රොනල්ඩ් රේගන්
| තනතුර | ඇමරිකා එක්සත් ජනපදයේ 40 වැනි ජනාධිපති | ||
| කාර්ය සමය | 1981 ජනවාරි 20 – 1989 ජනවාරි 20 | ||
| උප ජනාධිපති | ජෝර්ජ් H.W. බුෂ් | ||
| පෙර සිටි ජනාධිපති | ජිමි කාටර් | ||
| පසු වු ජනාධිපති | ජෝර්ජ් H . W. බුෂ් | ||
| තනතුර | කැලිෆෝනියා ප්‍රාන්තයෙහි 33 වැනි ආණ්ඩුකාර | ||
| කාර්ය සමය | 1967 ජනවාරි 3 – 1975 ජනවාරි 7 | ||
| මින් පෙර පාලනය කළේ | ජේෂ්ඨ එඩ්මන්ග් G. පැට් බ්‍රව්න් (Edmund G. "Pat" Brown, Sr) | ||
| ඉන් පසුව පාලනය කළේ | කණිෂ්ඨ G.එඩ්මන්ග් ජෙරී බ්‍රව්න් (Edmund G. "Jerry" Brown, Jr) | ||
| උපත | 1911 පෙබරවාරි 06, ටැම්පිකෝ ඉලිනොයිස් | ||
| විපත | 2004 ජුනි 05(වයස අවුරුදු 93), බෙල් එයාර්, ලොස් ඈන්ජලීස්, කැලිෆෝනියා | ||
| ජාතිය | ඇමෙරිකානුවෙකි. | ||
| දේශපාලන පක්ෂ | රිපබ්ලිකන් පාක්ෂිකයෙකි | ||
| භාර්යාව |
| ||
| ඉගෙනගත් පාසල | Eureka විද්යාලය | ||
| රැකියාව | රංගන ශිල්පියෙකි | ||
| ආගම | Disciples of Christ හි බෞස්තිම කරන ලද අතර පසු කාලීනව Presbyterian පල්ලිය ඇසුරු කරන ලදී. | ||
| අත්සන |
රොනල්ඩ් විල්සන් රේගන් (1911 පෙබරවාරි 06 – 2004 ජුනි 05) ඇමරිකා එක්සත් ජනපදයේ 40 වන ජනාධිපති ද (1981 – 1989) කැලිෆෝනියා ප්‍රාන්තයේ 33 වන ආණ්ඩුකාරවරයා ද (1967 – 1975) විය. ඔහු ඉලිනොයියෙහි ඉපිදැ 1930 දී කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයට සංචරණය කරන නළුවකු බවට පත් විය. එහි දී ඔහු Screen Actors Guild (SAG) සභාපතිත්වය දැරූ අතර General Electric හි නියෝජිතයෙක් විය. මෙම General Electric සේවය කරන සමයේ දී ඔහු දේශපාලනයට අවතිර්ණ වූ අතර මුල් යුගවල දී ඔහු ඩිමොක්රටික් පාක්ෂිකයකු වු අතර 1972 දී ඔහු රිපබ්ලිකන් පාර්ශ්විකයකු බවට පත් විණි. 1964 දී ජනාධිපති අපේක්ෂකයකු වු Barry Goldwater හට සහය පළ කරමින් කළ ප්‍රබෝධමත් දෙසුමකින් පසු හේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරයට පත් වීම සඳහා අවධානය යොමු කළේ ය. ඉන් වසර 2 කට පසු ඔහු කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධූරයට පත් වු අතර 1970 දී නැවතත් එහි ආණ්ඩුකාර ධූරයට පත් විය. ඔහු 1968 දී සහ 1972 දී රිපබ්ලිකන් ජනාධිපති නාම යෝජනා බාර දෙන අවස්ථා දෙකේ දී ම පැරැදුණු අතර 1980 දී හේ නාම යෝජනා සහ ජනාධිපතිවරණය යන දෙකම දිනී.
ජනාධිපති වශයෙන් රොනල්ඩ් රේගන් අලුත් දේශපාලන මුලාරම්භයක් සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කළ අතර සීමාසහිත අණ්ඩුවක් සහ ආර්ථිකයෙහි laissez – faire දර්ශනයක් සඳහා උපදෙස් දිනි. නමුත් ඔහු ගේ මෙම දර්ශන ක්‍රියාවට නැංවීමේ හැකියාව පිළිබඳව මතභේද පැවැතිණි. සැපයුම් පාර්ශවයේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා “Reaganomics” ලෙස හඳුන්වන ලද අතර මේ සඳහා 1981 දී සම්පාදනය කැරුණු සැලකිය යුතු බදු කප්පාදුවක් ද අයත් වේ. ඝාතනය කිරීමේ ප්‍රයත්නයකින් දිවි ගලවා ගැනීමෙන් පසුව හා ග්‍රෙනඩාවේ මතභේදාත්මක හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව 1984 දී හේ නැවත වරක් ජනාධිපති ලෙස තෝරාපත් කර ගැනිණි.
රේගන් ගේ දෙ වන සමය සංකේතාත්මක කරනු ලැබුයේ සීතල යුද්ධය අවසන් කිරීමෙන් සහ ඉරාන ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවයන් හෙළිදරවු කිරීමෙන් පසුව යි. ඔහු විසින් සෝවියට් ජනපදයට එරෙහිව ගොඩ නැඟුණු හමුදාමය ශක්තිමත් කිරීම සඳහා අණ දෙවිණි. හේ ප්‍රසිද්ධියේම සොවියට් ජනපදය දරුණු අධිරාජ්යයක් ලෙසට නිර්වචනය කළ අතර ලොව පුරා කොමියුනිස්ට් විරෝධී ක්‍රියාකාරකම්වලට සහය පළ කළ. ඔහු ගේ මෙකී විරෝධතා මතු වුවත් සොවියට් ජනපද මහලේකම් Mikhail Gorbachev සමග එක්ව දෙරටෙහිම න්‍යෂ්ටික බලය පාලනය කර ගැනීම පිළිබඳව ගිවිසුම් ඇති කර ගති. ඔහු 1989 දී තම කාර්යාලය හැර ගිය අතර 1994 දී හෙලිදරව් වු ආකාරයට ඔහුට ඇල්ෂයිමර් රෝගය ඇති බවට සොයාගැනිණි. ඉන් වසර 10 කට පසු එ නම් වයස 93 ක් ආයු වළඳා ඔහු අභාවප්‍රාප්ත වු අතර මත විමසුමකට අනුව හිටපු ජනාධිපතිවරුන් අතුරින් ඉහළ ජනප්‍රියතාවයක් ලබාසිටි අයෙක් විය.
විවාහය සහ දරුවෝ
[සංස්කරණය]මුල් විවාහය
[සංස්කරණය]බිරිඳ: ජේන් වේමන්
දෙවන විවාහය
[සංස්කරණය]
බිරිඳ: නැන්සි ඩේවිස්