අයිස්ලන්ත ගුවන් සේවයේ 001 ගුවන් යානය

විකිපීඩියා වෙතින්
අයිස්ලන්ත ගුවන්සේවයේ 001 ගුවන්යානය
අනතුරට ලක් වූ ගුවන්යානයට සමාන DC-8 ගුවන්යානයක්
අනතුර
දිනය1978 නොවැම්බර් 15
සාරාංශයභූමියේ ගැටුණු පාලනය යටතේ තිබූ ගුවන්යානයක්: දෝශ්‍ය සහිත ගුවන්තොටුපොළ උපාංග සහ ගුවන් ගමන් පාලක දෝෂ
ස්ථානයකටුනායක, ශ්‍රී ලංකාව
ගුවන්යානය
ගුවන්යානයේ වර්ගයඩග්ලස් DC-8-63CF
ගුවන්යානයේ නමලෙයිෆූර් එයිරික්සන්
මෙහෙයවන්නාගරුඩා ඉන්දුනීසියා වෙනුවෙන් අයිස්ලන්ත ගුවන්සේවය
ලියාපදිංචියTF-FLA
ගමන් ආරම්භයජෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, ජෙඩා, සවුදි අරාබිය
අතරමඟ නැවතුම්බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කටුනායක, ශ්‍රී ලංකාව
ගමනාන්තයජුවන්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, සුරාබයා, ඉන්දුනීසියාව
මගීන්249
කාර්ය මණ්ඩලය13
බේරුණු පිරිස79
තුවාල ලැබූවන්32

ලොෆ්ට්ලෙයිතීර් HF LL 001 මගී ගුවන්යානය 1978 නොවැම්බර් 15 දින කොළඹ (කටුනායක) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමේ දී අනතුරට ලක් විය. මෙය ඩග්ලස් DC-8 වර්ගයේ ගුවන්යානයක් විය. මෙම අනතුරින් අයිස්ලන්ත ජාතික කාර්ය මණ්ඩලයේ 13දෙනාගෙන් 8දෙනෙක්, අමතර කාර්ය මණ්ඩලයේ 5දෙනෙක්, දකුණු බෝර්නියෝවේ සිට යන මුස්ලිම් වන්දනාකරුවන් වූ මගීන් 262දෙනාගෙන් 170දෙනෙක් (බහුතරය ඉන්දුනීසියානු ජාතික) මිය ගියහ. මේ පිලිබඳ ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද නිල වාර්තාවන් හි හේතු ලෙස දක්වා ඇත්තේ නියමුවන් විසින් ප්‍රවේශ වීමේ ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීම යි. කෙසේ වෙතත් ඇමෙරිකානු හා අයිස්ලන්ත බලධාරීන් මෙහි හේතුව ලෙස දක්වන්නේ ගුවන්තොටුපොළේ තිබෙන දෝෂ සහිත උපාංග සහ ගුවන් ගමන් පාලක දෝෂයන් ය. එය අයිස්ලන්ත ගුවන් ගමන් ඉතිහාසයේ දරුණුතම අනතුර වන අතර ශ්‍රී ලංකා ගුවන් ගමන් ඉතිහාසයේ දෙවනුවට දරුණුම අනතුර යි (මාර්ටින්එයාර් 138 ගුවන්යානයට පසුව).

ගුවන්යානය සවුදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපොළෙන් ගමන් ආරම්භ කල අතර එහි සැලසුම්කර තිබූ ගමනාන්තය ඉන්දුනීසියාවේ සුරබායා ගුවන්තොටුපොළ යි. එය ඉන්ධන පිරවීමට සහ කාර්ය මණ්ඩලය මාරු වීමට කොළඹ (කටුනායක) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නැවැත්වීමට සැලසුම් කර තිබිණ. ඒ වන විට අවට ගිගිරුම් සහිත වැසි සහ සුළං ප්‍රවාහ තිබිණ.

ගුවන්යානය[සංස්කරණය]

අනතුරට ලක් වූ යානය ලොෆ්ට්ලෙයිතීර් අයිස්ලන්ත ගුවන්සේවයේ හජ්ජි සඳහා වූ ගුවන්ගමන්වලට භාවිතා කල DC-8 වර්ගයේ මගී ගුවන්යානයකි. ගුවන්යානයේ ලියාපදිංචි අංකය TF-FLA වූ අතර එහි නම වූයේ "ලෙයිෆූර් එයිරික්සන්" ය.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර හා සබැඳි[සංස්කරණය]