Jump to content

පොදු රාජ්‍ය මණ්ඩලය

විකිපීඩියා වෙතින්
(ජාතීන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලය වෙතින් යළි-යොමු කරන ලදි)

පොදූ රාජ්‍ය මණ්ඩලය යනු බ්‍රිතාන්‍යයේ පුරෝගාමිත්වයෙන් බිහිවී ඇති සෙසු ජාත්‍යන්තර සංවිධාන වලට වඩා වෙනස් වූ සුවිශේෂ ගණයේ ජාත්‍යන්තර සමාගමයක් නැතහොත් සංවිධානයකි. මෙම සංගමය සමන්විත වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති ඩොමීනියන් රටවලින් සහ නිදහස දිනාගත් යටත්විජිත වශයෙන් පැවති රටවලිනි. පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භ කළේ රටවල් 5කිනි. (බ්‍රිතාන්‍ය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව) එදා මෙම සංවිධානය හැඳින්වූයේ "සුදු මිනිසාගේ සංගමය" (White Man's Club) යනුවෙනි. 1948දී සමූහාණ්ඩුවක් බවට පත්වූ ඉන්දියාවට පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ලබාදීමත් සමඟ ඒතාක් සුදු මිනිසාගේ සංගමය බවට පත්ව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලය 1949න් පසුව "විවෘත පොදු රාජ්‍ය මණ්ඩලය" (Open Commonwealth) බවට පත්විය. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වඩාත් වේගයෙන් වර්ධනය වන්ට පත්වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වූ රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අධික වීමත් සමඟමය. 1947ට පෙර රාජ්‍යයන් 5කින් සමන්විත වූ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය 1950 දශකය තුළදී 12 දක්වාත් 1960 දශකය අගදී 31 දක්වාත් 1970 දශකය අගභාගයේදී 44 දක්වාත් 1980 දශකය අග වනවිට 49 දක්වාත් 1990 දශකය අවසන් වනවිට සාමාජික සංඛ්‍යාව 54 දක්වාත්වර්ධනය වී ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය වර්ධනය

ශීර්ෂය 1 ශීර්ෂය 2
1867-1948 දක්වා බ්‍රිතාන්‍ය,කැනඩාව,(1867), ඕස්ට්‍රේලියාව(1900), නවසීලන්තය(1907), දකුණු අප්‍රිකාව(1910).
1948-1950 දක්වා ඉන්දියාව(1947), පකිස්තානය(1947), ශ්‍රී ලංකාව(1948). 1950-1960 දක්වා මැලේසියාව(1957), ඝානාව(1957).
1960-1970 දක්වා නයිජීරියාව(1960), ටැංසානියාව(1961), සයිප්‍රස්(1961), සියරාලියෝන්(1962),ජැමෙයිකා(1962), ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ(1962), කෙන්යා(1963),මෝල්ටා(1964), මලාවි(1964), සැම්බියා(1964), ගැම්බියා(1965),ලෙසෝතෝ(1966), ගුයානා(1966), බොට්ස්වානා(1966), බාර්බඩෝස්(1966),ස්වාසිලන්තය(1968), නාවුරු(1968), මොරිෂස්(1968).
1970-1980 දක්වා ටොංගෝ(1970), සැමෝවා(1970), බංග්ලාදේශය(1972), බහබාස්(1973),ග්‍රැනඩා(1974), පැපුවා නිව්ගිනි(1975), සී චෙල්ස්(1976), තුවලු(1978),සොලමන්දූපත්(1978), ඩොමිනිකා(1978), ශාන්ත ලුයිසා(1979), ශාන්ත වින්සන්ට්(1979), කිරිබති(1979).
1980-1990 දක්වා සිම්බාබ්වේ(1980), වනුටු(1980), බෙලිස්(1981), ඇන්ටිගුවා සහ බැර්බුඩා(1981),මාලදිවයින(1982), ශාන්ත කිට්ස් හා නෙවියා(1983), බෲනායි(1984),පකිස්තානය(1989),(1962 දී ඉවත් වී නැවත 1989 දී සම්බන්ධ විය.
1990-2000 දක්වා නැම්බියා(1990), දකුණු අප්‍රිකාව(1994)(1961 දී ඉවත් වී යළි 1994 දී සම්බන්ධ විය), මොසැම්බික්(1995), කැමරූන්(1995), පීජී(1997).

පොදු රාජ්‍ය මණ්ඩලයේ සුවිශේෂී ලක්‍ෂණ

  • එම සංවිධානය සතුව ව්‍යවස්ථාවක් හෝ ප්‍රඥප්තියක් නොමැති වීම.
  • එහි කිසිම සාමාජිකයෙකුට සුවිශේෂී වගකීම් හෝ යුතුකම් පවරා නොතිබීම. (එහෙත් එහි සෑම සාමාජික රටක්ම 1971 පොදු රාජ්‍ය මණ්ඩලීය මූලධර්ම ප්‍රකාශනයෙන් පිළිගත් මූලධර්ම අනුව කටයුතු කිරීමට ස්වේච්ඡාවෙන් වග බලා ගැනීම සාමාජික රටවල් විසින් අපේක්‍ෂා කෙරේ.)
  • පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රාජ්‍යයන්ගේ නිදහස් බව හා බැඳීම් විරහිත බව. (මෙම සංවිධානයෙන් ඉවත්ව යාම මෙන්ම යළි සාමාජිකත්වය ලැබීමට ද එම රටවලට නිදහස ඇත.) උදා:
    • 1972 දී පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්ව ගිය පකිස්තානය 1989 දී යළිත් වරක් පොදු රාජ්‍ය මණ්ඩලයට සම්බන්ධ වීම.
    • 1961 දී ඉවත්ව ගිය දකුණු අප්‍රිකාව 1994 දී යළි සාමාජිකත්වය ලැබීම.
  • ලෝක ජනගහනයෙන් 1/4 කටත් වඩා වැඩි ප්‍රමාණයක් පොදු රාජ්‍ය මණඩලීය රටවල් තුළ ජීවත් වන අතර මෙම ජනගහන සංයුතියේ ප්‍රකට ලක්‍ෂණයක් වන්නේ ඒවායින් බහුතරය බහුවාර්ගික,බහු ආගමික, බහු භාෂාමය, බහු සංස්කෘතික ජන සමාජයන් වීමයි.
  • සමස්තයක් වශයෙන් ගත් කල පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ලෝක දේශපාලනයේ දක්නට ලැබෙන විවිධ බලවතුන් ගෙන් යුක්ත රාජ්‍යයන් ගෙන් සමන්විතය.

උදා:

මහ බලවතුන් 1 බ්‍රිතාන්‍යය
මධ්‍යම බලවතුන් 18 ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව
කුඩා රාජ්‍යයන් 35 තුවලු, කිරිබති, ඩොමිනිකා, මාලදිවයින
  • සංවර්ධනයේ විවිධ අවස්ථා වල පසුවන රටවල් පැවතීම.

උදා:

සංවර්ධිත රටවල් බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය,කැනඩාව
සංවර්ධනය වෙමින් පවතින රටවල් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය
ඌන සංවර්ධිත රටවල් බංග්ලාදේශය, බොට්ස්වානා, උගන්ඩා
  • විවිධ දේශපාලන ක්‍රම අනුගමනය කරනු ලබන රටවලින් සමන්විතය.

උදා:

ජනරජ 33
එංගලන්තයේ රජවූ පුද්ගලයා තම රටේ රජ ලෙස සලකයි 16
වෙනම රජෙක් පත්කරගනී 05

මෙම සමූහාණ්ඩු අතර,

  • විධායක ජනාධිපති ක්‍රමය සහිත ජනරජ

උදා:ශ්‍රීලංකාව, මාලදිවයින, මැලේසියාව,බංග්ලාදේශය

උදා:ඉන්දියාව, සිම්බාබ්වේ, ඩොමිනිකා, සිංගප්පූරුව

  • තනි දේශපාලන පක්‍ෂ ක්‍රමයක් ඇති රටවල්

උදා:සිංගප්පූරුව

  • දේශපාලන පක්‍ෂ කිසිවක් නොමැති රටවල්

උදා:මාලදිවයින,ලෙසෝතෝ,ටොංගෝ

  • බ්‍රිතාන්‍යයේ රජවූ පුදුගලයාම තම රජ ලෙස පිළිගත් රටවල්

උදා:ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, කැනඩාව, ඇන්ටිගුවා

  • දේශීය රජුන් රාජ්‍ය නායකයා ලෙස පිළිගත් රටවල්

උදා:ලෙසෝතෝ,බෲනායි

  • පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සබඳතාව සහයෝගීතාව යන මූලධර්මය මත රඳා පවතී.
  • වසර 2 කට වරක් පවත්වන රාජ්‍ය නායක සමුළුවාර තවත් සුවිශේෂීත්වයකි. (පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු වූකලී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පොදු ප්‍රශ්න විවෘතව සාකච්ඡා කළ සාකච්ඡා මණ්ඩපයක් මෙන්ම ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ විවෘතව අදහස් පළ කළ පොදු රාජ්‍ය මණ්ඩලීය වේදිකාවක් ද විය.)
  • සමුළුව පවත්වන රටේ රාජ්‍ය නායකයාට ඉදිරි වසර දෙක සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සභාපතීත්වය හොබවන්න අවස්ථාව ලැබේ. ඒ අනුව වසර 2015 දක්වා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එම අවස්ථාව ලැබේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය

පොදු රාජ්‍ය මණ්ඩලය සුවිශේෂී ජාත්‍යන්තර සමාගමයක් වූ හෙයින් එහි කේන්ද්‍රගත පාලනයක් හෝ ලිඛිත ව්‍යවස්ථාවක් නොවීය. 1965 දී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය පිහිටුවනු ලබන තෙක් එහි සාමාජික රටවල් අතර සම්බන්ධීකරණය පවත්වා ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය විසිනි. මහ ලේකම්වරයෙකු පත් කිරීම හා කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව 1965 දී ගත් තීරණය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉතිහාසයේ බෙහෙවින් වැදගත්ය. මන්ද යත් එහි සංස්ථා පත්‍රයට අනුව එතැන් පටන් පොදු රාජ්‍ය මණ්ඩලීය සියලුම රටවල් "තත්ත්වය අතින් බ්‍රිතාන්‍ය හා සමාන වීමත්" එහි කළමණාකරණය හා මූල්‍ය කටයුතු සියලුම සාමාජික රටවල් විසින් පොදු අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහාත් පවත්වා ගෙන යෑමේ පදනම ඉන් වැටුණු හෙයිනි. ඒ අනුව මහ ලේකම් කාර්යාලය (ලන්ඩන්හි මාල්බරෝ හවුස් නම් ස්ථානයේ) පිහිට වූ තැන් පටන් පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු සංවිධාන ව්‍යුහයේ ප්‍රධාන ආයතනය වූයේ එයයි.

ආශ්‍රිත ග්‍රන්ථ

මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස මහතාගේ "පොදු රාජ්‍ය මණ්ඩලය" නැමති කෘතිය ඇසුරිනි.

"https://si.wikipedia.org/w/index.php?title=පොදු_රාජ්‍ය_මණ්ඩලය&oldid=568551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි