මැල්කම් රංජිත් හිමිපාණෝ
පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත්[1] | |
---|---|
කාදිනල්, කොළඹ | |
![]() | |
අගරදගුරු පදවිය | කොළඹ |
පලාත | කොළඹ |
ශුද්ධාසනය | කොළඹ, ශ්‍රී ලංකාව |
Appointed | 16 ජූනි 2009 |
ඇරඹුනේ | 5 අගෝස්තු 2009 |
පූර්වප්‍රාප්තිකයා | ඔස්වල්ඩ් ගොමිස් |
වෙනත් තනතුරු | ලුසිනාහි එස්. ලොරෙන්සෝහි කාදිනල් තුමා |
ධූර තොරතුරු | |
ප්‍රව‍්‍රජ්‍යාව | 29 ජූනි 1975 by සයවන පාවුළු පාප්වහන්සේ |
අභිෂේකය | 17 ජූනි 1991 by නිකලස් මාකස් ප්‍රනාන්දු |
කාදිනල් ධූරයට පත් කරනු ලැබුවේ | 20 නොවැම්බර් 2010 by දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ |
අනුස්ථිතිය | කාදිනල් පූජක |
පුද්ගලික විස්තර | |
උපන් නම | පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත් |
උපත | 15 නොවැම්බර් 1947 පොල්ගහවෙල, ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
සභාව | රෝමානු කතෝලික |
Parents | විලියම් සහ මේරි විනිෆ්‍රීඩා |
පූර්ව තනතුර |
|
Coat of arms | ![]() |
බොහෝවිට සරල ලෙසින් මැල්කම් කාදිනල් රංජිත් හෝ මැල්කම් රංජිත් ලෙසින් හැඳින්වෙන, ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන් (උපත 15 නොවැම්බර් 1947) යනු, කතෝලිත සභාවේ කාදිනල් තුමෙකු වෙයි. එතුමා, කොළඹ අගරදගුරු පදවිය හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ පුරවර අගරදගුරු (Metropolitan Archbishop) වෙති.
කාදිනල් රංජිත් කාඩිනල් තුමා, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, රත්නපුර රදගුරු ලෙසින් (1995–2001) ද, ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් ලෙසින් (2001–2004) ද, ඉන්දුනීසියාව සහ නැගෙනහිර තිමෝරය සඳහා අපෝස්තලික තානාපති ලෙසින් (2004–2005) ද, සහ ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ලෙසින් (2005–2009) ද සේවය කර ඇත.[2]
ඇල්බට් මැල්කම් රංජිත් සඳහා ආමන්ත්‍රණ ශෛලීන් | |
---|---|
![]() | |
සමුද්දේශ ශෛලිය | His Eminence |
කථන ශෛලිය | Your Eminence |
අවිධිමත් ශෛලිය | කාදිනල් |
පදවිය | කොළඹ |
දිවියෙහි මුල් අවධිය හා අධ්‍යාපනය
[සංස්කරණය]මැල්කම් රංජිත් කාඩිනල් තුමා, පොල්ගහවෙලදී දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා ට දාව උපන්නේ පවුලේ එකම පිරිමි දරුවා ලෙසිනි. 1956 දී බොරැල්ලෙහි ශාන්ත ඇලෝසියස් දේවධර්මශාස්ත්‍රාලයය ට ඇතුළු වීමට පෙර එතුමා අධ්‍යාපනය ලැබුයේ මෝදර ද ලා සාල් විද්‍යාලයෙහිදීය. 1966 සිට 1970 දක්වා, එතුමා මහනුවර ජාතික දේවධර්මශාස්ත්‍රාලයෙහි දේවධර්මය සහ දර්ශන වාදය පිළිබඳ හැදෑරීය. ඉන්පසුව, එවකට අගරදගුරුතුමාණන් ව සිටි තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් මෙතුමා ව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා රෝමය වෙත යවන ලදුව, එහිදී එතුමාණන් පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයයෙන් දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය.
කාදිනල්තුමා
[සංස්කරණය]2010 ඔක්තොම්බර් 20 දිනදී, දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ ප්‍රකාශ කලේ, 2010 නොවැම්බර් 20 දිනට නියමිත කාදිනල් මණ්ඩලයේ රැස්වීමක් තුලදී එතුමා විසින් රංජිත් හිමිපාණන් කාදිනල්තුමෙකු ලෙසින් පත් කරනු ලබන බවයි.[3] එතුමා හට කාදිනල් පූජාප්‍රසාදීන්වහන්සේ තරාතිරම ප්‍රදානය කෙරුණු අතර, ලුචීනාහී සන් ලොරෙන්සෝ නාමමාත්‍ර දේවස්ථානය අනුයුක්ත කෙරිණි.
- ^ https://www.sundaytimes.lk/101024/Plus/plus_01.html
- ^ PATABENDIGE DON Card. Albert Malcolm Ranjith (vatican.va)
- ^ "Annuncio di Concistoro per la Creazione di Nuovi Cardinale 20.10.2010". 28 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-10-20.