Jump to content

ජනමත විමසුම

විකිපීඩියා වෙතින්

ජනමත විමසුමක් (හෝ ජනමත විචාරණයක් හෝ ජනමත විචාරයක්) යනු යම් යෝජනාවක් සඳහා මැතිවරණ කොට්ඨාසයක සිටින සියලු ම චන්ද දායකයින් හට ඡන්දය ප්‍රකාශ කළ හැකි ඍජු ඡන්දයකි. මෙයක ප්‍රතිඵලයක් ලෙස නව නීතියක් සම්මත කර ගැනීම සිදු විය හැකි ය.

පරණතම භාවිතය

[සංස්කරණය]

ජනමත විමසුමක් එම තේරුමින් ම භාවිතයට ගැනීම පළමුවෙන් ම සිදු කෙරුණේ 16වැනි සියවසේ ග්‍රෞබ්‍යූන්ඩන් (Graubünden) නම් ස්විස් කැන්ටනයේ ය.[1][2]

තාර්කිකත්වය

[සංස්කරණය]

දේශපාලන-දාර්ශනික දෘෂ්ටි කෝණයකින් බැලූ විට, ජනමත විචාරණ යනු ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ උසුරුවකි. නමුත් නූතන ලොවෙහි ජනමත විමසුම් නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදයෙහි ලා ද වටහාගත යුතු ය. එනිසා,  මෙම විමසුම් ඉතා ම වරණීය ලෙස දැනට පත් ව ඇති නිලධරයන් හට නීත්‍යානුකූල අවසරයක් හෝ රිසියක් නැති ඡන්ද පද්ධති වෙනස් කිරීම වැනි ගැටලු වලට විසඳුම් සොයා ගැනීමට භාවිතා කරයි.

රටවල් අනුව ජනමත විමසුම 

[සංස්කරණය]

18වැනි සියවස අවසානයේ සිට ලොව පුරා සිය ගණන් ජාතික ජනමත විචාරණ සංවිධානය කොට තිබුණි;[3] ස්විට්සර්ලන්තය 1848 හි දී නූතන රාජ්‍යයක් වීමෙන් අනතුරු ව ජාතික ඡන්ද 600 කට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇත.[4] ඉතාලිය ජාතික ජනමත විමසුම් 72ක් සමඟ දෙවන ස්ථානයේ සිටියි: ජනප්‍රිය ජනමත විමසුම් 67ක්, ව්‍යවස්ථාමය ජනමත විමසුම් 3ක්, සංස්ථායික ජනමත විමසුම් එකක් හා එක උපදේශාත්මක ජනමත විමසුමක් වශයෙනි.[5]

බහුවරණ ජනමත විමසුම්

[සංස්කරණය]

ව්වේචන

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  • The Federal Authorities of the Swiss Confederation, statistics (German). http://www.bfs.admin.ch/bfs/portal/de/index/themen/17/03/blank/key/stimmbeteiligung.html
  • Turcoane, Ovidiu (2015). "A proposed contextual evaluation of referendum quorum using fuzzy logics" (PDF). Journal of Applied Quantitative Methods. 10 (2): 83–93.
  1. ^ Barber, Benjamin R.. The Death of Communal Liberty: A History of Freedom in a Swiss Mountain Canton. Princeton University Press, 1974, p. 179.
  2. ^ Vincent, J.M.. State and Federal Government in Switzerland, Johns Hopkins University Press, 2009, p. 122
  3. ^ (ප්‍රංශ) Bruno S. Frey et Claudia Frey Marti, Le bonheur. L'approche économique, Presses polytechniques et universitaires romandes, 2013 (ISBN 978-2-88915-010-6).
  4. ^ {{cite web}}: Empty citation (help)
  5. ^ http://elezionistorico.interno.it/index.php?tpel=F

ඉදිරියට කියවන්න

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ජනමත_විමසුම&oldid=422038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි