ගුරු දිනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ගුරුවරුන්ගේ දිනය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බොහෝ රටවල සමරන ගුරු දිනයේ අදහස වන්නේ, පාසල් ගුරුවර ගුරුවරියන් අගය කිරීම සහ උපහාර පිදීමයි. කිසියම් ක්ෂේත්‍රයක් තුල හෝ පොදුවේ ප්‍රජාව තුල හෝ ඔවුන්ගේ විශේෂිත දායකත්වයට ගරුකරන උත්සවයන්ද මෙයට අඩංගු විය හැක. ගුරු දිනය පවත්වන දිනය රටකින් රටකට වෙනස් වෙයි. සැම වසරකම ඔක්තොම්බර් 5 දිනදී ලොව පුරා කිල වශයෙන් සැමරෙන ලෝක ගුරු දිනය වෙතින්, මෙම ගුරුවරුන්ගේ දිනය වෙනස් වෙයි. [1]

ඉතිහාසය[සංස්කරණය කරන්න]

ගුරුවරුන්ගේ දිනයක් සිහිකිරීමේ අදහස, විවිධ රටවල ස්වායත්ත වශයෙන් පැනනැඟුනේ විසි වන සියවසෙහිදීය; බොහෝ අවස්ථා වලදී, ඔවුන් සමරන්නේ කිසියම් දේශීය අධ්‍යාපනඥයෙකු හෝ අධ්‍යාපනයේ කිසියම් විශේෂ සන්ධිස්ථානයකි (නිදසුනක් වශයෙන්, 1915 වසරෙහි සිට, ආර්ජන්ටිනාව විසින් සැප්තැම්බර් 11 දිනදී සමරන්නේ ඩොමින්ගො ෆොස්ටීනෝ සර්මියන්තෝගේ මරණය වන අතර,[2] ඉන්දියාව විසින්, 1962 වසරෙහි සිට, සැප්තැම්බර් 5 දිනදී සැමරෙන්නේ, ආචාර්ය සාර්වපල්ලි රාධක්‍රිෂ්නන්ගේ උපන්දිනයයි [3]). වෙනත් බොහෝ ජාත්‍යන්තර දිනයන්ට වෙනස්ව, රටවල් විසින් මෙම දිනය විවිධ දිනයන්හී සැමරීමටප්‍රාථමික හේතුව මෙයයි.

රට අනුව[සංස්කරණය කරන්න]

රට ගුරුවරුන්ගේ දිනය පවත්වන දිනය සටහන්
ඉන්දියාව සැප්තැම්බර් 5 ඉන්දියාවේ දෙවන ජනාධිපති වූ, අධ්‍යාපනික දර්ශනවේදී ආචාර්ය සාර්වපල්ලි රාධක්‍රිෂ්නන්ගේ උපන්දිනයයි [5 සැප්තැම්බර් 1888].
ඉන්දුනීසියාව නොවැම්බර් 25 ඉන්දුනීසියානු ගුරුවරුන්ගේ සංගමය, PGRI ඇරඹුනු දිනයම ජාතික ගුරුවරුන්ගේ දිනය ලෙසින් සැමරෙයි. ජාතික ගුරුවරුන්ගේ දිනය නිවාඩු දිනයක් නොවුනද, සමහර ගුරුවරුන්, මුල්ගුරුවරුන් සහ, පාසැල් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සේවය ඇගයීම සඳහා උත්සවාකාර අංග සහිතව මෙම දිනය සැමරෙයි.

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

  1. "වර්ල්ඩ් ටීචර්ස් ඩේ, ඔක්ටෝබර් 5". Unesco.org. සම්ප්‍රවේශය 2012-09-05. 
  2. "හිස්ටෝරියා". Jardindeinfantesdfs.com.ar. සම්ප්‍රවේශය 2011-10-02. 
  3. "ටීචර්ස් ඩේ, ටීචර්ස් ඩේ ඉන් ඉන්ඩියා - ප්‍රසිඩන්ට්ස් අබ්දුල් ස්පීච්". Indianchild.com. සම්ප්‍රවේශය 2011-10-02. 
"https://si.wikipedia.org/w/index.php?title=ගුරු_දිනය&oldid=326720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි