මහින්ද රාජපක්ෂ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
The Honorable මහින්ද රාජපක්ෂ MP

In office
2005 නොවැම්බර් 19 – 2015 ජනවාරි 9
Prime Minister Ratnasiri Wickremanayake
දී.මු. ජයරත්න
Preceded by චන්ද්‍රිකා කුමාරතුංග
Succeeded by මෛත්‍රීපාල සිරිසේන

In office
2004 අප්‍රියෙල් 6 – 2005 නොවැම්බර් 19
President චන්ද්‍රිකා කුමාරතුංග
Preceded by රනිල් වික්‍රමසිංහ
Succeeded by රත්නසිරි වික්‍රමනායක

In office
6 February 2002 – 2 April 2004
President චන්ද්‍රිකා කුමාරතුංග
Prime Minister රනිල් වික්‍රමසිංහ
Preceded by රත්නසිරි වික්‍රමනායක
Succeeded by රනිල් වික්‍රමසිංහ

In office
19 November 2005 – 15 January 2015
Preceded by චන්ද්‍රිකා කුමාරතුංග
Succeeded by මෛත්‍රීපාල සිරිසේන

In office
1997–2001
President චන්ද්‍රිකා කුමාරතුංග

In office
23 November 2005 – 9 January 2015
President Himself
Preceded by Sarath Amunugama
Succeeded by Ravi Karunanayake

Minister of Labour
In office
1994–1997
President චන්ද්‍රිකා කුමාරතුංග

In office
15 November 2013 – 9 January 2015
Preceded by Tony Abbott
Succeeded by මෛත්‍රීපාල සිරිසේන

Incumbent
Assumed office 
17 August 2015

Member of the Sri Lanka Parliament
for Beliatta
In office
27 May 1970 – 21 July 1977
Preceded by D.P. Atapattu
Succeeded by Ranjit Atapattu

Born 18 නොවැම්බර් 1945 (1945-11-18) (අවුරුදු 70)
බ්‍රිතාන්‍ය ලංකාව මැදමූලන, බ්‍රිතාන්‍ය ලංකාව
Nationality Sri Lankan
Political party ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
Other political
affiliations
එක්සත් ජනතා නිදහස් සන්ධානය
(2004 – Present)
People's Alliance
(1994 – 2004)
Spouse(s) ශිරන්ති වීක්‍රමසිංහ
Children නාමල්
යෝෂිත
රෝහිත රාජපක්ෂ
Alma mater ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
නාලන්දා විද්‍යාලය,කොළඹ
තර්ස්ටන් විද්‍යාලය, කොළඹ
ශ්‍රී ලංකා නීති විද්‍යාලය
Profession Politician, නීතිඥ
Religion බෞද්ධ
Website Official website
මහින්ද රාජපක්ෂ
මහින්ද රාජපක්ෂ

පර්සි මහේන්ද්‍ර "මහින්ද" රාජපක්ෂ, පාම (උපත 18 නොවැම්බර් 1945) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් වන අතර ශ්‍රී ලංකාවෙහි හයවන ජනාධිපතිවරයා ලෙසින් 2005 නොවැම්බර 19 දින සිට 2015 ජනවාරි 9 දින දක්වා තනතුරු දරා ඇත. වෘත්තියෙන් නීතිඥයෙක් වන රාජපක්ෂ මහතා පළමුවෙන් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 වසරෙහිදී වන අතර, 2004 අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහිදී ඔහුගේ ජයග්‍රහණය දක්වා අග්‍රාමාත්‍ය තනතුර හෙබවීය. ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු සය-වසර ධූර වාරය සඳහා ඔහු දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 දිනදීය. දෙවන ධූර කාලය සඳහා ඔහු යළි-තේරී පත්වුණේ 2010 ජනවාරි 27 දිනදීය. තෙවන ධූර කාලයද සඳහා ප්‍රයත්නය දරමින් ඔහු ඉදිරිපත්වූ 2015 ජනාධිපතිවරණයෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් පරාජය ලැබ 2015 ජනවාරි 9 දිනදී තනතුරෙන් බැහැර විය.[1]

තනතුර හැර ගොස් මාස කිහිපයකට පසුව, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට රාජපක්ෂ මහතා විසින් ගත් උත්සාහය අසාර්ථක වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත් වීමත් හා සමගිනි. ඔහු කෙසේවෙතත්, කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් තේරී පත් විය.[2]


මුල් දිවිය සහ අභිවෘත්තිය

දක්ෂිණ ගම්බද හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි වීරකැටිය ගම්මානයෙහි මහින්ද රාජපක්ෂ උපත ලැබීය.[3] ශ්‍රී ලංකාවෙහි සුපතල දේශපාලන පවුලකින් ඔහු පැවත එයි. ඔහුගේ පියා, ඩී. ඒ. රාජපක්ෂ යනු, කීර්තිමත් දේශපාලනඥයෙකු, නිදහස සඳහා උද්ඝෝෂකයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ විජයානන්ද දහනායකගේ රජයෙහි කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයාද විය. ඔහුගේ මහප්පා වූ ඩී. එම්. රාජපක්ෂ, 1930 ගණන් වලදී හම්බන්තොට ආසනය සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයෙක් වූ අතර, ඔහුගේ ප්‍රදේශයෙහි ජනයා වගා කල කුරක්කන් නිරූපණය කිරීමට පොළොවෙහි පස් පැහැගත් දුඹුරු වර්ණයෙන් යුතු සාටකය පැළඳීම ආරම්භ කල අතර, ඔහුගේ ජීවිතය පුරාවටම එම ජනයාගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටියේය. රාජපක්ෂ මහතා ඔහුගේ ලාක්ෂණික සාටකය පැලඳීම ඇරමුවේ ඔහුගේ මහප්පාගේ මෙම සාටක පැළඳීම නිදසුනක් ලෙස ගනිමිනි.[3]

කොළඹ නාලන්ද විද්‍යාලයෙහිත් පසුව තර්ස්ටන් විද්‍යාලයෙහිත් හැදෑරීමට පෙර, රාජක්ෂ මහතා අධ්‍යාපනය ලැබුවේ ගාල්ලෙහි රිච්මන්ඩ් විද්‍යාලයෙහිය.[3] ඔහු උගත් ශාස්ත්‍රාලය වූ කොළඹ නාලන්ද විද්‍යාලය වෙතින්, 2004 වසරෙහිදී, නාලන්ද කීර්ති ශ්‍රී ප්‍රදානය මහින්ද රාජපක්ෂ මහතා වෙතට පිරිනැමිණි.[4] සිංහල චිත්‍රපටයන්හී චිත්‍රපට නළුවෙකු ලෙසින් කෙටි රංගන දායකත්වයන් දැක්වූ ඔහු, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි පුස්තකාල සහකාරවරයෙක් ලෙසින් සේවය කලේය.[5]

1967 වසරෙහිදී ඔහුගේ පියාගේ මරණයෙන් පසුව, රාජපක්ෂ මහතා විසින් බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙසින් කටයුතු භාර ගත් අතර, වයස අවුරුදු 24 වෙත්ම, පාර්ලිමේන්තුවෙහි ලාබාලම මන්ත්‍රීවරයා ලෙසින් 1970 වසරෙහිදී තේරී පත් විය.[5] පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙහි නීතිය හැදෑරූ ඔහු, 1977 නොවැම්බර් මාසයෙහිදී නීතිඥයෙකු ලෙසින් දිවුරුම් දුන්නේය.[6] ඔහු අමාත්‍යවරයෙක්ව සිටි 1994–2001 කාලපරිච්ඡේදය හැරුණු විට, ඔහුගේ පාර්ලිමේන්තු අභිවෘත්තිය පුරාවටම, තංගල්ලෙහි නීතිඥයෙකු ලෙසින් කටයුතු කලේය.[3]

ව්‍යවස්ථාදායකයෙහි අභිවෘත්තිය

ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව

1977 වසරෙහිදී ශ්‍රීලනිප මුහුණ පෑ දරුණු පරාජයෙහිදී ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමිවූ ඔහු,[3] 1989 වසරෙහිදී පාර්ලිමේන්තුවට යළි තේරී පත්වූයේ සමානුපාතික නියෝජනය අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කිරීම සඳහාය. දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය ලෙසින් තමන් හැඳින්වූ කැරලිකාර කණ්ඩායමක් විසින් දියත් කෙරුණු 1988–90 කැරැල්ල හා බැඳී ධවල භීෂණ සමයෙහි "අතුරුදහන්වූවන්ගේ" මවුවරුන් සංවිධානය කල මවුවරුන්ගේ පෙරමුණෙහි මනෝරාණි සරවනමුත්තු හා සමගින් නායකයෙකු ලෙසින් කරළියට පැමිණීමට ඔහු සමත් විය.[3]

තෙවන පාර්ශවයක මැදිහත්වීම ගෙන ඒමට මෙම කාලය තුලදී ඔහු විටින් විට උත්සාහ කල අතර, ජීනිවාහිදී විටින් විට ශ්‍රී ලංකාව පිළිබඳ චෝදනා කරමින් පවසා සිටියේ ප්‍රජාතාන්ත්‍රික පරමාදර්ශ යළි සංස්ථාපනය සඳහා තෙවන පාර්ශවයක මැදිහත්වීම ඉල්ලා සිටීම ද්‍රෝහී හෝ දේශද්‍රෝහී හෝ කාර්යයක් නොවන බවයි. එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවට පැමිණ විමර්ශන පැවැත්වීමට ඉඩ සැලසිය යුතු බවට ඔහු පාර්ලිමේන්තුවෙහිදී බලවත් ඉල්ලීම්ද කලේය.[7][8]

කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසින් පත් කිරීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙහෙයවන ලද සහ චන්ද්‍රිකා කුමාරතුංග විසින් නායකත්වය සැපයුණු දේශපාපන පෙරමුණක් වූ පොදු පෙරමුණෙහි 1994 වසරෙහි මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව, රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙසින් පත් කෙරිණි. 1997 වන තුරු ඔහු මෙම තනතුර දැරූ අතර, කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් පසුව ඔහුගේ විෂයය ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා බවට වෙනස් කෙරිණි.[3]

විපක්ෂ නායක

2001 මැතිවරණයෙහිදී, එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් පොදු පෙරමුණ පරාජය කිරීමත් සමගින් රජයේ ඔහුගේ තනතුරු රාජපක්ෂ මහතාට අහිමි විය. කෙසේවෙතත් 2002 මාර්තු මාසයෙහිදී ඔහු විපක්ෂ නායක ලෙසින් පත් කෙරිණි.[3]

අග්‍රාමාත්‍යවරයා

2004 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාර්ලිමේන්තුවෙහි කුඩා බහුතරයක් සාක්ෂාත් කර ගන්නා ලදි. 2004 අප්‍රේල් 6 දිනදී ශ්‍රී ලංකාවෙහි 13වන අග්‍රාමාත්‍යවරයා ලෙසින් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන ලදි.[3] රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය හොබවන අතරතුරදීම මහාමාර්ග අමාත්‍යවරයාද වීය.

හෙල්පිං හම්බන්තොට සිද්ධිය

මහින්ද රාජපක්ෂ දූෂිතයෙකු බවට ජනාධිපති වශයෙන් ඔහු තේරී පත්වීමට පෙර විපක්ෂය විසින් ඔහුට චෝදනා නැගුවේ "හෙල්පිං හම්බන්තොට " සිද්ධිය හුවාදක්වමින් වන අතර, මෙහිදී හෙල්පිං හම්බන්තොට නම් භාණ්ඩාගාර අනුමැතිය ලද පෞද්ගලික අරමුදලක 2004 සුනාමිය හේතුවෙන් ඔහුගේ ගම් පළාත සහ මැතිවරණ දිස්ත්‍රික්කය වූ හම්බන්තොට ප්‍රදේශයෙහි විපතට පත් වූවන්ට උපකාර කිරීම්‍ට එජඩො 830,000 කට කිට්ටු මුදලක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් ඔහුට චෝදනා නැගිණි. මැතිවරණයට පෙර, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව පිළිබඳ තීරණයක් දීමෙන් වැලකී සිටියේය. පසුව නඩුව නිෂ්ප්‍රභා කරමින්, අග්‍රවිනිශ්චයකාර සරත් සිල්වා පැවසුවේ මෙම නඩුව අධිකරණයෙහි ගොනු කරන ලද්දේ රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසින් නම් කිරීම සමගින් බවයි. "අධිකරණය මෙය දකින්නේ [එජාප නායක] රනිල් වික්‍රසිංහ මහතාට දේශපාලන වාසි ලබා ගැනීමටත් මහින්ද රාජපක්ෂ මහතා අපකීර්තියට ලක් කිරීමටත් ගත් ප්‍රයත්නයක් ලෙසටයි." පාර්ලිමේන්තුවෙහිදී ප්‍රකාශයට පත් කෙරුණේ, හෙල්පිං හම්බන්තොට අරමුදල පැවති බවට කැබිනට් මණ්ඩලය දැන සිටි බවයි.[උපහරණ ඇවැසිය][සත්‍යාපනය ඇවැසිය] ඔහුගේ කාර්යාලය විසින් පැවසුවේ, ඔහු විසින් මෙම පරිත්‍යාගයන් හෙල්පිං හම්බන්තොට අරමුදලෙහි බහාලීමට හේතුව වූයේ ආධාර මුදල් 26 දෙසැම්බර් 2004 ඉන්දියානු සාගර සුනාමියෙන් විපතට පත් වූවන්ට පිරිනැමීමේ සීඝ්‍රතාවය ඉහළ නැංවීම සඳහා බවයි. එවකට අග්‍රාමාත්‍ය ලේකම් ලෙසින් සේවය කල ලලිත් වීරතුංග විසින් එකල ඒඑෆ්පී පුවත් කාර්යාංශයට ප්‍රකාශ කලේ ප්‍රශ්නයට තුඩු දී ඇති මුදල් රජයේ ගිණුමකට බැර කර ඇති බවත් රාජපක්ෂ මහතා විසින් එයින් "සතයක් හෝ" ඔහුගේ භාවිතයට ගෙන නොමැති බවත්ය. [9]

ජනාධිපතිධුරය

2005 නොවැම්බර් 17 දිනදී පැවති ජනාධිපතිවරණයෙහිදී හිටපු අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙහි නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා සමග තරග වැදීම සඳහා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහින්ද රාජපක්ෂ මහතා තෝරා ගන්නා ලදි.

එජාප නායකත්වය විසින් විශාල මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගියද, මහින්ද රාජපක්ෂ මහතා විසින් ඡන්ද 190,000 ක පටු ජයග්‍රහණයක් ලබා ගත්තේය. විපක්ෂය විසින් කියා සිටියේ දෙඊවිකො විසින් ඡන්දය වර්ජනය කරන ලෙසින් උතුරු හා නැගෙනහිර ඡන්දදායකයන් වෙත කල නියෝගය වෙතින් ඔවුන්ගේ පරාජය සිදු වූ බවයි. මෙම ප්‍රදේශ වල බොහෝ ඡන්දදායකයන් විසින් ඡන්දය භාවිතා කිරීම, බලහත්කාරයෙන් මැඩපවත්වන ලද අතර, එම ඡන්දදායකයින් විසින් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ එජාප පක්ෂය මැතිවරණයෙන් බලයට පත් වීමකට ප්‍රසාදයෙන් සිටි බව පැවසිණි. [10] රාජපක්ෂ මහතාට ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 50.3% ක් හිමිවී තිබුණි.

ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව කැබිනට් අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කල රාජපක්ෂ මහතා, 2005 නොවැම්බර් 23 දින දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයෙහි ආරක්ෂක සහ මුදල් අමාත්‍ය ධූර දෙක තමා යටතට ගත්තේය.


මුල්කාලීන දේශපාලන ජීවිතය

රාජපක්ෂ 1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසනයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. එවකට 24 වෙනි වියේ පසු වූ ඔහු පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම සාමාජිකයා ය. ඔහුගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ ද 1947 සිට 1965 දක්වා එම අසුන ම නියෝජනය කළේය.

1977 දී එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමග ඔහුට තම පාර්ලිමේන්තු අසුන අහිමි විය. එහෙත් 1989 දී සමානුපාතික නියෝජනය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

තම දේශපාලන දිවිය ආරම්භයේ දී ම වමේ හා අතරමැද දේශපාලන රටාවක් තෝරාගත් රාජපක්ෂ කම්කරු අයිතිවාසිකම් හා මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමා විශිෂ්ටයෙක් බව පෙන්වා දුන්නේ ය. ඔහු මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර ආදර්ශමත් චරිතයකි.[තහවුරු කරන්න]

නායකයෙකු වශයෙන් කීර්තියක් උසුලනු ලැබූ එතුමා 1988-1990 කාලයේ දී අතුරුදන්වූවන්ගේ මව්වරුන් විසින් අරඹන ලද මව්වරුන්ගේ පෙරමුණ නියෝජනය කළ මනෝරානි සරවනමුත්තු සමඟින් එක් ව කටයුතු කළේය. ඉන්දියාවේ කල්කටා “විශ්ව භාරති” සරසවිය මගින් රාජපක්ෂට මානව අයිතිවාසිකම් සුරැකීමේ කටයුතු වෙනුවෙන් සම්මාන ආචාර්ය පදවියක් ප්‍රදානය කරන ලදී.

පසුගිය වසර 25 මුළුල්ලේ ම පලස්තීනය හා ශ්‍රී ලංකාව අතර සාමූහිකත්ව කමිටුවේ සභාපති වන රාජපක්ෂ මැද පෙරදිග ප්‍රශ්නය විසඳීම සඳහා පලස්තීනයට හැකි සෑම සහයෝගයක් ම ලබා දීමට කටයුතු කළේය. [තහවුරු කරන්න]

වර්ෂ 1994 සිට 2001 දක්වා චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ රාජපක්ෂ එම අවධියේ දී සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ අතර වෙරළ ආරක්ෂණ අංශයක් ද ස්ථාපිත කළේය.[තහවුරු කරන්න]

කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු ප්‍රඥප්තියක් කෙටුම්පත් කොට ඉදිරිපත් කළ ද කුමාරතුංග රජය යටතේ එය ක්‍රියාත්මක නොවිණි. මීට අමතරව මාස තුනක පමණ කාලයක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එතුමා හම්බන්තොට නව වරායක් ඉදි කිරීම සඳහා ක්‍රියා කරන ලදී.

ජනපති පදවිය දක්වා පැමිණීම

2002 මාර්තු මාසයේ දී රාජපක්ෂ විපක්ෂ නායකවරයා ලෙස තෝරා පත් කෙරිණි. 2004 අප්‍රේල් මාසයේ දී පැවති මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 2004 අප්‍රේල් 06 වන දින එවකට​ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රී ලංකාවේ 13 වන අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කරන ලදී.

2005 නොවැම්බර් මස 17 වන දින පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තෝරා ගත් රාජපක්ෂගේ අපේක්ෂකත්වය දේශපාලන පක්ෂ 25ක් හා විවිධ ජනතා සංවිධාන විසින් ද පිළිගන්නා ලදී.[තහවුරු කරන්න] බහුතර ජනතාවගේ අනුමැතියෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

3වන වරට තරඟකිරීම

2015 ජනවාරි 8 දා පැවති ජනාධිපතිවරණයට තෙවන වරටද ඉදිරිපත් වුවද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන හමුවේ හේ තෙම පරාජයට පත් විය.

මේ අඩවිත් බලන්න

"https://si.wikipedia.org/w/index.php?title=මහින්ද_රාජපක්ෂ&oldid=375722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි