ගුණදාස අමරසේකර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගුණදාස අමරසේකර
Gunadasa Amarasekara.jpg
උපත 1929
යටලමත්ත, ගාල්ල, ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව සිංහල, ශ්‍රී ලාංකික
අධ්‍යාපනය යටලමත්ත ක.වි
නාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තිය දන්ත වෛද්‍ය
ප්‍රසිද්ධ වන්නේ සාහිත්‍ය නිර්මාණය, විචරය සහ දේශපාලන මතවාද
ආගම බෞද්ධ

ආචාර්ය ගුණදාස සූරියආරච්චි අමරසේකර[1] (ඉංග්‍රීසි: Gunadasa Amarasekara) ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ට සිංහල නවකතාකරුවෙකි; කෙටිකතාකරුවෙකි; කවියෙකි; විචාරකයෙකි; චින්තකයෙකි.

ජීවන සටහන්[සංස්කරණය]

ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප‍්‍රදේශයේ ගුරු නිවසේ 1929 නොවැම්බර් 12 වැනි දා උපත ලැබී ය. අමරසේකරගේ මව පාසැල් ගුරුවරියකි. පියා සිංහල වෙද මහතෙකි. ගාල්ල මහින්ද සහ නොළඹ නාලන්දා විද්‍යාලය යන විද්‍යාල වලින් මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබීය. ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, කරුණාරත්න අබේසේකර, හිටපු දේශිය වෛද්‍ය ඇමති ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති ගෞරවණීය රුපා කරුනාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, ප්‍රවීන චිත්‍රපට නළු සහ වේදිකා නළු, නාටක කර්තෘ ආචාර්ය හෙන්රි ජයසේන, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, චිත්‍රපට නළු රවීන්ද්‍ර රූපසේන, චිත්‍රපට නළු ආනන්ද වීරකෝන්, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න ගුණදාස අමරසේකරසේකරයන්ගේ නොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය.[2][3]

ලංකා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන අමරසේකර වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. සිය සාහිත්‍ය සේවාව උදෙසා ආචාර්යඋපාධියෙන් පුද ලැබුවෙකි.

අමරසේකර නූතන ලාංකීය සාහිත්‍යයේ බොහෝ අවදානයට ලක් වූ පේරාදෙණි ගුරුකුලයේ සමාරම්භකයෙකි. සිය නිර්මාණවල වස්තු විෂය සහ ලේඛන ශෛලිය නිසා හෙතෙම සාහිත්‍ය ලෝකයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් විය. පසුකාලීනව ගන්ධබ්බ ආපදානය වැනි කෘති මඟින් සිය මුල් නිර්මාණ සහ සාහිත්‍ය දර්ශනය පිළිබඳ ස්වයං විවේචනයක නිරත වූ අමරසේකර නව දැක්මකින් නිර්මාණකරණයට පිවිසිණි.

1970 න් පසු ඔහු සමාජ සංස්කෘතික සහ දේශපාලනික විවේචනයන්ට යොමු විය. 1980 සිට වර්තමානය දක්වා සිංහල විද්වත් සංවාදය තුළ ආධිපත්‍යය දරන ජාතික චින්ත සතවාදය නිර්මාණය කිරීමට නලින්ද සිල්වා සමග ගුණදාස අමරසේකරද පුරෝගාමී විය.

කෝට්ටේ යුගයෙන් පසු ක්‍රමයෙන් පරිහානියට පත් සිංහල කවිය නැවත සම්ප්‍රදාය සිය සම්ප්‍රදාය මත පිහිටුවීමෙහිලා අමරසේකර මූලික විය. 18 මත් සිව්පදයට සිර වූ ජනප්‍රිය කොළඹ කවිය මෙන් ම ඊට විකල්පයක් ලෙස ගෙන ආ නිසඳැස් කවිය ද ප්‍රතික්ෂේප කළ ඔහු සිංහල කවියේ අක්මුල් සොයා ගියේ ය. ඡන්දසින් විනිර්මුක්තව සිංහලෙන් කවි ලිවිය නොහැකි බව අවධාරණය කළ අමරසේකර වස්තු විෂයට අනුකූල විවිධ විරිත් ඔස්සේ සදාතනික පද්‍ය නිර්මාණ ගොන්නක් නිර්මාණය කළේ ය.

සිංහල සාහිත්‍යය විෂයයෙහි අමරසේකරගේ සම්ප්‍රදානයට බුහුමන් ලෙස 2008 නොවැම්බර් මස සිට 2009 නොවැම්බර් දක්වා අමරසේකර ප්‍රත්‍යාවලෝකණ වසර ලෙස නම් කර තිබේ.

වසර 2009 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

කෘතීන්[සංස්කරණය]

නවකතා

  • කරුමක්කාරයෝ
  • යළි උපන්නෙමි
  • දෙපා නොලද්දෝ
  • ගන්ධබ්බ ආපදානය
  • අසත්‍ය කථාවක්
  • පේ‍්‍රමයේ සත්‍ය කථාව
  • ගමනක මුල
  • ගම්දොරින් එළියට
  • ඉණි ම‍ඟේ ඉහළට
  • වංකගිරියක
  • යළි මඟ වෙත
  • දුරු රටක දුකට කිරියක
  • ගමනක මැද
  • අතරමඟ
  • ගමනක අග


කෙටිකතා

  • රතු රෝස මල(1953)
  • ජීවන සුවඳ(1960)
  • එක ම කථාව(1969)
  • එක්ටැමෙන් පොළවට
  • කථා පහක්
  • ගල් පිළිමය සහ බොල් පිළිමය
  • මරණ මංචකයේ දුටු සිහිනය
  • පිළිම ලොවයි පියවි ලොවයි
  • විල් තෙර මරණය
  • කවන්ධයක කතන්දරය?
  • කියනු මැන දිවි අරුත


පද්‍ය

  • භාව ගීත (1955)
  • උයනක හිඳ ලියූ කවි (1957)
  • අමල්බිසෝ
  • ගුරුළු වත
  • ආවර්ජනා
  • අසක් දා කව

විචාර

  • අලියා සහ අන්ධයෝ (1966)
  • අබුද්දස්ස යුගයක්
  • අනගාරික ධර්මපාල මාක්ස්වාදීද ?
  • ගණඳුරු මැදියම දකිනෙමි අරුණලූ
  • අරුණලුසෙරෙන් අරුණෝදයට
  • ජාතික චින්තනයයි සහ ජාතික ආර්ථිකයයි
  • සිංහල කාව්‍ය සම්ප්‍රදාය
  • සමාජ-දේශපාලන විචාර I
  • සමාජ-දේශපාලන විචාර II
  • නොසෙවුනා කැඩපත - නවකතාවේ පරිහානිය

බාහිර බැඳි සහ ආශ්‍රිතයන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සිළුමිණ: සම්පත අතිරේකය. 
  2. Henry Jayasena ‘A gifted and decent human being….’. island. 2007. සම්ප්‍රවේශය 2014-06-23. 
  3. In memory of Henry Jayasena. island. 2011. සම්ප්‍රවේශය 2014-06-23. 
"https://si.wikipedia.org/w/index.php?title=ගුණදාස_අමරසේකර&oldid=404434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි