Jump to content

ඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ

විකිපීඩියා වෙතින්
ඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ
ඉන්දියානු සාගරයබෙංගාල බොක්කඅන්දමන් මුහුදඅරාබි මුහුදLaccadive SeaSiachen Glacierඅන්දමන් හා නිකොබාර් දූපත්ChandigarhDadra and Nagar HaveliDaman and DiuDelhiLakshadweepPondicherryPondicherryPondicherryඅරුනාචල් ප්‍රදේශ්ඇසෑමයබිහාරයචටිස්ගාර්හ්ගෝවගුජරාටයහර්යානාහිමාචල් ප්‍රදේශ්ජම්මු හා කාශ්මීරයජාර්ඛාන්ඩ්KarnatakaKeralaMadhya PradeshMaharashtraManipurMeghalayaMizoramNagalandOdishaPunjabRajasthanSikkimTamil NaduTripuraUttar PradeshUttarakhandබටහිර බෙංගාලයඇෆ්ගන්ස්ථානයබංග්ලාදේශයභූතානයමියන්මාරයචීනයනේපාලයපාකිස්ථානයශ්‍රී ලංකාවතකිජිස්ථානයDadra and Nagar HaveliDaman and DiuPondicherryPondicherryPondicherryPondicherryGoaGujaratJammu and KashmirKarnatakaKeralaMadhya PradeshMaharashtraRajasthanTamil NaduAssamMeghalayaAndhra PradeshArunachal PradeshNagalandManipurMizoramTelanganaTripuraWest BengalSikkimBhutanBangladeshබිහාරයජාර්ඛාන්ඩ්OdishaChhattisgarhUttar PradeshUttarakhandNepalDelhiHaryanaPunjabHimachal PradeshChandigarhPakistanSri LankaSri LankaSri LankaSri LankaSri LankaSri LankaSri LankaSri LankaSri LankaDisputed territory in Jammu and KashmirDisputed territory in Jammu and Kashmir
ඉන්දියාවේ ප්‍රාන්ත 29 හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ 7 ඇතුළත් සිතියමකි
ප්‍රවර්ගයසන්ධීය ජනරජය
පිහිටීමභාරත ජනරජය
ගණනප්‍රාන්ත 29
මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ 7
ජනගහනයප්‍රාන්ත: 607,688 සිකිම් – 199,581,477 උත්තර් ප්‍රදේශ්
මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ: 64,429 ලක්ෂද්වීප් – 11,007,835 ජාතික අගනගර භූමිප්‍රදේශය
වර්ගප්‍රමාණප්‍රාන්ත: 1,429 square miles (3,700 km2) ගෝආ – 342,269 square miles (886,470 km2) රාජස්ථාන්
මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ:12 square miles (31 km2) ලක්ෂද්වීප් – 3,117 square miles (8,070 km2) අන්දමන් හා නිකොබාර් දූපත්
ආණ්ඩුවප්‍රාන්ත රජය, මධ්‍යම රජය (මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ)
උපකොටස්දිස්ත්‍රික්ක, කොට්ඨාස

ඉන්දියාව යනු ප්‍රාන්ත රාජ්‍යයන් විසිනවයක් හා මධ්‍යම රජයට අයත් පාලන ප්‍රදේශ හතක් අඩංගු සන්ධීය ජනරජයකි. ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ තවදුරටත් දිස්ත්‍රික්ක වලට ද ඒවා තවදුරටත් කුඩා පාලන කොට්ඨාස වලට ද බෙදා වෙන් කෙරේ.

වගකීම් හා බලතල

[සංස්කරණය]

ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඕනෑම ප්‍රාන්තයක පාලන ප්‍රදේශයක් සම්බන්ධයෙන් භාවිතා කළ හැකි ස්වාධීන බලතල සමූහාණ්ඩුව හා ප්‍රාන්තය අතර බෙදා දෙනු ලබයි. "73 වන වගන්තියේ පුළුල් ලෙස ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තුවට නීති සෑදීමට ඇති බලතල අනුව ජනරජයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ය. 162 වන වගන්තිය විසින් ද එපරිද්දෙන්ම ප්‍රාන්තයක ව්‍යවස්ථාදායකයට නීති සෑදීමට ඇති බලතල අනුව ප්‍රාන්තයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ප්‍රකාශ කෙරෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තත්ත්වය රමනයියා නඩුව හැසිරවීමේ දී පුනර්වාචනය කර ඇත්තේ පුළුල් ව කථා කෙරෙන ජනරජයේ හෝ ප්‍රාන්තයේ විධායක බලතල එහි අදාළ ව්‍යවස්ථාදායක බලතල සමග සමවිස්තෘත හා සමාන්තික බව ය." (ඇලකුරු මූලාකෘතියෙනි)[1]

ඉතිහාසය

[සංස්කරණය]
1909 දී හයිද්‍රාබාද් ප්‍රාන්තය
1951 දී ඉන්දියවේ පරිපාලන කොට්ඨාසයන්

වර්ෂ 1956 ට පෙර

[සංස්කරණය]

ඉතිහාසය මුළුල්ලෙහිම ඉන්දියානු උප මහාද්වීපය පාලනය කෙරී ඇත්තේ තමාගේ පාලන ප්‍රදේශයේ පරිපාලන කොට්ඨාසවල ස්වකීය ආණ්ඩුක්‍රම පිහිටුවා ගත් විවිධාකාර වූ ජනවර්ගයන් විසින් ය.[2][3][4][5][6][7][8][9][10][11] බ්‍රිටිෂ් රාජ් අවධියේ දී, මුල් පරිපාලන ව්‍යුහය ම බොහෝ දුරට පැවති අතර ඉන්දියාව, බ්‍රිතාන්‍යයින් විසින් ඍජුව ම පාලනය කළ පළාත් (ජනපද) වලට හා ඩි ෆැක්ටො පරමාධිපත්‍යය (අධීශ්වරත්වය) දැරූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ගැති ව කුමරෙකු හෝ රජෙකු විසින් නාමමාත්‍රික ව පාලනය කළ රාජකීය රාජ්‍යයන් වලට බෙදන ලදී. [තහවුරු කර නොමැත]

වර්ෂ 1956 ට පසු

[සංස්කරණය]

පෙර පැවති ප්‍රාන්ත තුළින් නව ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ කිහිපයක් 1956 වර්ෂයේ පටන් නිර්මාණය විය. 1960 මැයි මස 1 වැනි දා බොම්බේ ප්‍රාන්තය බොම්බේ ප්‍රතිසංවිධාන පණතින් ගුජරාට් හා මහාරාෂ්ට්‍ර යන භාෂාමය ප්‍රාන්ත වලට බෙදන ලදී.[12] 1963 දෙසැම්බර් මස 1 වැනි දා නාගලන්ඩ් තැනිණි.[13] 1966 පන්ජාබ් ප්‍රතිසංවිධාන පණත මගින් පන්ජාබය භාෂාමය සීමාවලට බෙදන ලද්දේ, නොවැම්බර් 1 වැනි දා හර්යානා නම් නව හින්දි කථාකරන ප්‍රාන්තයක් ද,[14] පන්ජාබයේ උතුරු දිස්ත්‍රික්ක පවරන ලද හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ද, පන්ජාබයේ හා හර්යානාහි පොදු අගනගරය ලෙස නම් කළ චන්දිගාර්හ් ප්‍රදේශය මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශයක් ලෙස ද ස්ථාපිත කරමිනි.[15]

1971 ජනවාරි මස 25 වන දින හිමාචල් ප්‍රදේශ් වලට ද [16] 1972 ජනවාරි මස 21 වන දින මනිපූර්, මෙඝාලයා හා ත්‍රීපුර යන ප්‍රදේශ වලට ද [17] ප්‍රාන්ත තත්ත්වය ප්‍රදානය කරන ලදී. 1975 අප්‍රියෙල් මස 26 වන දින සික්කිම් රාජධානිය ප්‍රාන්තයක් ලෙස ඉන්දියානු සමූහාණ්ඩුවට එක් විය.[තහවුරු කර නොමැත] 1987 දී, පෙබරවාරි 20 වන දින අරුනාචල් ප්‍රදේශ් හා මිසෝරාම් ප්‍රදේශ ප්‍රාන්ත බවට පත්විය, ඒ අනුව මැයි 30 වන දින ගෝව ද ප්‍රාන්තයක් බවට පත්විය, ඒ අතර ගෝව ප්‍රාන්තය තුළ උතුරේ පිහිටි දමන් හා දීව් ප්‍රදේශ වෙන් වෙන් මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ බවට පත්විය.[18]

2000 වසරේ දී නව ප්‍රාන්ත තුනක් නිර්මාණය විණි; චටිස්ගාර්හ් (2000 නොවැම්බර් 1) නැගෙනහිර මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් නිර්මාණය විය,[19] උත්තරණ්චල් (2000 නොවැම්බර් 9), 2007 දී උත්තරාඛාන්ඩ් ලෙස යළි නම් කළ අතර,[20] වයඹදිග උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශ වලින් නිර්මාණය විය,[21] ජාර්ඛාන්ඩ් (2000 නොවැම්බර් 15) බිහාරයේ දකුණු දිස්ත්‍රික්ක වලින් නීර්මාණය විය.[22]

2014 වසරේ දී, තෙලන්ගනා නම් නව ප්‍රාන්තයක් ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශ වලින් නිර්මාණය කරන ලදී. හයිද්‍රාබාද් නගරය අවුරුදු 10 ක් නොඉක්මවන කාලයකට එම ප්‍රාන්ත දෙකටම පොදු අගනගරය බවට පත් විය.

වත්මන් යෝජනා

[සංස්කරණය]

ඉන්දියාවේ යෝජිත ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ ලැයිස්තුව බලන්න

ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ ලැයිස්තුව

[සංස්කරණය]

ප්‍රාන්ත

[සංස්කරණය]
සිතියම නම ISO 3166-2 කේතය[23][24] නිර්මිත දිනය ජනගහනය භූමි ප්‍රමාණය
(km2)
නිල
භාෂාව(න්)[25]
පාලන
අගනගරය
විශාලම නගරය
(අගනුවර නොවේ නම්)
ජනගහන ඝනත්වය
(km2 ට)
සාක්ෂරතාවය (%) නාගරික ජනගහන ප්‍රතිශතය
1 ආන්ද්‍ර ප්‍රදේශ් AP 1953 ඔක් 1
(ආන්ද්‍ර ප්‍රාන්තය ලෙස)
49,506,799 160,205 තෙළුගු හයිද්‍රාබාද්සටහන 1 විසාඛපට්නම් 308 67.41%[26] 29.6
2 අරුනාචල් ප්‍රදේශ් AR 1987 පෙබ 20 1,382,611 83,743 ඉංග්‍රීසි ඊටනාගර් 17 66.95 20.8
3 ඇසෑමය AS 1912 අප්‍රි 1
(ඇසෑම් පළාත ලෙස)
31,169,272 78,550 ඈසෑම, බෙංගාලි, බෝඩො දිස්පුවර් ගුවහාටි 397 73.18 12.9
4 බිහාරය BR 1936 අප්‍රි 1 103,804,637 99,200 හින්දි, උර්දු පැට්නා 1,102 63.82 10.5
5 චටිස්ගාර්හ් CT 2000 නොවැ 1 25,540,196 135,194 චටිස්ගාර්හි, හින්දි නයරායිපූර් රායිපූර් 189 71.04 20.1
6 ගෝව GA 1987 මැයි 30 1,457,723 3,702 කොංකානි පන්ජාබි 394 87.40 62.2
7 ගුජරාටය GJ 1960 මැයි 1 60,383,628 196,024 ගුජරාති ගාන්ධිනගර් අහමදාබාද් 308 79.31 37.4
8 හර්යානා HR 1966 නොවැ 1 25,353,081 44,212 හින්දි, පන්ජාබි චන්දිගාර්හ්
(පොදු, මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශය)
ෆරිදාබාද් 573 76.64 28.9
9 හිමාචල් ප්‍රදේශ් HP 1971 ජන 25 6,856,509 55,673 හින්දි ශිම්ලා 123 83.78 9.8
10 ජම්මු හා කාශ්මීරය JK 1947 ඔක් 26 12,548,926 222,236 දොග්‍රි, කාශ්මීරි, ලඩඛි, උර්දු[27] ස්‍රීනගර් (වසන්තය)
ජම්මු (සිසිරය)
124 68.74 24.8
11 ජාර්ඛාන්ඩ් JH 2000 නොවැ 15 32,966,238 74,677 හින්දි රාන්චි ජාම්ශෙඩ්පෝර් 414 67.63 22.2
12 කර්ණාටක KA 1956 නොවැ 1 61,130,704 191,791 කන්නඩ බැංගලෝර් 319 75.60 34.0
13 කේරළය KL 1956 නොවැ 1 33,387,677 38,863 මාලයාලම් තිරුවනන්තපුරම් 859 93.91 26.0
14 මධ්‍ය ප්‍රදේශ් MP 1947 අගෝ 15 72,597,565 308,252 හින්දි භෝපාල් ඉන්දෝර් 236 70.63 26.5
15 මහාරාෂ්ට්‍රා MH 1960 මැයි 1 112,372,972 307,713 මාරති මුම්බායි 365 82.91 42.4
16 මනිපූර් MN 1972 ජන 21 2,721,756 22,347 මනිපුරි ඉම්පාහ්ල් 122 79.85 25.1
17 මෙඝාලයා ML 1972 ජන 21 2,964,007 22,720 ඉංග්‍රීසි, ගාරෝ, හින්දි, කාසි, ප්නාර් ශිලෝන් 132 75.48 19.6
18 මිසෝරාම් MZ 1987 පෙබ 20 1,091,014 21,081 මිසෝ අයිසෝල් 52 91.58 49.6
19 නාගලන්තය NL 1963 දෙසැ 1 1,980,602 16,579 ඉංග්‍රීසි කෝහීම දිමාපුර් 119 80.11 17.2
20 ඔඩිෂා OR 1912 අප්‍රි 1
(ඔරිස්සා පළාත ලෙස)
41,947,358 155,820 ඔඩියා භුවනේෂ්වර් 269 73.45 15.0
21 පන්ජාබය PB 1947 අගෝ 15
(නැගෙනහිර පන්ජාබය ලෙස)
27,704,236 50,362 පන්ජාබ චන්දිගාර්හ්
(පොදු, මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශය)
ලුධියානා 550 76.68 33.9
22 රාජස්ථාන් RJ 1950 ජන 26 68,621,012 342,269 රාජස්ථාන, හින්දි ජායිපූර් 201 67.06 23.4
23 සික්කිම් SK 1975 මැයි 16 607,688 7,096 නේපාල, භූතියා, ගුරුන්ග්, ලෙප්චා, ලිම්බු, මංගර්, නෙවාරි, ෂෙර්පා, සුන්වාර්, ටාමාන්ග් ගංතොක් 86 82.20 11.1
24 තමිල් නාඩු TN 1950 ජන 26
(මදුරාසිය ලෙස)
72,138,958 130,058 දෙමළ චෙන්නායි 480 80.33 44.0
25 තෙලන්ගනා TG 2014 ජූනි 2 35,193,978[28] 114,840[28] තෙළුගු, උර්දු හයිද්‍රාබාද්සටහන 1 307 [29] 66.50% [29] N/A
26 ත්‍රීපුර TR 1972 ජන 21 3,671,032 10,492 බෙංගාලි, ත්‍රීපුරි අගර්තලා 350 87.75 17.1
27 උත්තර් ප්‍රදේශ් UP 1902 මාර් 22
(එක්සත් පළාත් ලෙස)
199,581,477 243,286 හින්දි, උර්දු[30] ලක්නොව් කන්පූර් 828 69.72 20.8
28 උත්තරාඛාන්ඩ් UT 2000 නොවැ 9 (උත්තරාණ්චල් ලෙස) 10,116,752 53,483 හින්දි, සංස්කෘත දෙරදූන් (තාවකාලික) 189 79.63 25.7
29 බටහිර බෙංගාලය WB 1947 අගෝ 15 91,347,736 88,752 බෙංගාලි, ඉංග්‍රීසි කොල්කටා 1,029 77.08 28.0
  • ^Note 1 2014 ජූනි 2 වන දින ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ කොටසකින් තෙලන්ගනා ප්‍රාන්තය නිර්මාණය කළ අතර ඉතිරි කොටස ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයටම හිමිවිය.[31][32][33] තෙලන්ගනා සීමාව තුළ පිහිටි හයිද්‍රාබාද් නගරය, වසර 10 ක් නොඉක්මවන කාලයකට එම ප්‍රාන්ත දෙකටම පොදු අගනගරය ලෙස පවතියි.[34]

මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ

[සංස්කරණය]
සිතියම නම ISO 3166-2 කේතය[23][24] ජනගහනය නිල
භාෂාව[25]
අගනගරය ජනගහන ඝනත්වය
(km2 ට)
සාක්ෂරතාවය (%) නාගරික ජනගහන ප්‍රතිශතය
A අන්දමන් හා නිකොබාර් දූපත් AN 379,944 ඉංග්‍රීසි, දෙමළ, හින්දි පෝට් බ්ලෙයාර් 46 86.27 32.6
B චන්දිගාර්හ් CH 1,054,686 ඉංග්‍රීසි, හින්දි, පන්ජාබි චන්දිගාර්හ් 9,252 86.43 89.8
C දාද්‍රා හා නගර් හවේලි DN 342,853 ඉංග්‍රීසි, ගුජරාති, හින්දි, මාරති සිල්වස්සා 698 77.65 22.9
D දමන් සහ දිව් DD 242,911 ඉංග්‍රීසි, ගුජරාති, හින්දි, මාරති දමන් 2,169 87.07 36.2
E ලක්ෂද්වීප් LD 64,429 ඉංග්‍රීසි, මලයාලම් කවරත්ති 2,013 92.28 44.5
F දිල්ලි ජාතික අගනගර පාලන ප්‍රදේශය DL 11,007,835 හින්දි, ඉංග්‍රීසි, පන්ජාබි, උර්දු නව දිල්ලිය 11,297 86.34 93.2
G පුන්ඩිචෙරි PY 1,244,464 දෙමළ, මලයාලම්, ඉංග්‍රීසි, තෙළුගු[35][a] පුන්ඩිචෙරි 2,598 86.55 66.6

මේවාත් බලන්න

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ටෙරිටරියැලිටි ඔෆ් එක්සෙකටිව් පවර්ස් ඔෆ් ස්ටේට් ඔෆ් ඉන්ඩියා, බල්වන්ත් සිං මලික්, ව්‍යවස්ථා නීතිය, 1998
  2. ^ ක්‍රිෂ්ණා රෙඩ්ඩි (2003). ඉන්ඩියන් හිස්ට්‍රි. නව දිල්ලිය: ටාටා මැක්ග්‍රොව් හිල්. ISBN 0-07-048369-8.
  3. ^ රමේශ් චන්ද්‍රා මජුම්දාර් (1977). ඒන්ෂන්ට් ඉන්ඩියා. මොටිලාල් බනර්සිදාස් ප්‍රකාශකයෝ. ISBN 81-208-0436-8.
  4. ^ රොමිලා තපාර්. අ හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා: පාට් 1.
  5. ^ ජී. බොන්ගාඩ්-ලෙවින්. අ හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා: වොලියුම් 1.
  6. ^ "ගුප්තා ඩිනස්ටි - MSN එන්කාර්ටා". ගුප්තා ඩිනස්ටි - MSN එන්කාර්ටා. http://encarta.msn.com/encyclopedia_761571624/gupta_dynasty.html. ප්‍රතිෂ්ඨාපනය 2015-11-13. 
  7. ^ "ඉන්ඩියා - හිස්ටරිකල් සෙටිං - ද ක්ලැසිකල් ඒජ් - ගුප්තා ඇන්ඩ් හර්ෂා". Historymedren.about.com. 2 නොවැම්බර් 2009. සම්ප්‍රවේශය 16 මැයි 2010.
  8. ^ නිලකන්තා සාස්ත්‍රී, කේ.ඒ. (2002) [1955]. අ හිස්ට්‍රි ඔෆ් සවුත් ඉන්දියා ෆ්‍රොම් ප්‍රීහිස්ටරික් ටයිම්ස් ටු ද ෆෝල් ඔෆ් විජයනගර්. නව දිල්ලිය: ඉන්දියානු ශාඛාව, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. p. 239. ISBN 0-19-560686-8.
  9. ^ චන්ද්‍රා, සතිශ්. මෙඩීවල් ඉන්ඩියා: ෆ්‍රොම් සුල්තානාට් ටු ද මූගල්ස්. p. 202.
  10. ^ "රීජනල් ස්ටේට්ස්, c. 1700–1850". එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා, ඉන්කෝපරේෂන්.
  11. ^ ග්‍රේවාල්, ජේ.එස්. (1990). "චැප්ටර් 6: ද සීක් එම්පයර් (1799–1849)". ද සීක් එම්පයර් (1799–1849). ද නිව් කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා. Vol. ද සීක්ස් ඔෆ් පන්ජාබ්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. 2012-02-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-11-13.
  12. ^ ජේ.සී. අග්ගර්වාල් සහ එස්.පී. අග්රවාල්, සංස්කාරකයෝ, උත්තරාඛාන්ඩ්: පාස්ට්, ප්‍රසන්ට්, ඇන්ඩ් ෆියුචර් (නව දිල්ලි: කන්සෙප්ට් පබ්ලිෂිං, 1995), p89-90
  13. ^ නාග්ලන්ඩ් හිස්ට්‍රි ඇන්ඩ් ජෝග්‍රොෆි-සෝස් india.gov.in
  14. ^ ද පන්ජාබ් රීඕගනයිසේෂන් ඇක්ට් 1966, http://india.gov.in/allimpfrms/allacts/474.pdf, ප්‍රතිෂ්ඨාපනය 2015-11-25 
  15. ^ "ස්ටේට් මැප් ඔෆ් ඉන්ඩියා". ට්‍රැවල් ඉන්ඩියා ගයිඩ්. සම්ප්‍රවේශය 17 ජූනි 2013.
  16. ^ "හිමාචල් ප්‍රදේශ් ටෙන්ත් ෆයිව් ඉයර් ප්ලෑන්" (PDF). සම්ප්‍රවේශය 17 ජූනි 2013.
  17. ^ ස්නැප්ෂොට් ඔෆ් නෝර්ත් ඊස්ටන් ස්ටේට්ස්
  18. ^ ගෝආ ක්‍රෝනොලොජි, http://www.goaonline.in/Profile/History/milestone.asp, ප්‍රතිෂ්ඨාපනය 2015-11-25 
  19. ^ "චටිස්ගාර්හ් ස්ටේට් - හිස්ට්‍රි". Cg.gov.in. 19 දෙසැම්බර් 1979. සම්ප්‍රවේශය 17 ජූනි 2013.
  20. ^ චොප්රා, ජාසි කිරන් (2 ජනවාරි 2007). "උත්තරණ්චල් ඊස් උත්තරාඛාන්ඩ්, BJP ක්‍රයිස් ෆවුල්". TNN. ද ටයිම් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 22 ජනවාරි 2013.
  21. ^ "අබවුට් අස්: උත්තරාඛාන්ඩ් ගවර්න්මන්ට් පෝටල්, ඉන්ඩියා". Uk.gov.in. 9 නොවැම්බර් 2000. සම්ප්‍රවේශය 17 ජූනි 2013.
  22. ^ "ඔෆීෂියල් වෙබ්සයිට් ඔෆ් ගවර්මන්ට් ඔෆ් උත්තරාඛාන්ඩ්". Jharkhand.gov.in. සම්ප්‍රවේශය 17 ජූනි 2013.
  23. ^ a b "ISO ඔන්ලයින් බ්‍රොව්සිං ප්ලැට්ෆෝම්". ISO. සම්ප්‍රවේශය 4 නොවැම්බර් 2014.
  24. ^ a b "කෝඩ් ලිස්ට්: 3229". UN/EDIFACT. GEFEG. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2012.
  25. ^ a b "Report of the Commissioner for linguistic minorities: 50th report (July 2012 to June 2013)" (pdf). Commissioner for Linguistic Minorities, Ministry of Minority Affairs, Government of India. සම්ප්‍රවේශය 14 ජනවාරි 2015.
  26. ^ "Literacy of AP (Census 2011)" (pdf). AP govt. portal. p. 43. සම්ප්‍රවේශය 11 June 2014.
  27. ^ "Official and Regional Languages of India". Mapsofindia.com. සම්ප්‍රවේශය 17 June 2013.
  28. ^ a b "Telangana State Profile" (PDF). Telangana government portal. p. 34. සම්ප්‍රවේශය 11 June 2014.
  29. ^ a b "Population of Telangana" (pdf). Telangana government portal. p. 34. සම්ප්‍රවේශය 11 June 2014.
  30. ^ "Uttar Pradesh Legislature". Uplegassembly.nic.in. සම්ප්‍රවේශය 17 June 2013.
  31. ^ "Bifurcated into Telangana State and residual Andhra Pradesh State". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 2 June 2014.
  32. ^ "ද ගැසට් ඔෆ් ඉන්ඩියා : The Andhra Pradesh Reorganization Act, 2014" (PDF). Ministry of Law and Justice. Government of India. 1 March 2014. සම්ප්‍රවේශය 23 April 2014.
  33. ^ "The Gazette of India : The Andhra Pradesh Reorganization Act, 2014 Sub-section" (PDF). 4 මාර්තු 2014. සම්ප්‍රවේශය 23 අප්‍රියෙල් 2014.
  34. ^ Sanchari Bhattacharya (ජූනි 1, 2014). Andhra Pradesh Minus Telangana: 10 Facts "Andhra Pradesh Minus Telangana: 10 Facts". NDTV. {{cite news}}: Check |url= value (help)
  35. ^ http://sabt.org.in/npmb-india/downloads/travel-info.pdf

අතිරේක සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Geography of India සැකිල්ල:Articles on first-level administrative divisions of Asian countries