කොලියුබරා සටන

විකිපීඩියා වෙතින්
කොලියුබරා සටන
පළමුවන ලෝක යුද්ධයෙහි බෝල්කන් රණ භූමියෙහි සර්බියානු මෙහෙයුම හි කොටසකි
සර්බියාව ආක්‍රමනය කිරීමෙහි ඕස්ට්‍රියානු සැලසුම් සිතියම, නොවැම්බර් 1914
සර්බියාව වෙත තෙවන ඕස්ට්‍රියානු-හංගේරියානු ආක්‍රමනය දක්වන සිතියමක්, නොවැම්බර්–දෙසැම්බර් 1914.
දිනය16 නොවැම්බර්– 15 දෙසැම්බර් 1914
පිහිටුම
කොලියුබරා ගංගාව, සර්බියා රාජධානිය
ප්‍රතිඵලය තීරණාත්මක සර්බියානු ජයග්‍රහණය
යුද්ධාවතීරයන්
 සර්බියාව  ඕස්ට්‍රියා-හංගේරියාව
ආඥාපතියන් සහ නායකයන්
සර්බියානු රාජධානිය රැඩ්මිර් පුට්නික්
සර්බියානු රාජධානිය ෂිවොයින් මීෂිච්
සර්බියානු රාජධානිය ස්ටෙප්පා ස්ටෙපානොවිච්
සර්බියානු රාජධානිය පාව්ල යූරිසිච් ස්ටෝර්ම්
සර්බියානු රාජධානිය මෙලොෂ් බොසොනොවිචි
ඕස්ට්‍රියා-හංගේරියාව ඔස්කාර් පොටියොරෙක්
ඕස්ට්‍රියා-හංගේරියාව ලිබෝරියස් රිටර් වොන් ෆ්‍රැන්ක්
සම්බන්ධිත හමුදා ඒකකයන්
හමුදාමය ප්‍රබලතාවය
400,000 450,000
අපාතිකයන් සහ හානි
  • 22,000 මරණයට පත්විය
  • 91,000 තුවාල ලදි
  • 19,000 අතුරුදහන් විය හෝ අල්ලාගන්නා ලදි
  • 30,000 මරණයට පත්විය
  • 173,000 තුවාල ලදි
  • 70,000 අල්ලාගන්නා ලදි


කොලියුබරා සටන (Serbian Cyrillic: Колубарска битка, ජර්මන්: Schlacht an der Kolubara) සටන් වැදුනේ පළමුවන ලෝක යුද්ධයෙහි සර්බියානු මෙහෙයුම අතරතුර 1914 නොවැම්බර් සහ දෙසැම්බර් කාලසීමාවෙහි ඕස්ට්‍රියා-හංගේරියාව සහ සර්බියාව අතරය.

නොවැම්බර් 16 දින එය ඇරඹුනු අතර, ඔස්කාර් පොටියොරෙක්ගේ ආඥායකත්වය යටතේ ඕස්ට්‍රියානු-හංගේරියානුවෝ එම වසරේ ඔවුන් විසින් සර්බියාව ආක්‍රමණය කල තෙවන අවස්ථාවෙහිදී කොලියුබරා ගංගාව වෙත පැමිණ යුද උපායශිලී වාල්යිවෝ නගරය අත්පත් කරගෙන සර්බියානු යුද්ධ හමුදාව පසුබැසුම් මාලාවක් කරා යෑමට බල කෙරිණි. නොවැම්බර් 29–30 දින වලදී, සර්බ්වරු බෙල්ග්‍රේඩ් අත්හැර ගිය අතර, ඕස්ට්‍රියානු-හංගේරියානු පාලනයට නගරය විගසින් නතු විය. දෙසැම්බර් 2 දිනදී, සර්බියානු යුද්ධ හමුදාව විසින් ආරක්ෂක පෙරමුණ පුරාම විස්මය දනවන හදිසි ප්‍රතිප්‍රහාරයක් එල්ල කළහ. දෙසැම්බර් 8 වන දින වන විට වාල්යිවෝ සහ ඔෂිසේ නගර සර්බ්වරු විසින් යළි-අත්පත් කර ගත් අතර, ඕස්ට්‍රියානු-හංගේරියානුවෝ බෙල්ග්‍රේඩ් වෙත පසුබැසීම පස්වන යුද්ධ හමුදා ආඥාපති ලිබෝරියස් රිටර් වොන් ෆ්‍රැන්ක් විසින් පැහැදිලි කල නොහැකි විය. දෙසැම්බර් 14 සහ 15 දෙදින අතරතුර කාලය තුලදී ඕස්ට්‍රියානු-හංගේරියානුවෝ නගරය අත්හැර දැමූ අතර සර්බ්වරුනට පසුදිනම ඔවුන්ගේ අගනගරය යළි අත්පත් කර ගැනීමට හැකි විය.

ඕස්ට්‍රියානු-හංගේරියානුවන් සහ සර්බ්වරුන් යන දෙකොට්ඨාශයම දැඩි ආපාතිකයන් සංඛ්‍යාවකින් පීඩා විඳි අතර එක් එක් පිළෙහි 20,000 වැඩි ගණනක් මිය ගියහ. මෙම පරාජයෙන් ඕස්ට්‍රියානු-හංගේරියානුවෝ දැඩි අවමානයට පත්වූයේ 1914 වසර අවසානය වන විට සර්බියාව අධිවාසය කර ගැනුමට ඔවුන් බලාපොරොත්තු වූ හෙයිනි. දෙසැම්බර් 22 දින වන විට, පොටියොරෙක් සහ වොන් ෆ්‍රැන්ක් යන ආඥාපතිවරුන් දෙදෙනම ඔවුන්ගේ තනතුරු වලින් නිදහස් කරන ලද අතර, 5වන සහ 6වන යුද්ධ හමුදා දෙකම ඒකාබද්ධ කොට 95,000 භටයන්ගෙන් සමන්විත 5වන යුද්ධ හමුදාවක් තනන ලදි.

පසුබිම[සංස්කරණය]

1914 ජූනි 28 දිනදී, බොස්නියානු සර්බ් ජාතික ශිෂ්‍ය ගැව්රිල්ලෝ ප්‍රින්සිප් විසින් ඕසට්‍රියාවෙහි මහා ආදිපාද ෆ්‍රන්ස් ෆර්ඩිනන්ඩ්, සරියේවෝ නගරයෙහිදී ඝාතනය කෙරිණි. මෙම ඝාතනය නිසා ජූලි අර්බුදය හටගත් අතර, මෙය නිසාවෙන් ඕස්ට්‍රියා-හංගේරියාව වෙත ජූලි 23 දිනය දක්වමින් අවසාන නිවේදනයක් නිකුත් කළේ බෙල්ග්‍රේඩ් නුවරදී මෙම ඝාතනය සැලසුම් කළ බවට ඔවුන් සැක කළ නිසාය.[1] ඕස්ට්‍රියා-හංගේරියානුවන්ගේ අවසන් නිවේදනය සර්බියාවට පිලිගත නොහැකි වූ අතර, එය ප්‍රතික්ෂේප කෙරිණි.[2] ඕස්ට්‍රියා-හංගේරියානුවෝ ජූලි 28 දිනදී සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළහ. එම දිනයෙහිදීම, සාවා සහ ඩැනියුබ් ගංගාවල සියළුම පාලම් සර්බ්වරුන් විසින් විනාශ කෙරුණේ අනාගත ආක්‍රමණයකදී ඕස්ට්‍රියානු-හංගේරියානුවන් විසින් ඒවා භාවිතා කිරීම වැලැක්වීමේ අරමුණු සහිතවය.[3] පසුදිනයෙහිදීම බෙල්ග්‍රේඩ් වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කෙරුණු අතර මෙයින් පළමුවන ලෝක යුද්ධය ඇරඹුණි.[4]


සටහන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ජෝර්ඩ්න් 2008, p. 16.
  2. පැව්ලොවිච් 2002, p. 93.
  3. ස්ට්‍රාකන් 2001, p. 335.
  4. ජෝර්ඩ්න් 2008, p. 17.
"https://si.wikipedia.org/w/index.php?title=කොලියුබරා_සටන&oldid=525232" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි