උතුරු සයිප්‍රසය

විකිපීඩියා වෙතින්
උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය (Turkish Republic of Northern Cyprus)

Kuzey Kıbrıs Türk Cumhuriyeti  (තුර්කි)
උතුරු සයිප්‍රසය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: İstiklal Marşı
නිදහස් පාගමන
උතුරු සයිප්‍රසය හි පිහිටීම
අගනුවරඋතුරු නිකොසියා
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)තුර්කි
ජාති නාම(ය)තුර්කි සිප්‍රියෝට්
රජයඒකීය අර්ධ-ජනාධිපති ජනරජය
මුස්ටාෆා අකින්සි
ඕමෙර් කලිඔන්සු
ව්‍යවස්ථාදායකයජනරජයේ සභාව
සයිප්‍රස් ජනරජය වෙතින් නිදහස
• ප්‍රකාශයට පත්
15 නොවැම්බර් 1983
• පිළිගැනීම
තුර්කිය පමණි
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
3,355 km2 (1,295 sq mi) (174වන ශ්‍රේණිගත නම්)
• ජලය (%)
2.7
ජනගහණය
• 2013 ඇස්තමේන්තුව
301,988[1]
• 2011 ජන සංගණනය
286,257
• ඝණත්වය
86/km2 (222.7/sq mi) (116වන)
දදේනි (නාමික)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$4.273 7බිලියන[2]
• ඒක පුද්ගල
$15,302[2] (for 2013)
ව්‍යවහාර මුදලතුර්කි ලීරා (TRY)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
රිය ධාවන මං තීරුවවම
ඇමතුම් කේතය+90 392
අන්තර්ජාල TLD.nc.tr or .ct.tr;
wide use of .cc

උතුරු සයිප්‍රසය (තුර්කි: Kuzey Kıbrıs), නිල වශයෙන් උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය (TRNC; තුර්කි: Kuzey Kıbrıs Türk Cumhuriyeti) ලෙස හැඳින්වෙන්නේ සයිප්‍රස දිවයිනේ ඊසාන දිග කොටසේ පිහිටි ස්වයං ප්‍රකාශිත රාජ්‍යයක් වේ. එය පිළිගනු ලබන්නේ තුර්කිය විසින් පමණි.[3][4] උතුරු සයිප්‍රසය, සයිප්‍රස් ජනරජයේ කොටසක් විය යුතු බවට අන්තර්ජාතික ප්‍රජාව විසින් සළකනු ලබයි.[5]

උතුරු සයිප්‍රසය ඊසානදිගින් කර්පාස් අර්ධද්වීපයේ කෙළවරේ සිට මොර්ෆියු බොක්ක, කොර්මකයිටිස් තුඩුව සහ බටහිරින් කොකිනාව තෙක් විහිදී පවතී. එහි වඩාත් දකුණින්ම පිහිටා ඇත්තේ ලොව්රව්ජිනා ගම්මානය යි. එක්සත් ජාතීන්ගේ පාලනය යටතේ පවතින ප්‍රේරක කලාපයක් උතුරු සයිප්‍රසය හා සයිප්‍රස දිවයිනේ ඉතිරි ප්‍රදේශය අතරමැදින් විහිදී පවතින අතර එමගින් දිවයිනේ විශාලතම නගරය වන නිකොසියාව බෙදීමකට ලක් කරයි. රාජ්‍යයන් දෙකෙහිම අගනගරය වන්නේ නිකොසියාව යි.

දිවයින, ග්‍රීසිය වෙතට අත්පත් කරගැනීමේ වෑයමක් ලෙස 1974 දී සිදු වූ කුමන්ත්‍රණයක්, සයිප්‍රසය වෙත තුර්කි ආක්‍රමණයක් සිදු වීමට මග පාදන ලදී. මේ නිසා බොහෝ ග්‍රීක-සයිප්‍රස වැසියන් උතුරින් නෙරපාහැරීම, දකුණින් තුර්කි-සයිප්‍රස වැසියන් සම්ප්‍රාප්ත වීම සහ 1983 දී උතුරෙහි ස්වාධීනත්වය පිළිබඳ ඒකපාර්ශ්විකව ප්‍රකාශයට තුඩුදෙමින් දිවයින කොටස්වලට බෙදීයාම වැනි සිදුවීම් ප්‍රතිඵල විය. අන්තර්ජාතික පිළිගැනීම ඉතා මඳ බැවින් උතුරු සයිප්‍රසය ආර්ථික, දේශපාලනික සහ හමුදාමය සහාය සඳහා තුර්කිය මත විශාල වශයෙන් යැපේ.[6][7][8]

සයිප්‍රස අර්බුදයට විසඳුමක් සෙවීමට දරණ ලද වෑයම් අසාර්ථක වී ඇත. තුර්කි හමුදාව උතුරු සයිප්‍රසය තුළ විශාල බලයක් හිමිකරගෙන සිටී. එහි පැවැත්ම TRNC රජය විසින් අනුමත කර සහයෝගය ලබාදෙන නමුත් සයිප්‍රස ජනරජය සහ අන්තර්ජාතික ප්‍රජාව විසින් එය බලෙන් අත්පත් කර ගැනීමක් ලෙස සළකනු ලබන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලීන් කිහිපයකදීම එහි පැවැත්ම හෙළාදකිනු ලැබ ඇත.

විවිධ ආභාෂයන්ගෙන් පෝෂණය වූ සංස්කෘතිකමය උරුමයක් සහ සේවා අංශයේ ආධිපත්‍යයට නතු වූ ආර්ථිකයක් සහිත උතුරු සයිප්‍රසය, අර්ධ-ජනාධිපති, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වේ. 2000 සහ 2010 කාල වකවානු වලදී, 2000 කාලයේදී පැවතියාට වඩා තෙගුණයක ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයක් සමඟ ආර්ථිකය වර්ධනය වී ඇති නමුත් සයිප්‍රස් ජනරජය විසින් උතුරු සයිප්‍රසයේ වරායයන් නිළ වශයෙන් වසා දැමීම නිසා පැවැත්වෙන අන්තර්ජාතික සම්බාධකයක් මගින් එය රඳවාගෙන සිටිනු ලබයි. පැහැදිලිව වෙනස් දේශීය භාෂාවක් භාවිතයේ තිබුණ ද නිළ භාෂාව වන්නේ තුර්කි භාෂාවයි. ආගමික ආකල්ප, මධ්‍යස්ථ හා ලෞකික වන අතර ජනගහණයෙන් අති මහත් බහුතරය සුන්නි මුස්ලිම්වරුන් වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ආර්ථික හා සමාජ දර්ශක 2013. TRNC රාජ්‍ය සැලසුම්කරණ සංවිධානය. pp. 2–3.
  2. 2.0 2.1 "KKTC". තුර්කි ආර්ථික අමාත්‍යාංශය. සම්ප්‍රවේශය 28 ජුලි 2015.
  3. International Chamber of Commerce (1 November 2003). Europe Review 2003/04: The Economic and Business Report. Kogan Page Publishers. p. 79. ISBN 978-0-7494-4067-1. The Turkish Cypriot-dominated north is the Turkish Republic of Northern Cyprus' which elects its own government and is recognised only by Turkey.
  4. The CIA World Factbook 2010. Skyhorse Publishing Inc. 2009. p. 182. ISBN 978-1-60239-727-9. the formation of a "Turkish Republic of Northern Cyprus" ("TRNC"), which is recognized only by Turkey
  5. Scott Leckie (28 May 2007). Housing and Property Restitution Rights of Refugees and Displaced Persons: Laws, Cases, and Materials. Cambridge University Press. p. 448. ISBN 978-1-139-46409-3. The complaints raised in this application arise out of the Turkish military operations in northern Cyprus in July and August ... This development was condemned by the international community. ... of the establishment of the "TRNC" legally invalid and calling upon all States not to recognise any Cypriot State other than the ...
  6. Central Intelligence Agency (8 October 2013). The CIA World Factbook 2014. Skyhorse Publishing Company, Incorporated. p. 691. ISBN 978-1-62873-451-5. The Turkish Cypriots are heavily dependent on transfers from the Turkish Government. Ankara directly finances about one-third of the Turkish Cypriot "administration's" budget.
  7. Gideon Boas (1 January 2012). Public International Law: Contemporary Principles and Perspectives. Edward Elgar Publishing. p. 177. ISBN 978-0-85793-956-2. For example, the Turkish Republic of Northern Cyprus, located in the northern portion of the island of Cyprus, came about through ... from only one state – Turkey, upon which it is entirely dependent for economic, political and military support.
  8. Yael Navaro-Yashin (12 March 2012). The Make-Believe Space: Affective Geography in a Postwar Polity. Duke University Press. p. 8. ISBN 0-8223-5204-4. Economic embargoes have been imposed on the trnc, making northern Cyprus almost completely dependent on Turkey.

බාහිර සබැඳි[සංස්කරණය]

නිළ
වෙනත්
"https://si.wikipedia.org/w/index.php?title=උතුරු_සයිප්‍රසය&oldid=591497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි