ශ්‍රී ලංකාවේ ජනාධිපති
ශ්‍රී ලංකාවේ ජනාධිපති | |
---|---|
![]() | |
ශෛලීය |
අතිගරු (අවිධිමත්) උත්තමයා (විධිමත් සහ රාජ්‍යතාන්ත්‍රික) |
මෙහි සාමාජිකයෙකි | කැබිනට් මණ්ඩලය |
නිවහන | ජනාධිපති මන්දීරය |
පත් කරන්නා | සෘජු මැතිවරණ ඡන්දයෙන් |
ධූර කාල ප්‍රමාණය | වසර පහකි, එක් වරක් යළි තරග කල හැකිය |
සංස්ථාපන ලිඛිතය | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව |
සමාරම්භක දරන්නා | විලියම් ගොපල්ලව |
සංස්ථාපනය | 22 මැයි 1972 |
වෙබ් අඩවිය |
ජනාධිපති ජනකාධිපති ලේකම් කාර්යාලය |
![]() |
පහත දැක්වෙන් කාණ්ඩවලට අයත් වේ: ශ්‍රී ලංකාවේ දේශපාලනය හා රජය |
දේශපාලන පක්ෂ |
විදේශ ප්‍රතිපත්තිය |
සබැඳි වාද විෂයයන් |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපතිවරයා (ඉංග්‍රීසි: President of the Democratic Socialist Republic of Sri Lanka ප්‍රසිඩන්ට් ඔෆ් ද ඩිමොක්ට්‍රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා; දෙමළ: இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் ஜனாதிபதி “ඉලංගෙයි යෙනනායක සෙයාසලිස කුඩියරස ජනාධිපති“) යනු ශ්‍රී ලංකාවෙහි මහජන ඡන්දයෙන් තේරී පත්වන රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවෙහි ප්‍රධානියා වෙයි. ජනාධිපතිවරයා යනු, ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන තනතුරුධාරියෙකි . මෙම තනතුර නිර්මාණය කෙරුණේ වසර 1978 දීය. මෛත්‍රීපාල සිරිසේන වර්තමානයේ මෙම තනතුර දරනු ලබයි.
ඉතිහාසය[සංස්කරණය]
ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාධිපති[සංස්කරණය]
නිදහස ලැබෙත්ම, ලංකාවේ විධායක බලතල පැවරී තිබුණේ, අග්‍රාණ්ඩුකාරවරයා වෙතින් නියෝජනය කෙරුණු, ලංකාවේ රජ වෙත වන අතර, මෙම බලතල අග්‍රාමාත්‍යවරයාගේ උපදේශනය පරිදී ක්‍රියාත්මක කෙරිණි . 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් රජුගේ බලතල ඉවත් කොට, අග්‍රාණ්ඩුකාරවරයා වෙනුවට ජනාධිපතිවරයා ආදේශනය කෙරුණු මුත්, එය බොහෝ දුරට සම්මානනීය තනතුරක් විය.