස්ට්වාදීන් හා යුදෙව්වන් වැනි විරුද්ධවාදීන් සංහාරය කිරීමට පටන් ගත්තේ ය. මෙහිදී ඔහුගේ එස් එස් හමුදාව හා ගෙස්ටාපෝ නැමති රහස් පොලිසිය ම්ලේච්ඡ ඝාතන වල යෙදුණි. හිට්ලර් යනු ජනමාධ්‍ය උපරිම මට්ටමින් තමාට වාසිදායක අයුරින් යොදා ගත් අයෙකි. ඔහුගේ මාධ්‍ය කටයුතු භාරව සිටි ගොබෙල්ස් ඇමැතිවරයා මාධ්‍ය සාරධර්ම උල්ලංඝනය කරමින් හිට්ලර්ට පක්ෂපාතී ජන මතයක් ඇති කිරීමට ජන මාධ්‍ය යොදා ගත්තේ ය. හිට්ලර් විසින් ජර්මනිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සම්පූර්ණයෙන් ම අහුරා දමන ලදි. පුවත්පත් නිදහස, රැස්වීම් පැවැත්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහනම් කෙරිණි. හිට්ලර් පොරොන්දු වූ උතුම් ජර්මනිය ගොඩනැගීම වෙනුවෙන් සමකාලීන ජර්මානුවෝ මෙබඳු දේ ඉවසා සිටියහ. හිට්ලර් ජර්මනිය තුළ කොමියුනිස්ට්වාදීන් මර්දනය කරනු දුටු බටහිර ධනවාදී රටවල් කොමියුනිස්ට් වාදය විනාශ කිරීමෙන් තෘප්තිමත් වී හිට්ලර්ට එරෙහිව කටයුතු කිරීමෙන් වැලකුණි. මේ නිසා හිට්ලර් තවත් මුරණ්ඩු වූ බව පෙනේ.

හිට්ලර්ගේ මයින් කාම්ෆ්(මගේ සටන)
නට්සිවාදය යනු
  • ප්‍රජාතන්ත්‍රවාදයට කමියුනිස්ට්වාදයට මෙන් ම ධනවාදයට විරුද්ධ දර්ශනයක් වූ නට්සිවාදයෙහි මූලික ඉගැන්වීම වූයේ ජර්මන් ජාතිය නිර්මල ආර්යන්ගෙන් පැවත එන ලොව උතුම් ම ජාතිය බවයි.
  • යුදෙව්වන් හෙළා දැකීම නට්සිවාදයේ විශේෂ ලක්ෂණයකි.
  • හිට්ලර් විසින් රචනා කරන ලද මයින් කාම්ෆ්(මගේ සටන) නම් කෘතියේ නට්සිවාදය විස්තර කොට ඇත.
  • නට්සිවාදය යනු පක්ෂයේ ඒකාධිපතිත්වය පදනම් කර ගත් දේශපාලන ක්‍රමයකි.

හිට්ලර්ගේ බලප්‍රාප්තිය[සංස්කරණය කරන්න]

1919 සැප්තැම්බරයේදී ජර්මනියේදී ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි (කෙටි නම ඩීඒපී – ජර්මානු කම්කරු පක්ෂය) නම් දේශපාලන පක්ෂයට හිට්ලර් බැඳීමක් හා සමගම; ඇඩොල්ෆ් හිට්ලර්ගේ බලප්‍රාප්තිය ඇරඹුනු අතර, වසර 1920 දී මෙම පක්ෂයෙහි නම නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි – එන්එස්ඩීඒපී (ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය, පොදුවේ ව්‍යවහාර නම නාසි පක්ෂය) වෙත වෙනස් කෙරිණි. මෙම දේශපාලන පක්ෂය සංස්ථාපනය කොට දියුණු කරනු ලැබුවේ පහ්චාත්-පඵමුවන ලෝක යුද්ධ යුගයෙහිදීය. එම පක්ෂය මාක්ස්වාදී-විරෝධි වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදි පශ්චාත්-යුද්ධ වයිමාර් ජනරජ රජයට සහ වර්සේල්ස් ගිවිසුමට විරුද්ධවූ එය, අත්‍යන්ත ජාතිකවාදය සහ සමස්ත-ජර්මානුවාදය මෙන්ම උග්‍ර යුදෙව්-විරෝධිතාව නිර්දේශනය කලහ. රයිස්ටාග් විසින් 1933 බලදායි පණත එම මාසයේදී සම්මත කිරීමෙන් පසුව, හිට්ලර්ගේ "බලප්‍රාප්තියේ" උච්චතම අවධිය 1933 මාර්තු මසදී එළඹුනු බවක් සැලකෙයි; පාර්ලිමේන්තු මැතිවරණ මාලාවක් සහ ඒවා හා බැඳි තිරයෙන් පසුපස කූටෝපායයන් වලින් පසුව, ජනාධිපති පෝල් ෆන් හින්ඩ්න්බර්ග් විසින් 1933 ජනවාරි 30 වත්ම චාන්සලර් ලෙසින් හිට්ලර් පත් කර තිබුණි. නෛතික විරෝධයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක ලෙසින් ඒකාධිපති බලය පවත්වාගෙන යෑමේ වරය, බලදායි පණත—නිර්දය ලෙසින් සහ අධිකාරයක් සහිතව භාවිතා කල විට—විසින්, හිට්ලර් වෙත,අතථ්‍ය ලෙසින් සහතික කර ප්‍රදානය කොට තිබුණි.

ඇඩොල්ෆ් හිට්ලර්, ප්‍රමුඛ තලයකට පිවිසුනේ, පක්ෂයෙහි මුල් අවධියෙහිය. පක්ෂය තුල සිටි දක්ෂතම කථිකයා වූ හෙතෙම, අනෙකුත් පක්ෂ සමාජිකයන්ට කියා සිටියේ තමා පක්ෂ නායකත්වයට පත් කරන ලෙස හෝ ඔහු පක්ෂය හැර යන බවය. ඔහුගේ දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවාගැනුම පිණිස, ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමට ඔහු තුල වූ රුචිය සහ එවැනි රුචිකත්වයක් ඇත්තන් පක්ෂයට බඳවා ගැනුම, ඔහු හට අර්ධ වශයෙන් සහය වූ බව පෙනෛයි. 1923 නොවැම්බරයෙහි පැවති බියර් හල් පුච් සහ පසුව නිකුත්වූ ඔහුගේ ග්‍රන්ථය මයින් කම්ෆ් (මගේ අරගලය ලෙසින් සාමන්‍යෙයෙන් පරිවර්තනය කෙරෙයි) විසින් හිට්ලර් පුළුල් ග්‍රාහක පිරිසක් වෙත නිරාවරණය කෙරිණි. 1920 ගණන් වල මැද භාගයෙහිදී, පක්ෂය මැතිවරණ සටන් කිහිපයකට මුහුණ දුන් අතර, එහිදී කථිකයෙක් සහ‍ සංවිධායකයෙන් ලෙසින් මෙන්ම, රෝට්ෆ්‍රොන්ට්කෙම්ෆර්බුන්ඩ් සහ නාසි පක්ෂයේ ස්ටූමබ්ටයිලුන් (SA) අතර වීදි සටන් සහ ප්‍රචණ්ඩත්වය සඳහාද හිට්ලර් දායකත්වය සැපයීය. 1920 ගණන් වල අග භාගයෙහිදී මෙන්ම 1930 ගණන් වල මුල් භාගයෙහිදී, අවශ්‍ය තරමේ මැතිවරණ සහාය ලැබූ නාසිහූ රයිස්ටාග් තුල විශාලතම දේශපාලන පක්ෂය බවට පත්වූ අතර, හිට්ලර්ගේ ‍දේශපාලන තික්ෂණතාව, වංචකභාවය සහ කපටබව යන්නන්ගේ සංකලනය තුලින්, පක්ෂයේ බහුතර-නොවන වුවද බහුත්ව තත්ත්වය, 1933 වසරෙහිදී පැවැති ආබාධිත වෙයිමාර් ජනරජය තුල කාර්යසාධක රාජ්‍ය පාලන බලයක් බවට පෙරලා ගැනුමට සමත් විය.

Hitler poses for the camera, 1930

බලයට පත්වූ පසුව, නාසිවරුන් බලප්‍රාප්තිය පිළිබඳව මිථ්‍යා ප්‍රවාදයක් තැනූ අතර, දළ වශයෙන් මෙම ලිපියෙහි විෂය පථයය අදාළ කාල පරිච්ඡේදය, ඔවුන් විසින් හැඳින්වුනේ කැම්ප්ෆ්සයිට් (අරගල කාලසීමාව) හෝ කැම්ෆියාරර් (අරගල වසර ගණන) ලෙසිනි.

හිට්ලර්ගේ ජර්මන් කම්කරු පක්ෂයේ සාමාජික කාඩ්පත

1932 ජූලි මස පැවති මහා මැතිවරණයේදී නට්සි පක්ෂය රයිෂ්ටාගයේ ආසන 230 දිනා ගනිමින් ජර්මනියේ ප්‍රබල ම දේශපාලන පක්ෂය බවට පත් විය. 1933 ජනවාරි 30 දා ෆොන් හින්ඩර්බර්ග් දැඩි නොකැමැත්තෙන් වුව සභාග ඇමැති මණ්ඩලයක් සහිත ව හිට්ලර් ජර්මන් චාන්සලර් ලෙස නම් කළ අතර ඔහුට අසාමාන්‍ය ලෙස බලතල ලබාදීම ප්‍රතික්ෂේප කළේ ය. හිට්ලර් තම සහායකයන් ගැන දැඩි සෙවිල්ලෙන් සිටි අතර කිසිදු පෞද්ගලික සංවිධානයකට ඔහුගේ බලයට අභියෝග කිරීමට තරම් වන ශක්තියක් ඇති නො වීමට වග බලා ගත්තේ ය. සමස්ත ජර්මානු රාජ්‍යය ම දැවැන්ත සිරකඳවුරක් බවට පත් විය. නට්සි රහස් පොලිසිය (Gestapo) මැදියම් රැයේ නිවාසවලට කඩා පැන මිනිසුන් අත්අඩංගුවට ගන්නට වූහ.

හිට්ලර්ගේ යුදෙව් සංහාරය

ත්‍රස්තවාදයෙන් ජර්මනිය තුළ සිය නායකත්වය වර්ධනය කරගත් හිට්ලර් ‘මගේ සටන’ කෘතියෙන් දැක්වුණු ඔහුගේ අරමුණු සපුරා ගනිමින් යුරෝපය පුරා ජර්මන් බලය ව්‍යාප්ත කිරීම ඇරඹුවේ ය. ඔහුගේ මුල් ම අවධානය යොමු වුණේ රට යළි සන්නද්ධ කිරීමට ය. 1937 අවසාන වනවිට හිට්ලර්ගේ ව්‍යාප්තවාදී ප්‍රතිපත්තිය මුළුමනින් ම ක්‍රියාත්මක වෙමින් පැවතිණි. පෝලන්තය, හිටිලර්ගේ මීළඟ ගොදුර බවට පත්වෙමින් තිබුණේ ය. 1939 සැප්තැම්බර් 1 දා ජර්මානු හමුදා පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ වසර පහමාරක් තිස්සේ ඇවිලුණු, මිලියන 55 කට අධික ජනතාවකට මරු කැඳවූ, දෙවන ලෝක යුද්ධය ආරම්භ විය. ඔහු බොහෝ රටවල් තම රාජ්‍යයට ඈදා ගත්තේ ය.

Leonding හි හිට්ලර්ගේ නිවස (ක්‍රි.ව. 1984)

දෙවන ලෝක යුද්ධය[සංස්කරණය කරන්න]

පළමුවෙනි ලෝක සංග්‍රාමයෙන් පසු බටහිර රටවල් මැදිහත් වීමෙන් ජර්මනියේ නව ආණ්ඩුවක් පිහිටවූ අතර එය වෛමාර් සමූහාණ්ඩුව ලෙස හැඳින්වේ. සමකාලීනව ජර්මනිය මුහුණ දුන් ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට වෛමාර් සමූහාණ්ඩුව අසමත් වීම නිසා ජර්මනිය තුළ හිට්ලර් වැන්නෙකුට බලය ලබාගත හැකි තත්ත්වයක් සකස් විය. වර්සෙල්ස් ගිවිසුම අනුව ජර්මනියට විශාල යුධ වන්දියක් ගෙවීමට සිදු විය. 1920 වර්ෂයෙන් පසු ජර්මනියේ ප්‍රාග්ධනය සම්පූර්ණයෙන් යුධ වන්දි ගෙවීමට වැය වීම නිසා වෛමාර් සමූහාණ්ඩුව ශීඝ්‍රයෙන් මුදල් අච්චු ගැසීමට පෙළඹුණි. මේ නිසා මුදලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටී රට තුළ ඉහළ උද්ධමනයක් නිර්මාණය විය. රටේ භාණ්ඩ මිල ඉතා අධික ලෙස ඉහළ ගිය අතර විරැකියාව ද අතිවිශාල විය. හිට්ලර්ගේ අනුගාමිකයෝ මෙම තත්ත්වය තම වාසියට හරවා ගත්හ. 1929 වර්ෂයේදී ඇති වූ ලෝක ආර්ථික පරිහානිය ජර්මනියට ද තදින් බලපෑවේය. මේ නිසා ජර්මනියේ රැකියා හිඟය ඉහළ ගිය අතර භාණ්ඩ මිල ද වැඩි විය. ඇතැම් නගරවල කම්කරු වැඩවර්ජන පවා ඇති විය. ලෝකයේ බොහෝ රටවල් මෙම ආර්ථික පරිහානියට මුහුණ දුන් නමුත් හිට්ලර්ගේ අනුගාමිකයෝ ප්‍රජාතන්ත්‍රවාදී වෛමාර් රජයට ප්‍රශ්න විසඳිය නො හැකි බව හුවා දැක්වූහ.

1934 වර්ෂයේ දී ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වූ හිට්ලර් ජර්මනිය නැවත යුද්ධයක් කරා මෙහෙයවිය. 1938 දී අසල්වැසි ඕස්ට්‍රියාව ආක්‍රමණය කළ හිට්ලර් එය ජර්මනියට ඈඳා ගෙන එහි නට්සිවාදී පාලනයක් ආරම්භ කළේ ය. අනතුරුව චෙකොස්ලොවැකියාව කෙරෙහි අවධානය යොමු කළ හිට්ලර් එහි සිටි චෙකොස්ලොවැකියානු හා ජර්මන් ජාතිකයන් වෙන් කරමින් සුඩෙටන්ලන්තය යනුවෙන් වෙන ම ඒකකයක් පිහිටුවීමට උදව් කළේ ය. අනතුරුව සුඩෙන්ටන්ලන්තය පමණක් නොව චෙකොස්ලොවැකියාව ද ආක්‍රමණය කළ හිට්ලර් එරට ජර්මන් බලයට යටත් කළේ ය. හිට්ලර් පෝන්ලන්තය ආක්‍රමණය කරන තෙක් බටහිර රටවලින් ඔහුට සැලකිය යුතු විරෝධයක් මතු නො වුණි. එහෙත් හිට්ලර්ගේ පෝන්ලන්ත ආක්‍රමණයත් සමඟ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය වැනි රටවල් හිට්ලර්ට විරුද්ධව සටනට පැමිණුණි. එය දෙවන ලෝක සංග්‍රාමයේ ආරම්භය විය. 1933 වර්ෂයේ දී බලයට පැමිණි හිට්ලර් වසර 6ක් තුළ ජර්මනිය බලවත් කොට දෙවන ලෝක සංග්‍රාමය ඇරඹූ අතර හිට්ලර් පරාජය කොට ජර්මන් නට්සිවාදය ලොවෙන් අතුගා දැමීමට ඇමරිකාව, එංගලන්තය, රුසියාව ඇතුළු මිත්‍ර ජාතීන්ට වසර හයක් හිට්ලර් සමඟ සටන් කිරීමට සිදු විය.

මේ කාලයේ දී හිට්ලර් විසින් වධ කඳවුරු පිහිටුවා අහිංසක යුදෙව්වන් හා රුසියානුවන් ලක්ෂ ගණනින් ඝාතනය කරවනු ලැබීය. අවුට්විට්ස්, බර්ගර් බෙල්සන්, බෙල්ෂෙග්, සොමිබොර් එවැනි කඳවුරුවලට උදාහරණ වේ. මෙසේ හිට්ලර් හා නට්සිවාදී නායකයන්ගෙන් ගෙන ගිය ආක්‍රමණකාරී ප්‍රතිපතීන් නිසා දෙවන ලෝක සංග්‍රාමයේ දී සමස්ත ලෝක වාසීන්ට ම දුක් විඳීමට සිදු විය. මුලු ලෝකයේ ම ප්‍රමුඛ අවධානය යුද්ධයට යොමු වීම හේතුවෙන් සමස්ත ලෝකයේ සංවර්ධනය වසර ගණනකින් පසු පසට ගියේ ය. පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසු සිදු වූ විශාල ම විනාශය දෙවන ලෝක සංග්‍රාම කාලයේදී සිදු විය.

දෙවන ලෝක යුද්ධයේ ව්‍යාප්තිය[සංස්කරණය කරන්න]

ජර්මනියේ හිට්ලර් ක්‍රි.ව. 1939 සැප්තැම්බර් 01 දින පෝන්ලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ විය. පෝන්ලන්තය ආරක්ෂා කිරීමට ගිවිසගෙන සිටි බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ජර්මනියට විරුද්ධව යුධ ප්‍රකාශ කරමින් දෙවන ලෝක මහා සංග්‍රාමයට අවතීර්ණ විය. ජර්මනිය සති හතරක් ඇතුළත පෝන්ලන්තය පරාජයට පත් කළේ ය. සිය රණකාමි පිළිවෙත ඉදිරියට ගෙන යමින් හිට්ලර් විසින් නෝර්වේ, ඩෙන්මාර්කය, ඕලන්දය, බෙල්ජියම යන රටවල් අල්ලා ගන්නා ලදි. 1940 ජුනි මාසයේදී ප්‍රංශයට පහර දී හිට්ලර් එහි අගනුවර වූ පැරිසිය අල්ලා ගත්තේ ය.

බෙනිටෝ මුසෝලිනී සහ ඇඩොල්ෆ් හිට්ලර්

ජර්මන් සේනා පැරිසියට ඇතුළු වීමත් සමඟ මුසෝලිනී ද යුද්ධයට සම්බන්ධ වෙමින් ඉතාලි දේශ සීමා දෙසින් සිය සේනා ප්‍රංශයේ විවිධ ප්‍රදේශ ආක්‍රමණය කිරීම සඳහා මෙහෙයවී ය. මෙසෙර් ජර්මන්-ඉතාලි හමුදා ප්‍රංශය යටත් කිරීමෙන් පසු ඇති කර ගත් ගිවිසුම අනුව ප්‍රංශය, ජර්මනිය යටතට පත් විය.

ජර්මනියේ මීලඟ ඉලක්කය වූයේ බ්‍රිතාන්‍යය යි. හිට්ලර් ගුවන් හමුදාව මගින් බ්‍රිතාන්‍යය ආක්‍රමණය කිරීමට තීරණය කළේය. ඉන්පසු ජර්මන් ගුවන් හමුදාව බ්‍රිතාන්‍ය ගුවතොටුපළවලට හා නගරවලට බෝම්බ හෙළීය. බ්‍රිතාන්‍යයට ප්‍රබල නාවුක හා ගුවන් බලයක් තිබිණි. බ්‍රිතාන්‍යය ද එම ශක්තිය යොදාගෙන සතුරු ගුවන් යානා විනාශ කිරීම සඳහා ප්‍රහාරක ගුවන් යානා යෙදවී ය. 1940 සැප්තැම්බර් මස 14 දින දෙපාර්ශවය අතර ඉතා දරුණු ගුවන් සටන් සිදු විය. එහි දී බ්‍රිතාන්‍යය ගුවන් හමුදාව විසින් ජර්මන් ගුවන් යානා 56ක් පමණ බිම හෙලන ලදැයි වාර්තා වේ. තමන් සිතුවාට වඩා බ්‍රිතාන්‍යය යුධ ශක්තිය බොහෝ ඉදිරියෙන් සිටින බවත් එහි ප්‍රබල කාර්ය ශූරත්වය වටහා ගත් හිට්ලර් බ්‍රිතාන්‍යයට පහර දීම නවතා දැමී ය.

අනතුරුව හිට්ලර් විසින් කිසිදු පැහැදිලි හේතුවක් නො දක්වා රුසියාව ආක්‍රමණය කරන ලදි. අපහසුතාවකින් තොරව රුසියාව අල්ලා ගත හැකි වෙතැයි හිට්ලර් කල්පනා කළේ ය. ප්‍රංශ මහා අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් මීට පෙර රුසියාව ආක්‍රමණය කොට අන්ත පරාජයක් ලබා දස දහස් ගණනක් තුවාලකරුවන් සමඟ පසු බැස ගියේ ය. වසර 125කට පසු හිට්ලර් ද එබඳු පරාජයක් අභිමුවට පැමිණියේ ය. සෝවියට් හමුදාව කල්තියාම ජර්මනිය සමඟ මෙබඳු සටනකට සූදානම්ව සිටියේ ය. එබැවින් මෙහි දී සතුරා මුලා කිරීමට අවශ්‍ය සියලු උපායන් යොදන ලදි. දැඩි සීත සතෘව එළඹෙන තෙක් ජර්මන් හමුදාව රඳවා ගැනීම රුසියාව අනුගමනය කළ එබඳු උපායකි. එදා නැපෝලියන් හමුදාව සීත සෘතුවේ දී මුහුණ දුන් ඉරණමට නාට්සි හමුදාවට ද මුහුණ දීමට සිදු විය. ජර්මන් හමුදාව සීත සෘතුවකට සූදානම්ව සිටෙයේ නැත. මේ නිසා අධික සීතල, ආහාර හිඟය, ලෙඩ රෝග ආදිය අතිවිශාල වශයෙන් ජර්මන් හමුදා මිය යාමට හේතුවක් විය. උපායශීලීව තම හමුදා පසුපසට ගැනීමට තරම් විචක්ෂණ භාවයක් හිට්ලර් තුළ නො තිබුණි. රුසියන් භූමියේ දී තම හමුදා මුහුණ දී ඇති සැබෑ දුෂ්කරතාව පිළිබඳ අනවබෝධයෙන් පසු වූ හිට්ලර් සිය හමුදා ඉදිරියටම මෙහෙයවීමට අණ දුන්නේය. එහි දී ජර්මන් හමුදා දරුණු පරාජයකට ලක් කිරීමට රුසියාවේ රුසියාවේ රතු හමුදාවට හැකියාව ලැබුණි

මරණය[සංස්කරණය කරන්න]

ක්‍රි.ව. 1942 උදාවත් ම සියල්ල ආපසු හැරී නැවත ගමන් කිරීම ඇරඹෙන්නට විය. මිත්‍ර හමුදා විසින් හිට්ලර් පරාජය කිරීමේ දැවැන්ත මෙහෙයුම අරඹා තිබිණි. හිට්ලර්ගේ කීර්තිමත් කාලය කෙමෙන් අවසානය කරා ළඟා වෙමින් තිබුණේ ය. අනපේක්ෂිත ලෙස යුද්ධයෙන් පරාජය වූ හිට්ලර් ඔහුගේ මූලස්ථානය බර්ලිනයට ගෙන ගියේ ය. එහි චාන්සලර් මන්දිර භූමියේ තැනූ භූගත බංකරයට වී සිය අවසන් දින කිහිපය ගත කළේ ය.

හිට්ලර් සහ පසුව ඔහුගේ භාර්යාව වූ ඔහුගේ දීර්ඝකාලීන පෙම්වතිය, ඒවා බ්‍රවුන් සමඟ ක්‍රි.ව. 1942 දී
Bundesarchiv Bild 102-04062A, Nürnberg, Reichsparteitag, SA- und SS-Appell.jpg

සිය දිවි නසා ගැනීමට හිට්ලර් තීරණය කළේ ය. ඔහු විසින් ඉටු කළ යුතු තවත් කාර්යයන් දෙකක් ඉතිරි ව තිබිණි. 1945 අප්‍රේල් 29 දින උදයේ එහෙත් ඔහුගේ අනියම් බිරිය වී සිටි ඊවා බ්‍රොන් විවාහ කර ගත්තේ ය. ඒ සමඟ ම තම අන්තිම කැමැති පත්‍රය හා දේශපාලන අන්තිම කැමැති පත්‍රය ලියා ගැනීම සඳහා කියැවී ය. එහි දී සිය ජීවිත කාලය තුළ ඔහු කළ කී දෑ යුක්තියුක්ත කළේ ය. පසුදින තම කුටියට වැදුණු හිට්ලර් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගත් අතර ඊවා බ්‍රොන් ද වස පානය කොට දිවියෙන් සමුගත්තා ය. හිට්ලර්ගේ උපදෙස් අනුව මළ සිරුරු දෙක ම චාන්සලරි උයනේ පිහිටි සතුන්ගේ ආහාර වළකට ඇද දමා ඉන්ධන වත්කොට ගිනි තබන ලදී.

Mahnstein.JPG

මේවාද බලන්න[සංස්කරණය කරන්න]

බාහිර ලිපි[සංස්කරණය කරන්න]

වීඩියෝ පට සදහා IMDb හි ඇති ගිණුම – real life footage in document

  1. NS-Archiv, 7 April 1925.
"https://si.wikipedia.org/w/index.php?title=ඇඩොල්ෆ්_හිට්ලර්&oldid=378300" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි