Jump to content

2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය

විකිපීඩියා වෙතින්
2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය
ශ්‍රී ලංකාව
 2015 16 නොවැම්බර් 2019 2022 
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය83.72%
 
Nandasena Gotabaya Rajapaksa.jpg
Sajith Premadasa.jpg
අපේත්ෂකයා ගෝඨාභය රාජපක්ෂ සජිත් ප්‍රේමදාස
පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය
සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
ජනප්‍රිය ඡන්ද 6,924,255 5,564,239
ප්‍රතිශතය 52.25% 41.99%

මැතිවරණ කොට්ඨාසයන්හි ජයග්‍රාහකයෝ
  –ගෝඨාභය රාජපක්ෂ   –සජිත් ප්‍රේමදාස

ජනාධිපති මැතිවරණයට පෙර

මෛත්‍රීපාල සිරිසේන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ජනාධිපති මැතිවරණයට පසු

ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ


2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, 8වන ජනාධිපතිවරණය වන අතර, 2019 නොවැම්බර් 16 දිනදී පැවැත්විය.[1][2] 2019 වන විට රටේ තනතුරුධාරී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය, 2020 ජනවාරි 9 දිනදී ඉකුත් වීමට තිබුණි. ධූරය දරන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ විපක්ෂ නායක වරයා හෝ ජනාධිපති ධූරය සඳහා තරග නොවැදෙමින් පැවැත්වෙන ශ්‍රී ලංකාවෙහි පළමුවන ජනාධිපතිවරණය මෙය වෙයි. [3]

කාලානුරූපය

[සංස්කරණය]
2018
2019
  • 9 ජනවාරි- මෙම දිනයට පසු ඕනෑම දිනයක ජනාධිපතිවරණය කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලය ලබයි.[2]
  • 31 ජනවාරි- පක්ෂයෙහි අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයෙහිදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි අපේක්ෂකයා ලෙසින් ජනාධිපති සිරිසේන ඒකමතිකව අනුමැතිය ලබයි. [4][5]
  • 6 මාර්තු- තම එජ පුරවැසිභාවය අත්හිටුවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් එක්සත් ජනපද තානාපති කාර්යාලය හරහා අයැදුම්පතක් ඉදිරිපත් කරයි.[6]
  • 26 මාර්තු- ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපදය වෙත පෞද්ගලික සංචාරයක යෙදෙන අතර, එහිදී ඔහුගේ පුරවැසිභාවය අහෝසි කරන ලෙස ඉල්ලීම කඩිනම් කිරීමට ඔහු අපේක්ෂා කරයි.[6][7]
  • 7 අප්‍රේල්- මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම වධහිංසාවෙන් නොමැරී බේරුනු දෙමළ ජාතික රෝයි සාමදානම් වෙනුවෙන් ඔහුට විරුද්ධව ඇඑජ කැලිෆෝර්නියාවෙහි ගොනු කෙරුණු සිවිල් නඩු දෙකක් පිළිබඳ නොතීසි ඔහු එක්සත් ජනපදයෙහි සිටියදී ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලබයි .[8][9]
  • 12 අප්‍රේල්- ගෝඨාභය රාජපක්ෂ, එක්සත් ජනපදයෙහි සිට ශ්‍රී ලංකාවට යළි පැමිණෙයි.[10]
  • 21 අප්‍රේල්- 2019 ශ්‍රී ලංකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය
  • 27 අප්‍රේල්- ජනාධිපතිවරණය සඳහා තරග කරන බවට ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.[11]
  • 11 අගෝස්තු- මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය විසින් එහි ජනාධිපතිවරණ අපේක්ෂකයා වනුයේ ගෝඨාභය රාජපක්ෂ බව නිල වශයෙන් ප්‍රකාශ කරයි.[12]
  • 12 අගෝස්තු - පක්ෂය විසින් නිල අපේක්ෂකයෙක් නම් කර නොමැති වුවද, එක්සත් ජාතික පක්ෂයෙහි සාමාජිකයන් කිහිප දෙනෙක් විසින් බදුල්ලෙහි රැළියක් සංවිධානය කරන ලද්දේ එජාප අපේක්ෂකයා ලෙසින් සජිත් ප්‍රේමදාස ප්‍රවර්ධනය කරනු පිණිසය. සජිත් ප්‍රේමදාස පැහැදිලි ලෙසින් දක්වා සිටියේ ජනාධිපති ධූරය සඳහා ඔහු තරග වදින බවය.[13] බදුල්ලෙහි සියළු එජාපෙ මන්ත්‍රීවරු එයට සහභාගි වූ අතර, හරිෂ , ඉරාන් , අජිත්, සුජීව, රංජිත්, රංජිත් අලුවිහාරේ, වසන්ත අලුවිහාරේ, චන්ද්‍රානි, බුද්ධික, හේෂා, අශෝක්, සහ තවත් මන්ත්‍රීහූ එයට සහභාගී වූහ.
  • 18 අගෝස්තු - ගාළු මුවදොර පිටියෙහි පැවැති රැළියකදී ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියේ අළුතින් තැනුනු දේශපාලන සන්ධානයක් වන "ජාතික ජන බලවේගය" පක්ෂයෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බවයි.[14]
  • 23 අගෝස්තු- එජාප අපේක්ෂකයා ලෙසින් සජිත් වෙත සහයෝගය පල කිරීම‌ට, මහා රැළියක් මංගල සමරවීර විසින් මාතරදී සංවිධානය කරන ලදි.
  • 5 සැප්තැම්බර්- අකිල හැර අනෙකුත් සියළු කුරුණෑගල එජාප මන්ත්‍රීවරු විසින් එජාප අපේක්ෂකයා ලෙසින් සජිත් වෙත සහාය පල කිරීමට මහා රැළියක් කුරුණෑගල පැවැත්විණි.
  • 5 සැප්තැම්බර්- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා සිටියේ ඉදිරියෙහිදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තම පක්ෂය විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි [15]
  • 6 සැප්තැම්බර්- අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයෙහි නායක, රනිල් වික්‍රමසිංහ විසින්, තම පක්ෂයෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වීමට අපේක්ෂාව ප්‍රකාශ කර සිටි බවට වාර්තා විය.[16]
  • 15 සැප්තැම්බර්- ඕනෑම වේලාවක ජනාධිපතිවරණය කැඳවීමට ජාතික මැතිවරණ කොමිසම බලය ලබයි [17]
  • 18 සැප්තැම්බර්-ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමෙහි උපදෙස් පරිදී ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුව විසින් අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2141/25 මුද්‍රණය කරමින් නියම කර සිටියේ 2019 ඔක්තොම්බර් 7 දින නාමයෝජනා බාර ගන්නා දිනය බවත්, නොවැම්බර් 16 දින මැතිවරණ දිනය බවත්ය.
  • 24 සැප්තැම්බර් 2019 - එක්සත් ජාතික පෙරමුණෙහි ජනාධිපතිවරණ අපේක්ෂක ලෙසින් එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟ වුවද එය පක්ෂයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත විය යුතුව තිබුණි.[18]
  • 26 සැප්තැම්බර් 2019 - පක්ෂයෙහි නීතිය අනුව එහි අපේක්ෂකයා තෝරා ගැනීමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොතෙහි රැස්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය විසින් නියමිත කර තිබුණි.[19]
  • 26 සැප්තැම්බර් 2019 - එක්සත් ජාතික පක්ෂයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසින් ඒකමතිකව තීරණය කරන ලදි.
  • 29 සැප්තැම්බර් 2019 - ශ්‍රී ලංකාවෙහි හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කර සිටියේ, දිවයින පුරා සිවිල් සංවිධාන එකමුතුවක් වන දේශපාලන නොවන ජාතික ජනතා පක්ෂය, යටතේ ජනාධිපති ධූරය සඳහා තරග කරන බවයි.[20]
  • 30 සැප්තැම්බර් -අභියාචනා අධිකරණය විසින් තීරණය කලේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙහි පුරවැසියෙක් ලෙස පිළිගැනීම‌ අභියෝග කරමින් ගොනු කර තිබූ පෙත්සම ඔක්තොම්බර් 2 දින විභාගයට ගන්නා බවටයි.[21]
  • 1 ඔක්තොම්බර්- වෛද්‍ය කටයුත්තක් සම්බන්ධයෙන් ඔක්තොම්බර් 9 සිට 12 දක්වා සිංගප්පූරුව බලා යාමට ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙහි අවසරය පතයි.[22]
  • 2 ඔක්තොම්බර්- හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙහි පුරවැසියෙක් ලෙස පිළිගැනීම‌ අභියෝග කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාග කිරීම අභියාචනා අධිකරණයෙහි විනිසුරු-තිදෙනෙක් විසින් සමන්විත මඩුල්ලක් විසින් අරඹයි.[23]
  • 3 ඔක්තොම්බර්- එක්සත් ජාතික පක්ෂය එහි ජාතික සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයෙහිදී පැවැත්වූයේ සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා ලෙසින් නිල වශයෙන් මහජනයාට දැනුවත් කිරීම සඳහාය.[24]
  • 4 ඔක්තොම්බර්- ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව නගා තිබූ චෝදනා නිෂ්ප්‍රභා කල අධිකරණය, ඉදිරියෙහිදී පැවැත්වෙන මැතිවරණයට තරග කිරීමට ඉඩ සලසන ලදි.[25][26]
  • 5 ඔක්තොම්බර්– ශ්‍රී ලංකා ඉතිහාසයෙහි පළමුවරට ජනාධිපති අපේක්ෂකයන් අතර වාද විවාදයක් පැවැත්වුණි.[27] මෙම ඉසව්ව සඳහා, ගෝඨාභය රාජපක්ෂ හැර අනෙකුත් සියළුම ප්‍රධාන අපේක්ෂකයෝ සහභාගී වූහ.[28]
  • 7 ඔක්තොම්බර් - මීළඟ ජනාධිපති සඳහා නාමයෝජනා භාර ගැනීම 9.00 පෙ.ව. සිට 11.00 පෙ.ව දක්වා පැවැත්වෙන අතර අපේක්ෂකයෝ 33 දෙනෙක් නාමයෝජනා භාර දීමට නියමිතය.[29]
  • 9 ඔක්තොම්බර් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ශ්‍රීලපොපෙ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහය ලබා දීමට ප්‍රතිඥා දෙයි.[30]
  • 15 ඔක්තොම්බර් - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් සජිත් ප්‍රේමදාස වෙත සහාය ලබා දීමට ප්‍රතිඥා දෙයි[31]
  • 15 ඔක්තොම්බර් - දෙමළ ප්‍රගතශීලි පෙරමුණ විසින් සජිත් ප්‍රේමදාස වෙත සහාය ලබා දීමට ප්‍රතිඥා දෙයි.[32]
  • 18 ඔක්තොම්බර් - ලංකා කම්කරු කොංග්‍රසය විසින් ශ්‍රීලංපොපෙ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහාය දැක්වීමට ප්‍රතිඥා දෙයි.[33]
  • 18 ඔක්තොම්බර් - ජාතික හෙළ උරුමය විසින් ජාතික සම්මේලනය පැවැත්වූයේ සජිත් ප්‍රේමදාස වෙත සහාය දැක්වීම ප්‍රකාශ කිරීම සඳහය.[34]
  • 4 නොවැම්බර් - දෙමළ ජාතික සන්ධානය විසින් සජිත් ප්‍රේමදාස වෙත සහාය දැක්වීමට ප්‍රතිඥා දෙයි[35]
  • 5 නොවැම්බර් - ශ්‍රීලංනිප හිටපු ජනාධිපති සහ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය, චන්ද්‍රිකා කුමාරතුංග විසින් සජිත් ප්‍රේමදාස වෙත සහාය ලබා දීමට ප්‍රතිඥා දෙයි.[36] [37]
  • 16 නොවැම්බර් - මීළඟ ජනාධිපති සඳහා මැතිවරණය 7.00 පෙ.ව. සිට 5.00 ප.ව. දක්වා පැවැත් විණි . [29][38]
  • 17 නොවැම්බර් 2019 - නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ දහ හතරකට වැඩි සංඛ්‍යාවක් ලබා ගෙන තේරී පත් විය.
  • 18 නොවැම්බර් 2019- නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස දිවුරුම් දුන්නේය. ගෝඨාභය රාජපක්ෂ

මැතිවරණයට පෙර

[සංස්කරණය]

2019 ජනාධිපතිවරණය නිමවීමෙන් පසුව, මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත බව පුරෝකථනය කෙරෙයි.[39]

ශ්‍රී ලාංකික මෑත මැතිවරණ ප්‍රතිඵල
මැතිවරණ දින එක්සත් ජාතික පක්ෂය
(යුඑන්එෆ්ජීජී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
(යූපීඔෆ්ඒ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ස්වාධීන
ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද %
2015 ජනාධිපතිවරණය 6,217,162 51.28% [i] 5,768,090 47.58%
2015 පාර්ලිමේන්තු මැතිවරණය 5,098,916 45.66% [ii] 4,732,664 42.38% 515,963 4.62% 543,944 4.87% 44,193 0.40% 42,828 0.38%
2018 පළාත් පාලන මැතිවරණය 3,640,620 29.42% 1,497,234 12.10% 5,006,837 40.47% 337,877 2.73% 710,932 5.75% 92,897[iii] 0.75% 374,132 3.02%
මෙම මැතිවරණයට පෙර ශ්‍රී ලාංකික දේශපාලන සිතියම
ජනාධිපතිවරණය, 2015 පාර්ලිමේන්තු මැතිවරණය, 2015
වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයට හෝ නගර සභාවට පත්වූ සාමාජිකයෝ:
  එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය සපයන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

ප්‍රතිඵල

[සංස්කරණය]
අපේක්ෂකයාපක්ෂයඡන්ද%
ගෝඨාභය රාජපක්ෂශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6,924,25552.25
සජිත් ප්‍රේමදාසනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ5,564,23941.99
අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය418,5533.16
Mahesh SenanayakeNational People's Party49,6550.37
M. L. A. M. HizbullahIndependent38,8140.29
Ariyawansa DissanayakeDemocratic United National Front34,5370.26
Ajantha PereraSocialist Party of Sri Lanka27,5720.21
Rohan PallewatteNational Development Front25,1730.19
Siripala AmarasingheIndependent15,2850.12
Milroy FernandoIndependent13,6410.10
M. K. ShivajilingamIndependent12,2560.09
Battaramulle SeelarathanaJana Setha Peramuna11,8790.09
Ajantha de ZoysaRuhunu Janatha Peramuna11,7050.09
Anuruddha PolgampolaIndependent10,2190.08
Namal RajapaksaNational Unity Alliance9,4970.07
Jayantha KetagodaIndependent9,4670.07
Duminda NagamuwaFrontline Socialist Party8,2190.06
Aparekke PunnanandaIndependent7,6110.06
Subramanium GunaratnamOur National Front7,3330.06
A. S. P. LiyanageSri Lanka Labour Party6,4470.05
Piyasiri WijenayakeIndependent4,6360.03
Aruna de ZoysaDemocratic National Movement4,2180.03
Rajiva WijesinhaIndependent4,1460.03
Illiyas Idroos MohamedIndependent3,9870.03
Siritunga JayasuriyaUnited Socialist Party3,9440.03
Sarath KeerthirathnaIndependent3,5990.03
Sarath ManamendraNew Sinhala Heritage3,3800.03
Pani WijesiriwardeneSocialist Equality Party3,0140.02
Ashoka WadigamangawaIndependent2,9240.02
A. H. M. AlaviIndependent2,9030.02
Saman PereraOur Power of People Party2,3680.02
Priyantha EdirisingheOkkoma Wesiyo Okkoma Rajawaru Sanwidhanaya2,1390.02
Samaraweera WeerawanniIndependent2,0670.02
Bedde Gamage NandimithraNava Sama Samaja Party1,8410.01
Samansiri HerathIndependent9760.01
Total13,252,499100.00
වලංගු ඡන්ද13,252,49998.99
වලංගු නොවන/හිස් ඡන්ද135,4521.01
මුළු ඡන්ද13,387,951100.00
ලියාපදිංචි ඡන්ද දායකයින්/ප්‍රතිශතය15,992,09683.72
මූලාශ්‍ර: Election Commission

දිස්ත්‍රික්කය අනුව

[සංස්කරණය]
Districts won by Rajapaksa
Districts won by Premadasa
Summary of the 2019 Sri Lankan presidential election by electoral district[40]
Electoral
District
ProvinceRajapaksaPremadasaOthersTotal
Valid
Rejected
Votes
Total
Polled
Registered
Electors
Turnout
Votes%Votes%Votes%
දිගාමඩුල්ල Eastern135,05832.82%259,67363.09%16,8394.09%411,5703,158414,728503,79082.32%
අනුරාධපුර North Central342,22358.97%202,34834.87%35,7756.16%580,3464,916585,262682,45085.76%
BadullaUva276,21149.29%251,70644.92%32,4285.79%560,3456,978567,323657,76686.25%
BatticaloaEastern38,46012.68%238,64978.70%26,1128.61%303,2214,258307,479398,30177.20%
ColomboWestern727,71353.19%559,92140.92%80,5435.89%1,368,17715,3331,383,5101,670,40382.82%
GalleSouthern466,14864.26%217,40129.97%41,8095.76%725,3585,878731,236858,74985.15%
GampahaWestern855,87059.28%494,67134.26%93,2596.46%1,443,80015,7511,459,5511,751,89283.31%
HambantotaSouthern278,80466.17%108,90625.85%33,6647.99%421,3743,179424,553485,78687.40%
JaffnaNorthern23,2616.24%312,72283.86%36,9309.90%372,91311,251384,164564,71468.03%
KalutaraWestern482,92059.49%284,21335.01%44,6305.50%811,7636,847818,610955,07985.71%
KandyCentral471,50250.43%417,35544.64%46,0184.92%934,8759,020943,8951,111,86084.89%
KegalleSabaragamuwa320,48455.66%228,03239.60%27,3154.74%575,8315,152580,983676,44085.89%
KurunegalaNorth Western652,27857.90%416,96137.01%57,3715.09%1,126,6108,5221,135,1321,331,70585.24%
MataleCentral187,82155.37%134,29139.59%17,1095.04%339,2213,252342,473401,49685.30%
MataraSouthern374,48167.25%149,02626.76%33,3615.99%556,8683,782560,650652,41785.93%
MonaragalaUva208,81465.34%92,53928.95%18,2515.71%319,6043,000322,604366,52488.02%
Nuwara EliyaCentral175,82336.87%277,91358.28%23,1284.85%476,8647,155484,019569,02885.06%
PolonnaruwaNorth Central147,34053.01%112,47340.47%18,1116.52%277,9242,563280,487326,44385.92%
PuttalamNorth Western230,76050.83%199,35643.91%23,8605.26%453,9764,478458,454599,04276.53%
RatnapuraSabaragamuwa448,04459.93%264,50335.38%35,1244.70%747,6715,853753,524864,97887.11%
TrincomaleeEastern54,13523.39%166,84172.10%10,4344.51%231,4101,832233,242281,11482.97%
VanniNorthern26,10512.27%174,73982.12%11,9345.61%212,7783,294216,072282,11976.59%
Total6,924,25552.25%5,564,23941.99%764,0055.76%13,252,499135,45213,387,95115,992,09683.72%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ප්‍රසිඩන්ෂල් පෝල් බිට්වීන් නොවෙම්බර් 9 ඇන්ඩ් ඩිසෙම්බර් 9: ඊසී". www.dailymirror.lk (English බසින්). ඩේලි මිරර්. සම්ප්‍රවේශය 13 අගෝස්තු 2019.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. 1 2 "පොසිබිලිටි ඔෆ් අ ස්නැප් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් එනිටයිම් ආෆ්ටර් 9 ජැනුවරි 2019 ::. ලේටස්ට් ශ්‍රී ලංකා නිවුස්". ONLANKA News :. Latest Sri Lanka Breaking News Updates | Sri Lanka News. 28 මැයි2018. සම්ප්‍රවේශය 8 ජනවාරි 2019. {{cite web}}: Check date values in: |date= (help)
  3. "නොවෙම්බර් ලංකා පෝල්ස් ටු ටෙස්ට් ඉන්ඩියාස් ප්‍රසන්ස් ඉන් සදර්න් ඉන්ඩියන් ඕෂන් රීජන්". දිපාන්ජන් රෝයි චවුඩ්රි. දි ඉකනමික් ටයිම්ස්. 21 ඔක්තොම්බර් 2019. සම්ප්‍රවේශය 25 ඔක්තොම්බර් 2019.
  4. "ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාටි රීජනල් කොන්වෙන්ෂන් බැක්ස් සිරිසේන ෆො ප්‍රසිඩන්ෂල් පෝල්". www.economynext.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
  5. "ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාටි රීජනල් කොන්වෙන්ෂන් බැක්ස් සිරිසේන ෆො ප්‍රසිඩන්ෂල් පෝල්". www.economynext.com (ඉංග්‍රීසි බසින්).
  6. 1 2 "ගෝටා වින්ස් ප්‍රසිඩන්ෂල් නොමිනේෂන් ෆ්‍රොම් එස්එල්පීපී ඇන්ඩ් ඉට්ස් ඇලයිස්". ද සන්ඩේ ටයිම්ස් ශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
  7. "ශ්‍රී ලංකා : ගෝඨාභය රාජපක්ෂ රිටර්න්ස් ටු අයිලන්ඩ් ෆ්‍රොම් යූඑස්". www.colombopage.com. සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
  8. "අ ඩෙකඩ් ආෆ්ට හිස් කිලිං, ලසන්තර්ස් ඩෝටර් සීක්ස් ජස්ටිස් ඉන් ද යූඑස්". www.ft.lk (English බසින්). සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  9. "ටූ ලෝසූට්ස් අගේන්ස්ට් ගෝටා ඉන් යූඑස්". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  10. "ගෝඨා රිටර්න්ස්". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  11. මිග්ලානි, සන්ජීව්; අනීස්, ෂිහාර් (26 අප්‍රේල් 2019). "එක්ස්ක්ලූසිව්: ශ්‍රී ලංකන් එක්ස්-ඩිෆෙන්ස් චීෆ් ගෝඨාභය සේස් හී විල් රන්..." රොයිටර්ස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
  12. "ගෝඨාභය රාජපක්ෂ ලෝංචස් ශ්‍රී ලංකා ප්‍රසිඩන්ෂල් බිඩ්". www.aljazeera.com. අල්ජසීරා. සම්ප්‍රවේශය 13 අගෝස්තු 2019.
  13. "සජිත් ප්‍රේමදාස ටේක්ස් ක්ලේම් ෆො ශ්‍රී ලංකා යූඑන්පී ප්‍රසිඩන්සි". www.economynext.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-08-15.
  14. https://www.newsfirst.lk/2019/08/18/anura-kumara-named-presidential-candidate-of-national-peoples-power/
  15. "එස්එල්එෆ්පී ටු ෆීල්ඩ් ප්‍රසිඩන්ෂල් කැන්ඩිඩේට් - ශ්‍රී ලංකා ලේටස්ට් නිවුස්". Sri Lanka News - Newsfirst (ඉංග්‍රීසි බසින්). 2019-09-05. සම්ප්‍රවේශය 2019-09-06.
  16. "අයි විල් කන්ටෙස්ට් ෆො ප්‍රසිඩන්සි: රනිල්". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 2019-09-06.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  17. "එන්ඊසී හෑස් ඔතෝරිටි ටු කෝල් ෆො ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් ෆ්‍රොම් ටුමොරෝ -එන්ඊසී චෙයාමන් මහින්ද දේශප්‍රිය - ශ්‍රී ලංකා ලේටස්ට් නිවුස්". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට් (ඉංග්‍රීසි බසින්). 2019-09-09. සම්ප්‍රවේශය 2019-09-19.
  18. http://www.adaderana.lk/news/57949/ranil-agrees-to-give-sajith-candidacy
  19. http://www.dailymirror.lk/top_story/Sirikotha-ready-to-make-announcement-on-Thursday/155-174990
  20. https://www.thehindu.com/news/international/lankas-ex-army-chief-mahesh-senanayake-to-run-for-president/article29550230.ece
  21. http://www.adaderana.lk/news/58065/petition-against-gotabayas-lankan-citizenship-to-be-taken-up-in-oct
  22. https://www.newsfirst.lk/2019/10/01/gotabaya-rajapaksa-seeks-permission-to-travel-to-singapore/
  23. http://www.adaderana.lk/news/58106/appeals-court-begins-hearing-petition-against-gotabayas-citizenship
  24. https://www.newsfirst.lk/2019/09/26/unp-convention-on-the-3rd-of-october-akila-viraj-kariyawasam/
  25. "කෝට් රිජෙක්ස්ට්ස් චැලෙන්ජ් ටු ගෝඨාභය රාජපක්ෂස් සිටිසන්ෂිප්". අල් ජසීරා. සම්ප්‍රවේශය 6 ඔක්තොම්බර් 2019.
  26. "ගෝඨාභයස් සිටිසන්ෂිප් පෙටිෂන් ඩිසිමිස්ඩ්". නිවුස්ෆර්ස්ට්. සම්ප්‍රවේශය 6 ඔක්තොම්බර් 2019.
  27. "ශ්‍රී ලංකා හෝල්ඩ්ස් ෆර්ස්ට් ඒවර් ප්‍රසිඩන්ෂල් ඩිබේට් අමං කැන්ඩිඩේට්ස්". කලම්බු පේජ්. සම්ප්‍රවේශය 6 ඔක්තොම්බර් 2019.
  28. "ගෝඨාභය ෆේල්ස් ටු අටෙන්ඩ් මල්ටි පාටි ඩිබේට්". කලම්බු පේජ්. සම්ප්‍රවේශය 6 ඔක්තොම්බර් 2019.
  29. 1 2 "ප්‍රසිඩන්ෂල් පෝල් ඔන් නොවෙම්බර් 16". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 2019-09-19.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  30. "එස්එල්එෆ්පී ටු සපෝට් රාජපක්ෂ". newsfirst.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 19 ඔක්තොම්බර් 2019.
  31. https://www.onlanka.com/news/slmc-support-for-sajith-hakeem.html
  32. http://www.dailynews.lk/2019/10/15/political/199865/‘majority-estate-population-supports-sajith’
  33. "තොන්ඩමන්ස් සීඩබ්සී ‌ටු සයින් එම්ඕයූ විත් එස්එල්පීපී ටුමොරෝ". sundaytimes.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 19 ඔක්තොම්බර් 2019.
  34. http://www.dailymirror.lk/print/news/JHU-hold-convention-in-support-of-Sajith/239-176379
  35. https://colombogazette.com/2019/11/04/tna-extends-support-to-sajith/
  36. https://www.republicnext.com/prespoll2020/chandrika-joins-alliance-backing-sajith/[permanent dead link]
  37. සංරක්ෂිත පිටපත, https://www.lankanewsweb.net/67-general-news/51110-CBK---Welgama-Convention-2019-organized-by-%E2%80%98Api-Sri-Lanka%E2%80%99, ප්‍රතිෂ්ඨාපනය 2019-11-11
  38. "ශ්‍රී ලංකා ටු හෝල්ඩ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් ඔන් නොවෙම්බර් 16". www.aljazeera.com. සම්ප්‍රවේශය 2019-09-19.
  39. සංරක්ෂිත පිටපත, http://www.feelsl.com/travel-during-the-elections-of-sri-lanka/, ප්‍රතිෂ්ඨාපනය 2019-11-03
  40. "Presidential Election - 2019: Final Result - All Island". news.lk. Colombo, Sri Lanka: Department of Government Information. 17 November 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 November 2019.

සටහන්

[සංස්කරණය]
  1. එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය දරණ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි අපේක්ෂකයා
  2. යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ
  3. පළාත් පාලන කොට්ඨාශ 46 සඳහා ශ්‍රීලංමුකො වෙනම තරග කල අතර අනෙක් කොට්ඨාශ සඳහා එජපෙ සමගින් තරග කළේය.