කාවන්තිස්ස රජ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කාවන්තිස්ස රජ
මාගම රජ
රාජ්‍ය සමයක්‍රිස්තු පූර්ව 205–161
පූර්වප්‍රාප්තිකයාගෝඨාභය රජ
අනුප්‍රාප්තිකයාදුටුගැමුණු රජ
වල්ලභයාවිහාරමහා දේවිය

කාවන්තිස්ස රජ, (කාකවණ්න තිස්ස), යනු ශ්‍රී ලංකාවේ පැරණි රාජධානියක් වූ රුහුණු රාජධානිය තුල රජකම් කල ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. කාවන්තිස්ස රජු දේවානම්පියතිස්ස රජුගේ බාල සහෝදරයෙකු වූ මහානාග රජගේ මුණුපුරෙකු සහ, සිංහලේ මහා රජු සේ සැළකෙන දුටුගැමුණු රජුගේ පියාණන් වෙයි. කාවන්තිස්ස රජතුමන් හට පළමු විවාාහයෙන් දිඝභය නම් පුතෙකුද විහාර මහා දෙවියට දාව දරුවන් දෙදෙනෙක්ද සිටි බව පැවසේ.ඒ දුටු ගැමුණු හා තිස්සයි.කාවන්තිස්ස රජ ලංකාවෙ රුහුණු ප්‍රදෙශය පාලනය කරන සමයේ අනුරාධපුර රජ කලේ ද්‍රවිඩ පාලකයෙකු වු ඒළාරයි. එළාර පරාජය සදහා මුල් අඩිතාලම කාවන්තිස්ස රජු විසින් සැකසීය. නමුත් මහාවංශය තුල කාවන්තිස්ස රජු පිළිබඳ වැඩි සැළකිල්ලක් නොදක්වයි.

කාවන් තිස්ස රජුගේ සේවාව

ඉතිහාසයේ කී දෙයට වඩා නොකී දේ වැඩි යැයි ප‍්‍රකට කියමනක් පවතී. කාවන්තිස්ස රජු ද උක්ත කියමනට අදාළ කරගත හැකි චරිතයකි. මහා වීරයන් බිහි කිරීමට පසුබිම් වන චරිත ගැන ඉතිහාසයේ මහා සම්ප‍්‍රදාය සාකච්ඡුා කරන්නේ කලාතුරකිනි. මෙම ලිපියේ දී අපේක්ෂා කරන්නේ, කාවන්තිස්ස රජුගේ දේශපාලන ප‍්‍රතිපත්ති ඇසුරින් ඔහුගේ සැබෑ ස්වරූපය විමසා බැලීමටයි. කාවන්තිස්ස රජු පිළිබඳව සාකච්ඡුා කිරීමට ප‍්‍රථමයෙන් රෝහණ රාජ්‍ය පිළිබඳ විමසා බැලීම යෙහෙකි. රෝහණයේ ජනාවාස ආරම්භය ක‍්‍රි.පූ.6 වන සියවස දක්වා ඈතට දිව යයි. භද්දකච්චායනා කුමරියගේ සහෝදරයන් අතර සිටි රෝහණ නම් කුමරු රෝහණ නැකතින් රෝහණ රාජ්‍ය ගොඩනැංවූ බව වංශකථාවේ දැක්වේ. සිංහල ධාතුවංසය. නම් ධාතුවංසය පිළිබඳ විමර්ශන ග‍්‍රන්ථය ස්වකීය දර්ශනශූරී උපාධිය සඳහා ඉදිරිපත් කළ මහාචාර්ය එම්.ඩබ්ලිව්.විමල් විජේරත්න මහතා රෝහණ නාමය ඇති වූ ආකාරය පිළිබඳ මතයක් ඉදිරිපත් කරයි. එතුමාට අනුව රෝහණ පර්වතය (ශ‍්‍රී පාදය* පිහිටි ප‍්‍රදේශය නිසා රෝහණ නාමය ඇති වී ඇත. මහානාග යුවරජු අනුරාධපුරයේ සිට රෝහණයට පැමිණීමෙන් රෝහණ රාජ්‍ය ප‍්‍රභවය වූ බව අපි දනිමු. කාලයාගේ ඇවෑමෙන් ගෝඨාභය රජුගේ අභාවයෙන් පසුව ඔහු පුත් කාවන්තිස්ස රජු මාගම රාජ්‍යත්වයට පත් විය. කාවන්තිස්ස රජු ගැන අධ්‍යයනය කිරීමේ දී මහාවංශය සහ දීපවංසයෙන් ගත හැකි පිටිවහල ඉතා අල්පය. නමුත් රෝහණයේ ඉතිහාසය පිළිබඳ විශේෂ විග‍්‍රහයක් ඉදිරිපත් කරන ධාතුවංසය, ජිනකාලමාලිය, සිංහල බෝධිවංසය, පාලි රසවාහිනිය සහ එය ආශ‍්‍රය කර ගෙන රචිත සද්ධර්මාලංකාරය, සීහලවත්ථූප්පකරණය වැනි මූලාශ‍්‍රවලින් කාවන්තිස්ස රජු ගැන බොහෝ තොරතුරු සපයා ගත හැකි ය. මහාවංශය, කාවන්තිස්ස රජු බියගුළු පාලකයෙකු ලෙස හුවා දැක්වුව ද උක්ත මූලාශ‍්‍ර අධ්‍යයනය කරන විට කාවන්තිස්ස රජුගේ සැබෑ ස්වරූපය අධ්‍යයනය කළ හැකි ය. කාවන්තිස්ස රජු මාගම රාජ්‍යත්වයට පත් වන විට රුහුණු රාජ්‍යය ආශ‍්‍රිත ව ස්වාධීන පාලකයෝ කිහිප දෙනෙක් සිටියහ. කැලණියේ සිව, ගිරි නුවර අභය, ලෝණ නුවර මහානාග සහ සේරු නුවර සිව ඒ අතර ප‍්‍රධාන වේ. ඒ අනුව කාවන්තිස්ස රජුගේ පළමු කාර්යය වූයේ, රෝහණය එක්සේසත් කිරීමයි. රජු පළමුව කැලණියේ ස්වකීය බලය ව්‍යාප්ත කිරීමට විවාහ සම්බන්ධයක් යොදා ගත්තේ ය. කැලණිතිස්ස රජුගේ දුහිතෘ විහාරමහාදේවිය විවාහා කර ගැනීම ඉතා විශිෂ්ට රාජ තාන්ත‍්‍රික ක‍්‍රියාමාර්ගයක් විය. මහා තිස්ස අයගේ දියණිය වූ අභිසයුරු සහ අය අභයගේ පුත් තිස්ස සමඟ ඇති වූ මේ විවාහය පිළිබඳ කොටාදැමූහෙළ ශිලා ලේඛනයේ දැක්වේ. මෙහි එන මහාතිස්ස යනු කැලණිතිස්ස රජු වන අතර අභිසයුරු යනු විහාරමහාදේවිය යන්න විද්වත් මතයයි. අය අභය යනු ගෝඨාභය රජු වන අතර තිස්ස යනු කාවන්තිස්ස බව පෙනී යයි.

කාවන්තිස්ස රජු කැලණියේ බලය තවදුරටත් ශක්තිමත් කිරීමට රජුගේ සහෝදරිය වූ සෝමා දේවිය, කැලණියේ පාලක සිවගේ සහෝදර අභයට විවාහා කර දුන්නේය. මෙහි එන සිව කැලණිතිස්ස රජුගේ අනුප‍්‍රාප්තිකයා බවත් හෙතෙම කැලණිතිස්ස රජුගේ පුත‍්‍රයා විය හැකි බවත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි. පසු කාලයේ දී දුටුගැමුණු කුමරු වැඩි ආරක්ෂාව සඳහා දාවා නම් ඇමති සමඟ ගිරිඅභය වෙත යැවීමට කාවන්තිස්ස රජු ක‍්‍රියා කළේය. කාවන්තිස්ස රජු මෙම ක‍්‍රියාමාර්ගය ගත්තේ ද දුටුගැමුණු කුමරුගේ ආරක්ෂාව සඳහා ය. මන්ද මේ කාලයේ දුටුගැමුණු කුමරු පිළිබඳ එළාර පාර්ශ්වයේ අවධානය වැඩි වූ බවක් දක්නට ඇත. මෙකල දුටුගැමුණු කුමරු පිළිබඳ තොරතුරු සෙවීමට එළාර හමුදා මලය දේශයට පැමිණි පුවතක් ඉතිහාසයේ සඳහන් වීමෙන් ඒ බව පැහැදිලි වේ. කාවන්තිස්ස රජු නිතර ම ක‍්‍රියා කළේ දුරදක්නා නුවණකිනි. තරුණ දුටුගැමුණු කුමරු යුද්ධයට යාමට අවසර ඉල්ලා සිටියදී කාවන්තිස්ස රජු නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ද ඔහුගේ පරිණත දේශපාලන චින්තනය නිසාය. නමුත් මහාවංසකරු මෙය දකින්නේ, බියගුළු ක‍්‍රියාවක් ලෙසයි.

‘පිතා මෙ පුරිසො හොන්තො නෙවං වක්ඛති තෙනි.දං

පිලන්ධතූති පෙසෙසි ඉත්ථාලංකාරමස්ස සො, (මහාවංසය පාලි, පොල්වත්තේ බුද්ධදත්ත හිමි සංස්කරණය, 1959, 128 පිටුව.*

(මපියාණෝ පිරිමියෙක් වෙත් නම්, ගෙඟන් මෙතෙර අපට සෑහේ ය යි මෙවන් බස් නොකියන්නාහත එහෙයින් පිරිමිකමට නොතරම් බස් කියා යුද කරනු නොදෙන ඔහු මේ ගැහැනු පළඳනා පළ‘දිත්වා.*

මෙහිදී කාවන්තිස්ස රජු යුද්ධයට යාමට අවසර නොදෙන්නේ එය යුද්ධයට සුදුසු අවස්ථාව නොවන බැවිනි. දුටුගැමුණු කුමරු ගිරිඅභය වෙත ගිය පසු ගැමුණු කුමරු සහ ගිරි අභය අතර වංශය පිළිබඳ ඇති වූ වාදයේ ප‍්‍රතිඵලයක් ලෙස ගිරි අභය සෝමා දේවිය ද කැටුව සේරු නුවරට ගියේය. මේ තත්ත්වය ද ගැඹුරු දේශපාලන චින්තනයකින් හෙබි කාවන්තිස්ස රජු සුලූවෙන් සිතුවේ නැත. යම් අවස්ථාවකදී ගිරි අභය සහ සේරු නුවර සිව එළාර පාර්ශ්වය ගත්තා නම් ඉන් ඇති වන තත්ත්වය ඉතා භයානක වන්නට තිබිණි. එම නිසා කාවන්තිස්ස රජු වහාම ක‍්‍රියාත්මක විය. ඒ අනුව සේරු රාජ්‍ය තමාට අවනත කරගත යුතු බව කාවන්තිස්ස රජුගේ ආකල්පය විය. නමුත් මෙය සරල කාර්යයක් නොවේ. ඉතා භාර¥ර කටයුත්තකි. එබැවින් රජු සේරු නුවර ජය ගැනීමට ප‍්‍රථම ව දීඝවාපියට ගොස් එහි සිටි ප‍්‍රාදේශීය පාලකයන් පරදවා දීඝවාපියේ බලය ස්ථාපිත කළේය. ඉන් පසු සද්ධාතිස්ස කුමරුට දීඝවාපියේ පාලන කටයුතු පැවරීය.

ඉන් පසු කාවන්තිස්ස රජු සිය සේරු නුවර ගමනට සූදානම් විය. මෙහිදී ඉතා සාමකාමී අයුරින් සේරු නුවර බලය අත්පත් කර ගැනීම රජුගේ අපේක්ෂාව විය. කාවන්තිස්ස රජුගේ දේශපාලන ප‍්‍රතිපත්තිවල දැකිය හැකි තවත් සුවිශේෂී දෙයක් වන්නේ, හැකිතාක් යුද්ධයෙන් තොරව සිය අරමුණු ඉෂ්ට කර ගැනීමයි. මෙය ඔහුගේ පෞරුෂත්වයේ ගැටලූවක් යැයි ඇතැම් වංසකථාකරුවන්ගේ නිගමනය වුව ද එය පරිණත දේශපාලන නායකයෙකුගේ ලක්ෂණයකි. සේරු නුවර ජයග‍්‍රහණය සඳහා කාවන්තිස්ස රජුට සහාය දැක්වූයේ, චුල්ලපිණ්ඩපාතික රහතන් වහන්සේ විසිනි. කාවන්තිස්ස රජු සතුව ඇති ධාතූන් වහන්සේ නමක් සේරු නුවර ස්තූපයක නිධන් කිරීමට බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති බව චුල්ලපිණ්ඩපාතික රහතන් වහන්සේ විසින් රට පුරා ප‍්‍රචාරය කරන ලදී. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ධාතුවංසයේ දැක්වේ. මෙහිදී සේරු නුවර සිව සහ සෝම නුවර ගිරි අභය යන පාලකයන්ට අකැමැත්තෙන් හෝ කාවන්තිස්ස රජුගේ සේරුවිල සම්ප‍්‍රාප්තිය පිළිගන්නට සිදු විය. මෙම ගමනේදී කාවන්තිස්ස රජු සන්නද්ධ හමුදාවක් ද අප‍්‍රකට ව ගෙන යෑමට වග බලා ගත්තේ, යම් අවස්ථාවකදී යුධමය ක‍්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට සිදු වුවහොත් ඊට ද සූදානමින් විය යුතුය. ඒ ආකාරයට කාවන්තිස්ස රජු සේරුවිල චෛත්‍යයේ වැඩ නිමවා සාර්ථක ලෙස සේරු නුවර ස්වකීය ආධිපත්‍යය පැතිරවීය. කාවන්තිස්ස රජුගේ මේ පරිණත දේශපාලන න්‍යායන් මින් පෙර ලක්දිව පාලකයන්ගෙන් අපට දැක ගත නොහැකි යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. කාවන්තිස්ස රජු මේ සියලූ ව්‍යායාමයන් සිදු කළේ, අනාගත අපේක්ෂා ඇතිවය. එය ඇතැම් ඉතිහාසකරුවන්ට අමතක වීම අභාග්‍යයකි.

මේ වන විට දිවයිනේ සැලකිය යුතු භූමි ප‍්‍රදේශයක් කාවන්තිස්ස රජු යටතේ තිබිණි. රජුට අවශ්‍ය නම් එළාර රාජ්‍ය ආක‍්‍රමණය කරන්නට තිබිණි. නමුත් එයට කාලය පැමිණ නොමැති බව එතුමා දැන සිටියේ ය. සමකාලීන යුගය වන විට එක්සේසත් රාජ්‍ය සංකල්පය මෙරටට නුහුරු සංකල්පයක් නිසා එතුමා මෙලෙස නිහ`ඩ ව සිටියා වන්නට පිළිවන. නමුත් ඒ තුළින් එතුමා බියගුළු පාලකයෙකු ලෙස කිසිසේත් හුවා දැක්විය නොහැකි ය. ලංකාව එක්සේසත් කිරීමට අවශ්‍ය සියලූ පසුබිම මේ වන විට ගොඩනැඟී තිබිණි. දාඨාසේන නම් යෝධයා කාවන්තිස්ස රජු හමු වීමට යාමේ දී එතුමා කම්මල්කරුවන් 500ක් ලවා යුද්ධායුධ තනවමින් සිටි බව සද්ධර්මාලංකාරයේ දැක්වේ. දුටුගැමුණු කුමරු යුද්ධයට යාමට අවසර ඉල්ලූ අවස්ථාවේ කාවන්තිස්ස රජු එය ප‍්‍රතික්ෂේප කළ බව අපි දනිමු. නමුත් කාවන්තිස්ස රජු අනාගතයේ එක්සේසත් ව්‍යාපාරයක් ගැන අපේක්ෂා කළ බව පහත සඳහන් මහාවංස පාඨයෙන් පෙනී යයි. මෙසේ ඉඳින් මා පුත් මුඛිජී ලක්දිව් තෙලෙහි රජය ගෙන බුදු සසුන බැබළු වන්නේ නම් අටතුරා දහසක් භික්ෂූහු ම ප‍්‍රවිෂ්ට වෙත්වා. ඒ සියල්ලෝ උඩුකුරු කොට ගත් පාත‍්‍රා ඇතිව සිවුරු පොරවත්වා .මෙම ප‍්‍රාර්ථනය කාවන්තිස්ස රජු සිදු කරන්නේ,

දුටුගැමුණු කුමරුට නම් තබන උත්සවය අවස්ථාවේදී ය. මේ ප‍්‍රාර්ථනාව ඔස්සේ කාවන්තිස්ස රජුගේ සිතේ තිබුණු එක්සේසත් රාජ්‍ය සංකල්පය මොනවට ඉස්මතු වේ. මෙහිදී ඇති වන ගැටලූව වන්නේ, මහාවංශකරු ඉහත සඳහන් රජුගේ අපේක්ෂාව සඳහන් කර පසුව රජු බියගුළු පාලකයෙක් ලෙස හැඳින්වූයේ ඇයිද යන්නයි.

මේ අනුව පෙනී යන්නේ, මහාවංසකරු කාවන්තිස්ස රජු පිළිබඳ වැරදි චිත‍්‍රයක් ගොඩනඟා ඇති බවයි. එමෙන්ම ගැමුණු කුමරුට ද පිය රජු මිය යන තෙක් ඔහු ගැන අවබෝධ කර ගැනීමට අපහසු වූ බවක් පෙනේ. මේ අනුව මෙරට එක්සේසත් රාජ්‍ය සංකල්පය ඇති කිරීමේ පුරෝගාමියෙකු ලෙස කාවන්තිස්ස රජු හැඳින්වීම නිවැරදිය. නමුත් පිය රජුගේ ඇවෑමෙන් දුටුගැමුණු රජු ස්වකීය කාර්යභාරය නිසි ආකාරයට සිදු නොකළේ නම් කාවන්තිස්ස රජුගේ ව්‍යායාමය අපතේ යාමට ඉඩ තිබූ බව ද අප මෙහිදී සිහි තබා ගත යුතුය. මේ අනුව කාවන්තිස්ස රජු බියගුළු පාලකයෙකු නොවන බවත් එතුමා දක්ෂ මෙන්ම පරිණත පාලකයෙකු බවත් උක්ත සාධකවලින් සනාථ කිරීම යෙහෙකි. එමෙන්ම කාවන්තිස්ස චරිතය මහාවංශයෙන් ඔබ්බට ගොස් හැදෑරිය යුතු චරිතයක් බව මින් පසක් වේ.

( ආර්.ඞී.ධනුෂ්ක පුෂ්ප කුමාර ,පුරාවිද්‍යා (විශේෂවේදී),, පුරාවිද්‍යා අධ්‍යයන අංශය,, පේරාදෙණිය විශ්වවිද්‍යාලය., [[1]] ගේ ලිපියේ උපුටා ගැනීමක්)



බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කාවන්තිස්ස_රජ&oldid=476106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි