ජනරජ දිනය

විකිපීඩියා වෙතින්

එම රටවල් ජනරජ බවට පත්වූ දිනය සැමරීමට බොහෝ රටවල් කිහිපයක් පවත්වන සැමරුම් දිනය ජනරජ දිනය වෙයි. ඉන් බොහෝ රටවල මෙය නිවාඩු දිනයකි.

විවිධ රටවල ජනරජ දිනය[සංස්කරණය]

ඔක්තොම්බර්[සංස්කරණය]

තුර්කියේ ඔක්තොම්බර් 29[සංස්කරණය]

1923 ඔක්තොම්බර් 29 දිනදී, තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලද අතර තුර්කිය ජනරජයක් බවට පත්විය. ඔටෝමාන් අධිරාජ්‍යයේ විසුරවාහැරීම චාරිත්‍රානුකූලව ප්‍රකාශයට පත් කෙරු‍ණේ එවිටය. තුර්කිය සහ උතුරු සයිප්‍රසය පුරාම සෑම වසරකම ජනරජ දිනය (තුර්කි: කුම්පූරියෙත් බයිරම) උත්සවාකාරයෙන් සිහි කෙරෙයි. සැමරුම් අංග සාමාන්‍යයෙන් ඇරඹෙන්නේ පෙර දින අපරභාගයෙහිදීය. නිවාඩු දින උදෙසා, රජයේ කාර්යාල සහ පාසැල් එදින වසා තැබෙනු ලැබේ. එමෙන්ම, තුර්කියේ නගරවල ගිණිකෙළි සංදර්ශනද පැවැත්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ජනරජ_දිනය&oldid=428796" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි