රනිල් වික්‍රමසිංහ

විකිපීඩියා වෙතින්
රනිල් වික්‍රමසිංහ
ரணில் விக்கிரமசிங்க
Ranil Wickremesinghe
Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka, Mr. Ranil Wickremesinghe, at Hyderabad House, in New Delhi on September 15, 2015 (1).jpg
ශ්‍රී ලංකාවෙහි 9වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
2022 ජූලි 21
වැඩබලන: 2022 ජූලි 15 - 2022 ජූලි 21
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකාවෙහි 10වන අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
2022 මැයි 12 – 2022 ජූලි 22
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයාදිනේෂ් ගුණවර්ධන
තනතුර දරමින්
2015 ජනවාරි 09 – 2019 නොවැම්බර් 21
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
ගෝඨාභය රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාදි. මු. ජයරත්න
අනුප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
තනතුර දරමින්
2001 දෙසැම්බර් 9 – 2004 අප්‍රේල් 6
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
පූර්වප්‍රාප්තිකයාරත්නසිරි වික්‍රමනායක
අනුප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
තනතුර දරමින්
7 මැයි 1993 – 18 අගෝස්තු 1994
ජනාධිපතිවරයාඩී.බී. විජේතුංග
පූර්වප්‍රාප්තිකයාඩී.බී. විජේතුංග
අනුප්‍රාප්තිකයාචන්ද්‍රිකා කුමාරතුංග
10 වන විපක්‍ෂ නායක
තනතුර දරමින්
2004 අප්‍රේල් 22 – 2015 ජනවාරි 9
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රත්නසිරි වික්‍රමනායක
දි. මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයානිමල් සිරිපාල ද සිල්වා
තනතුර දරමින්
1994 ඔක්තෝම්බර් 28 – 2001 ඔක්තෝම්බර් 10
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාසිරිමාවෝ බණ්ඩාරනායක
රත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයාගාමිණී දිසානායක
අනුප්‍රාප්තිකයාරත්නසිරි වික්‍රමනායක
පුද්ගලික තොරතුරු
උපත
රනිල් වික්‍රමසිංහ

24 මාර්තු 1949 (1949-03-24) (වයස 73)
කොළඹ, බස්නාහිර පළාත, ලංකා ඩොමීනියන් රාජ්‍යය
(දැන් ශ්‍රී ලංකාව)
Nationalityශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාමෛත්‍රී වික්‍රමසිංහ (වි. 1994)
දෙමව්පියන්
  • එස්මන්ඩ් වික්‍රමසිංහ
  • නාලනී වික්‍රමසිංහ
Residence115 පස්වන පටුමග
උගත් ශාස්ත්‍රාලයලංකා විශ්වවිද්‍යාලය,
ශ්‍රී ලංකා නීති විද්‍යාලය
වෘත්තියනීතිඥ
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

රනිල් වික්‍රමසිංහ, (දෙමළ: ரணில் விக்கிரமசிங்க, ඉංග්‍රීසි: Ranil Wickremesinghe; උපත 1949 මාර්තු 24 ) යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙක් වන අතර 2022 ජූලි 21 සිට ශ්‍රී ලංකාවෙහි වත්මන් ජනාධිපතිවරයායි.[1] ඔහු වත්මන් ආරක්ෂක අමාත්‍ය, මුදල් අමාත්‍ය, තාක්ෂණ අමාත්‍ය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා වේ. ඔහු 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. ඔහු 1993 සිට 1994 දක්වා, 2001 සිට 2004 දක්වා, 2015 සිට 2018 දක්වා, 2018 සිට 2019 දක්වා සහ 2022 දී ආණ්ඩු හයකට නායකත්වය දෙමින් වෙනම කාල පහකදී ශ්‍රී ලංකාවේ අගමැති ලෙස කටයුතු කර තිබේ.[2] ඔහු 1994 සිට 2001 දක්වා සහ 2004 සිට 2015 දක්වා විපක්‍ෂ නායක ලෙසද කටයුතු කළේය.[3]

අධ්‍යාපනය

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතා ය

මුල් අවධිය

1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි.

ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි.

අග්‍රාමාත්‍යවරයා ලෙස

පළමුවර

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 07 වනදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස පළමු වතාවට පත් කෙරුණි.

දෙවනවර

2001 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවද හෙතෙම මෙරට අගමැතිවරයා ලෙස පත්විය.

තෙවනවර

2015 ජනවාරි 9 දිනදී, රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වන වරටත් තෝරා පත් කෙරුණි.

සිව්වනවර

2015 අගෝස්තු මැතිවරණයෙන් පසු මෙරට අග්‍රාමාත්‍ය ධූරයට සිවන වරටත් පත් කෙරුණි.

පුද්ගලික දිවිය

1949 වසරේදි එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා , කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග 1994 වසරේදි විවාහ දිවියට එළඹිය.

මෙයද බලන්න

සටහන්

  1. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස
  2. ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යවරයා ලෙස

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  1. "නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි". අද දෙරණ. 20 ජුලි 2022. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2022.
  2. "රනිල් වික්‍රමසිංහ: වයිලි ෆොක්ස් හු ඉස් ශ්‍රී ලංකාස් නිව් ප්‍රෙසිඩෙන්ට්". ද ගාර්ඩියෙන්ට් (ඉංග්‍රීසි බසින්). 20 ජුලි 2022. සම්ප්‍රවේශය 23 සැප්තැම්බර් 2022.
  3. "- Share Image". epaper.sundayobserver.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 5 June 2022.

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=රනිල්_වික්‍රමසිංහ&oldid=515119" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි