ඔස්ට්‍රියාව
Jump to navigation
Jump to search
ඔස්ට්‍රියාව නිල වශයෙන් ඔස්ට්‍රියා සමුහාණ්ඩුව ලෙස හඳුන්වයි. එය මධ්‍යම යුරෝපයේ මිලියන 8.3 ජනගහනයක් වාසය කරන රටකි. එරට මායිම් වන්නේ උතුරින් ජර්මනිය හා චෙක් ජනරජයත්, නැගෙනහිරින් ස්ලවෑකියා හා හන්ගේරීයාවත්, දකුණින් ස්ලෝවෙකියාව හා ඉතාලියත්, බටහිරින් ස්විට්සර්ලන්තය හා ලිවෙන්ස්ටෙයින්ද වේ. ඔස්ට්‍රියාව වර්ග කි.මි. 83,872 (වර්ග සැතපුම් 32,383) ප්‍රදේශයක පැතිරී ඇති අතර එහි සෞම්‍ය දේශගුණයක් පවතී. ඇල්ප්ස් කඳු නිසා ඔස්ට්‍රියාව කඳු වලින් ගහනය. රටින් 32% ක් මීටර් 500 (අඩි 1640) පහළින් ඇති අතර එහි උසම ස්ථානය මීටර් 3797 (අඩි 12457) පමණ වේ. බහුතරයක් ජනයා ජර්මානු බස කථා කරන අතර එය රාජ්‍ය භාෂාව ද වේ. අනෙකුත් භාෂාවන් වන්නේ ක්‍රොඒෂියන්, හංගේරියන් සහ ස්ලොවේක්ය.
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |