නූර් හොසේන් දිනය

විකිපීඩියා වෙතින්
නූර් හොසේන් 1987 නොවැම්බර් 10 දින විරෝධතාවයේ නිරත වේ. ඡායාරූපය දිනු අලාම් විසිනි

නූර් හොසේන් දිනය (බෙංගාලි: নূর হোসেন দিবস) යනු බංග්ලාදේශයේ ජාතික අනුස්මරණ දිනයක්. 1987 දී බංගලිදේශ ආඥාදායකයා හුසේන් මුහම්මද් එර්ෂාඩ් ගේ අත්තනෝමතික පාලනයට එරෙහිව රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම සඳහා විරෝධතාවයේ යෙදී සිටියදී නූර් හොසේන්ගේ ප්‍රාණ පරිත්‍යාගය සැමරීම සඳහා සෑම නොවැම්බර් 10 දිනකම එය සමරනු ලැබේ.[1][2] වෘත්තියෙන් මෝටර් රථ රියදුරෙකු වූ නූර් හොසේන් පොලිස් හමුදාව විසින් ඝාතනය කරන ලදී. ඔහුට වෙඩි තබන අවස්ථාවේ ඔහුගේ සිරුරේ සුදු පැහැති තීන්තවලින් සටන් පාඨ කිහිපයක් තිබුණා. මෙම දිනය සැමරීම සඳහා සංස්කෘතික හා දේශපාලන සංවිධාන විශේෂ වැඩසටහන් සඳහා අනුග්රහය දක්වන බැවින් සෑම වසරකම මෙම දිනය ගෞරවයට පාත්ර වේ.[3]එය මුලින් "'ඓතිහාසික නොවැම්බර් 10 සැමරීම" ලෙස හැඳින්වූ නමුත් බංග්ලාදේශයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන අවාමි ලීගය නූර් හොසේන් දිනයේ නම යෝජනා කිරීම හේතුවෙන් වෙනස් විය. එතැන් සිට එය එම නමින් හැඳින්වේ.[4]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "නූර් හොසේන් දිනය අදයි". ද ඉන්ඩිපෙන්ඩන්ට් (ඉංග්‍රීසි බසින්). ඩකා. 2013-12-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. බාබුල්, පර්වේස් (10 නොවැම්බර් 2013). "ෂහීඩ් නූර් හොසේන්ට උපහාරය - ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය භූමිකාව". ද ඩේලි ස්ටාර් (ඉංග්‍රීසි බසින්).
  3. "නූර් හොසේන් දිනය සමරනු ලැබීය". නිව් ඒජ් (ඉංග්‍රීසි බසින්). 11 නොවැම්බර් 2011. 2013-12-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-06-10.
  4. කදීර් (11 නොවැම්බර් 1991). "අත්තනෝමතිකත්වය සිංහාසනාරූඪ වූ නමුත් බංග්ලාදේශය ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය ගැන කල්පනා කරයි". ඇජෙන්ස් ප්‍රංශ ප්‍රෙස්.(ඉංග්‍රීසි බසින්).
"https://si.wikipedia.org/w/index.php?title=නූර්_හොසේන්_දිනය&oldid=525238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි