බිල් ක්ලින්ටන්
බිල් ක්ලින්ටන් | |
---|---|
![]() ක්ලින්ටන්ගේ නිල ධවල මන්දීර ආලේඛ්‍ය චිත්‍රය (1993) | |
42වන ජනාධිපති - එක්සත් ජනපදය | |
In office ජනවාරි 20, 1993 – ජනවාරි 20, 2001 | |
Vice President | ඇල් ගෝර් |
Preceded by | ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් |
Succeeded by | ජෝර්ජ් ඩබ්. බුෂ් |
40වන සහ 42වන ආකැන්සාස් හි ආණ්ඩුකාර | |
In office ජනවාරි 9, 1979 – ජනවාරි 19, 1981 | |
Lieutenant | ජෝ පර්සෙල් |
Preceded by | ජෝ පර්සෙල් (වැඩ බලන) |
Succeeded by | ෆ්‍රෑන්ක් ඩී. වයිට් |
In office ජනවාරි 11, 1983 – දෙසැම්බර් 12, 1992 | |
Lieutenant | වින්ස්ටන් බ්‍රියන්ට් (1983-1991) ජිම් ගයි ටකර් (1991-1992) |
Preceded by | ෆ්‍රෑන්ක් ඩී. වයිට් |
Succeeded by | ජිම් ගයි ටකර් |
50වන ආකැන්සාස් හි නීතිපති | |
In office ජනවාරි 3, 1977 – ජනවාරි 9, 1979 | |
Preceded by | ජිම් ගයි ටකර් |
Succeeded by | ස්ටීව් ක්ලාක් |
Personal details | |
උපත | විලියම් ජෙෆර්සන් බිලයිත්III අගෝස්තු 19, 1946 හෝප්, ආකැන්සාස් |
ජාතිකත්වය | ඇමරිකානු |
දේශපාලන පක්ෂය | ඩිමොක්‍රටික් |
කලත්‍රයා(යන්) | හිලරි රොඩ්හැම් ක්ලින්ටන් |
දරුවන් | චෙල්සි ක්ලින්ටන් (b. 1980) |
උගත් ශාස්ත්‍රාලය | ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයය (B.S.) විශ්වවිද්‍යාල ශාස්ත්‍රාලයය, ඔක්ස්ෆර්ඩ් යේල් නීති ශාස්ත්‍රාලයය (J.D.) |
රැකියාව | නීතිඥ |
අත්සන | ![]() |
වෙබ් අඩවිය | William J. Clinton Presidential Library |
1946 අගෝස්තු මස 19 වන දින උපත ලැබූ බිල් ක්ලින්ටන් ඇමරිකාවේ 42 වන ජනාධිපති ධූරය හෙබවීය. ඒ 1993 සිට 2001 වසර දක්වායි. ඔහු තෙවන ලාබාලතම ජනාධිපතිවරයා වූ අතර තෙඹඩෝර් රූස්වෙල්ට් හා ජෝන් එෆ් කෙනඩිට වඩා වැඩිමහළු විය. සීතල යුද්ධය අවසානයේ දී ජනාධිපතිධූරයට පත් වූ බිල් ක්ලින්ටන් උපත ලබා තිබුණේ ද II වන ලෝක යුද්ධය අවසාන වූ කාලසීමාවේය. එබැවින් ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ උපත ලැබූ මුල්ම ජනාධිපතිවරයා ලෙස නම් දැරීය. හෙතෙම හිටපු රාජ්ය ලේකම් හා 2016 ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති අපේක්ෂක හිලරි රොඩෑම් ක්ලින්ටන්ගේ ස්වාමි පුරුෂයා වේ.
නව ප්‍රජාතනත්‍රවාදියෙක් හා තෙවන දාර්ශනික පාලනයක් ගෙන ගිය පාලකයෙකු ලෙස ක්ලින්ටන්ව විස්තර කළ හැකිය. ඔහුගේ පාලන කාලසීමා දෙකෙහිදී ම මේ බව මැනවින් පිළිඹිබු වේ. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ එකඟතාවය හා ශුභ සිද්ධිය ගොඩනැංවීමේ දී ඔහුගේ ප්‍රතිපත්ති මත ඔහුව මැදහත් දේශපාලන මත දරන්නෙකු ලෙස හඳුන්වන ලදී. සාමය පවතින කාලයේ ඇමරිකානු ඉතිහාසයේ විශාල කාල පරාසයක් පුරාවට ආර්ථිකමය ප්‍රසාරණයක් ඇති කිරීමට ක්ලින්ටන් මුලසුන ගෙන කටයුතු කරන ලදී. ඒ සඳහා සමතුලිත අය වැයක් හා වාර්තාගත ෆෙඩරල් ලාභයක් පවත්වා ගැනීමට ඔහු සමත් විය. ඇමරිකානු එක්සත් ජනපදයේ මන්ත්‍රී මණ්ඩලයේ ගිණුම්කරණ නීති පදනම් කර ගනිමින් ක්ලින්ටන් තම ජනාධිපතිධූරයේ අවසාන භාගයේ වාර්තාගත ලෙස ඩොලර් බිලයන 559 ක ලාභයක් හිමිකර දීමට සමත් විය. ඩිමොක්‍රටික් කොංග්‍රසය සමඟ සෞඛ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමෙහි ලා වූ අසාර්ථක වෑයමේ දී සිවු වසරක කාලයක් පුරාවට ප්‍රථම වරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ පාලනය හිමි කරගන්නා ලදී. ක්ලින්ටන්ගේ දෙවැනි කාලය සමයේ දී හෙතෙම ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලය විසින් බලවත් දෝෂාරෝපණයට ලක් කරන ලදී. ඒ සාධාරණත්වයේ නාමයෙන් බොරුකීම හා බාධා පැමිණවීම් අරමුණු කොට ගෙනය. නමුත් පසුව ඇමරිකානු එක්සත් ජනපදයේ සෙනෙට් සභාව විසින් ඔහුව එකී චෝදනාවලින් නිදහස් කළ අතර ඔහුට තම ජනාධිපතිධූර කාල සීමාව සම්පූර්ණ කිරීමේ හැකියාව ද හිමි විය.
දෙවන ලෝක යුද්ධ කාල සීමාවේ වැඩිම කාල ප්‍රතිශතයක් තම ධූරයේ රැඳී සිට එකී ධූරයෙන් සමුගත්එකම ජනපතිවරයා ඔහු විය. ජනපති ධූරයෙන් සමුගැනීමත් සමඟම ක්ලින්ටන් පොදු ජනයා ඇමතීමටත්, මානුෂීය කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමටත් පෙළඹිණි. අන්තර්ජාතික වශයෙන් බලපෑ ගැටළු මර්ධනය කිරීම හා වළක්වා ගැනීමෙහි ලා ඔහු පුරෝගාමීව කටයුතු කළේය. HIV ඒඩ්ස්, පාරිසරික උෂ්ණත්වය වැනි ගැටළු ඒ අතරින් ප්‍රමුඛස්ථානය ගත් ඒවා විය. මෙහි ලා ඔහු විසින් නිර්මාණය කෙරුණු විලියම් ජේ. ක්ලිටන් අරමුදල ද විශේෂ තැනක් ගනී. 2004 වර්ෂයේ දී ඔහු විසින් තම ජීවිත කථාව පාථකයන් වෙත නිකුත් කරන ලදී.