ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Coat of arms of Sri Lanka, showing a lion holding a sword in its right forepaw surrounded by a ring made from blue lotus petals which is placed on top of a grain vase sprouting rice grains to encircle it. A Dharmacakra is on the top while a sun and moon are at the bottom on each side of the vase.
පහත දැක්වෙන් කාණ්ඩවලට අයත් වේ:
ශ්‍රී ලංකාවේ
දේශපාලනය හා රජය


ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වෙයි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් දහතුන්දෙනෙක් තනතුරු දරා ඇත.

තනතුරේ ආරම්භය[සංස්කරණය]

වෙස්මිනිස්ට ක්‍රමයේ පාලන ව්‍යුහයක් ඇතිකිරීමේ අරමුනින් යටත්විජිත පාලකයන් විසින් ලංකා ඩොමීනියන් රාජ්‍යය පිහිටුවීමට පෙර, 1947 දී මෙම තනතුර සංස්ථාපිත කරන ලදී. අනතුරුව, 1978 වන තුරු ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ ලංකාවේ අග්‍රාමාත්‍යවරයාය. රජයේ ප්‍රධානියා රජ (1947 -1972) හෝ ජනාධිපති (1927න් පසු) විය.


1972 දී, ශ්‍රී ලංකා නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජය ලෙසින් රටෙහි නම වෙනස් කරන ලද අතර, එතැන් සිට මෙම තනතුර, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙසින් හැඳින්විණි. 1977 දී, ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටුවමින් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජය විසින් වෙනස් අමාත්‍යාංශ දෙකක් ඇතිකරන තුරු, අග්‍රාමාත්‍යවරයා විසින් එකාබද්ධිත විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යාංශය භාරව කටයුතු සිදුකරන ලදි.

1978න් පසු[සංස්කරණය]

1978 දී, එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ජේ.ආර්. ජයවර්ධන විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කෙරිණි. විධායක ජනාධිපති තනතුර ඇති කිරීම හා සමගින් , අග්‍රාමාත්‍යවරයාගේ බලතල සීමා කෙරිණි. රාජ්‍ය නායක සහ ආණ්ඩුවේ ප්‍රධානියා යන තනතුරු දෙකටම ජනාධිපතිවරයා පත්වෙමින්,[1] අග්‍රාමාත්‍ය තනතුර ව්‍යවස්ථාදායක ප්‍රධානියා ලෙස බලතල වලට සීමා කෙරිනි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, අග්‍රාමාත්‍යවරයා, ස්ථාදායක ප්‍රධානියා, කැබිනට් මණ්ඩලයෙහි ප්‍රධානියා ජනාධිපතිවා වෙයි.

නිලය දරමින් සිටියදී ජනාධිපතිවරයා මිය ගිය හොත්, අනුප්‍රාප්තිකයෙකු තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තුව රැස් වන තුරු හෝ නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනුමට නව ජනාධිපතිවරණයක් පවත්වන තුරු හෝ වැඩබලන ජනාධිපතිවරයා ලෙසින් අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කරයි. 1993 දී මෙය සිදුවූ අතර, ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය කිරීමෙන් පසුව, අග්‍රාමාත්‍යය ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති තනතුරෙහි වැඩ භාර ගති. [2]

1947 දී තනතුර පිහිටුවීමෙන් අනතුරුව නිලය දැරූ අග්‍රාමාත්‍යවරුන් දහ හතර දෙනා අතුරින්, දෙදෙනෙකු නිලය තුන් වරක් දරා ඇති අතර, දෙදෙනෙකු නිලය දෙවරක් දරා ඇත. අග්‍රාමාත්‍යවරුන් පස් දෙනෙක් රටෙහි ජනාධිපති ධූරයට පත්ව ඇත. 2015 ජනවාරි 9 දින සිට, ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.

තනතුර දැරූවෝ[සංස්කරණය]

බ්‍රිතාන්‍ය ලංකාවේ අග්‍රාමාත්‍ය (1947–1948)[සංස්කරණය]

ලංකාවේ අග්‍රාමාත්‍යවරු (1948–1972)[සංස්කරණය]

පක්ෂ

      එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සංධාන       ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සංධාන

# නම ආලේඛ්‍යය නිලය දැරීම ඇරඹුම නිලයෙන් ඉවත්වීම පාර්ලිමේන්තුව දේශපාලන පක්ෂය සංගණ්‍ය සිද්ධි සහ මස්තකප්‍රාප්ති
1 දොන් ස්ටීවන් සේනානායක
(1884–1952)
Official Photographic Portrait of Don Stephen Senanayaka (1884-1952).jpg 1948 පෙබරවාරි 04 22 මාර්තු 1952 පළමු පාර්ලිමේන්තුව1 එක්සත් ජාතික පක්ෂය ඩී. එස්. සේනානායක යනු ස්වෛරීය ලංකාවේද ප්‍රථම අග්‍රාමාත්‍යවරයාය.
2 ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක
(1911–1973)
(පළමු වාරය)
Dudley Shelton Senanayaka (1911-1973).jpg 26 මාර්තු 1952 12 ඔක්තොම්බර්1953 පළමු පාර්ලිමේන්තුව,
දෙවන පාර්ලිමේන්තුව
එක්සත් ජාතික පක්ෂය ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ ඔහුගේ පියා වන ඩී. එස්. සේනානායකගේ මරණයට පසුවය. 1952 ජූනි මසදී පැවැත්වුනු මහ මැතිවරණයේදී ඔහුගේ පක්ෂය ජයගත් අතර, යළි-පත්කිරීමක් නොමැතිවම ඔහු නිලයේ කටයුතු අඛණ්ඩව සිදු කරගෙන ගියේය. ඩඩ්ලි සේනානායක 1953 දී ඉල්ලා අස්විය.[3]
3 ජනරාල් ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල
(1897–1980)
No image.png 12 ඔක්තොම්බර 1953 12 අප්‍රේල් 1956 දෙවන පාර්ලිමේන්තුව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වූයේ කොකලාවල මහතාගේ නායකත්වය යටතේය.[4]
4 සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක
(1899–1959)
Official Photographic Portrait of S.W.R.D.Bandaranayaka (1899-1959).jpg 12 අප්‍රේල් 1956 26 සැප්තැම්බර් 1959 තෙවන පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටෙහි නිල භාෂාව ඉංග්‍රීසි සිට සිංහල භාෂාව බවට බණ්ඩාරනායක මහතා විසින් වෙනස් කෙරිණි. ඔහුගේ නිල කාලය නිමවීමට පෙර ඔහු ඝාතනය කෙරිණි.[5]
5 විජයානන්ද දහනායක
(1902–1997)
Dahanayake.gif 26 සැප්තැම්බර් 1959 20 මාර්තු 1960 තෙවන පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහතාගේ ඝාතනයට අනතුරුව දහනායක මහතා පත් කෙරිණි. කෙසේවෙතත්, ඔහුගේ රජයේ හා පක්ෂයේ මන්ත්‍රීවරුන් හා සමග ඇති කර ගත් අසම්මතීන් නිසා පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ඔහුට බල කෙරිණි.[6]
(2) ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක
(1911–1973)
(2nd term)
Dudley Shelton Senanayaka (1911-1973).jpg 21 මාර්තු 1960 21 ජූලි 1960 සතරවන පාර්ලිමේන්තුව එක්සත් ජාතික පක්ෂය සේනානායක මහතාගේ රජය මසක් ඇතුලත පරාජයට පත් විය. 1960 ජූලි 21 දක්වා සේනානායක මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සේවය කලේය.
6 සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක
(1916–2000)
(1st term)
Sirimavo Ratwatte Dias Bandaranayaka (1916-2000) (Hon.Sirimavo Bandaranaike with Hon.Lalith Athulathmudali Crop).jpg 21 ජූලි 1960 25 මාර්තු 1965 පස්වන පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූවාය.[7] නිලයට පත් වෙද්දී ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක නොවූ අතර, 1960 අගෝස්තු 2 දිනදී සෙනෙට් සභාවේ සාමාජිකාවක් ලෙසින් පත් කෙරිණි.
(2) ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක
(1911–1973)
(3rd term)
Dudley Shelton Senanayaka (1911-1973).jpg 25 මාර්තු 1965 29 මැයි 1970 හයවන පාර්ලිමේන්තුව එක්සත් ජාතික පක්ෂය කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලබා නොදුන් මැතිවරණයකට පසුව, ඔහුගේ පක්ෂය තවත් පක්ෂ හයක සහාය ඇතිව රජයක් පිහිටුවීම නිසා, සේනානායක මහතා තුන්වන වතාවට අග්‍රාමාත්‍යවරයා ලෙසින් තේරී පත්විය. ඔහුගේ නිල කාලය අතරතුර කෘෂිකර්ම අංශයට උසස් ප්‍රමුඛත්වයක් ලබා දෙන ලදි.[8]
(6) සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක
(1916–2000)
(2nd term)
Sirimavo Ratwatte Dias Bandaranayaka (1916-2000) (Hon.Sirimavo Bandaranaike with Hon.Lalith Athulathmudali Crop).jpg 29 මැයි 1970 22 මැයි 1972 සත්වන පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිමාවෝ බණ්ඩාරනායක විසින් රට ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, එහි නම ලංකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා වෙනස් කෙරිණි.[7]

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු (1972–වර්තමානය)[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. The Parliament was known as the "House of Representatives" during the period of 1947–1972
  2. In 1972, the country was named "Free, Sovereign and Independent Republic of Sri Lanka", and the Parliament was named as the National State Assembly.
  3. Under the constitutional changes of 1978, the country was renamed as the "Democratic Socialist Republic of Sri Lanka", and the Parliament was referred to as "Parliament of the Democratic Socialist Republic of Sri Lanka".

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

විශේෂිත
  1. වී. ජයන්ත් (2003-11-15). "ශ්‍රී ලංකාස් එක්සකටිව් ප්‍රසිඩන්සි ". ද හින්දු. සම්ප්‍රවේශය 2008-10-05.
  2. එම්.බී. දිසානායක (2008-09-22). "ඩිංගිරි බණ්ඩා විජේතුංග - ද ජර්නි ටු ග්‍රේට්නස් ". ඩේලි නිවුස්. සම්ප්‍රවේශය 2008-10-04.
  3. බුද්ධික කුරුකුලරත්න (2007-06-19). "ඩඩ්ලි– ද රිලක්ටන්ට් ප්‍රින්ස්". ඩේලි මිරර්. සම්ප්‍රවේශය 2008-10-04.
  4. කේ. ටී. රාජසිංහම් (2001-11-17). "ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි". ඒෂියා ටයිම්ස් එන්ලයින්. සම්ප්‍රෙව්ශය 2008-10-06.
  5. "බණ්ඩාරනායික, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස්". history.com. සම්ප්‍රවේශනය 2008-10-04.
  6. "ෂෝට් ටර්ම්". ටයිම්. 1959-12-14. Retrieved 2008-10-11.
  7. 7.0 7.1 "සිරිමාවෝ බණ්ඩාරනායක: ෆර්ස්ට් වුමන් ප්‍රිමියර් ". බීබීසී නිවුස්. 2000-10-10. සම්ප්‍රවේශනය 2008-10-04.
  8. නෙවිල් ද සිල්වා. "අ ප්‍රයිම් මිනිස්ටර් හූ නිව් හිස් අනියන්ස් ". යුකේ ලංකා ටයිම්ස්. සම්ප්‍රවේශය 2008-10-06.