විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි
තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 08:50 බදාදා, ජනවාරි 15, 2025 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න
<< | Selected anniversaries for January |
>> | ||||
---|---|---|---|---|---|---|
ඉරිදා | සඳුදා | අඟ. | බදාදා | බ්‍රහස් | සිකු. | සෙන. |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 | |
An archive of historical anniversaries that appeared on the Main Page 2025 day arrangement |
ජනවාරි 1: නව වසර (ග්‍රෙගරි දින දසුන)
තවත් සිදුවීම්: දෙසැම්බර් 31 – ජනවාරි 1 – ජනවාරි 2
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 2: නව වසරේ දෙවැනි දිනය (සමහර රටවල නිවාඩු දිනයකි);
තවත් සිදුවීම්: ජනවාරි 1 – ජනවාරි 2 – ජනවාරි 3
view – සාකච්ඡාව – edit – history
- 1742 - ඩැනියෙල් ඔවර්බීක් මෙරට නව ලන්දේසි ආණ්ඩුකාරවරයා ලෙස පත් වීම.
- 1919 - මහාචාර්ය එමෙස්ට් රුත්ෆොර්ඩ් විසින් පරමාණුක විභේදනය සාර්ථකව සොයා ගන්නා ලදී.
- 1923 - මහනුවර නගර මධ්‍යයේ යුද්ධ ස්මාරකයක් පිහිටුවීම.
- 1962 - රක්ෂණ සමාගම ජනසතු කර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිහිටු වීම.
- 1962 - විසිතුන්වන ජුවාම් පාප් වහන්සේ විසින් ෆිඩෙල් කැස්ත්‍රෝ කතෝලික සභාවෙන් නෙරපනු ලබයි.
- 1967 - හිරු එළිය භාවිතයෙන් නිවාස සීත කරන සහ උණුසුම් කරන උපකරණය සඳහා හැරී තොම්සන් විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී.
- 1970 - නාරාහේන්පිට පිහිටි කම්කරු ලේකම් කාර්යාලය විවෘත කිරීම.
- 1977 - ඇපල් පරිගණකය සංස්ථාපිත කරන ලදී.
- 1957 - ලොව පළමු විදුලි ඔරලෝසුව, හැමිල්ටන් ඔරලෝසු සමගම මගින් හඳුන්වා දීම.
- 1888 - ලික් පර්යේෂණාගාරයේ පැවති වර්තක දුරදක්නය මගින් පළමු වරට සෙ.මී. 91 ක විශ්කම්භයක් මනින ලදී. එය එකල පැවති විශාලතම දුරදක්නයයි.
- 1996 - පළමු මෝටරෝලා ස්ටාර්ටැක් දුරකථනය නිපදවන ලදී.
- 1999 - ඇමරිකාව අඟහරු ග්‍රහයා තරණයට පිටත් වීම.
තවත් සිදුවීම්: ජනවාරි 2 – ජනවාරි 3 – ජනවාරි 4
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 4: බුරුමයෙහි නිදහස් දිනය
- 1840 - බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් පනවනු ලැබ තිබු මාළු බද්ධ අහෝසි කිරීම.
- 1847 - සැමුවෙල් කෝල්ට් විසින් ඔහුගේ පළමු රිවෝල්වරය අමෙරිකානු රජයට විකිණීම.
- 1861- සෙනෙට් සභාවේ න්‍යාය පත‍්‍රය ප‍්‍රථම වරට සිංහල බසින් නිකුත් කිරීම.
- 1923 - කොටුව ,මල්වත්ත වීදිය කෙලවරේ පිහිටි සුප්‍රකට ඛාන් ඔරලෝසු කුළුන විවෘත කිරීම.
- 1949 - නිදහස් මන්දිරයට ඩී.එස්. සේනානායක විසින් මුල් ගල තැබීම.
- 1951 - ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහියංගන දාගැබ විවෘත කිරීම.
- 1959 - ලුනා 1 යානය සඳ ආසන්නයට ගිය පළමු යානය බවට පත්වීම.
- 1993 - බුන්දල වන ජීවී රක්ෂිතය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.
- 2004 - නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා ගවේෂණයට යැවූ ස්පිරිට් යානය ජගත් වෙලාවෙන් 4.35 ට අඟහරු මත ගොඩ බැස්සීම.
- 2004 - දකුණු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ විද්‍යානඥයින් විසින් ජෙනෝම සෛලවල ත්‍රිමාන ආකෘතියේ නිවැරදි බව පිළිබඳ ක්‍රමවේදයක් දියුණු කරන ලදී.
තවත් සිදුවීම්: ජනවාරි 3 – ජනවාරි 4 – ජනවාරි 5
view – සාකච්ඡාව – edit – history
- 1866 - කොළඹ නගර සභාව සඳහා ඡන්දයෙන් තේරී පත් වු මන්ත‍්‍රීවරුන්ට අමතරව ආණ්ඩුකාරවරයා විසින් ප‍්‍රථම වරට නාගරික මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පත් කරනු ලැබීම.
- 1892 - පළමු සාර්ථක ඌෂාලෝක ජායාරූපය ජර්මන් භෞතික විද්යාඥ මාර්ටින් බ්රෙන්දල් විසින් සාදන ලදී.
- 1896 - එක්ස් කිරණ පිළිබඳ ගවේෂණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පුවත්පතක් මගින් වාර්තා කිරීම. (මෙය ඒ පිළිබඳ පළමු ප්‍රකාශනයයි.)
- 1925 - මහව සිට කැකිරාව දක්වා නව දුම්රිය මාර්ගය විවෘත කිරීම.
- 1933 - ගෝල්ඩන් බ්රිමජ් පාලමේ වැඩ කටයුතු ඇරඹීම.
- 1933 එරිස් නමැති කුරු ග්‍රහලෝකය සොයා ගැනීම. මේ සඳහා මයික් බ්‍රවුන්, චැඩ් ට්‍රැජිලෝ සහ ඩේවිඩ් රබිනවිට්ස් හවුල් විය.
- 1948 - වෝනර් බ්‍රදර්ස් විසින් පළමු වර්ණ පුවත් වැඩසටහන ඉදිරිපත් කිරීම.
- 1962 - පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීම.
- 1962 - අන්තර්ජාතික මුදල් අරමුදලේ ණය දීමේ හැකියාව වැඩි කිරීමට ණය ගැනීමේ පොදු සම්මුතිය අනුමත කරන ලදී.
- 1967 - "ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව" නමින් ගුවන්විදුලිය සංස්ථාවක් බවට පත් කිරීම.
- 1971 - රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පිහිටුවීම.
- 1971 - ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පළමු එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පැවැත්වුණි.
- 1981 - සේවක භාරකාර අරමුදල පිහිටුවන ලදී.
- 2000 - ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෝලියෝ මුලිනුපුටා දැමිය යුතු බව නිවේදනය කරන ලදී.
- 2000 - කුමාර් පොන්නම්බලම් මහතාගේ අභාවය.
- 2002 - එක්සත් ජාතික පක්ෂයේ උපනායක ගාමිණි අතුකෝරාල මහතාගේ අභාවය.
- 2002 - එකොළොස් වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වීම.
තවත් සිදුවීම්: ජනවාරි 4 – ජනවාරි 5 – ජනවාරි 6
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 6: ඉරාකයේ සන්නද්ධ හමුදා දිනය
- 1681 - පළමු වරට බොක්සිං තරගයක් පිළිබඳ වාර්තා වීම.
- 1714 - ඉංග්‍රීසි ජාතික හෙන්රි මිල් විසින් යතුරුලියනය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී.
- 1838 - සැමුවෙල් මොර්ස් සහ ඔහුගේ සහයකයා එක්ව ඔවුන්ගේ නවතම සොයා ගැනීම වන විදුලි පණිවිඩ හුවමාරු ක්‍රමය ප්‍රදර්ශනය කළහ.
- 1852 - බ්‍රේල් ක්‍රමය ලොවට හඳුන්වා දුන් ලුවී බ්‍රේල් මිය යාම.
- 1884 - ප්‍රවේණි විද්‍යා මූල ධර්මය ලොවට හඳුන්වා දුන් ග්‍රෙගර් මෙන්ඩල් පියතුමා ස්වර්ගස්ථ වීම.
- 1844 - ඇමෙරිකාවේ ලෝපස් සඳහා ප්‍රථම පේටන්ට් බලපත්‍රය එස්. බ්‍රොද්මිඩව් ලබා දීම.
- 1851 - පෘථිවියේ භ්‍රමණය පිළිබඳ ලිඔන් ෆොව්කොල්ට් විසින් පර්යේෂණාත්මකව ඔප්පු කිරීම.
- 1857 - බෙත්ලෙහෙමේ සැමුවෙල් වෙතෙරිල් හට එරට සින්ක් (Zn) සහිත පස් සොයා ගැනීම නිමිත්තෙන් පේටන්ට් බලපත්‍රය ලබාදීම.
- 1913 - විලියම් එම්. බුටන් විසින් ඛනිජ තෙල් බිඳ හෙළීමේ ක්‍රියාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම. එනම් තෙල් ගැසොලින් බවට පත් කිරීමේ ක්‍රියාවලියයි.
- 1926 - ජර්මනියේ නිල ගුවන් සේවාව වන සුප‍්‍රකට LUFFTHONSA ගුවන් සේවය පිහිටු වීම.
- 1927 - නිව්යෝර්ක් හා ලන්ඩන් නුවර අතර පළමු වරට අත්ලාන්තික් සාගරය හරහා වාණිජමය දුරකථන සම්බන්ධතා ඇති කිරීම.
- 1929 - සිල්කොන් කර්මාන්තශාලාව ලොව පළමු වරට කිරි ප්‍රවාහනය සඳහා වීදුරු බෝතල් වෙනුවට ඉතා ඝන ඉටි කඩදාසි පෙට්ටි භාවිතය ඇරඹීම.
- 1930 - එක ඉනිමකදී නොදැවී ලකුණු 452 ක් ලබා ගනිමින් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීම.
- 1949 - කැලිෆෝනියා සරසවියේ ආචාර්ය ඩැනියෙල් චාපින් පිස හා ආචර්ය රිචර්ඩ් ෆ්රලි බකෙර් එක්ව පළමු වතාවට ජානවල ඡායාරුප ගැනීම.
- 1947 - ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පොලිස්පතිවරයා ලෙස රිචර්ඩ් අලුවිහාරේ මහතා පත්වීම.
- 1960 - දින 122 ක් අගමැතිව සිටි ඩබ්ලිව්. දහනායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.
- 1966 - ඉරිදා නිවාඩු දිනය වෙනුවට පෝය දින නිවාඩුව ක්‍රියාත්මක කිරීම.
- 1971 - වර්ධක හෝමොනයන්හි සංශ්ලේෂී නිෂ්පාදනය පිළිබඳ රසායනඥයින් නිවේදනය කිරීම.
- 2002 - මුත්තයියා මුරලිදරන් සිම්බාබ්වේට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගයකදී කඩුලු 10 ක් ලබා ගනිමින් එම දක්ෂතාවය වැඩිම වාර ගණනක් කළ පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් තැබීම.
තවත් සිදුවීම්: ජනවාරි 5 – ජනවාරි 6 – ජනවාරි 7
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 7: නත්තල (ජූලියානු දින දසුන);
- 1610 - ගැලීලියෝ ගැලිලි විසින් ඔහුගේ විසි ගුණයක බලයක් සහිත කුඩා දුරදර්ශකය යොදා ගෙන සඳ මතුපිට ආවට පිළිබඳ කළ නිරීක්ෂණය පිළිබඳ පළමු වරට ලිපියක් ලියන ලදී.
- 1785 - ප්‍රංශ ජාතික ජීන් පියර් බ්ලන්චර්ඩ් සහ ඇමරිකානු චිකිත්සක සහ වෛද්යෝ ජෝන් ජෙෆ්රිස් එක්ව ප්‍රථම ගුවන්තරණය උණුසුම් ගුවන් බැලුනයක් ආධාරයෙන් එංගලන්තයේ සිට ප්‍රංශයට සිදුකිරීම. මෙය පළමු ඡාත්‍යන්තර පියාසැරියයි.
- 1832 - ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත වන ද කලම්බු ජර්නල් පුවත්පත ආරම්භ කිරීම.
- 1839 - ලුවිස් ඩගියුරේ විසින් සිය ඡායාරුපකරණ ක්‍රමවේදය පිළිබඳ පළමු නිවේදනය නිකුත් කිරීම.
- 1839 - බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් මෙරට මුඩු බිම් අක්කරය සිලිං පහ බැගින් වු මිලකට අලෙවි කරනු ලැබීම.
- 1927 - මුල්වරට අත්ලාන්තික් සාගරය හරහා ( නිව්යෝර්ක් හා ලන්ඩන් අතර) ට‍්‍රාන්ස් අත්ලාන්තික් වාණිජ දුරකථන සේවය ආරම්භ කිරීම.
- 1930 - ෆ්රැන්සියම් මුලද්‍රව්‍ය සොයා ගැනීම. මෙය ස්වභාවික වශයෙන් අවසානයට හමුවූ මුලද්‍රව්‍යයි. මෙය බෙහෙවින් ක්ෂාර වූ ලෝහ පරමාණුවකි. පරමාණුක අංකය 87 වේ.
- 1973 - දේශපාලනඥයෙකු මෙන්ම සුප‍්‍රකට සාහිත්‍යධරයෙකු වු අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාගේ අභාවය.
- 1976 - ජැමෙයිකාවේ පවත්වන ලද අතුරු කමිටුව අන්තර්ජාතික මුදල් ක‍්‍රමයෙහි අතුරු ප‍්‍රතිසංස්කරණ නිම කළහ.
- 1976 - අන්තර්ජාතික මුදල් අරමුදලේ සලාක වැඩි කිරීම. විනිමය අනුපාතික ක‍්‍රමය සහ රන්වල කාර්යය පිළිබඳ මෙහි දී එකඟත්වයක් ඇති කර ගන්නා ලදී.
- 1990 - ජලය, වාතය, ගොඩබිම හා ශබ්ද දුෂණය නොවන බවට බලපත්‍රයක් ලබා ගෙන පරිසරයේ කුමන හෝ කටයුත්තක් කළ යුතු යැයි නීති පැනවීම.
- 2006 - හිටපු ඇමතිනී විමලා කන්නනගරගේ අභාවය.
තවත් සිදුවීම්: ජනවාරි 6 – ජනවාරි 7 – ජනවාරි 8
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 8: එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය
- 1547 – ලිතුවේනියානු භාෂාවේ පළමු ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරයි.
- 1828 – එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඩිමොක්රටික් පක්ෂය පිහිටුවනු ලැබෙයි.
- 1940 – දෙවන ලෝක යුද්ධය: එක්සත් රාජධානිය ආහාර සලාකනය බලාත්මක කරයි.
- 2008 – දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ජා-ඇල ප්‍රදේශයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරයි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ද. මු. දසනායක ජීවිතක්ෂයට පත්වෙයි.
- 2009 – ශ්‍රී ලාංකික මාධ්‍යවේදීයෙකු වන ලසන්ත වික්‍රමතුංග (සේයාරුව) කොළඹ දී ඝාතනයට ලක්වෙයි.
- 2015 – ශ්‍රී ලංකාවේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන තේරී පත්වෙයි.
තවත් සිදුවීම්: ජනවාරි 7 – ජනවාරි 8 – ජනවාරි 9
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජනවාරි 8 – ජනවාරි 9 – ජනවාරි 10
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 10: මොරොක්කෝවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ දිනය (1944);
- 1863 – ලෝකයේ පළමු උමං දුම්රිය මාර්ගය එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේදී විවෘත වෙයි.
- 1954 – මධ්‍යධරණී මුහුදට ඉහළින් සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1966 – ඉන්දියාව සහ පකිස්ථානය අතර සාම ගිවිසුමක් උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් නගරයේදී අත්සන් කරයි.
- 1974 – ශ්‍රී ලංකාවේ යාපනය නගරයේ පැවති ලෝක දෙමළ පර්යේෂණ සමුළුවේ රැස්වීමකට ශ්‍රී ලංකා පොලිසිය ප්‍රහාරයක් එල්ල කරයි (ස්මාරකය සේයාරුව) .
- 1989 – දෙවන ජවිපෙ කැරැල්ල: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර ආසන සංවිධායක ඉන්ද්‍රපාල අබේවීර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඝාතනය කරයි.
- 2012 – පකිස්ථානයේ ජම්රුඩ් නගරයේ සිදවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 78 දෙනෙකු තුවාල ලැබෙයි.
තවත් සිදුවීම්: ජනවාරි 9 – ජනවාරි 10 – ජනවාරි 11
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 11: මොරොක්කෝවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ දිනය (1944);
- 1787 – යුරේනස් ග්‍රහලෝකයේ ටයිටේනියා සහ ඔබරොන් චන්ද්‍රයින් දෙදෙනෙකු විලියම් හර්ෂල් සොයා ගැනියි.
- 1917 – කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ ලින්ඩ්හර්ස්ට් ප්‍රදේශයේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් සිදුවෙයි.
- 1941 – කුමාරතුංග මුනිදාස (සේයාරුව) හෙළ හවුල සංවිධානය පිහිටුවයි.
- 1966 – ජෝර්ජියාවේ ටිබිලිසි අගනුවර උමං දුම්රිය පද්ධතියක් විවෘත කරයි.
- 1989 – ඇල්ජීරියාවේ සිදි-හමෙඩ් ප්‍රදේශයේ සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයන් 400 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2020 – කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය: කොවිඩ්-19 ආසාදනයෙන් වාර්තා වූ පළමු මරණය චීනයේ හුබෙයි ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
තවත් සිදුවීම්: ජනවාරි 10 – ජනවාරි 11 – ජනවාරි 12
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 12: ටර්ක්මෙනිස්ථානයේ අනුස්මරණ දිනය (1881);
- 1866 – කොළඹ මහ නගර සභාවට පළමු වරට මැතිවරණයක් පැවැත්වෙයි.
- 1918 – එංගලන්තයේ හැල්මර් එන්ඩ් ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 155 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1933 – ස්පාඤ්ඤයේ කාසස් විහේහාස් ප්‍රදේශයේ රක්ෂිත පොලිසිය විසින් ගොවීන් 22 දෙදෙනකු ඝාතනය කරයි.
- 1955 – එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2006 – සවුදි අරාබියේ මිනා ප්‍රදේශයේ ඇතිවූ තෙරපීමකින් මුස්ලිම් හජ් වන්දනාකරුවන් 362කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 2010 – හයිටි රාජ්‍යයේ ඇතිවූ භූමිකම්පාවකින් (සේයාරුව) පුද්ගලයන් 300,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
තවත් සිදුවීම්: ජනවාරි 11 – ජනවාරි 12 – ජනවාරි 13
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 13: ටෝගෝ රාජ්‍යයේ විමුක්ති දිනය (1963);
- 1840 – ලෙක්සිංටන් නම් නෞකාවක් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ලෝං දූපත ආසන්නයේදී ගිලී යයි. එහිදී පුද්ගලයන් 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1908 – එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බෝයර්ටවුන් නගරයේ ඔපෙරා රඟහලක හටගත් ගින්නකින් 171 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1985 – ඉතියෝපියාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 429 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2001 – එල් සැල්වදෝරයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 800කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 2013 – ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක (සේයාරුව) දෝෂාභියෝගයට ලක් කර ධූරයෙන් පහ කරයි.
- 2020 – කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය: චීනයෙන් පිටත වාර්තා වූ පළමු කොවිඩ්-19 ආසාදනය තායිලන්ත බලධාරීන් විසින් තහවුරු කරයි.
තවත් සිදුවීම්: ජනවාරි 12 – ජනවාරි 13 – ජනවාරි 14
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 14: නව වසර (ජූලියානු දින දසුන);
- 1865 – ලංකාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1907 – ජැමෙයිකාවේ කිංග්ස්ටන් අගනුවර ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 1,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 1960 – ඕස්ට්‍රේලියානු මහ බැංකුව පිහිටුවනු ලැබෙයි.
- 1972 – ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජිණ කිරුළු පළඳයි.
- 1993 – පෝලන්තයේ රුගන් ප්‍රදේශය ආසන්නදී නෞකාවක් ගිලී යයි. එහිදී පුද්ගලයන් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2015 – ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ශාන්ත ජුසේ වාස් තුමා (සේයාරුව) ශුද්ධවරභාවයට ඔසවනු ලැබෙයි.
තවත් සිදුවීම්: ජනවාරි 13 – ජනවාරි 14 – ජනවාරි 15
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 15: ඉන්දියාවේ යුද්ධ හමුදා දිනය;
- 1759 – බ්‍රිතාන්‍ය කෞතුකාගාරය (සේයාරුව) විවෘත කරයි.
- 1892 – පැසිපන්දු ක්‍රීඩාවේ නීති ප්රථම වරට ප්‍රකාශයට පත් කරයි.
- 1934 – ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සහ නේපාලයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 10,700කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 1966 – නයිජීරියාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වෙයි.
- 2001 – විකිපීඩියාව එළිදකීයි.
- 2023 – නේපාලයේ පොඛාර ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
තවත් සිදුවීම්: ජනවාරි 14 – ජනවාරි 15 – ජනවාරි 16
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 16: තායිලන්තයේ ගුරුවරුන්ගේ දිනය ;
- 1759 – උතුරු යුරෝපයේ ඇතිවූ සුළි කුණාටුවකින් 25,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 1862 – එක්සත් රාජධානියේ නිව් හාට්ලි ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 204 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1920 – ජාතීන්ගේ සංගමයේ පළමු රැස්වීම (සේයාරුව) පැවැත්වෙයි.
- 1991 – ශ්‍රී ලංකා සිවිල් යුද්ධය: පේදුරු තුඩුව මුහුදේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධනයට අයත් නෞකාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විනාශ කරයි.
- 2008 – බුත්තල ප්‍රදේශයේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කරයි.
- 2023 – මියන්මාර පොලිසිය රකයින් ජාතික විරෝධතාකරුවන් 7 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරයි.
තවත් සිදුවීම්: ජනවාරි 15 – ජනවාරි 16 – ජනවාරි 17
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 17: මිනෝර්කා කලාපයේ ජාතික දිනය (1287);
- 1893 – හවායි රාජධානිය පෙරලා දැමීමට ඇමරිකානු හමුදා සමත්වෙයි.
- 1920 – එක්සත් ජනපදයේ ජාතික මත්පැන් තහනම බලාත්මක කරයි.
- 1946 – එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පළමු රැස්වීම පැවැත්වෙයි (රැස්වීම ශාලාව සේයාරුව).
- 1991 – ගල්ෆ් යුද්ධය ඇරඹෙයි.
- 1995 – ජපානයයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 6,434කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 2010 – නයිජීරියාවේ ජොස් ප්‍රදේශයේ කිතුනුවන් සහ මුස්ලිම්වරුන් අතර ඇතිවූ වාර්ගික කෝලාහලවලින් 400කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
තවත් සිදුවීම්: ජනවාරි 15 – ජනවාරි 16 – ජනවාරි 17
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 18: තායිලන්තයේ රාජකීය සන්නද්ධ හමුදා දිනය (1960);
- 1586 - ජපානයේ හොන්ෂූ දූපතේ ඇතිවූ භූමිකම්පාව සහ සුනාමියකින් පුද්ගලයන් 8,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 1954 – බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි (සේයාරුව), සබරගමුව සද්ධම්මවංශ නිකායේ මහානායක ධුරයට පත්වෙයි.
- 1977 - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ග්‍රැන්විල් ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 83 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 213 දෙනෙකු තුවාල ලැබෙයි.
- 1988 - චීනයේ චොංචිං නුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 108 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2014 - ජනමත විචාරණයකින් අනුමත කිරීමෙන් පසු ඊජිප්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වෙයි.
- 2019 - මෙක්සිකෝවේ හිඩාල්ගෝ ප්‍රදේශයේ තෙල් නලයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
තවත් සිදුවීම්: ජනවාරි 17 – ජනවාරි 18 – ජනවාරි 19
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 19:
තවත් සිදුවීම්: ජනවාරි 18 – ජනවාරි 19 – ජනවාරි 20
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 20:
තවත් සිදුවීම්: ජනවාරි 19 – ජනවාරි 20 – ජනවාරි 21
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 21:
තවත් සිදුවීම්: ජනවාරි 20 – ජනවාරි 21 – ජනවාරි 22
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 22: යුක්රේනයේ එක්සත් වීමේ දිනය (1919)
තවත් සිදුවීම්: ජනවාරි 21 – ජනවාරි 22 – ජනවාරි 23
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජනවාරි 22 – ජනවාරි 23 – ජනවාරි 24
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 24:
තවත් සිදුවීම්: ජනවාරි 23 – ජනවාරි 24 – ජනවාරි 25
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 25:
තවත් සිදුවීම්: ජනවාරි 24 – ජනවාරි 25 – ජනවාරි 26
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 26: උගන්ඩාවේ විමුක්ති දිනය (1986)
තවත් සිදුවීම්: ජනවාරි 25 – ජනවාරි 26 – ජනවාරි 27
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 27:
තවත් සිදුවීම්: ජනවාරි 26 – ජනවාරි 27 – ජනවාරි 28
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 28:
තවත් සිදුවීම්: ජනවාරි 27 – ජනවාරි 28 – ජනවාරි 29
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 29:
තවත් සිදුවීම්: ජනවාරි 28 – ජනවාරි 29 – ජනවාරි 30
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 30: ඉන්දියාවේ ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය
තවත් සිදුවීම්: ජනවාරි 29 – ජනවාරි 30 – ජනවාරි 31
view – සාකච්ඡාව – edit – history
ජනවාරි 31: නාඌරූ රාජ්‍යයේ නිදහස් දිනය (1968);
- 1865 – වහල් භාවය අවසන් කරමින් එක්සත් ජනපද කොංග්රස් මණ්ඩලය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්මත කරයි.
- 1958 – අභ්‍යවකාශ තරගය: එක්සත් ජනපදය සිය ප්රථම කෘතිම චන්ද්‍රිකාව වන එක්ස්ප්ලෝරර් 1 චන්ද්‍රිකාව දියත් කරයි.
- 1971 – නාසා ආයතනය ඇපලෝ 14 වැඩසටහනය දියත් කරයි.
- 1996 – ශ්‍රී ලංකා මහ බැංකුව (සේයාරුව) ඉලක්ක කර ගනිමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කරයි. එහිදී පුද්ගලයන් 86 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 1,400කට පමණ පිරිසක් තුවාල ලැබෙයි.
- 2008 – කෙන්යාවේ තෙල් කාන්දුවකින් ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 113 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2020 – එක්සත් රාජධානිය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි.
තවත් සිදුවීම්: ජනවාරි 30 – ජනවාරි 31 – පෙබරවාරි 1
view – සාකච්ඡාව – edit – history
තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 08:50 බදාදා, ජනවාරි 15, 2025 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න