විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 3

විකිපීඩියා වෙතින්

නොවැම්බර් 3: ඩොමිනිකා (1978) හී , මයික්‍රොනීසියා ගිවිසුම් ජනපදයන්ගේ (1986), සහ පැනමාවෙහි (1903) නිදහස් සැමරුම් දිනය; ජපානයෙහි සංස්කෘතික දිනය

  • 644 – පර්සියානු වහලෙකුවූ පිරෝස් නවහන්දි නමැත්තා විසින්, මුහමද් තුමාගේ අනුප්‍රාප්තිකයාවූ මුස්ලිම් කාලිෆ් උමාර් හට පිහියෙන් ඇන මරණීය තුවාල සිදු කළේය.
  • 1935 –ග්‍රීක ජනමත විමසුමෙහිදී ප්‍රකාශිත ඡන්ද වලින් 98% පමණ අනුමත කළේ හෙලනෙස්හී රජ ලෙසින් දෙවන ජෝර්ජ් රජ යළි ස්ථාපිත කිරීමය.
  • 1979එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ග්‍රීන්ස්බරෝ නුවරහී පැවැති උද්ඝෝෂණයකදී කූ ක්ලක්ස් ක්ලෑන් හා ඇමරිකානු නාසි පක්ෂයේ සාමාජිකයන් විසින් එක්සත් ජනපද කොමියුනිස්ට් කම්කරු පක්ෂයෙහි සාමාජිකයන් පස්දෙනෙක් වෙඩි තබා ඝාතනය කරනු ලැබූහ .
  • 1988 – ශ්‍රී ලාංකික දෙමළ කුලී හේවායන් මාලදිවයිනේ රජය පෙරලා දැමීමට උත්සාහ කළහ.
  • 2007පකිස්තානු ජනාධිපති සහ යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි පර්වෙස් මුෂාරෆ් විසින් පකිස්තානය පුරා හදිසි අවස්ථාවක් පනවමින්, පකිස්තානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිෂ්ප්‍රභා කරන බව ප්‍රකාශ කළේය.
  • 2016ශ්‍රී ලංකාවේ ගායකයා ඩබ්ලිව්. ඩී. අමරදේවගේ (සේයාරුව) අභාවය.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 2නොවැම්බර් 3නොවැම්බර් 4