විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 14

විකිපීඩියා වෙතින්

නොවැම්බර් 14: ලෝක දියවැඩියා දිනය; ඉන්දියාවේ ළමා දිනය

  • 1918චෙකොස්ලෝවැකියාව ජනරජයක් බවට පත් විය.
  • 1988ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල නගරයේ පැණිකැටියාව ප්‍රදේශයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂක නිලදාරීන් දෙදෙනෙකු ඇතුළුව 28 දෙනෙකු ඝාතනය කිරීම.
  • 2008දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂයේ හිටපු සභාපති කුමාරස්වාමි නන්දගෝපන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් කොළඹදී ඝාතනයට ලක් විය.
  • 2015ප්‍රංශයේ පැරිස් නුවර අයිසිස් ත්‍රස්තවාදීන් විසින් නොවැම්බර් 13 වැනිදා ආරම්භ කළ ප්‍රහාරවලින් 137ක් මිය ගොස් 435ක් තුවාල ලැබූහ.
  • 2019එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා ක්ලැරිටා නගරයේ ද්විතීයික පාසලක වෙඩි තැබීමකින් අපරාධකරුවා ඇතුළු මරණ තුනක් සහ තුවාල තුනක් සිදු වේ.
  • 2021අවසන් මහා තරගයේදී නවසීලන්තය කඩුලු 8කින් පරාජය කළ ඔස්ට්‍රේලියාව (කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් සේයාරුව) පළමු වරට විස්සයි20 ලෝක කුසලානය දිනා ගත්තේය.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 13නොවැම්බර් 14නොවැම්බර් 15