Jump to content

අක්ෂ බලවතුන්

විකිපීඩියා වෙතින්
අක්ෂ බලවතුන්

Die Achsenmächte  (ජර්මන්)
Le Potenze dell'Asse  (ඉතාලි)
樞軸國  (ජපන්)
Sūjikukoku
1936–1945

ප්‍රධාන අක්ෂ බලවතුන්

තත්ත්වයහමුදා සන්ධානය
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
1936
• අහෝසි කළේ
1945

අක්ෂ බලවතුන් යනු දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර පාර්ශවයට එරෙහිව සටන් කළ රටවල් කිහිපයකින් සමන්විත හමුදා සන්ධානයකි. මෙයට ප්‍රධාන වශයෙන් නාසි ජර්මනිය, ඉතාලි රාජධානිය සහ ජපන් අධිරාජ්‍යය අයත් විය. 1936 දී ජර්මනිය සහ ඉතාලිය අතර ගිවිසුමකින් ආරම්භ වූ මෙම සන්ධානය 1945 දී මිත්‍ර පාර්ශවය විසින් පරාජයට පත් කරන ලදී. යුරෝපය තුල තවමත් සාමාන්‍යයෙන් "අක්ෂය" ලෙස හැඳින්වෙන්නේ ජර්මනිය සහ ඉතාලිය අතර ඇතිවූ සන්ධානය පමණක් වුවද, යුරෝපයෙන් පිටදී එයට ජපානය ද ඇතුලත් වේ.

1942 වර්ෂයේ අක්ෂය බලය අතින් උච්ච අවස්ථාවට පත් වූ අතර ඔවුන් විසින් යුරෝපයේ, උතුරු අප්‍රිකාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාල ප්‍රදේශයක් අත්පත් කර ගන්නා ලදී. මිත්‍ර පාර්ශවය මෙන් නොව, අක්ෂ පාර්ශවයේ රටවල් අතර සැළකිය යුතු සහයෝගයක් හා සම්බන්ධීකරණයක් නොතිබූ අතර ඔවුන්ගේ සමහර අදහස් ද එකිනෙකාට පරස්පර විය.

"https://si.wikipedia.org/w/index.php?title=අක්ෂ_බලවතුන්&oldid=491309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි