අයිශ්වර්යා රායි

විකිපීඩියා වෙතින්
අයිශ්වර්යා රායි
AishwaryaRai07-cropped.jpg
අයිශ්වර්යා රායි
උපත1 නොවැම්බර් 1973 (1973-11-01) (වයස 49)
මැනියලෝර්, කර්නාටක, ඉන්දියාව
නිවහනMumbai, Maharashtra, ඉන්දියාව
රැකියාවනිලියෙකි, නිරූපිකාවකි
සක්‍රීය වසර1991–වර්තමාන
කලත්‍රයා(යන්)අභිශේක් භච්චන් (2007–වර්තමාන)
දරුවන්1
අත්සන
Signature of Aishwarya Rai Bachchan.svg
අයිශ්වර්යා රායි,2008 නිශ්පාදන දියත් කිරීමකදී

අයිශ්වර්යා රායි භච්චන් (1976 නොවැම්බර් 1 දින උපත ලැබු,ඇතම් විට අයිශ්,ඈශ් ලෙස හදුන්වන.) ඉන්දියානු නිලියක් මෙන්ම ලෝක රූ රැජින ද විය. තම නිලි ජීවිතය අරම්භ කිරීමට ප්‍රථම, නිරූපිකාවක් ලෙස කටයුතු කල අතර, 1994 ලෝක රූ රැජින බවට පත් වෙමින් ප්‍රසිද්ධිය ලබන ලදි. රායි,දැනට හින්දි, ඉන්ග්‍රීසි, දෙමල, බෙන්ගාලි හා ජාත්‍යන්තර නිශ්පාදන වන "බ්‍රයිඩ් ඇන්ඩ් ද ප්‍රෙජුඩිස්(2004),"ද මිස්ට්‍රස් ඔෆ් ස්පෛසස්" (2005),ද ලාස්ට් රීජන්(2007)හා "ද පින්ක් පැන්තර්(2009) ඇතුලු චිත්‍රපට 40කට අධික ප්‍රමානයක රගපා ඇත. නිරතුරුවම ලොව වඩාත් ලස්සනම කාන්තාව ලෙස නම් කරන රායිගේ, ප්‍රථම සිනමා දර්ශනය වුයේ "මානි රත්නම් " ගේ දමිල චිත්‍රපටයක් වන "ඉරුවාර්"(1997)ය. වානිජමය වශයෙන් ප්‍රථමව සාර්ථක වු චිත්‍රපටය වුයේ දමිල චිත්‍රපටයක් වන "ජීන්ස්"(1988) ය. ඇය බොලිවුඩ්පුරයේ අවදානය දින ගත්තේ සංජේ ලීලා භන්සාලිගේ "හම් දිල් දේ චුකෙ සනම්" චිත්‍රපටයෙනි. එහි රගපෑම වෙනුවෙන් ඇයට හොදම නිලියට හිමි සම්මානය ලැබීය. 2002 දි ඇය,බන්සාලි ගේ දෙවන වැඩසටහන වන දේව්දාස් හි රගපෑ අතර,එ සඳහා ඇයට දෙවනි "හොදම නිලියට හිමි සම්මානය" ෆිල්ම් ෆෙයාර් උලෙලදි ලැබීය. 2003-2005 දක්වා විරාමයකින් පසුව,ඇය රගපෑ "ඩූම්" චිත්‍රපටය චිත්‍රපටි අතරින් විශාලතම වානිජමය සාර්ථකත්වය ලැබු එකක් විය. පසු කාලීනව ඇය විසින් වානිජමය වශයෙන් සාර්ථක වු "ගුරු"(2007) "ජෝධා අක්බර්"(2008) වැනි චිත්‍රපට වල රගපාමින් ඉන්දීය සිනමාවෙ තවමත් ප්‍රමුඛ නිලියක් ලෙස තම ස්ථාවරය ස්ථාපිත කරගෙන ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=අයිශ්වර්යා_රායි&oldid=457916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි