ශ්‍රී ලංකාවේ අතීතය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකීය ඓතිහාසික ලේඛන සහ පුරවිද්‍යාත්මක සොයාගැනීම් ඇසුරුකරගනිමින් පුරාණ ශ්‍රී ලාංකිකයින් පිළිඹඳ සහ ඔවුන්ගේ චර්යාත්මක ක්‍රියාවලීන් මූලිකව අපට ශ්‍රී ලාංකීය ඉතිහාසය නමින් හඳුන්වා දිය හැක.අදාල 😄පුරාවිද්‍යාත්මක සාධක සහ සිංහල වංශකතා ඇසුරින් වසර දසදහසකටත් වඩා පැරණි ලාංකීය ඉතිහාසය පිළිඹඳ පුරෝකථනය කල හැක.[සංස්කරණය]

හැඳින්වීම[සංස්කරණය]

Srilanka Map.
ශ්‍රී ලංකා සිතියම

බලංගොඩින් සොයාගත් ආදි කල්පිත මානවයා ලංකාව තුල මීට අවුරුදු 30000 කට පෙර පැවති ශිෂ්ඨාචාරය පිළිබඳ සාක්ෂි දරයි. ලංකාවේ ක්‍රිස්තුපූර්ව සයවන සියවසේ සිට ක්‍රිස්තුවර්ෂ දහසයවන ශතවර්ෂයේ බටහිර ආක්‍රමණවල ආරම්භක වකවානුව දක්වා ලිඛිත දත්තයන් ලංකාවේ සුප්‍රසිද්ධ පුරාවිද්‍යා වංශකතා වන මහාවංශය, දීපවංශය, චූලවංශය හා පූජාවලිය තුලින් ලබාගත හැක.ක්‍රිස්තුවර්ෂ 1815 රාජාණ්ඩු ක්‍රමය අවසන්වන තෙක් එම ආක්‍රමණ මගින් ලංකාව යටත් කරගෙන සිටි අතර එයින් ඇතිවූ අස්ථාවරත්වය ලංකාවේ ස්වෛරීභාවය බිඳවැටීමට හේතුවූවා යැයි අනුමාන කල හැක.ක්‍රිස්තුපූර්ව හයවන සියවසට පෙර පැවති ශිෂ්ඨාචාරය පිළිබද දත්තයන් ලබාගත හැකි මූලාශ්‍ර එතරම් සුලබ නොවූවත් වාල්මිකීන්ගේ රාමායනය, මහාභාරතය සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව අපට ඊට පෙර තිබූ ශිෂ්ඨාචාර පිළිබඳ යම් අදහසක් ලබාගැනීම අපහසු කරුණක්ද නොවේ.

දහසයවන සියවසට පසු ලංකාව පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි පාලනයට නතු විය එම කාල වකවානු තුල යම් යම් ප්‍රාදේශීය රාජ්‍යයන් තුල සිංහල බලය පැවතියද ක්‍රිස්තුවර්ෂ 1815 න් පසුව ලංකාව මුළුමනින්ම බ්‍රිතාන්‍ය කිරීටයට යටත් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුරුසියට පිටුවහල් කිරීමත් සමග නුවර මගුල් මඩුවේදී අත්සන් තැබූ ගිවිසුමත් සමග ලංකාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයින් යටතට පත් වන ලදී.එතැන් සිට ක්‍රිස්තුවර්ෂ 1948 නිදහස ලැබෙන තුරු ලංකාවාසීන් යම් යම් අවස්ථාවල බ්‍රිතාන්‍ය අධිරජ්‍යයට විරුද්ධව නැගී සිටි අතර 1818 කැප්පෙටිපොල අදිකාරම්ගේ නායකත්වයෙන් යුත් ඌව වෙල්ලස්ස කැරැල්ල හා 1848 වීර පුරන් අප්පු හා ගොන්ගාලේගොඩ බණ්ඩාගේ නායකත්වයෙන් යුත් මාතලේ කැරැල්ල මීට උදාහරණලා සැලකිය හැක. ක්‍රිස්තුවර්ෂ 1972 දී ලංකාව ජනරජයක් බවට පත් විය.

ක්‍රිස්තුවර්ෂ 1978 නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් අතර ඊට අනුව ලංකාවේ ප්‍රධානියා ලෙස විධායක ජනාධිපති පත්වන ලදී. එහි අතුරුඵලයක් ලෙස ලංකාවේ තරුණ කොටස් වල නැගී සිටීමක් සිදුවූ අතර එය 1971 කැරැල්ල ලෙස හඳුන්වා දෙයි. 1983 ලංකාවේ ජනවාර්ගික අරගලය ආරම්භ වන අතර ඒ අතරතුර නැවතත් 1987 - 89 කාල සීමාව තුල තරුණ නැගී සිටීමක් සිදුවන අතර 26 වසරක සිවිල් යුද්ධය 2009 දී නිමාවට පත්විය.

ලංකාවේ මූලික සංස්කෘතික වෙනස්කම් සඳහා හේතු වූ මූලික හේතු තුනක් පෙන්වා දිය හැක.

  • මිහිඳු හිමිගේ ආගමනය
  • බටහිර ආක්‍රමණ
  • 1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථිකය

ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පැරණිතම ශිෂ්ඨාචාරය පිළිඳබ පුරාවිද්‍යා සාධක හමුවන්නේ බලන්ගොඩිනි.ඔවුන් මීට අවුරුදු 34000 කට පමණ පෙර සිට දඩයම් කරමින් (මෙසොලිතික දඩයම් කරුවන් ) ගල්ගුහාවල ජීවත් වී ඇත.මෙවැනි ගුහා කිහිපයකින් ( බටදොඹ ලෙන හා පාහියංගල වන සෙනසුන )ලංකාවේ මෙම ආදිතමයින් පිළිබඳ සාධක ලැබී ඇත.

ස්වභාවික_ශාඛ_සාරයෙන්_වර්‍ණ_ගැන්වූ_සිතුවම්
පාහියංගල වන සෙනසුන(සිතුවම්)

මධ්‍යම කඳුකරයේ හොර්ටන් තැන්න සොයාගනු ලැබීයැයි සැලකෙන සඳකැළුම් ජනතාව විසින් වගා කිරීම සඳහා හොර්ටන් තැන්න ගිනි තබා ඇති බවට සාධක ලැබී ඇති අතර ක්‍රිස්තුපූර්ව 1500 ටත් පෙරතුව සිට ඔවුන් විසින් බාර්ලි සහ ඕට්ස් වගා කර ඇති බවට තහවුරු වී ඇත.එමගින් ලංකාවේ එවක කෘෂිකර්මාන්තය දියුණු ලෙස පැවති බව පිළිගත හැක.ක්‍රිස්තු පූර්ව 6000 ට ඉහත මෙසොලිතික යුගයට අයත් සෙන්ටිමීටර 4 පමණ දිගින් යුත් කුඩා ග්‍රැනයිට් ආම්පන්න, මැටි බඳුන්, දැවී ගොස් ඉතිරි වූ දැව කැබලි සහ භූමිදානය සඳහා තිබුණු මැටි බඳුන් කලටුවාව, වාරණ රජ මහා විහාර ආශ්‍රිත කැණීම්වලින් හමුවී ඇත.
ක්‍රිස්තුපූර්ව 1500 ට පොරොතුව ආදි ඊජිප්තූන් විසින් සොයාගත් කුරුඳු ලංකාවේද දේශීය ශාකයක් ලෙස වර්ධනය වීම මගින් එකල ලංකාවේ හා ඊජිප්තූන් අතර පැවති වෙලඳ සබඳතා පෙන්නුම් කරන සාක්ෂියක් ලෙස දැක්විය හැක.

ක්‍රිස්තුපූර්ව 1500 ට පොරොතුව ආදි ඊජිප්තූන් විසින් සොයාගත් කුරුඳු ලංකාවේද දේශීය ශාකයක් ලෙස වර්ධනය වීම මගින් එකල ලංකාවේ හා ඊජිප්තූන් අතර පැවති වෙලඳ සබඳතා පෙන්නුම් කරන සාක්ෂියක් ලෙස දැක්විය හැක. එමෙන්ම බයිබලයේ සඳහන් වන සුප්‍රසිද්ධ වෙලඳ නගරයක් වන ටාර්ෂිෂ් (Biblical Tarshish)නගරය දැනට ගාල්ල නගරය විය හැකි බව පුරාව්ද්‍යාඥ ජෝන් එමර්සන් ටෙනට් විසින් පෙන්වා දී ඇත.

දකුණු ඉන්දියානු මුල්ම ශිෂ්ඨාචාරයන් හමුවනුයේ ක්‍රිස්තුපූර්ව 1200 තරම් ඈතකදීය අනුරාධපුර රාජධානියේ මුල් පදිංචිකරුවන් පිලිබඳ සාක්ෂි ක්‍රිස්තුපූර්ව 800-1000 තරම් ඈතකට විහිදෙන බව ( පොසෙල් 1990; දැරණියගල 1992:734) කාබන් පරීක්ෂා මගින් තහවුරු වී ඇත.නූතන පරීක්ෂණ මගින් මෙම අගය තවදුරටත් වෙනස් වීමට ඉඩ ඇත.ක්‍රිස්තුපූර්ව 900 වන ශතවර්ෂයේ පමණ ඉදිකරන ලදැයි විශ්වාස කල හැකි

හෙක්ටයාර 15 ක නගර සංකීර්ණයක් අනුරාධපුරයෙන් හමුවුන පසු ඒ පිලිඹඳ තවදුරටත් කැණීම් කිරීමේදී එය හෙක්ටයාර 50 දක්වා ක්‍රිස්තුපූර්ව 700 ශතවර්ෂයේදී පමණ වර්ධනය කර ඇති බව පෙනී ගොස් ඇත. මේ හා සමාන සංකීර්ණයක් සීගිරිය අලිගලින්ද හමුවී ඇත.

දැනටත් ශ්‍රී ලංකාවේ ඌව,මධ්‍යම හා ගිණිකොණ ප්‍රදේශවල වාසය කරන වන්නිල ඇත්තෝ නමින් හඳුන්වන වැද්දෝ සෘජු ලෙසම ලංකාවේ ආදිතමයින්ගෙන් පැවත එන බවට විශ්වාසයක් පවතී. තවද ඔවුන් ඉන්දියානු උපමහද්වීපයෙන් හෝ එවකට ජනාවාසව පැවති අප්‍රිකාවෙන් පැවත එන ලදැයි විශ්වාස කරයි.

ක්‍රිස්තුපූර්ව 500 පමණ සිට ලංකාව තුල ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයක් දියුණු වීමත් සමග ඉදිකිරීම් කර්මාන්තයේ නව ප්‍රවනතාවයක් ඇතිවූ අතර මහා වැව්, වෙනත් ජලාශ ඇතුළු වාරිමාර්ග සමග බුදුදහමේ ආභාෂයත් සමග ඉදිවූ පිරමිඩාකාර ඉදිකිරීමක් වන ස්ථූප හෙවත් දාගැබ්ද ප්‍රමුඛතාවයක් ගනී.ක්‍රිස්තුපූර්ව 400 දී පමණ විජය ඇතුළු ඉන්දු ආර්යයින් ලංකාවට සංක්‍රමණය වන අතර එතැන් පටන් ලංකාව තුල ඉන්දු මිශ්‍රිත ශිෂ්ඨාචාරයක් බිහිවීම ආරම්භ වුනි.සිංහල ජාතිය ඇතිවීයැයි සැලකෙනුයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. බුදුරජානන් වහන්සේගේ තෙවරක් සිදුවූ ලංකාගමයත් සමග ලංකාවේ එවකට පැවති ගෝත්‍රවල සියළු රජවරු බුදුරදුන් හමුවීම සිදුවිය.

ලංකාවේ සිංහල ජනගහනය 70% පමණ වන අතර ඉතිරියෙන් බහුතරය දෙමල ජාතිකයින් වෙති.දීපවංශයට හා මහාවංශයට අනුව විජයට පෙර ලංකාවේ ස්වදේශිකයින් ලෙස යක්ෂ, නාග,රාක්ෂ හා දේව ගෝත්‍ර පැවතී ඇත. සිව් හෙළයන් සිංහලයන් වූ බව සැලකිය හැකිය.යක්ෂ, නාග, රාක්ෂ හා දේව ගෝත්‍ර මඟින් මනුෂ්‍ය අධ්‍යාත්මයේ විවිධ පරිනාමික අවස්ථා නිරූපනය කරයි. ලේඛන කලාව පිළිබඳ සාක්ෂි ක්‍රිස්තුපූර්ව 600 දී පමණ බ්‍රාහ්මී අකුරු කොටා ඇති මැටි බඳුන් මගින් සනාථ වී ඇත.

ඓතිහාසික ශ්‍රී ලංකාව[සංස්කරණය]

ලංකාවේ සුප්‍රසිද්ධ පාලි වංශකථා ත්‍රිත්වයක් වන මහාවංශය, දීපවංශය හා ථූපවංශය ඇසුරින් හා චූලවංශය, ලංකාවේ ආදිතම ශිලාලේඛන, ඉන්දියානු ශිලාලේඛන අධ්‍යන ඇසුරින් හා බුරුම වංශකථා ආශ්‍රයෙන් ක්‍රිස්තුපූර්ව 600 සිට ශ්‍රී ලංකාව ( ඓතිහාසික යුගය ) පිළිඹඳ තොරතුරු ලබා ගත හැක.

මහාවංශය ක්‍රිස්තුවර්ෂ 400 දී පමණ නාගසේන තෙරුන් විසින් රචනා කරන ලද මූලික ලාංකීය වංශකථාව ලෙස සැලකිය හැක. මහානාම තෙරුන් මේ උදෙසා දීපවංශය, අට්ඨ කතා සහ ඉංදියානු ඓතිහාසික පුරාවෘත්ත උපයෝගී කර ඇත.අසෝක අධිරාජයාගේ රාජාභිෂේකය පිලිඹඳ විශේෂ විස්තරයක් මහාවංශයේ සඳහන් වීම මගින් මහාවංශය අසෝක රාජාභිෂේකය එනම් බුද්ධ පරිණිර්වාණයට වර්ෂ 218 කට පසු ලියැවීයැ‍යි විශ්වාස කල හැක.

විජයාගමනය[සංස්කරණය]

ලංකාවේ ඓතිහාසික යුගය ඇරඹෙනුයේ විජයාගමනයත් සමගය. විජයාගමනය යනු කාලිංග වංශික කුමාරයෙක් වන හා සිංහබාහු රජතුමාගේ හා සිංහබාහුගේ සහෝදරිය වූ සිංහසීවලීගේ වැඩිමහල් පුත්‍රයා වූ කාලිංග වංශික කුමාරයෙක් වන විජය සහ ඔහුගේ සත්සියයක් පරිවාර පිරිස සමග ලංකාවට ගොඩබැසීමය. සිංහබාහුගේ හා සිංහසීවලීගේ උත්පත්තිය සිදුවූයේ සිංහයෙකු හා සුප්පාදේවිය නම් කුමාරිකාවකගේ එක්වීමෙන් බව පැවසෙන මිථ්‍යා විශ්වාසයක් ලංකාව පුරා ප්‍රචලිතව පවතී.මහාවංශයට අනුව විජයාගමනය සිදුවී ඇත්තේ බුද්ධ පරිණිර්වාණය දිනයේදී මහාතිත්ථ නමින් එකල හැඳින්වුන මන්නාරමටය. මහාතිත්ථ පසුකලෙක ඉන්දියාව සහ පර්සියානු බොක්ක සම්බන්ධ කරන සංධිස්ථානයක් බවට පත්විය.මුල්කල තිමිරභාරණී නමින් හැඳින්වුන ලංකාවේ දෙවැනි විශාලතම ගංගාව වන මල්වතු ඔය (දෙමලෙන් අරුචි ආරු ) අනුරාධපුර නගරය ජලයෙන් පෝෂණය කරමින් පැමිණ මුහුද හමුවන්නේ. මහාතිත්ථ හිදීය. එහිදී විජයගේ පිටිඅල්ල වැල්ලේ තබා හිඳගත් කල අත්ල තඹ පැහැ වූ බැවින් තම්බපණ්ණි නමින් ලංකාව හැඳින්වූ බව ජනප්‍රවාදයේ සඳහන් වී ඇත. ග්‍රීක ජාතික ටොලමි විසින් ඇඳි මුල්ම සිතියමේ ලංකාවේ නම තැප්‍රොබානා ලෙස සඳහන් වීමෙන් එය තහවුරු කරගත හැක.( ග්‍රීක බසින් තැප්‍රොබානා යනු තම්බපණ්ණි නමට ග්‍රීක පරිවර්තනය වේ ). විජය කුමරු හා යක්ෂ ගෝත්‍රික කුවේණි නම්වු කුමාරිකාව අතර සිදුවී යැයි සැලකෙන කතාන්තරය ග්‍රීක පුරාවෘත්තයක් ඇසුරින් නිර්මාණය වූවක් බව හෝ ප්‍රාක් ඉන්දු - යුරෝපීය ජනකතා ඇසුරින් නිර්මාණය කරන ලද බවට විශ්වාසයක් පවතී. වර්තමාන සිංහල ජනයා සහ බහුතරයක් ද්‍රව්ඩ ජනයා ඉන්දියානු මෙම සංක්‍රමණිකයින් හා ලංකාවේ එවකට විසූ ස්වදේශිකයින්ගේ මිශ්‍ර වීමෙන් ජනනය වූ බවට උපකල්පනය කල හැක.එමෙන්ම විජයගේ ආගමනයත් සමග උතුරු ඉංදියානු සංස්කෘතිය හා එවකට ලක්දිව පැවති බුදුදහම මිශ්‍ර වීමෙන් දකුණු ඉංදියාවෙන් පැහැදිලි ලෙස වෙන්වූ සංස්කෘතියක් ලෙස ශ්‍රී ලාංකීය සංස්කෘතිය බිහිවූ බව පැහැදිලි වන කරුණකි.

අනුරාධපුර රාජධානිය[සංස්කරණය]

රුවන්වැලිසෑය
රුවන්වැලිසෑය

විජයට පසු දිගින් දිගට සංක්‍රමනිකයින් ලංකාවේ විවිධාකාර වූ ජනපද පිහිටුවා ගන්නා අතර එම ප්‍රදේශ මූලිකව රුහුණු, මායා, පිහිටි ලෙස වෙන්විය. එක් එක් ප්‍රදේශ සඳහා වෙන වෙනම ප්‍රාදේශීය පාලකයින් බිහිවන අතර ඊසාන, නැගෙනහිර හා උතුරු මැද ගංගා බොහොමයක් කේන්ද්‍රගතවූ එවකට පැවති කෘෂිකාර්මික ආර්ථික රටාවට උචිතම ස්ථානය ලෙස හඳුනගත් අනුරාධ විසින් පිහිටුවන ලද අනුරාධග්‍රාමය කේන්ද්‍රකර ලාංකීය ජනාවාස ඇතිවීමත් සමග පාලකයා ලෙස රජකෙනෙකුගේ බිහිවීම සිදුවිය.රජතුමා මූලිකව නීතිය, ආරක්ෂාව සහ ආගම පිලිඹඳ මූලිකත්වය හිමිවූ අතර ඒ පිලිඹඳ ඒකාධිපතිත්වයද ඔහු හට හිමිවිය.ලංකවේ මුල්ම දේශීය රජතුමා ලෙස පණ්ඩුකාභය ක්‍රිස්තුපූර්ව 437 දී රජවිය.පණ්ඩුකාභය රජු විසින් අනුරාධග්‍රාමය සියළු පහසුකම් සහිත නගරයක් බවට පත් කිරීමෙන් පසු එය අනුරාධපුර නමින් හැඳින්වුනි.පසුව ඔහුගේ පුත් මුටසිව රජකමට පත්වූ අතර ලංකාවේ සංස්කෘතිය වෙනස් කිරීමෙහිලා විශාල කාර්යයක් සිදුකල මහමෙවුනා උයන නිර්මාණය සිදුවනූයේ මෙම අවධියේදීය.

ජේතවනාරාමය
ජේතවනාරාමය

මුටසිවට පසු මෞර්ය වංශික දේවානම්පියතිස්ස( ක්‍රිස්තු පූර්ව 250-210 ) රජවුන අතර ඔහු ඉංදියාවේ එවකට රජකම් කල අසෝක අධිරාජ්‍යයා සමග පැවැත්වු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උපයෝගීකරගෙන ථේරවාදී බුදුදහම ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අසෝක රජුගේ පුත් මහින්ද රහතන්වහන්සේ විසින් ලංකාවට ථේරවාදී බුදුදහම රැගෙන එන ලදී.පසුව අසෝක අධිරාජ්‍යයාගේ දියණිය සංඝමිත්තා මෙහෙණිය විසින් භික්ෂුණී ශාසනය සහ බුදුරජණන් වහන්සේ බුදුබවට පත් වූ ජය ශ්‍රී මහා බෝධියේ දක්ශිණ ශාඛාව රැගෙන ලංකාවට වැඩම කරවන ලදී.

අසේල රජු ඝාතනය කල එලාර රජු විසින් අනුරාධපුරය අගනගරය වූ පිහිටි රට පාලනය අල්ලා ගැනීම අනුරාධපුර රාජධානියේ නැගීමට හේතුවන සාධනීය හේතුවක් විය. එය ලංකාවේම අගනගරය බවට මුල්වරට දුටුගැමුණු රජු ලංකාව එක්සේසත් කිරීමෙන් පසු පත්වීම එහිලා දැක්විය හැකි මූලික හේතුවක් ලෙස දැක්විය හැක.එලාර පිහිටි රට රජකරන කාලයේ රුහුණේ කාවන්තිස්ස සහ මායා රටේ කැලණිතිස්ස ලෙස ප්‍රාදේශීය රජවරුන් දෙදෙනෙකු පාලනය කලේය. දුටුගැමුණු යනු රුහුණේ පාලක කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයාය. මහාවංශ කතෘවරයා දුටුගැමුණු හඳුන්වා දෙනුයේ ලංකාවේ අසෝක යන අන්වර්ථ නාමයෙනි.දුටුගැමුණු රජතුමා දාගැබ් නිර්මාණයෙහිලා ප්‍රමුඛතාවයක් දක්වන අතර ඔහු නිර්මාණය කල රුවන්වැලිසෑය සහ අභයගිරිය අද්විතීය නිර්මාණ ලෙස ඉතිහාසගතව ඇත.

දෙවන ප්‍රධාන ආක්‍රමණය වන දකුණු ඉන්දීය පංචපාණ්ඩවයින්ගෙන් පලමුවැනියා වන පුලහත්ථ ගෙන් පසු පිළිවෙලින් බාහිය, පනයමාර, පිලයමාර, දාඨිය එකිනෙකා මරාගනිමින් රජවිය අවසානයේ රජවූ දාඨිය මරා වලගම්බා රජ (ක්‍රීස්තුවර්ෂ 89-77) රජ විය වලගම්බා රාජ සමයෙහි සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස මහාවිහාර (ථෙරවාද ) සහ අභයගිරි (මහායාන ) ගැටුමට පිළියමක් ලෙස පාලියෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම මාතලේ අළුවිහාරයේදී සිදුකිරීම පෙන්වා දිය හැක.

ගොනුව:SIGIRI2.jpg
සීගිරි බිතු සිතුවම්

ලංකාවේ මුල්ම රැජිණිය ලෙස චෝරනාගට පසුව සිහසුනට පත්වූ අනුලා බිසව (ක්‍රිස්තුවර්ෂ 48-44 ) ඉතිහාසගත වෙයි. චෝරනාගට හා කුඩාතිස්සට වසදී මරුමුවට පත් කල අනුලා බිසව ආදරවන්තයින් කිහිපදෙනෙකුටම වසදී මරණයට පත්කිරීම පිළිබඳ ප්‍රසිද්ධය. ඇය අතින් අවසානයට මරුමුවට පත්වූයේ කුට්ටකන්නතිස්ස රජතුමාය.ලංකාවේ වැඩිම වැව් ප්‍රමාණයක් නිර්මාණය කල රජතුමා ලෙස වසභ රජ(ක්‍රිස්තුවර්ෂ 67-111 ) හඳුන්වාදිය හැක. වල්ලිපුරම් රන්පතට අනුව එය සංඛ්‍යාත්මකව 11 පමණ වේ. ගජබාහු රජ (ක්‍රිස්තුවර්ෂ 114-136) විසින් චෝලයින් විසින් සිරකරුවන් ලෙස රඳවා තබාගත් 12000 ලාංකිකයින් බේරාගත් බව ඉතිහාසයේ සඳහන් වේ.

ථේරවාද මහාවිහාර භික්ෂූන් මහායාන භික්ෂූන්ව මර්ධනයට ගත් උත්සාහය මහසෙන් රජසමයේ (ක්‍රිස්තුවර්ෂ 274-301) වැදගත් සිදුවීමකි. මහසෙන් රජු පසුකාලීනව මහාවිහාරීය භික්ෂූන්ගේ පාර්ශවය ගෙන ජේතවනාරාමය සාදා නිමකර එය ථේරවාදී භික්ෂූන් සඳහා පූජා කරන ලදී. ඒ නිසා ථේරවාදය තුල තවත් නිකායක් ජේතවන නිකාය ලෙස ඇතිවිය.මහාවංශය ලියවෙන්නේ ධාතුසේන (ක්‍රිස්තුවර්ෂ 459-477) රජසමය තුලදීය.ධාතුසේන රජුගේ මාමා කෙනෙකු වූ මහානාම හිමි විසින් මහාවංශය ලියා ඇත. ධාතුසේන රජ කලාවැව නිර්මාණය කල අතර ඔහුගේ පුත් කාශ්‍යප රජු (ක්‍රිස්තුවර්ෂ 477-495) විසින් සීගිරිය නිර්මාණය කරන ලදී.

කඩුවෙල, කොරතොට බැලුම් ගල[සංස්කරණය]

ලංකාවට ප්‍රබල ලෙස බලපෑම් කිරීමට සමත් වූ ඉංග්‍රිසි ජාතිකයින් සමග අතීත රජවරු දීරිඝ කාලීන සටන් වලට යොමු වී ඇත. මෙම සටන් වලදී මෙම බැලුම් ගල නම් කොරතොට කන්ද කේන්ද්‍රස්ථානයක් ලෙස යොදා ගෙන ඇත. මෙම කොරතොට කන්ද අංගම් පොර ශිල්පය ආරම්බ කල බවත් කොරතොට සත් පත්තිනි දේවාලය ද එහි කේන්ද්‍රස්ථානයක් බව විද්වතුන් පවසයි. මෙම කන්ද මත සිට මුලු කොළඹම නැරඹිය හැක. සිංහල බටයින් මෙම කන්ද මත සිට ඔත්තු බැලූ බැවින් බලපු ගල හෙවත් බැලුම් ගල විය. වර්ථමානයේ මේමතට නැගීම සදහා යකඩ පඩි පෙළක් සාදා ඇත.

කෝට්ටේ රාජධානිය[සංස්කරණය]

කෝට්ටේ රාජධානියේ සාහිත්‍ය කෘති[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_අතීතය&oldid=419396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි