Jump to content

උත්තරාඛණ්ඩ් ප්‍රාන්තය

විකිපීඩියා වෙතින්

උත්තරාඛණ්ඩ්
उत्तराखंड
ප්‍රාන්තය
භාරතයේ උත්තරාඛණ්ඩ් පිහිටීම
භාරතයේ උත්තරාඛණ්ඩ් පිහිටීම
උත්තරාඛණ්ඩ් සිතියම
උත්තරාඛණ්ඩ් සිතියම
රටභාරතය
සංස්ථාපනය9 නොවැම්බර් 2000
අගනගරයඩෙහෙරාඩූන්
විශාලතම නගරයඩෙහෙරාඩූන්
දිස්ත්‍රික්ක13
ආණ්ඩුව / පරිපාලනය
 • ආණ්ඩුකාරඅසීස් කුරේෂී
 • මහ ඇමතිවිජය බහුගුන (INC)
 • ව්‍යවස්ථාදායකයඒක-මණ්ඩල (ආසන 70 )
 • පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාශය5
 • මහාධිකරණයඋත්තරාඛණ්ඩ් මහාධිකරණය
සරිය
 • මුළු51,125 කිමී2 (19,739 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය18වන
ජනගහණය(2011)
 • මුළු10,116,752
 • අනුස්ථිතිය19වන
 • ඝණත්වය189/කිමී2 (490/වර්ග සැත)
වේලා කලාපIST (UTC+05:30)
ISO 3166 කේතයIN-UT
HDI0.515[1]
HDI අනුස්ථිතිය7වන (2011)
සාක්ෂරතාව79.63%
ලිංග අනුපාතය963
කථන භාෂාහින්දි, ගුර්වාලී, කුමාඋනි,උර්දු
නිල භාෂාහින්දි, සංස්කෘත
වෙබ් අඩවියuk.gov.in
^†  ඩෙහෙරාඩූන් යනු ප්‍රාන්තයේ තාවකාලික අගනුවර වෙයි. නව අගනුවර තවමත් තෝරාගෙන නොමැත.

අතීතයේ උත්තරන්චල් ලෙසින් හැඳින්වුනු, උත්තරාඛණ්ඩ් යනු භාරතයෙහි උතුරු පෙදෙසෙහි ප්‍රාන්තයකි. මෙම ප්‍රාන්තය පුරා විසිරී පිහිටා ඇති බොහෝ ශුද්ධවූ හින්දු දේවාලයන් සහ වන්දනාමය කේන්ද්‍රස්ථාන නිසා මෙය බොහෝවිට "දෙවිවරුන්ගේ දේශය" ලෙසින්ද හැඳින්වෙයි. උත්තරාඛණ්ඩ් ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධයට පත්ව ඇත්තේ හිමාලයෙහි, භාබර්හී සහ ටරායිහී ස්වභාවික සෞන්දර්යය එහි මනාව දර්ශනය වන නිසාය. අසබඩ පිහිටි උත්තර් ප්‍රදේශ් සතුව තිබූ හිමාලයානු වයඹ දිග දිස්ත්‍රික්ක උපයෝගී කරමින් 2000 නොවැම්බර් 9 වන දිනදී මෙම ප්‍රාන්තය තැනූ කල්හි, එය භාරතීය ජනරජයෙහි 27වන ප්‍රාන්තය බවට පත් විය. [3] එහි මායිම් වන්නේ, උතුරු දිශාවෙන් ටිබෙට් ස්වතන්ත්‍ර ප්‍රදේශය; නැගෙනහිරින් නේපාලයේ ඈත-බටහිර පෙදෙසෙහි, මහාකාලි කලාපය; දකුණෙන් උත්තර් ප්‍රදේශ් සහ වයඹ දෙසින් හිමාචල් ප්‍රදේශ් යන භාරතීය ප්‍රාන්ත වෙති. ගුර්වාල් සහ කුමාඋන් ලෙසින් ප්‍රාදේශික දෙකකට ප්‍රාන්තය බෙදෙන අතර, මුළු දිස්ත්‍රික්ක ගණන 13 ක් වෙයි. උත්තරාඛණ්ඩ් හී තාවතාලික අගනුවර වන්නේ ඩෙහෙරාඩූන් වන අතර, එය ප්‍රදේශයෙහි ප්‍රධාන දුම්රිය පොළක් සහ විශාලතම නගරයද වෙයි. ප්‍රාන්තයෙහි මහාධිකරණය නෙයිනිතාල් වෙයි.

ප්‍රාග්ඓතිහාසික කාලයන්හී සිට මෙම ප්‍රදේශයෙහි මිනිසුන් ජීවත්වූ බව පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇත. ගුර්වාල් සහ කුමාඋන් හී පළමු ප්‍රධාන රාජවංශ අතර වූයේ ශිව ආගමෙහි මුල් ආකාරයන් ඇදහූ හා පොදු යුගයට පෙර 2වන සියවසෙහි විසූ කුනින්ඩාවරුන් වූහ . කල්සි හී අශෝක අධිරාජයාගේ ආඥා ස්තම්බ තිබීමෙන් ගම්‍ය වන්නේ මුල් අවදියෙහිම මෙම ප්‍රදේශයෙහි බුද්ධාගම පැවති බවයි. මධ්‍යතන යුගයෙහිදී මෙම ප්‍රදේශය කුමාඋන් සහ ගුර්වාල් රාජධානිය යටතේ ශක්තිමත්ව පැවතිණි. 1803වන විට ප්‍රදේශය නේපාලයෙහි ගුර්කා අධිරාජ්‍යයෙහි පාලනය යටතට පත්වූ අතර 1816දී ඉංග්‍රීසි-නේපාල යුද්ධය අවසන් වීමත් සමගම නූතන උත්තරාඛණ්ඩ්හී බොහෝ කොටස් බ්‍රිතාන්‍යයන් වෙත උත්ත්‍යක්ත වූයේ සුගවුලි ගිවිසුම යටතේය. පූර්වකාල කඳුරට රාජධානි වූ ගුර්වාල් සහ කුමාඋන් යන්නවුන් සාම්ප්‍රදායික සතුරන් වූ නමුත්, විවිධ අසල්වැසි වාර්ගික කණ්ඩායම් අසබඩින් වූ නිසාත්, ඔවුන් අතරවූ වෙන් කල නොහැකි සහ ඌනපූරක වූ භූගෝලීය, ආර්ථික, සංස්කෘතික, භාෂාමය, සහ ජනශ්‍රැතියන් නිසා ප්‍රදේශ අතර ප්‍රබල සම්බන්ධතා ගොඩනැගුණු අතර 1990 ගණන් වලදී ප්‍රාන්ත භාවය ලඟාකර ගැනුමෙහි ව්‍යාපාරයේදී එය තවදුරටත් ශක්තිමත් විය.

ප්‍රාන්තයෙහි වැසියෙන් සාමාන්‍ය වශයෙන් ගුර්වාලි හෝ කුමාඋනි ලෙසින් හැඳින්වෙනුයේ ඔවුන්ගේ සම්භවය සිදුවූ ස්ථානය අනුවය. භාරතයේ 2011 ජන සංගණනය අනුව උත්තරාඛණ්ඩ් ප්‍රාන්තයෙහි ජනගහණය 10,116,752 වූ අතර, එය භාරතයේ 19වන වඩාත් ජනාකීර්ණ ප්‍රාන්තය විය. ජනගහණයෙන් වැඩි කොටසක් රාජ්පුත්වරුන් සහ බ්‍රාහ්මණයන් වෙති. ජනගහණයෙන් 88% කට වැඩි දෙනා හින්දු භක්තිකයෝ වෙති. සුළුතරය අතරින් ඉහළින් සිටින්නේ මුස්ලිම්වරුන් වන අතර, සීක් වරුන්, ක්‍රිස්තියානින්, බෞද්ධයන්, සහ ජෛනයන් අනෙකුත් ප්‍රධාන ආගම් වෙති. ගුර්වාලි සහ කුමාඋනි යනු ප්‍රධාන ප්‍රාදේශීය භෘසා දෙක වන අතර වඩාත් පුළුල් ලෙසින් කතා කරන භාෂාව වන්නේ හින්දි භාෂාවයි.

ගංගෝත්‍රි හිදී ගංගා ගඟද යමුනෝත්‍රි හිදී යමුනා ගඟද වශයෙන් හින්දු ආගමෙහි වඩාත් වැදගත් ගංගා දෙකක් ප්‍රදේශයෙන් ඇරඹෙයි. මෙම ගංගා දෙක හා සමග භද්‍රීනාත් සහ කේදාර්නාත් එක්ව, හින්දුවරුන්ට ශුද්ධවූ වන්දනා ස්ථානයක් වන චෝටා චාර් දාම් තනයි. ඉන්දියානු අර්ධද්වීපයෙහි පැරණිතමය වන, ප්‍රාන්තයෙහි පිහිටි ජිම් කෝබට් ජාතික වනෝද්‍යයානයෙහිදී, බෙංගාල කොටියා දැක ගත හැක. මෙයට අමතර වශයෙන්, විවිධ මල් සහ ශාක වර්ග සහිත යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන පුෂ්ප මිටියාවතද මෙම ප්‍රාන්තයෙහිදී දැක ගත හැක.

ශබ්ද නිරුක්තිය

[සංස්කරණය]

උත්තරාඛණ්ඩ් නාමය බිඳී ඇත්තේ උතුරු දිශාව යන අරුත් දෙන උත්තරා (उत्तर) යන් සංස්කෘත වචනයද සහ, රට හෝ රටෙහි කොටස යන අරුත් දෙන කන්ඩ් (खण्ड्) යන වචන දෙක එක් වීමෙනි. ආදි හින්දු ධර්ම ග්‍රන්ථයන්හී මෙම නම සඳහන් වන්නේ කේඩකන්ඩ් (වර්තමානයෙහි ගුර්වාල්) සහ මනස්කන්ඩ් (වර්තමානයෙහි කුමාඋන්) යන්නන්හි ඒකාබද්ධ ප්‍රදේශය ලෙසිනි. උත්තරාඛණ්ඩ් යනු, ඉන්දියානු හිමාලය පෙදෙසෙහි මධ්‍යම ප්‍රදේශය සඳහා භාවිතා වූ පුරාතන පුරාණ ග්‍රන්ථමය (पौराणिक) පදයක්ද වෙයි. [4]

කෙසේවෙතත්, ප්‍රාන්ත ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක නව අදියරක් 1998දී ඔවුන් විසින් ඇරඹුනු විට, භාරතීය ජනතා පක්ෂය (බීජේපී)-නායකත්වය සැපයූ රජය විසින් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය විසින්, මෙම ප්‍රදේශය සඳහා උත්තරන්චල් යන නම ලබා දෙන ලදි. බෙදුම්වාදී වචනාර්ථයන් අඩුවෙන් දක්වතැයි ප්‍රෝක්ත බැවින් මෙම පදය තෝරාගැනුනේ යැයි පැවසුනද, මෙම වෙනස නිසාවෙන්, වෙනම ප්‍රාන්තයක් වෙනුවෙන් සටනට බැස යිටි ක්‍රියාකාරීන් අතර අතිමහත් මතභේදයක් ඇතිවූයේ මෙය දේශපාලනමය පියවරක් ලෙසින් ඔවුන් අර්ථකථනය කල බැවිනි. [5] කෙසේවෙතත්, මෙම පියවර වැලැක්වීමට ඔවුහූ අසමත් වූහ. නිල භාවිතය විලසින් උත්තරන්චල් යන නම භාවිතාව සඳහා පනවන ලද මුත්, උත්තරාඛණ්ඩ් යන නාමය ප්‍රදේශයෙහි ජනප්‍රියව පැවැතියේය.

2006 අගෝස්තු මසදී, භාරතීය මධයම රජයෙහි කෑබිනට් මණ්ඩලය, උත්තරන්චල් ප්‍රාන්තයෙහි ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවෙහි සහ උත්තරාඛණ්ඩ් ව්‍යාපාරයෙහි ප්‍රමුඛ සාමාජිකයන්ගේ ඉල්ලීම් වලට අනුව, උත්තරන්චල් ප්‍රාන්තය උත්තරාඛණ්ඩ් ලෙසින් යළි නම් කෙරුමට එකඟ විය. මේ සඳහා වන නීති රීති, ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව විසින් 2006 ඔක්තොම්බර් මස සම්මත කර ගන්නා ලද අතර,[6] ඹධ්‍යම රජයේ කැබිනට් මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ සිසිර සැසිය වෙත පණත ඉදිරිපත් කලේය. පාර්ලිමේන්තුව විසින් පණත සම්මත කරන ලද අතර 2006 දෙසැම්බර් මසදී ජනාධිපති අබ්දුල් කලාම් විසින් එයට අත්සන් තබා එය නීතිය බවට ඇතුලත් කෙරිණි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ඉනික්වලටි- ඇජස්ටඩ් හියුමන් ඩිවලප්මන්ට් ඉන්ඩෙක්ස් ෆෝ ඉන්ඩියාස් ස්ටේට්ස්-2011" (PDF). එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. සම්ප්‍රවේශය 17 ජූලි 2012.
  2. ^ http://www.harbanskapoor.com
  3. ^ "අබවුට් අස්". උත්තරාකන්ඩ් රජය. සම්ප්‍රවේශය 17 ජූලි 2012.
  4. ^ කන්ඩාරි, ඕ. පී., හා ගුසේන්, ඕ. පී. (සංස්.). (2001). ගුර්වාල් හිමාලයා: නේචර්, කල්චර් ඇන්ඩ් සොසයිටි. ශ්‍රීනගර්, ගුර්වාල්: ට්‍රාන්ස්මීඩියා.
  5. ^ නෙගි, බී. (2001). "රවුන්ඩ් වන් ටු ද ලොඉිස්ට්ස්, පොලිටීසීයන්ස් ඇන්ඩ් බිව්රොක්‍රැට්ස්." ඉන්ඩියන් එක්ස්ප්‍රස්, 2 ජනවාරි.
  6. ^ UNI. (2006). “උත්තරන්චල් බිකම්ස් උත්තරාකන්ඩ්." ට්‍රිබියුන් (ඉන්දියාව), 12 ඔක්තොම්බර්.