දීපවංශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දීපවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලියවී ඇති පැරණිම ග්‍රන්ථයයි.දීපවංශය රචනාවී ඇත්තේ මහාවංශය රචනා කිරීමට පෙරය.මෙම කෘතිය ලියවී ඇති කාලය පිළිබද විවිද මත තිබුනත් [1] එයිතිහාසික ගවේශකයෙකු වන ඕල්ඩර්න් බර්ග්ට අනුව ක්‍රි ව 4-5 සියවස අතර රචනා කරන ලද බවට සලකනු ලබන මෙය අට්ඨකථා මූලාශ්‍ර කොටගෙන ඇතැයි සැලකනු ලබයි. මහාවංශය සහ දීපවංශය යන දෙකෙහි එකතුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අතීතයේ සිදුවීම් රැසකට සාක්ෂි දරයි.වෙනත් කිසිම සාහිත්‍ය කෘතියක නැති පරිදි දීපවංශයෙහි 18 වැනි පරිචේදය සම්පුර්ණයෙන්ම භික්ෂුනීන් සාසන ඉතිහාසය පිළිබද දීර්ග විස්තරයක් කරයි.දීපවංශ ටීකාව යනුවෙන් වෙනම ග්‍රන්ථයක්ද පවතී.

කතෘත්වය[සංස්කරණය කරන්න]

දීපවංශ වංශ කථාව අට්ඨ කථා සහ තවත් මුලාශ්‍ර පදනම් කරගෙන 3 – 4 සියවස් වලදී සංග්‍රහ කරන ලදැයි විශ්වාස කෙරේ. මහා වංශය සමග මෙම කෘතියද ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ඉතිහාසය පිළිබද බොහෝ කරුණු වල මුලාශ්‍රයයි. එහි ඇති වැදගත්කම රදා පවතින්නේ එය ඓතිහාසික මුලාශ්‍රයක් සහ ප්‍රරාවෘතයක් වු නිසාම පමණක් නොව එය බෞද්ධ හා පාලි සාහිත්‍ය පිලිබද ඉතා වැදගත් කෘතියක් ද වීම නිසාය.

මෙම කෘතිය B.C.ලෝ (Low) විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. අනුරාධපුර මහා විහාරවාසී බෞද්ධ භික්ෂු න් වහන්සේලා කීප නමක් විසින් 3 – 4 සියවස් වලදී එය සම්පාදනය කරන්නට ඇත. එහි පුර්විකාවෙන් මෙසේ සදහන් වේ. “අසනු මැනව” එම බුද්න්ගේ ලංකා ගමනය ගැනද දන්ත ධාතුව සහ ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ඒම බුදු දහම දිවයිනෙහි ව්‍යාප්ත වීම , ගුරුවරුන්ගේ පහළ වීම සහ විජයගේ ලංකා ගමනය ගැනද එම විස්තර කරමි. අනුරාධපුරයේදී වාර්ෂිකව පැවැත්වෙන මහින්ද උත්සවයේදී ‘දීපවංශය’ මහ හඩින් සජ්ජායකය කරන ලෙස ධාතුසේන රජු (4 වන සියවස) නියෝග කොට තිබුණි.

මහාවංශය සමග[සංස්කරණය කරන්න]

දීප වංශයේ බුදුන් වහන්සේ දිවයිනට තුන් වරක් වැඩම කළ බව සදහන් වේ. එම ස්ථාන නම් කැළණිය, දීඝවාපිය, අනුරාධපුර මහමෙව්නා උයනේ පසුව බෝ අංකුරය සිටවු ස්ථානයයි. එහි බුදුන් සමනල කන්දට වැඩි බවක් ගැන කිසිවක් සදහන් නොවේ. විජයගේ කතන්දරය කීමේදී, මං පහරන තවලම් කොල්ල කෑ සිංහ නම් දාමරිකයෙකුගේ බිරිද වු කාලිංග වංග කුමාරිය ආදි වශයෙන් විජයගේ මුතුන් මිත්තන් ගැන කීමේදී දීපවංශය ඊට පසු ලියන ලද මහා වංශය තරම් ස්වාභාවිකත්වයෙන් ඔබ්බට ගොස් නැත. මේ අතරේදි සිංහ බාහු සහ සිංහ සීවලී ලාල (ලාට) රාජ්‍යයෙහි රජු ගෙන ගන දේවිය වශයෙන් නිවුන් පිරිමි දරැවන් දහය වතාවකදී බිහිකළහ. පළමු වැනි ගා විජය වු අතර සුමිත්ත දෙවැන්නා විය. විජ‍ය බොහෝ මුරණ්ඩු සහ කෲර පුද්ගලයෙක් විය. කෝපයට පත් වු මහජනතාව විජය මරාදමන ලෙස රජුට කීහ. එහෙත් රජු විජයට සහ ඔහුගේ හත්සියයක් වු පිරිසට රටින් පිටවන ලෙස කරුණු යෙදුවේය. එම පිරි්ස හරියටම බුදුන් පිරිනිවන් පෑ දිනයේ ලංකාවේ තම්භපන්නි වෙරළට ගොඩ බැස්සාහ.

දීපවංශය සංඝමිත්තාවන්ගේ පැමිණීම ගැන ඉතා දිර්ඝ විස්තරයක් සදහන් කරයි. එහෙත් දුටුගැමුණු වීර චරිතය විස්තර කර ඇත්තේ කෙටියෙනි. පාලි ගාථා 10 කින් පමණි. එහෙත් මහා වංශය මේ සදහා පරිච්ජේද 10 ක් කැප කර ඇත.

දීපවංශ කථාව මහා වංශයට මුලාශ්‍ර වු ලෙස සළකනු ලැබේ. එසේම මහා වංශය දීපවංශයට වඩා සැලකිල්ලෙන් සකස් කර ඇති පාලි භාෂාවේ කරන ලද ආගමික හා ඓතිහාසික තොරතුරැ අඩංගු විශිෂ්ඨ කෘතියක් ලෙස සැලකේ. මහා භාරතය හා රාමායනය මෙන් නොව මහා වංශයේ සදහන් ඓතිහාසික කතා පුවතකි. (ඉහත කී ප්‍රමාණයට දීපවංශයේද) අශෝක රජුගේ මරණින් පසු බොහෝ දුරට නිවැරදි බව විශ්වාස කෙරේ.

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. මහාවංශයේ 38 වන පරිචේදයේ 58-59 ගාථාවලින් කියවෙන පරිදි දාතුසේන රජුගේ කාලයේ පවත්වන ලද මිහිදු උත්සවයකදී රජු විසින් දීපවංශය ගායනා කිරීමට රජු විසින් අණ කල බව කියවේ.
"https://si.wikipedia.org/w/index.php?title=දීපවංශය&oldid=363098" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි