ජෝර්ජ් බ්ලේක්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජෝර්ජ් බ්ලේක්
උපත
ජෝර්ජ් බෙහාර්

11 නොවැම්බර් 1922 (1922-11-11) (වයස 97)

ජෝර්ජ් බ්ලේක් (උපත ජෝර්ජ් බෙහාර් 11 නොවැම්බර් 1922) යනු, දෙපැති චරපුරුෂයෙක් ලෙසින් සෝවියට් සංගම සේවයෙහි යෙදී සිටීම නිසා ප්‍රචලිතවූ, හිටපු බ්‍රිතාන්‍ය චරපුරුෂයෙකි. මේ බව 1961 වසරෙහිදී එළිදරව් වීමත් සමගම වසර 42 ක සිර දඞුවකට ලක්වූ ඔහු, 1966 වසරෙහිදී වර්ම්වුඩ් ස්ක්‍රබ්ස් සිරගෙයින් මිදී එසෝසස වෙතට පැනගියේය. ඔහු කේම්බ්‍රිජ් චරපුරුෂයන් අතරින් එකෙකු නොවුනද, බොහෝවිට ඔවුන් සමග කාණ්ඩගත කොට හැඳින්විණි.

චරිතාපදානය[සංස්කරණය]

මුල් දිවිය[සංස්කරණය]

1922 වසරෙහිදී නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හිදී බ්ලේක් උපන්නේ, ප්‍රොතෙස්තන්ත පසුබිමක් සහිත ලන්දේසි මවකට සහ රටවැසියනය ලත් බ්‍රිතාන්‍ය යටත්වැසියෙක්වූ ඊජිප්තියානු යුදෙව් පියෙකුට දාවය.[1]ජෝර්ජ් ලෙසින් ඔහු නම් ලැබුවේ, පස්වන ජෝර්ජ් රජ අනුව යමිනි.[2] ඔහුගේ කොන්ස්තන්තිනෝපල (වර්තමානයේ ඉස්තාන්බුල්) සම්භවය මධ්‍යයෙහි වුව, පළමුවන ලෝක යුද්ධයෙහිදී ඔටෝමාන් අධිරාජ්‍යයට එරෙහිව සටන් කල ඔහුගේ පියා, ඇල්බට් බෙහාර්, නිර්භීතකම වෙනුවෙන් ප්‍රංශ සහ බ්‍රිතාන්‍යයන් වෙතින් සම්මාන ලැබීය. 1936 වසරෙහිදී ඇල්බට් මිය යන තුරු, බෙහාර් පවුල නෙදර්ලන්තයෙහි සැපපහසු ජීවිතයක් ගත කලහ.ඊජිප්තුවෙහි ඔහුගේ නෑදෑයින් හා සමගින් දිවි ගෙවීමට, දහතුන්වන වියෙහි වූ ජෝර්ජ් යැවුනු අතර, කයිරෝහී ඉංග්‍රීසි පාසැලකට ඇතුළුවී අධ්‍යාපනය සිදු කරගෙන ගියේය. කයිරෝහී සිටියදී, ඔහුගේ ඥාති සොහොයුරු සහ පසුව ඊජිප්තු කොමියුනිස්ට් පක්ෂයෙහි කැපීපෙනෙන සාමාජිකයෙක් වූ හෙන්රි කියුරියල් සමග ඔහු කිට්ටුවෙන් ආශ්‍රය කලේය. 1991 වසරෙහිදී බ්ලේක් පැවසුවේ, දශකයක් පමණ ඔහුට වඩා වැඩිමහල්වූ සහ එවිටද කොමියුනිස්ට්වරයෙක්වූ කියුරියල් හා සමගින් ඔහුගේ සමාසදය, පසුකාලීන දිවියේ ඔහුගේ අදහස් හැඩගැස්වූ බවයි.[3]

බ්ලේක් ගැටවරයෙක්ව සිටියදී, නාසි-විරෝධි ලන්දේසි විරෝධනයෙහි පණිවිඩකරුවෙකු වූයේ මැක්ස් ඩි ව්‍රයිස් යන රණ නාමය යටතෙහිය. ඔහු සමාරෝධනය කෙරුණු මුත් ගැටවර විය නිසා තාවතාලිකව මුදා හරින ලදි. අතරතුර කාලයෙහිදී, පූජකවරයෙකු ලෙසින් වෙස්වලාගෙන , ලන්ඩනයට පැන ගියේ නොමැති නම්, ඔහුගේ 18වන උපන්දිනයේදී යළි-සමාරෝධනය කෙරුමට ලක්වීමට තිබිණි. එංගලන්තයේදී ඔහුගේ නම බ්ලේක් බවට වෙනස් කල ඔහු, රහස් බුද්ධිතොරතුරු සේවාව (එම්අයි6) සඳහා සේවය කලේය. අයිරිස් පීක් නම් එම්අයි6 ලේකම්වරියක හා විවාහ වීමට ඔහු අදහස් කලද, ඇයගේ පවුල විසින් විවාහය සිදුනීම වැලැක්වූයේ බ්ලේක්ගේ යුදෙව් පසුබිම නිසා වන අතර, සම්බන්ධතාවය එතැනින් කෙළවර විය.

බ්ලේක් විසින් පසුව පැවසූවේ, කොරියානු යුද්ධය අතරතුර සහ එයින් ඇතිවූ මහත් බලපෑම මත, ඔහු විසින් පැති මාරු කල බවයි. සම්මුඛ සාකච්ඡාවකදී ඔහු වෙතින් වරෙක විමසුනේ, "ඔබ විසින් සඵල ලෙසින් පැති මාරු කිරීමට ගත් ඔබගේ තීරණය පූරනය කල එක් සිද්ධියක් හෝ තිබේද?" යනුවෙන් වන අතර, එයට බ්ලේක්ගේ ප්‍රතිචාරය වූයේ, "එයට හේතුව වූයේ දැවැන්ත ඇමරිකානු පියාසැරි බලකොටුව විසින් කුඩා කොරියානු ගම්මාන වෙත නිර්දය ලෙසින් බෝම්බ හෙලූ අයුරු දැකීමයි. තරුණයන් යුද්ධ හුමුදාව සමග වූ නිසා මෙයට මුහුණ දුන්නේ ගැහැණුන් දරුවන් සහ මහළු ජනයාය. අප වුවද මෙයට ගොදුරු වීමට ඉඩ තිබුණි. මෙම මැඩලිය නොහැකි, තාක්ෂණික වශයෙන් උත්තරීතර රටවල් විසින් මා හට පෙනුනු පරිදී අසරණ ජනයාට එරෙහිව කරන සටනෙහි කොටස්කරුවෙකු වීම ගැන මම ලජ්ජාවට පත් වීමි. මම වැරදි පාර්ශ්වයෙහි සිටි බවට හැඟීමක් මට විය ... කොමියුනිස්ට් ක්‍රමය ව්‍යාප්ත වූයේ නම් මනුෂ්‍යත්වයට වඩාත් සුවදායක බවත් යුද්ධය කෙළවර කල හැකි බවත් මම සිතීමි."[3]

චරපුරුෂ සේවා කටයුතු[සංස්කරණය]

දෙවන ලෝක යුද්ධය පැවති කාලසීමාව තුලදී, බ්ලේක්ගේ කාර්යය වූයේ බ්‍රිතාන්‍ය ඔත්තුකරුවන් විසින් අත්පත්කරගන්නා ජර්මානු ලියැවිලි පරිවර්තනය කිරීම සහ ඩී-දිනය ගොඩබැසීම් වලින් අනතුරුව ප්‍රංශයේදී අත්අඩංගුවට ගැනුනු ජර්මානුවන් වෙතින් ප්‍රශ්නකිරීමත්ය.[උපහරණ ඇවැසිය] යුද්ධය කෙළවරවීමත් හා සමගම, හැම්බර්ග් වෙත ඔහු අනුයුක්ත කරනු ලැබූ අතර ජර්මානු යූ-බෝට්ටු කපිතාන්වරුන් වෙතින් ප්‍රශ්න කිරීම භාර කරනු ලැබිණි. 1948 වසරෙහිදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහිදී පැවැත්වුණු රුසියානු භාෂාව පිළිබඳ කෙටිකාලීන පාඨමාලාවකින් අනතුරුව, කොරියානු ජනරජයේ අගනුවරවූ සෝල් නගරයෙහි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය වෙත ඔහු පත් කර යැවිණි. කොරියාව තුල චරපුරුෂ ජාලයක් ස්ථාපනය කිරීමට ප්‍රයත්න දැරීමේ කාර්යය බ්ලේක් වෙත පැවරිණි.

සෝල් නගරය වෙත ඔහු පැමිණ මාස කිහිපයක් ගතවෙත්ම, 1950 ජූනි 24 දිනදී, ආක්‍රමණකාරී උතුරු කොරියානු හමුදාව විසින් නගරය අත්පත් කර ගත් අතර, බ්‍රිතාන්‍ය තානාපති නිලධාරි වයිවියන් හෝල්ට් යටතේ සේවය කරමින් සිටියදී, කොමියුනිස්ට් හමුදා විසින් බ්ලේක් සිරභාරයට ගැනිනි. උතුරු කොරියානුවන් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව, සිර අඩස්සියේ ඔහු ගත කල තුන්-අවුරුදු කාලසීමාව තුලදී, කාල් මාක්ස්ගේ කෘති කියවීමෙන් පසුව, ඔහු මාක්ස්වාදියෙකු විය. 1953 වසරෙහිදී ඔහුගේ නිදහස්කිරීම හා සමගින් බ්ලේක් බ්‍රිතාන්‍යයට පැමිණියේ වීරයෙකු ලෙසිනි. 1955 වසරෙහිදී MI6 විසින්, මාණ්ඩලික නිලධාරියෙකු ලෙසින් සේවය කිරීම සඳහා බර්ලින් නුවරට ඔහු යැවුනු අතර, සෝවියට් නිලධාරීන් දෙපැති චරපුරුෂයන් ලෙසින් බඳවාගැනුම ඔහුට පැවරුණු කාර්යය විය. කේජීබී සංවිධානය හා සමගින් ඔහු සම්බන්ධතා ඇති කරගත්තේ මෙහිදී වන අතර බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු මෙහෙයුම් පිළිබඳ විස්තර ඔවුනට සැපයීය. වසර නවයක් තුලදී, MI6 චරපුරුෂන් 40 දෙනෙකුට ද්‍රෝහීව ඔවුන් පාවාදෙමින් ඔවුන් පිළිබඳ විස්තර සෝවියට්වරුන්ට එළිදරව් කල හෙතෙම, නැගෙනහිර යුරෝපය තුල MI6 හී මෙහෙයුම් බොහෝමයක් විනාශ මුඛයට හෙළීය. [4] මෙය පිළිබඳව බ්ලේක් පසුව කියා සිටියේ, "මම දන්නේ නැහැ මම කොපමණ පාවා දුන්නාදැයි කියා මොකද එතරම් විශාල ප්‍රමාණයක් එතන අදාළ වුනා". [5] 1959 වසරෙහිදී, GRU තුල සිටි මධ්‍යම ඔත්තුසේවා කාර්යාංශයෙහි ඉත්තකු පිළිබඳව බ්ලේක් දැනගත් අතර, ඒ අනුව 1960 දි මරණයට පත් කෙරුණු පී. එස්. පොපෝෆ් අනාවෘත කිරීමෙහි හේතුභූත විය.[6]

ආශ්‍රිත[සංස්කරණය]

  1. http://www.pbs.org/redfiles/kgb/deep/interv/k_int_george_blake.htm
  2. එච් මොන්ට්ගෝමරි හයිඩ් (1987) ජෝර්ජ් බ්ලේක් සුපර්ස්පයි, කොන්ස්ටබ්ල්, ISBN 0-09-468140-6
  3. 3.0 3.1 අර්වින්, ඉයන් (1 ඔක්තොම්බර් 2006). "ජෝර්ජ් බ්ලේක්: අයි ස්පයි අ බ්‍රිටිෂ් ට්‍රේටර්". දි ඉන්ඩිපෙන්ඩන්ට් (ලන්ඩනය). http://www.independent.co.uk/news/people/profiles/george-blake-i-spy-a-british-traitor-418245.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-03-19. 
  4. ඩේවිඩ් විලියම්ස් (6 නොවැම්බර් 2012). "'අයිව් නෝ රිග්‍රෙට්ස් ඇන්ඩ් හෑව් එන්ජෝයිඩ් ද හැපියස්ට් ඉයර්ස් ඔෆ් මයි ලයිෆ් ඉන් රෂියා', සේස් MI6 ස්පයි හූ බිට්‍රේඩ් අප් ටු 40 බ්‍රිටිෂ් ඒජන්ට්ස්". ද ඩේලි මේල්. Retrieved 25 ජූනි 2014.
  5. "ජෝර්ජ් බ්ලේක් - ද කන්ෆෙෂන්". බීබීසී රේඩියෝ 4. 3 අගෝස්තු 2009.
  6. විලියම් හුඩ්. මෝල් (නිව්යෝර්ක්: බැලන්ටයින්, 1983), පි.246-7.


"https://si.wikipedia.org/w/index.php?title=ජෝර්ජ්_බ්ලේක්&oldid=330599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි