දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය

විකිපීඩියා වෙතින්
දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය
People's Liberation Organisation of Tamil Eelam
දෙමළ නමதமிழீழ மக்கள் விடுதலைக் கழகம்
නායකයාධර්මලිංගම් සිදාතන්
Dharmalingam Sidarthan
ආරම්භකඋමා මහේෂ්වරන්
ආරම්භය1980
බිඳීමදෙමළ ඊළාම් විමුක්ති කොටි
මූලස්ථානය16 Haig Road, බම්බළපිටිය, කොළඹ 4
මැතිවරණ ලාංඡනය
නැංගුරම
ගොනුව:DPLFS.png
වෙබ් අඩවිය
plote.org
පක්ෂ ධජය
ශ්‍රී ලංකාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (PLOTE/ප්ලොට්) යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ දමිළ සටන්කාමී සංවිධානයකි. නමුත් එය වර්ථමානයේ රජයට හිතවාදී දේශපාලන පාර්ශවකරුවෙක් වේ. ප්ලොට් හී වත්මන් දේශපාලන පාර්ශවය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණයි.

බිහිවීම[සංස්කරණය]

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්ථමේන්තුවේ සේවය කල හිටපු නිළදාරියෙකු වූ උමා මහේෂ්වරන් හෙවත් මුකුන්දන් විසින් 1980 වර්ෂයේදී, දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (PLOTE/ප්ලොට්) බිහිකරන ලදී. එම සංවිධානයේ මුල් ලේකම්වරයා වූවේද ඔහුයි. 1977-1980 අතර කාලයේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්ත සංවිධානයේ (LTTE) සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබූ ඔහු, යසර් අර්ෆත්ගේ අල්ෆාටා නම් සටන් සංවිධානයට සම්බන්ධ වී ලෙබනනයේ සහ පසුව සිරියාවේ පුහුණු වීම් ලැබූ බව පැවසෙයි. පසුව එල්ටීටීඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සමග ඇතිකරගත් ගැටුම් උග්‍රවීම නිසා, උමා මහේෂ්වරන් එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්ව 1980 වසරේදී, දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (PLOTE/ප්ලොට්) ඇතිකරන ලදී.