Jump to content

චාල්ස් ඩාවින්

විකිපීඩියා වෙතින්
චාල්ස් ඩාවින්
Three quarter length studio photo showing Darwin's characteristic large forehead and bushy eyebrows with deep set eyes, pug nose and mouth set in a determined look. He is bald on top, with dark hair and long side whiskers but no beard or moustache. His jacket is dark, with very wide lapels, and his trousers are a light check pattern. His shirt has an upright wing collar, and his cravat is tucked into his waistcoat which is a light fine checked pattern.
හතලිස් පස් වියැති ඩාවින්
උපත
චාල්ස් රොබට් ඩාවින්

1809, පෙබරවාරි 12 වන දින
ඵක්සත් රාජධානිය
මියගිය දිනය1882, අප්‍රේල් 19 වන දින
නිවහනඵංගලන්තය
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
පුරවැසිබවබ්‍රිතාන්‍ය
Scientific career
ක්ෂේත්‍රයස්වභාව විද්‍යාව

වසර 1809 පෙබරවාරි මස 12 වන දින උපත ලද චාල්ස් ඩාවින් නම් වූ ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයා වසර 1882 අප්‍රේල් මස 19 වන දින මෙලොවින් සමුගත්තේය. මේ ලෝ පතල ස්වභාව විද්‍යාඥයා ලොව සියළු ජීවී ප්‍රභේදයන්ගේ ආයු කාලය කාලයාගේ ඇවෑමෙන්, සිය පොදු මුතුන්මිත්තන්ගේ ආයු කාල සීමාවට සාපේක්ෂව ක්ෂය වී යන බවත්, ඒ සම්බන්ධව විශ්වයේ ර‍ඳා පැවැත්ම උදෙසා සිදුකරනා අරගලයේදී සියලු ජීවී ප්‍රභේදයන් ස්වභාවිකව වරණාත්මක තත්වයකට තල්ලු වී යන බවත්, එකී විද්‍යාත්මක ක්‍රියාවලිය පරිණාමවාදය වශයෙන් ලොවට හඳුන්වා දුන්නේය. තවද මෙකී රැඳී සිටීම සදහා සිදු කරන අරගලය කෘතිම අභිජනන ක්‍රියාවලිය වන වරණාත්මක ලෙස බෝ කිරීමට උපකාර වන බව අවධාරණය කළේය.

සිය පරිණාමවාදයේ න්‍යායන් ප්‍රකට කළ ඩාවින් 1859දී පළ කරන ලද සිය ග්‍රන්ථය තුලින් පල කළ අදහස්, යම් ජීවී ප්‍රභේදයක ආරම්භය කිසියම් වූ විද්‍යාත්මක නොවන තත්වාන්තරකරණ ක්‍රියාවලියකින් සිදුවන බවට පළවූ පරණ මතවාද දුරලන්ට සමත් විය. එහෙත් වැඩි දෙනා පිළිගත් මතය තරඟකාරී පහදාදීම වූ අතර, නව පරිණාමවාදී සංකලනය 1930 සිට 1950 කාලය දක්වා පලල්ව ඒකමතිකව වර්ධනය විය. පරිණාමවාදය සඳහා මූලික සිද්ධාන්තය වුයේ ස්වාභාවික වරණාත්මක ක්‍රියාවලියයි. ඩාවින්ගේ විද්‍යාත්මක සොයා ගැනීම ජීවී විද්‍යාත්මක සංකලනයන් එක්සත් කිරීමේ න්‍යායක්ද විය.

තම සිත තුල ජනිත වූ ස්වභාව ධර්මයේ න්‍යායන් සොයා යාමේ පරම ආශාව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවකු ලෙස බැඳී, වෛද්‍යවරයෙකු ලෙසින් සේවය ලබාදීමේ කර්තව්‍ය අතර මග නවතා ලීමට හේතුකාරක වූ අතර, තව දුරටත් සාගරික ජීවී සංකලන රටාව සම්බන්ධව අධ්‍යයනය කිරීමටද ඩාවින් පෙළඹවීය. පස් අවුරුද්දක් තුල කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේදී ලබාගත් දැනුම් සම්භාරය සමග මුසුවුණු එච්. එම්. එස්. බීගල් නෞකා චාරිකාවෙන් ලබාගත් අත්දැකීම් පරිණත භූ ගර්භ විද්‍යාඥයෙකු බවට පත්වන්නට ඩාවින්හට මහත්සේ උපකාරී විය. තවද මෙසේ ලබාගත් දැනුම හා සොයාගැනීම් චාල්ස් ලයිල් ගේ ඒකීයත්වය සම්බන්ධයෙන් පළවූ මතවාදය හා සහ සම්බන්ධ විය. ඩාවින් පළකල සමුද්‍රීය චාරිකාවේ ග්‍රන්ථය නිසා ඔහු තව තවත් ප්‍රසිද්ධියට පත් විය.

සිය ගවේෂණ චාරිකාවේදී සොයා ගත් භූ විද්‍යාත්මක වන ජීවී ප්‍රභේදයන් හා ඉපැරණි පොසිල තුලින් මතුවූ සාක්ෂි වලින් වික්ෂිප්ත භාවයට පත් ඩාවින් තවදුරටත් සංකීර්ණ වූ පර්යේෂණ කරා යොමු විය. 1838 දී ස්වභාවික වරණාත්මක ක්‍රියාවලිය නම්වූ සිය න්‍යාය තවදුරටත් ප්‍රගුණ කොට ප්‍රකට කළේය. සමකාලීන ස්වභාව විද්‍යාඥයන් හා අදහස් හුවමාරු කරගත් ඩාවින් සිය භූගර්භ විශ්ලේෂණයන් වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදුන්නේය. 1858 දී ඇල්ෆ්රිඩ් රසල් ඩාවින් වෙත චාරිකාවක් ඉදිරිපත් කළ අතර, දෙදෙනා එක්ව පොදු මතවාදයක් ලෙසින් එය ග්‍රන්ථාරූඪ කළේය. ඩාවින්ගේ සොයා ගැනීම් ජීවී පරිණාමයේ ක්ෂය වීම සහ සම්බන්ධ වූ වෙනස් වීමේ ක්‍රියාවලියක් වූ අතර, එම මතය ජීවී ප්‍රභේදයන්ගේ ඉදිරි පැවැත්ම උදෙසා ස්වභාව ධර්මයාගේ සහයෝගය පිළිබදව කදිම පිළිතුරක් විය. 1871දී ඩාවින් මානව ශිෂ්ඨාචාරයේ පරිණාමය ලිංග භේදයන්ට අනුව මිනිස් වර්ගයා තුලින් සිදුවන්නක් බවත්, ලිංග භේදයන්ට අනුව මිනිසා හා සත්වයන්ගේ භාව ප්‍රකාශනය එම උද්වේගයන්ට අනුව සිදුවන බවත් සොයාගත්තේය. ශාක ප්‍රභේදයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ ඩාවින් ඒ සම්බන්ධව ග්‍රන්ථ කීපයක් ලොවට දායාද කළ අතර, අවසාන කාලයේදී ගැඩවිලි පණුවන්ගේ ක්‍රියාකාරීත්වය පාංශු සංරක්ෂණය කෙරෙහි බලපාන ආකාරය සම්බන්ධව දීර්ඝ අධ්‍යයනයක් කළේය.

මානව වර්ගයේ පැවැත්ම, දැනුම් සම්භාරය වැඩි දියුණු කිරීම උදෙසා සුවිශේෂි සේවාවක් ඉටුකළ, ලොවක් දිනූ ස්වභාව විද්‍යාඥයා මෙලොවින් සමුගත් අවස්ථාවේදී, එතුමන්ට ගෞරවයක් ලෙසින්, වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී ගෞරව පෙරදැරිව විශේෂ වූ අවමංගල්‍ය උත්සවයක් සංවිධානය කළ අතර, ප්‍රකට විද්‍යාඥයන් වූ ජෝන් හර්ෂෙල් හා අයිසැක් නිව්ටන්ගේ සොහොන්වලට යාබදව මිහිදන් කරන ලදී.

ළමාවිය හා අධ්‍යාපණය

[සංස්කරණය]

ද මවුන්ට් නම් වූ සිය පවුල් නිවස්නයේදී, 1809 පෙබරවාරි දොලොස් වන දින, එංගලන්තයේ ශ්රෝප්ශයර්හි (Shropshire) ශ්රෑව්ස්බරී (Shrewsbury) හිදී උපන් චාල්ස් රොබට් ඩාවින්, සමාජයේ පිළිගත් වෛද්‍යවරයෙක් හා මූල්‍ය සපයන්නෙකු වූ රොබට් ඩාවින් හා සුසානා (Susannah) ඩාවින්ගේ පුතනුවන් විය. ඔහු දරුවන් එකොලොස් දෙනෙකුගෙන් වූ පවුලේ පස්වැන්නා විය. ඩාවින්ගේ මවගේ පියා ජොෂියා (Josiah) වෙජ්වුඩ් (Wedgwood) නම් වූ අතර, පියාගේ පියා එරාස්මස් (Erasmus) ඩාවින් නම් විය.

Three quarter length portrait of seated boy smiling and looking at the viewer. He has straight mid brown hair, and wears dark clothes with a large frilly white collar. In his lap he holds a pot of flowering plants
කුඩා ඩාවින්.

ස්වභාව ධර්මය පිළිබඳව වූ දැඩි ඇල්ම නිසා එඩ්න්බරෝ විශ්ව විද්‍යාලයේ තම වෛද්‍ය අධ්‍යාපණය අතහැර දැමූ ඩාවින්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ස්වභාව ධර්මයේ සිද්ධාන්තයන් පිළිබඳව අධ්‍යයනය කලේය. භූ විද්‍යාඥයෙකු වශයෙන් එච්. එම්. එස්. බීගල් නෞකා චාරිකාවට සහභාගී වීම තුලින් භූ විද්‍යාව පිළිබඳව මනා දැනුමක් ලබාගත් ඩාවින් පසුව ස්වභාවික වරණාත්මක ක්‍රියාවලිය ලොවට හඳුන්වා දීමට කටයුතු කළේය.

එච්. එම්. එස්. බීගල් ව්‍යාපෘතිය - එච්. එම්. එස් බීගල් නෞකාවේ දෙවන මුහුදු ගමන

[සංස්කරණය]

එච්. එම්. එස්. බීගල් නෞකාවේ දෙවන මුහුදු ගමන 1831 දෙසැම්බර් 27 වන දින සිට 1836 ඔක්තෝබර් 2 වන දින දක්වා වූ අතර, කපිතාන් රොබට් ෆිට්ස්රෝයි යටතේ එය මුහුදුගත කරන ලදී. නෞකාව තුල භූ විද්‍යාව සම්බන්ධව විශේෂඥ වරයෙකු සිටීමේ අවශ්‍යතාව වටහාගත් ෆිට්ස්රෝයි භූ විද්‍යාඥයෙකු හා තම සහකරු වශයෙන් උපාධීධර ඩාවින් සහභාගී කරවා ගැනීමට කටයුතු කළේය. නාවික ගවේෂණය අවසානයේදී භූ විද්‍යාඥයෙකු ලෙසටත්, පොසිල රැස්කරන්නෙකු ලෙසටත් සිය නාමය ගොඩනංවා ගැනීමට සමත්වූ ඩාවින් ද වෝයේජ් ඔෆ් ද බීගල් (The Voyage of the Beagle) නම් වූ කෘතිය පළකරමින් ලොපතල ලේඛකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වුනේය.

ඩාවින්ගේ පරිණාමවාදී මූලධර්මයේ ආරම්භය

[සංස්කරණය]

පරිණාමවාදය පිළිබඳව ගවේෂණය කිරීමට ඩාවින් යොමු වූයේ එච්. එම්. එස්. බීගල් නෞකා චාරිකාව නිමකර පැමිණි පසුවයි. මුලදී තම පුතා පූජකවරයෙකු බවට පත් වනු දැරීම අපේක්ෂා කළ ඩාවින්ගේ පියා පසුව ස්වභාව විද්‍යාඥයෙකු බවට පත් වීම සඳහා ඩාවින් හට අවසර ලබා දුන්නේය. පියාගෙන් අවසර ලබාගත් ඩාවින්ගේ පළමු කාර්යයන් වූයේ තම සොයා ගැනීම් විග්‍රහ කිරීම පිණිස සුදුසු විද්‍යාඥයන් සොයා ගැනීම, තම සොයා ගැනීම් විග්‍රහ කරමින් වාර්තාවක් සකස් කිරීම හා එය ලන්ඩනයේ පිහිටි භූ විද්‍යා සංගමයට ඉදිරිපත් කිරීමයි. මෙලෙස තම මූලධර්මය යථාර්තයක් බවට පත් කිරීම සඳහා නොකඩවා වෙහෙසුණු ඩාවින් පසු කලෙකදී පරිණාමවාදයේ පියා ලෙස විරුදාවලි ලැබුවේය.

ස්වභාවික වරණාත්මක ක්‍රියාවලිය

[සංස්කරණය]

ස්වභාවික වර්ණාත්මක ක්‍රියාවලිය ක්‍රමානුකූල ක්‍රියාවලියක් වන අතර, එය පරිණාමවාදයේ පදනමයි. ඩාවින් තම සොයා ගැනීම (ස්වභාවික වරණාත්මක ක්‍රියාවලිය) වර්තමාන විද්‍යාඥයන් විසින් පිළිගන්නා වරණාත්මක අභිජනනය සමඟ සසඳා බැලීමට කටයුතු කළ අතර, වරණාත්මක අභිජනනය එකල කෘතිම වරණාත්මක ක්‍රියාවලිය ලෙස හැඳින්වුණි.

විවාහය

[සංස්කරණය]
Three quarter length portrait of woman aged about 30, with dark hair in centre parting straight on top, then falling in curls on each side. She smiles pleasantly and is wearing an open necked blouse with a large shawl pulled over her arms
බිරිඳ , ඵමා ඩාවින්.

චාල්ස් ඩාවින් විවාහ වූයේ තම නෑනන්ඩිය වූ එමා වෙජ්වුඩ් (Emma Wedgwood) සමඟයි. විවාහ උත්සවය 1839 ජනවාරි මස 29 වන දින ක්‍රිස්තියානි ආගමේ චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූලව පවත්වන ලදී.

දරුවන්

[සංස්කරණය]

ඩාවින් හට දරුවන් දස දෙනෙක් සිටි අතර, ඔවුන් අතරින් දෙදෙනෙකු කුඩා අවදියේදී මියගොස් ඇත. දරුවන්ගේ නම් පහත සඳහන් පරිදි වේ.

Darwin in his thirties, with his son dressed in a frock sitting on his knee.
වර්ෂ 1842 දී ඩාවින් තම වැඩිමල් පුත් විලියම් සමඟ
  1. විලියම් එරාස්මස් ඩාවින් (1839/12/27 - 1914)
  2. ඈන් එලිසබෙත් ඩාවින් (1841/03/02 – 1851/04/23)
  3. මේරි එලීනර් ඩාවින් (1842/09/23 – 1842/10/16)
  4. හෙන්රීටා එමා ‘‘එටී’’ ඩාවින් (1843/09/25 – 1929)
  5. ජෝජ් හොවර්ඩ් ඩාවින් (1845/07/09 – 1912/12/7)
  6. එලිසබත් ‘‘බෙසී’’ ඩාවින් (1847/07/08 – 1926)
  7. ෆ්රැන්සිස් ඩාවින් (1848/08/16 – 1925/09/19)
  8. ලෙනාඩ් ඩාවින් (1850/01/15 – 1943/03/26)
  9. හොරේස් ඩාවින් (1851/05/13 – 1928/09/29)
  10. චාල්ස් වොරිං ඩාවින් (1856/12/06 – 1858/06/28)

අභාවය

[සංස්කරණය]

ඩාවින් ඇන්ජිනා පෙක්ටෝරිස් (angina pectoris) නම් වූ හෘද රෝගී තත්වයකින් පෙලුණු බව වර්ෂ 1882දී ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් විසින් සොයා ගන්නා ලදී. ලොවට ඉමහත් සේවයක් ඉටු කළ මෙම ශ්‍රේෂ්ඨ ස්වභාව විද්‍යාඥයා වර්ෂ 1882 අප්‍රේල් මස 19 වන දින මෙලොවින් සමුගත් අතර, ඔහුගේ මරණය හෘද වස්තුව අකර්මන්‍ය වීම හේතුවෙන් සිදුවුණු බවට වෛද්‍යවරුන් විසින් නිගමනය කරන ලදී.

ඩාවින් විසින් රචිත කෘතීන්

[සංස්කරණය]

ඩාවින් කෘතීන් බොහොමයක් රචනා කළ රචකයෙක් විය. ද වොයේජ් ඔෆ් ද බීගල් (The Voyage of the Beagle) නම් වූ කෘතිය තුලින් කතුවරයෙකු වශයෙන් තම නාමය ගොඩනංවා ගත් ඩාවින්, භූ විද්‍යාඥයෙකු වශයෙන් කටයුතු කරමින් දකුණු ඇමරිකාවේදී කෘතීන් කීපයක් පළ කළේය. කොරල්පර ජනනය වන ආකාරය පිළිබඳව ගවේෂණය කළ ඩාවින් ඒවාහි ඇලී ජීවත් වන බෙල්ලන් විශේෂයක් (Barnac‍les) පිළිබඳව කෘතියක් රචනා කළේය. ජීවී විශේෂයන්ගේ ආරම්භය පිළිබඳ වූ ‘‘ඔන් ද ඔරිජින් ඔෆ් ස්පයිසස්’’ (On the Origin of Spices) නම් කෘතිය ඩාවින්ගේ රචනා කෞෂල්‍ය මැනවින් විදහා දක්වන්නකි. වර්ෂ 1859 නොවැම්බර් 24 දින ඩාවින් විසින් ප්‍රකාශයට පත් කළ ඵය පරිණාමවාදී ජීව විද්‍යාවේ පදනම වශයෙන් සැලකිය හැක.

Head and shoulders portrait, increasingly bald with rather uneven bushy white eyebrows and beard, his wrinkled forehead suggesting a puzzled frown
වියපත් ඩාවින්.

මිනිසාගේ පැවැත්ම (The Descent of Man) සහ මිනිසා හා සත්වයන් තුල ජනනය වන හැඟීම් විග්‍රහ කිරීම (The Expression of the Emotions of Man and Animals) පිළිබඳ වූ ග්‍රන්ථ සමාජය තුල සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත් විය. ශාක පිළිබඳව ඩාවින් රචනා කළ කෘතීන් අතරින් පහත සඳහන් ඒවා වැදගත් තැනක් ගනී. පරිණාමය හා සබැඳි වැරදි මත

  • The Power of Movement in Plants
  • The formation of Vegetable Mould through the Action of Worms - පස සංරක්ෂණය කිරීම උදෙසා ගැඩවිලි පණුවන් ලබා දෙන දායකත්වය පිළිබඳව විග්‍රහ කරන මෙම කෘතිය චාල්ස් ඩාවින් විසින් රචිත අවසාන කෘතියයි.
"https://si.wikipedia.org/w/index.php?title=චාල්ස්_ඩාවින්&oldid=549409" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි