Jump to content

ලක්දිව රාජාවලිය

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්

රජවරු of ලක්දිව
විජය කුමරු
Details
First monarchවිජය රජ
Last monarchශ්‍රී වික්‍රම රාජසිංහ රජ
Formation543 BCE (වංශකථා වලට අනුව)
Abolition1815 CE
Residenceතම්බපණ්ණිය, අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, මහනුවර

මහාවංශයට අනුව ලක්දිව පළමු රාජධානිය ස්ථාපිත කරන ලද්දේ ක්‍රි.පූ. 543දී විජය කුමරුන් විසින් තම්බපණ්ණි රාජධානිය පිහිටුවීමත් සමගයි. විවිධ වෙනස්කම් වෙමින් වසර දහස් ගණනක් පැවත් එය ක්‍රි.ව. 1815 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රජ සමයනේ අවසන් විය.

මෙහි දැක්වෙන්නේ සිංහල රාජධානියේ අනුප්‍රාප්තික රාජධානිවල රාජ්‍ය කළ රජවරුන්ගේ ලැයිස්තුවකි.[1] මෙම ලැයිස්තුව දීපවංසය, මහාවංසය, චූලවංසය සහ රාජාවලිය වැනි දිවයිනේ වංශකථාවල සඳහන් සම්ප්‍රදායික සිංහලේ රාජාවලිය පාදක කොටගෙන නිර්මාණය කොට ඇත. මෙය සිංහල ජාතික රජවරුන් ලැයිස්තුවක් නොවේ. සිංහල රාජාණ්ඩුව පාලනය කළ සියලු සිංහල සහ විදෙස් පාලකයින් කාලානුක්‍රමය අනුව මෙහි පෙළගස්වා ඇත.

     නිල් පැහැයෙන් ඉස්මතු කොට ඇත්තේ සිංහල රාජාණ්ඩුවේ විදේශ පාලකයින් ය.

සටහන්

මෙම රාජාවලිය පරිහරණයේ දී මනසේ රඳවාගත යුතු කරුණු කිහිපයකි. පළමුව, මෙහි ආදිතම රජවරුන් සඳහා දක්වා ඇති දිනයන් නිසැකවම තහවුරු කිරීමට අපහසු ය; හඳුනා ගැනීමට අපහසු දින (?) සංකේතයක් මගින් දක්වා තිබේ. එසේම වසර 2500ක පමණ ඉතිහාසය තුළ ශ්‍රී ලංකා දිවයින නොයෙකුත් විදේශ බලයන්ගේ ග්‍රහණයට නතු විය. ප්‍රධාන වශයෙන්ම දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයින් මේ අතර ප්‍රධාන වේ. ඇතැම්හු සිහසුන පැහැරගෙන දිවයින සිය අධිරාජ්‍යයේ කොටසක් බවට පත් කරගත්හ. මේ සඳහා වඩාත්ම ප්‍රධාන නිදසුන් ලෙස ක්‍රි.ව. 985දී චෝළයන් සහ 1815දී බ්‍රිතාන්‍යයන් දැක්විය හැක. කෙසේනමුත්, පෘතුගීසි සහ ලන්දේසි යුගවල දී මහනුවර සිහසුන පැහැරගැනීමක් සිදු නොවූ අතර, දිවයිනේ ඇතැම් ප්‍රදේශ යටත් කරගැනීම පමණක් සිදු විය.

කාලානුක්‍රමය පිළිබඳ සටහන

බෞද්ධ යුගයේ පාදක දිනය වන ක්‍රි.පූ. 543 සම්බන්ධයෙන් නොයෙකුත් මතභේද පවතියි. ක්‍රි.පූ. 483 බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවූ දිනය යැයි සැලකේ. විල්හෙල්ම් ගයිගර් සඳහන් කරන පරිදි දීපවංසය හා මහාවංසය දකුණු ආසියානු කාලානුක්‍රමයේ ප්‍රධාන මූලාශ්‍ර වේ; එහි දිනායනය කොට ඇත්තේ අශෝක අධිරාජයා‍‍ගේ රාජාභිෂේකය පරිනිර්වාණයෙන් වර්ෂ 218කට පසුව සිදුවූ බව ය. චන්ද්‍රගුප්ත මෞර්ය සිහසුනට පත්වූයේ මෙයට වර්ෂ 56කට පෙර, එනම් බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 162කට පසුව ය. චන්ද්‍රගුප්ත‍ගේ සිහසුනට පත්වීම ආසන්න වශයෙන් ක්‍රි.පූ. 321 අවට වර්ෂ දෙකක කාලය තුළ සිදුවන්නට ඇත. (මෙගස්තීනිස් අනුව). එමනිසා පරිනිර්වාණය සඳහා ලැබෙන ආසන්නතම දිනය වන්නේ ක්‍රි.පූ. 485 සහ ක්‍රි.පූ. 481 අතර දිනයකි. මෙය ක්‍රි.පූ. 483 ලෙස ගැනෙන මහායාන කාලානුක්‍රමය සමග හොඳින් ගැළපේ.[2]

ගයිගර් අනුව, මෙම ගණන් බැලීමේ දෙකෙහි වෙනස හටගෙන ඇත්තේ IIIවන උදය (946–954 හෝ 1007–1015) සහ පරාක්‍රම පාණ්ඩ්‍ය (1046–1048 පමණ) රාජ්‍ය සමයයන් අතර කාලයේ ය. මෙකල දිවයිනෙහි සැලකිය යුතු කලබලකාරී වාතාවරණයක් පැවතිණි.[2] කෙසේනමුත්, ක්‍රි.ව. 428දී චා-චා මො-හෝ-නාන් විසින් චීනය වෙත යැවුණු තානාපති මණ්ඩලයක් පිළිබඳ සඳහන් වේ. මෙම නම ඇතැම්විට මෙම කාලයේ රාජ්‍ය කළ (සම්ප්‍රදායික කාලානුක්‍රමය අනුව) 'රාජා (රජ) මහානාම' යන්නෙහි විකරණයක් විය හැක.[3]

එපමණක් නොව, ක්‍රි.ව. 642දී පමණ ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමට උත්සාහ දැරූ දේශාටක භික්ෂුවක වූ ෂුවාන්සෑංහට ශ්‍රී ලාංකික භික්ෂූන් (ඇතැම්විට කාංචිපුරම්හි විසූ) විසින් රාජධානියේ එකල ගැටලු පැවති බව පවසා තිබිණි. ඒ නිසා ඔහු එම ගමනින් වැළකී ඇත;[4] මෙය සිහසුන වෙනුවෙන් අග්ගබෝධි III සිරිසඟබෝ, IIIවන ජෙට්ඨතිස්ස සහ දාඨෝපතිස්ස I හත්ථදාඨ අතර 632–643 කාලයේ පැවති අරගලකාරී කාලසීමාවට අනුරූප වේ.

මෑතකාලීන ඉන්දුවේදීය පර්යේෂණ අනුව පෙණීගොස් ඇත්තේ බුද්ධ පරිනිර්වාණය මින් පෙර යෝජනා කෙරුණු දිනයට වඩා තරමක් පසු කාලයක සිදුවන්නට ඇති බවයි. 1988දී මෙම ගැටලුව සම්බන්ධයෙන් ගෝටින්ජන්හි පැවති සමුළුවක දී විද්වතුන් බහුතරයක් දැරූ මතය වූයේ මෙම ගැටලුව පවතින්නේ ක්‍රි.පූ. 440–360 අතර කාලසීමාව හා සම්බන්ධව බවයි. කෙසේනමුත්, ඔුවන්ගේ ගණනයන් පාදක වී තිබුණේ දීපවංසයගමහාවංසය මත නොව ටිබෙට් බුදු දහමේ කාලානුක්‍රමය මත ය. ඉන්දියානු පාලක සුසුනාගගේ පුත් කාලාශෝක සමග බින්දුසාරගේ පුත් අශෝක අධිරාජයා හඳුනාගැනීමට වැඩිදියුණු කළ කාලානුක්‍රමයක් අවශය වේ.[5] සැලකිය යුතු කරුණක් වන්නේ ශ්‍රී ලාංකික වංශකථා පාදක වී ඇත්තේ වඩාත් පැරණි කෘති මත වන අතර, ථෙරවාද බෞද්ධ ත්‍රිපිටකය පළමුවරට ග්‍රන්ථාරූඪ කෙරුණේ ද ශ්‍රී ලංකාවේ වීමයි. පහත ලැයිස්තුව කෙරෙහි පාදක කොටගෙන ඇති කාලානුක්‍රමය සම්ප්‍රදායික ථෙරවාද/ ශ්‍රී ලාංකීය ක්‍රමය මත ගොඩනගා ඇති අතර, එයට පාදක වී ඇති ක්‍රි.පූ. 543 දිනය මහායාන දින දර්ශනයට වඩා වර්ෂ 60ක් මුල් දිනයකි. කෙසේනමුත්, ක්‍රි.ව. 1048න් පමණ පසු දැක්වෙන දිනයන් එකිනෙකට සමකාලීන බැව් පෙනේ.

තම්බපණ්ණි රාජධානිය (ක්‍රි.පූ. 543–505)

විජය රාජවංශය (ක්‍රි.පූ. 543–505)

නමරුවඋපතවිවාහයන්මරණයහිමිකම
විජය
ක්‍රි.පූ. 543 – ක්‍රි.පූ. 505
විජය රජුගේ රාජාභිෂේකය නිරූපිත අජන්තා බිතු සිතුවමක් ?
සිංහපුර
සිංහබාහු සහ සිංහසීවලී යුවළගේ පුත්‍රයායි
කුවේණි
දරුවන් :- ජීවහත්ත හා දිසාලා

පාණ්ඩ්‍ය කුමරියක්

ක්‍රි.පූ. 505
තම්බපණ්ණිය
රාජධානිය පිහිටුවී ය.
කුවේණි සමග විවාහ විය.

උපතිස්ස නුවර රාජධානිය (ක්‍රි.පූ. 505–377)

විජය රාජවංශය (ක්‍රි.පූ. 505–377)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
උපතිස්ස
(අනුරාජ) (වසරක අරාජික සමය)
--ක්‍රි.පූ. 505ක්‍රි.පූ. 504*විජයගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
පණ්ඩුවාසදේව--ක්‍රි.පූ. 504ක්‍රි.පූ. 474*විජයගේ බෑණා ය.
අභය--ක්‍රි.පූ. 474ක්‍රි.පූ. 454*පණ්ඩුවාසදේවගේ පුත්‍රයායි.
තිස්ස
(අනුරාජ) (වසර දාහතක අරාජික සමය)
--ක්‍රි.පූ. 454ක්‍රි.පූ. 437*පණ්ඩුවාසදේවගේ දෙවන පුත්‍රයායි
*අභයගේ බාල සොහොයුරායි‍.
පණ්ඩුකාභයක්‍රි.පූ. 474ක්‍රි.පූ. 367ක්‍රි.පූ. 437ක්‍රි.පූ. 377*පණ්ඩුවාසදේවගේ මුණුපුරායි.
*අභය සහ තිස්සගේ බෑණායි.

අනුරාධපුර රාජධානිය (ක්‍රි.පූ. 377 – ක්‍රි.ව. 1017)

විජය රාජවංශය (ක්‍රි.පූ. 377–237)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
පණ්ඩුකාභයක්‍රි.පූ. 474367 BCක්‍රි.පූ. 377ක්‍රි.පූ. 367*පණ්ඩුවාසදේව රජුගේ මුණුපුරායි.
*අභය හා තිස්සගේ බෑණායි.
මුටසීව--ක්‍රි.පූ. 367ක්‍රි.පූ. 307*පණ්ඩුකාභය රජුගේ පුත්‍රයායි.
දේවානම්පිය තිස්ස-ක්‍රි.පූ. 267ක්‍රි.පූ. 307ක්‍රි.පූ. 267*මුටසීවගේ පුත්‍රයායි.
උත්තිය--ක්‍රි.පූ. 267ක්‍රි.පූ. 257*මුටසීවගේ පුත්‍රයෙකි.
මහාසිව--ක්‍රි.පූ. 257ක්‍රි.පූ‍. 247*මුටසීවගේ පුත්‍රයායි.
සූරතිස්ස-ක්‍රි.පූ. 237ක්‍රි.පූ. 247ක්‍රි.පූ. 237*පණ්ඩුකාභයගේ පුත්‍රයායි.

සේන සහ ගුත්තික (ක්‍රි.පූ. 237–215)

නමරුවඋපතවිවාහමරණයහිමිකම
සේන සහ ගුත්තික
ක්‍රි.පූ. 237 – ක්‍රි.පූ. 215
- - - සටනේ දී සූරතිස්ස රජුව පරාජය කළේ ය.

විජය රාජවංශය (ක්‍රි.පූ. 215–205)

නමරුවඋපතවිවාහමරණයහිමිකම
අසේල
ක්‍රි.පූ. 215 – ක්‍රි.පූ. 205
?
මුටසීව රජුගේ පුත්‍රයෙකි.
- ක්‍රි.පූ. 205
අනුරාධපුර
මුටසීව රජුගේ පුත්‍රයෙකි.

එළාර (ක්‍රි.පූ. 205–161)

නමරුවඋපතවිවාහමරණයහිමිකම
එළාර
ක්‍රි.පූ. 205 – ක්‍රි.පූ. 161
එළාර ක්‍රි.පූ. 235
චෝළ අධිරාජ්‍යය
- ක්‍රි.පූ. 161
අනුරාධපුර
සටනේ දී අසේල රජුව පැරදවී ය.

විජය රාජවංශය (ක්‍රි.පූ. 161–103)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
මහා දුට්ඨගාමිණී අභය
(හෙවත් දුට්ඨගාමිණී හෝ දුටුගැමුණු)
--ක්‍රි.පූ. 161ක්‍රි.පූ. 137*එළාර රජුව පැරදවී ය.
*කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයායි.
*මුලින් රුහුණේ පාලකයා විය.
සද්ධාතිස්ස--ක්‍රි.පූ. 137ක්‍රි.පූ. 119*දුටුගැමුණු රජුගේ සොහොයුරායි.
තුලත්ථන
(තුල්නා)
--ක්‍රි.පූ. 119ක්‍රි.පූ. 119*සද්ධාතිස්සගේ දෙවන පුත්‍රයායි.
ලංජතිස්ස--ක්‍රි.පූ. 119ක්‍රි.පූ. 109*තුලත්ථන රජුගේ වැඩිමහල් සොහොයුරායි.
*සද්ධාතිස්ස රජුගේ වැඩිමහල්ම පුත්‍රයායි.
ඛල්ලාඨනාග
(කලුන්නා)
--ක්‍රි.පූ. 109ක්‍රි.පූ. 104*ලංජතිස්ස රජුගේ සොහොයුරායි.
*සද්ධාතිස්සගේ තෙවන පුත්‍රයායි.
වට්ටගාමිණී අභය
(හෙවත් වළගම්බාහු I)
(වළගම්බා)
--ක්‍රි.පූ. 104ක්‍රි.පූ. 103*සද්ධාතිස්ස රජුගේ සිව්වන පුත්‍රයායි.

පංච ද්‍රවිඩයන් (ක්‍රි.පූ. 103–89)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
පුලහත්ථ--ක්‍රි.පූ. 103ක්‍රි.පූ. 100*දමිළ ප්‍රධානියෙකි.
බාහිය--ක්‍රි.පූ. 100ක්‍රි.පූ. 98*පුලහත්ථගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
පනයමාර--ක්‍රි.පූ. 98ක්‍රි.පූ. 91*බාහියගේ අග්‍රාමාත්‍යවරයායි.
පිළයමාර--ක්‍රි.පූ. 91ක්‍රි.පූ. 90*පනයමාරගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
දාඨික--ක්‍රි.පූ. 90ක්‍රි.පූ. 88*පිළයමාරගේ ප්‍රධාන අමාත්‍යවරයායි.

විජය රාජවංශය (ක්‍රි.පූ. 89 – ක්‍රි.ව. 66)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
වට්ටගාමිණී අභය
(හෙවත් වළගම්බාහු)
(වළගම්බා)
--ක්‍රි.පූ. 89ක්‍රි.පූ. 76*සද්ධාතිස්ස රජුගේ සිව්වන පුත්‍රයායි.
මහාචූලි මහාතිස්ස
(මහාචූලි මහාතිස්ස)
--ක්‍රි.පූ. 76ක්‍රි.පූ. 62*ඛල්ලාටනාග රජුගේ පුත්‍රයායි.
*වළගම්බා රජුගේ බෑණා සහ හදාගත් පුත්‍රයායි.
චෝරනාග
(මහානාග)
--ක්‍රි.පූ. 62ක්‍රි.පූ. 50*වළගම්බා රජුගේ පුත්‍රයායි.
*මහාචූලි මහාතිස්සගේ ඥාති සොහොයුරායි.
කුඩා තිස්ස--ක්‍රි.පූ. 50ක්‍රි.පූ. 47*මහාචූලි මහාතිස්ස රජුගේ පුත්‍රයායි.
සිව I--ක්‍රි.පූ. 47ක්‍රි.පූ. 47
වටුක--ක්‍රි.පූ. 47ක්‍රි.පූ. 47
දාරුභාතික තිස්ස--ක්‍රි.පූ. 47ක්‍රි.පූ. 47
නීලිය--ක්‍රි.පූ. 47ක්‍රි.පූ. 47
අනුලා රැජින--ක්‍රි.පූ. 47ක්‍රි.පූ. 42*චෝරනාග සහ කුඩාතිස්සගේ වැන්දඹුවයි.
කූටකණ්ණ තිස්ස--ක්‍රි.පූ. 42ක්‍රි.පූ. 20*කුඩා තිස්සගේ සොහොයුරායි.
*මහාචූලි මහාතිස්ස රජුගේ දෙවන පුත්‍රයායි.
භාතිකාභය අභය--ක්‍රි.පූ. 20ක්‍රි.ව. 9*කූටකණ්ණ තිස්ස රජුගේ පුත්‍රයායි.
මහාදාඨික මහානාග--921*භාතික අභය රජුගේ සොහොයුරායි.
අමණ්ඩගාමිණී අභය--2130*මහාදාඨික මහානාග රජුගේ පුත්‍රයායි.
කණිරජානු තිස්ස--3033*අමණ්ඩගාමිණී අභය රජුගේ සොහොයුරායි.
චූලාභය--3335*අමණ්ඩගාමිණී අභය රජුගේ පුත්‍රයායි.
සීවලී රැජින--3535*චූලාභය රජුගේ සොයුරියයි.
අරාජික සමය--3538
ඉලනාග
(එලන්නා)
--3844*සීවලී රැජිනගේ බෑණා ය.
චන්දමුඛ--4452*ඉලනාගගේ පුත්‍රයායි.
යසලාලක--5260*චන්දමුඛසිව රජුගේ බාල සොහොයුරායි.
සුභරාජ
(හෙවත් සුභ)
--6066*යසලාලකතිස්ස රජුගේ දොරටුපාලකයායි.

I වන ලම්බකර්ණ රාජවංශය (66–436)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
වසභ--66110*ලම්බකර්ණ වංශයේ සාමාජිකයෙකි.
වංකනාසික තිස්ස--110113*වසභ රජුගේ පුත්‍රයායි.
ගජබාහු I--113135*වංකනාසික තිස්ස රජුගේ පුත්‍රයායි.
මහල්ලකනාග--135141*Iවන ගජබාහුගේ මාමණ්ඩියයි.
භාතික තිස්ස--141165*මහල්ලකනාගගේ පුත්‍රයායි.
කනිට්ඨතිස්ස--165193*භාතිකතිස්ස රජුගේ බාල සොහොයුරායි.
චූලනාග
(හෙවත් ඛුජ්ජනාග)
--193195*කනිට්ඨතිස්සගේ පුත්‍රයායි.
කුඩානාග
(හෙවත් කුංචනාග)
--195196*චූල නාගගේ සොහොයුරායි.
සිරිනාග I--196215*කුඩා නාගගේ මස්සිනායි.
වෝහාරිකතිස්ස
(හෙවත් වීර තිස්ස / වෝහාරකතිස්ස)
--215237*Iවන සිරිනාගගේ පුත්‍රයායි.
අභයනාග--237245*වෝහාරකතිස්ස‍ගේ සොහොයුරායි.
සිරිනාග II--245247*වෝහාරකතිස්සගේ පුත්‍රයායි.
විජය කුමාර--247248*IIවන සිරිනාගගේ පුත්‍රයායි.
සංඝතිස්ස I--248252*ලම්බකර්ණ වංශිකයෙකි.
සිරි සංඝබෝධි I
(හෙවත් සිරි සඟබෝ)
--252254*ලම්බකර්ණ වංශිකයෙකි.
ගෝඨාභය--254267*රාජ්‍ය අමාත්‍යවරයායි.
*ලම්බකර්ණ වංශිකයෙකි.
ජෙට්ඨතිස්ස I
(හෙවත් දෙටුතිස් I)
--267277*ගෝඨාභයගේ වැඩිමහල් පුත්‍රයායි.
මහාසේන--277304*ජෙට්ඨතිස්සගේ සොහොයුරායි.
*ගෝඨාභයගේ බාල පුත්‍රයායි.
සිරිමේඝවණ්ණ--304332*මහාසේනගේ පුත්‍රයායි.
ජෙට්ඨ තිස්ස II--332341*සිරිමේඝවණ්ණගේ සොහොයුරායි.
බුද්ධදාස--341370*IIවන ජෙට්ඨතිස්සගේ පුත්‍රයායි.
උපතිස්ස I--370412*බුද්ධදාස රජුගේ වැඩිමහල් පුත්‍රයායි.
මහානාම--412434*Iවන උපතිස්සගේ සොහොයුරායි.
සොත්ථිසේන--434434*මහානාම රජුගේ දෙමළ බිසවකගේ පුත්‍රයායි.
ඡත්තගාහක ජන්තු
(හෙවත් ඡත්තගාහක)
--434435*මහානාම රජුගේ සිංහල රැජිනගේ දියණිය වූ සංඝාගේ සැමියායි.
මිත්තසේන--435436*සිහසුන පැහැරගත්තෙකි.

ෂඩ් ද්‍රවිඩයින් (436–463)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
පණ්ඩු--436441*පාණ්ඩ්‍ය ආක්‍රමණිකයෙකි.
පාරින්ද--441441*පණ්ඩුගේ පුත්‍රයායි.
ඛුද්ද පාරින්ද--441447*පණ්ඩුගේ බාල සොහොයුරායි.
තිරිතර--447447*සිව්වන දෙමළ පාලකයායි.
දාඨිය--447450*පස්වන දෙමළ පාලකයායි.
පීඨිය--450452*සයවන දෙමළ පාලකයායි.

මෝරිය රාජවංශය (463–691)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
ධාතුසේන--463479*මාහානාමගේ දියණිය වූ සංඝාගේ පුත්‍රයායි.
*27 වසරක පාණ්ඩ්‍ය පාලනයෙන් අනුරාධපුරය මුදා ගත්තේ ය.
කාශ්‍යප I
(සිහසුන පැහැරගැනීම),(සීගිරියේ)
--479497*පල්ලව බිසවකට දාව උපන් ධාතුසේන රජුගේ පුත්‍රයෙකි.
මොග්ගල්ලාන I--497515*ධාතුසේනගේ පුත්‍රයායි.
*කාශ්‍යපගේ සොහොයුරායි.
කුමාර ධාතුසේන--515524*මොග්ගල්ලානගේ පුත්‍රයායි.
කිත්තිසේන--524524*කුමාර ධාතුසේනගේ පුත්‍රයායි.
සිව II--524525*කීර්ති සේනගේ මාමණ්ඩියයි.
උපතිස්ස II--525526*කුමාර ධාතුසේනගේ බෑණායි.
සිලාකාල අම්බසාමණේර--526539*ලම්බකර්ණ පෙළපතේ කුමරෙකි.
දාඨාපභූති--539540*සිලාකාලගේ දෙවන පුත්‍රයායි.
මොග්ගල්ලාන II--540560*දාඨාපතිස්සගේ වැඩිමහල් සොයුරායි.
කිත්තිසිරි මේඝවණ්ණ--560561*IIවන මොග්ගල්ලානගේ පුත්‍රයායි.
මහානාග--561564*දාඨාපතිස්ස රජුගේ යුධ අමාත්‍යවරයායි.
අග්ගබෝධි I--564598*මහානා‍ගගේ සොහොයුරෙකි‍
*මහානාග රජුගේ බෑණා සහ උප-රජු විය.
අග්ගබෝධි II--598608*Iවන අග්ගබෝධිගේ බෑණා සහ ඥාති පුත්‍රයායි.
සංඝතිස්ස II--608608*IIවන අග්ගබෝධිගේ සොහොයුරා සහ අසිපත්ධාරියා විය.
මොග්ගල්ලාන III--608614*IIවන අග්ග‍බෝධි රජ සමයේ ප්‍රධාන සෙන්පතියා විය.
සිලාමේඝවණ්ණ--614623*මොග්ගල්ලාන රජුගේ අසිපත්ධාරියායි.
අග්ගබෝධි III--623623*සිලාමේඝවණ්ණගේ පුත්‍රයායි.
ජෙට්ඨතිස්ස III--623624*සංඝතිස්ස රජුගේ පුත්‍රයායි.
අග්ගබෝධි III
(ප්‍රතිෂ්ඨාපිත)
--624640*සිලාමේඝවණ්ණගේ පුත්‍රයායි.
දාඨෝපතිස්ස I
(හත්ථදාඨ)
--640652*ජෙට්ඨතිස්ස (දාඨාසිව) රජුගේ සෙන්පතියෙකි.
කස්සප II--652661*IIවන අග්බෝගේ සොහොයුරායි.
*දාඨෝපතිස්ස රජුගේ උප-රජෙකි.
Iවන දප්පුල--661664*සිලාමේඝවණ්ණගේ බෑණායි.
IIවන දාඨෝපතිස්ස-673664673*Iවන දාඨෝපතිස්ස (හත්ථදාඨ) රජුගේ ඥාති පුත්‍රයායි.
IVවන අග්ගබෝධි--673689*දාඨෝපතිස්සගේ බාල සොහොයුරායි.
උන්හනගර හත්ථදාඨ--691691*රාජකීය පෙළපතේ ප්‍රධානියකු වූ මොහුව සිහසුනට පත්කරන ලද්දේ ධනවත් දෙමළ නිලධාරියකු විසිනි.

II වන ලම්බකර්ණ රාජවංශය (691–1017)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
මානවම්ම--691726*IIවන කස්සපගේ පුත්‍රයායි.
*සිලාමේඝවණ්ණගෙන් පැවතෙන්නෙකි.
Vවන අග්ගබෝධි--726732*මානවම්මගේ පුත්‍රයෙකි.
IIIවන කස්සප--732738*Vවන අග්ගබෝධිගේ සොහොයුරායි.
Iවන මහින්ද--738741*IIIවන කස්සපගේ ‍බාල සොහොයුරායි.
VIවන අග්ගබෝධි--741781*IIIවන කස්සපගේ පුත්‍රයායි.
VIIවන අග්ගබෝධි
(පොළොන්නරුවේ සිට)
--781787*මහින්දගේ පුත්‍රයෙකි.
IIවන මහින්ද
(සිලාමේඝ)
--787807*VIවන අග්ගබෝධිගේ පුත්‍රයායි.
IIවන දප්පුල--807812*IIවන මහින්දගේ පුත්‍රයායි.
*IIවන මහින්දගේ උප-රජෙකි.
IIIවන මහින්ද--812816*IIවන දප්පුලගේ පුත්‍රයායි.
VIIIවන අග්ගබෝධි--816827*IIIවන මහින්දගේ සොහොයුරායි.
IIIවන දප්පුල--827843*VIIIවන අග්ගබෝධිගේ බාල සොහොයුරායි.
IXවන අග්ගබෝධි--843846*IIIවන දප්පුලගේ පුත්‍රයායි.
Iවන සේන--846866*IXවන අග්ගබෝධිගේ බාල සොහොයුරායි.
IIවන සේන--866901*Iවන සේනගේ බෑණායි.
*කස්සපගේ පුත්‍රයායි.
Iවන උදය--901912*IIවන සේනගේ උප-රජෙකි.
IVවන කස්සප--912929*IIවන සේනගේ පුත්‍රයායි.
*Iවන උදයගේ උප-රජෙකි.
Vවන කස්සප--929939*IVවන කස්සපගේ පුත්‍රයායි.
IVවන දප්පුල--939940*Vවන කාස්සපගේ පුත්‍රයායි.
Vවන දප්පුල--940952*IVවන දප්පුලගේ සොහොයුරායි.
IIවන උදය--952955*IIවන සේනගේ බෑණායි.
*Vවන දප්පුලගේ උප-රජෙකි.
IIIවන සේන--955964*IIවන උදයගේ සොහොයුරායි.
IIIවන උදය--964972*IIIවන සේනගේ උප-රජෙකි (රජුගේ හොඳම මිතුරෙකි)
IVවන සේන--972975*Vවන කස්සපගේ පුත්‍රයායි.
*IIIවන උදයගේ උප-රජෙකි.
IVවන මහින්ද--975991*IVවන සේනගේ සොහොයුරායි.
*IIIවන උදයගේ බෑණායි.
*සේනගේ උප-රජෙකි.
Vවන සේන--9911001*IVවන මහින්දගේ පුත්‍රයායි.
Vවන මහින්ද
(පලාගොස් රුහුණ පාලනය කළේ ය)
(1017දී පමණ පිටුවහල් කරන ලදී)
-102910011017*Vවන සේනගේ බාල සොහොයුරායි.

චෝළ ග්‍රහණයට නතු වූ අනුරාධපුර (1017–1070)

චෝළ රාජවංශය (1017–1070)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
Iවන රාජේන්ද්‍ර චෝළ-104410171044*Iවන රාජ රාජ චෝළ රජුගේ පුත්‍රයායි.
*යටත් කරගත් ප්‍රදේශ චෝළ අධිරාජ්‍යයේ පළාතක් බවට පත්කරන ලදී.
රාජාධිරාජ චෝළ-105410181054*රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.
IIවන රාජේන්ද්‍ර චෝළ-106310511063*රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.
වීරරාජේන්ද්‍ර චෝළ-107010631070*රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.
අතිරාජේන්ද්‍ර චෝළ-107010671070*වීරරාජේන්ද්‍ර චෝළගේ පුත්‍රයෙකි.

පොළොන්නරු රාජධානිය (1056–1236)

විජයබාහු රාජවංශය (1056–1187)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
I වන විජයබාහු--10561111*සිංහල රාජකීය පවුලේ සාමාජිකයෙකි.
I වන ජයබාහු
(පොළොන්නරුව සහ රුහුණ)
--11101111*Iවන විජයබාහුගේ සොහොයුරායි.
*Iවන විජයබාහුගේ අග්‍රාමාත්‍යවරයා ද විය.
I වන වික්‍රමබාහු-113211111132*Iවන විජයබාහුගේ පුත්‍රයායි.
II වන ගජබාහු--11311153*Iවන වික්‍රමබාහුගේ පුත්‍රයායි.
I වන පරාක්‍රමබාහු
(මහා පරාක්‍රමබාහු)
1123118611531186*Iවන විජයබාහුගේ මුණුපුරායි.
II වන විජයබාහු--11861187*Iවන පරාක්‍රමබාහුගේ බෑණායි.
VI වන මහින්ද--11871187*කාලිංග වංශිකයෙකි.
රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය
රාජධානිය රජ
1090 1100 1110 1120 1130 1140 1153 1160 1170 1180
රජරට Iවන වික්‍රමබාහු රජ IIවන ගජබාහු රජ
දක්ඛිණදේශ Iවන විජයබාහු රජ මානාභරණ රජ කිත්ති සිරි මේඝ රජ පළමුවන පරාක්‍රමබාහු රජ
රුහුණ ශ්‍රී වල්ලභ රජ සහ කිත්ති සිරි මේඝ රජ ශ්‍රී වල්ලභ රජ මානාභරණ රජ

කාලිංග රාජවංශය (1187–1197)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
නිශ්ශංකමල්ල1157 or 1158119611871196*Iවන පරාක්‍රමබාහු රජුගේ බෑණා හෝ ඥාති පුත්‍රයෙකි.
Iවන වීරබාහු--11961196*නිශ්ශංකමල්ලගේ පුත්‍රයායි.
IIවන වික්‍රමබාහු--11961196*නිශ්ශංකමල්ලගේ බාල සොහොයුරායි.
චෝඩගංග--11961197*නිශ්ශංකමල්ලගේ බෑණායි.

විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1197–1200)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
ලීලාවතී රැජින--11971200*Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.

කාලිංග රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1200–1209)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
සහස්සමල්ල--12001202*නිශ්ශංකමල්ල රජුගේ බාල සොහොයුරායි.
කල්‍යාණවතී රැජින--12021208*නිශ්ශංකමල්ල රජුගේ අගමෙහෙසියයි
ධර්මාශෝක--12081209*අයස්මන්ත විසින් කල්‍යාණවතී රැජින ධුරයෙන් පහකොට මොහුව සිහසුනට පත්කරන ලදී.
අනිකංග--12091209*ධර්මාශෝකගේ පියායි.

විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1209–1210)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
ලීලාවතී
(1වන ප්‍රතිෂ්ඨාපනය)
--12091210*Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.

ලෝකිස්සර (1210–1211)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
ලෝකිස්සර--12101211දෙමළ හමුදා නායකයෙකි.

විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1211–1212)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
ලීලාවතී
(2වන ප්‍රතිෂ්ඨාපනය)
--12111212*Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.

පාණ්ඩ්‍ය රාජවංශය (1212–1215)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
II වන පරාක්‍රම පාණ්ඩ්‍ය--12121215*පාණ්ඩ්‍ය රජෙකි.

නැගෙනහිර ගංග රාජවංශය (1215–1236)

කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසුව, සමස්ත දිවයිනම පාලනය කිරීමේ අභිප්‍රාය සහ පොළොන්නරු රාජධානිය යන දෙකම වැනසී ගියේ ය. මෙයදිවයිනේ දකුණු සහ බටහිර පෙදෙස්වලට දැවැන්ත සිංහල ජන සංක්‍රමණයක් සඳහා හේතු විය. සම්පූර්ණ දිවයිනම යටත් කරගැනීමට නොහැකි වූ මාඝ යාපනය රාජධානිය පිහිටුවා එහි ප්‍රථම පාලකයා බවට පත් විය. යාපනය රාජධානිය පිහිටා තිබූයේ වර්තමාන උතුරුදිග ශ්‍රී ලංකාවේ වන අතර, 1220 අවට කාලයේ දිවයිනේ සෙසු ප්‍රදේශයෙහි IIIවන විජයබාහු රජු විසින් දඹදෙණිය රාජධානිය ස්ථාපනය කරන ලදී.[6]

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
කාලිංග මාඝ--12151236*කාලිංගයේ කුමරෙකි.

දඹදෙණිය රාජධානිය (1220–1345)

සිරි සඟ බෝ රාජවංශය (1220–1345)

රුව නම උපත මරණය රාජය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
IIIවන විජයබාහු--12201224*සිංහල රාජකීය රුධිර පෙළපතේ දේශප්‍රේමී කුමරෙකි.
IIවන පරාක්‍රමබාහු--12341269*IIIවන විජයබාහුගේ වැඩිමහල් පුත්‍රයායි.
IVවන විජයබාහු-1270 ඔක්තෝබර්1267/8October 1270*IIවන පණ්ඩිත පරාක්‍රමබාහුගේ වැඩිමහල්ම පුත්‍රයායි.
Iවන බුවනෙකබාහු
(යාපහුවේ සිට)
--12711283*IVවන විජයබාහුගේ සොහොයුරායි.
අරාජික සමය--12831302
IIIවන පරාක්‍රමබාහු
(පොළොන්නරුවේ සිට)
--13021310*Iවන බුවනෙකබාහුගේ බෑණායි.
*IVවන විජයබාහුගේ පුත්‍රයායි.
IIවන බුවනෙකබාහු
(කුරුණෑගල සිට)
--13101325/6*Iවන ුබවනෙකබාහුගේ පුත්‍රයායි.
*IIIවන පරාක්‍රමබාහුගේ ඥාති සොහොයුරායි.
IVවන පරාක්‍රමබාහු
(කුරුණෑගල සිට)
--1325/61325/6*IIවන බුවනෙකබාහුගේ පුත්‍රයායි.
IIIවන බුවනෙකබාහු
(කුරුණෑගල සිට)
--1325/61325/6*වන්නි බුවනෙකබාහු ලෙස ද හැඳින්වේ.
Vවන විජයබාහු
(කුරුණෑගල සිට)
--1325/61344/5*යාපාපටුනේ චන්ද්‍ර බානුගේ දෙවන පුත්‍රයායි.

ගම්පොළ රාජධානිය (1345–1412)

සිරි සඟ බෝ රාජවංශය (1345–1412)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්ව්‍රපාප්තික(යන්) සමග සම්බන්ධතාව
IVවන බුවනෙකබාහු--1344/51353/4*Vවන විජයබාහුගේ පුත්‍රයායි.
Vවන පරාක්‍රමබාහු
(දැදිගම සිට)
1311-1344/51359*Vවන විජයබාහුගේ පුත්‍රයායි.
*IVවන බුවනෙකබාහුගේ සොහොයුරායි.
IIIවන වික්‍රමබාහු--13571374*IVවන බුවනෙකබාහුගේ පුත්‍රයායි.
Vවන බුවනෙකබාහු--1372/31391/2*නිශ්ශංක අලකේශ්වරට දාව IIIවන වික්‍රමබාහුගේ සොයුරියට උපන් පුත්‍රයායි.
IIවන වීරබාහු--1391/21397*Vවන බුවනෙකබාහු රජුගේ මස්සිනායි.
IIවන වීරබාහුගේ පුත්‍රයෙක්--13971397
IIවන වීරබාහුගේ පුත්‍රයෙක්--13971397
වීර අලකේශ්වර
(හෙවත් විජයබාහු VI)
--13971409
පරාක්‍රමබාහු ඈපා--14091412*IVවන බුවනෙකබාහු රජුගේ අමාත්‍යවරයකු වූ
සේනාලංකාධිකාර සෙනෙවිරත්ගේ මුණුපුරායි.

කෝට්ටේ රාජධානිය (1412–1597)

සිරි සඟ බෝ රාජවංශය (1412–1597)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
VIවන පරාක්‍රමබාහු--14121467*VIවන විජයබාහු රජුගේ සහ සුනේත්‍රා දේවි රැජිනගේ පුත්‍රයායි.
*එසේ නොවේ නම් යාපා පටුනේ චන්ද්‍ර බානුගේ තෙවන පුත්‍රයා විය හැක.
IIවන ජයබාහු
(වීර පරාක්‍රමබාහු VII)
--14671472*VIවන පරාක්‍රමබාහු රජුගේ සත්‍ය දියණිය වූ උලකුඩය දේවියගේ පුත්‍රයායි.
VIවන බුවනෙකබාහු
(හෙවත් සපුමල් කුමාරයා)
--14721480*VIවන පරාක්‍රමබාහුගේ පුත්‍රයායි.
VIIවන පරාක්‍රමබාහු--14801484
VIIIවන පරාක්‍රමබාහු--14841518*අම්බුලුගල කුමාරයායි.
*VIවන පරාක්‍රමබාහුගේ පුත්‍රයෙකි.
IXවන ධර්ම පරාක්‍රමබාහු
(කැලණියෙහි)
--15091528*VIIIවන වීර පරාක්‍රමබාහුගේ පුත්‍රයායි.
VIIවන විජයබාහු-152115091521*IXවන ධර්ම පරාක්‍රමබාහුගේ සොහොයුරායි.
*මැණික් කඩවරහි රජු විය.
VIIවන බුවනෙකබාහු-155115211551*විජයබාහුගේ වැඩිමහල්ම පුත්‍රයායි.
ධර්මපාල
(හෙවත් දොන් ජුවන් ධර්මපාල)
-1597 මැයි 2715511597 මැයි 27*VIIවන බුවනෙකබාහුගේ මුණුපුරා මෙන්ම උරුමකරුවා ද විය.

සීතාවක රාජධානිය (1521–1593)

සිරි සඟබෝ රාජවංශය (1521–1593)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධය
මායාදුන්නේ1501158115211581*VIIවන බුවනෙකබාහුගේ සොහොයුරායි.
*VIIවන විජයබාහුගේ පුත්‍රයායි.
I වන රාජසිංහ
(හෙවත් ටිකිරි බණ්ඩා)
1544159315811593*මායාදුන්නේගේ පුත්‍රයායි.

මහනුවර රාජධානිය (1590–1815)

දිනරාජ රාජවංශය (1590–1739)

රුව නම උපත මරණය රාජ්‍ය සම‍යේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
Iවන විමලධර්මසූරිය
(හෙවත් ‍ඔස්ට්‍රියාවේ දොන් ජුවාන්)
-160415901604*විජයසුන්දර බණ්ඩාරගේ පුත්‍රයායි.
සෙනරත්-163516041635*Iවන විමලධර්මසූරිය රජුගේ ඥාති සොහොයුරායි.
IIවන රාජසිංහ16081687 දෙසැම්බර් 616351687 නොවැම්බර් 25*සෙනරත් රජුගේ සහ දෝන කැතරිනා බිසව‍ගේ පුත්‍රයායි.
IIවන විමලධර්මසූරිය-1707 ජූනි 416871707 ජූනි 4*IIවන රාජසිංහ රජුගේ පුත්‍රයායි.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ16901739 මැයි 131707 ජූනි 41739 මැයි 13*IIවන විමලධර්මසූරිය රජුගේ පුත්‍රයායි.

මහනුවර නායක්කර් රාජවංශය (1739–1815)

නමරුවඋපතවිවාහමරණයඅයිතිය
ශ්‍රී විජය රාජසිංහ
1739 මැයි 13 –
1747 අගෝස්තු 11
?
මදුරෛ, මදුරෛ නායක් රාජවංශය
පිට්ටි නායක්කර්ගේ පුත්‍රයායි.
මදුරෛ භාර්යාවන් 1 1747 අගෝස්තු 11
මහනුවර
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මස්සිනායි.
කීර්ති ශ්‍රී රාජසිංහ
1747 අගෝස්තු 11 –
1782 ජනවාරි 2
1734
මදුරෛ, මදුරෛ නායක් රාජවංශය
නරේනප්පා නායක්කර්ගේ පුත්‍රයායි.
මදුරෛ බිසෝවරුන් 6
යකඩ දෝලි
පුත්‍රයින් 2, දියණියන් 6
1782 ජනවාරි 2
මහනුවර
ශ්‍රී විජය රාජසිංහ රජුගේ මස්සිනායි.
ශ්‍රී රාජාධි රාජසිංහ
1782 ජනවාරි 2 –
1798 ජූලි 26
?
මදුරෛ
නරේනප්පා නායක්කර්ගේ පුත්‍රයායි.
උපේන්ද්‍රම්මා රැජින 1798 ජූලි 26
මහනුවර
කීර්ති ශ්‍රී රාජසිංහගේ සොහොයුරායි.
ශ්‍රී වික්‍රම රාජසිංහ
(හෙවත් IVවන රාජසිංහ; කන්නසාමි)
1798 ජූලි 26–
1815 මාර්තු 5
1780
මදුරෛ
ශ්‍රී වෙන්කට පෙරුමාල් සහ සුබ්බම්මා නායකගේ පුත්‍රයායි.
භාර්යාවන් 4
(දරුවන් 3)
1832 ජනවාරි 30
වෙල්ලෝර් බලකොටුව, ඉන්දියාවේ වෙළඳ සමාගම යටතේ පාලනය
ශ්‍රී රාජාධි රාජසිංහගේ බෑණායි.
තුන්වන ජෝර්ජ් රජ

සම්පූර්ණ දිවයිනම යටත්විජිතයක් වීම

1796දී බ්‍රිතාන්‍යයන් මුල්වරට දිවයිනට පැමිණි අතර, ලන්දේසීන්ගේ මෙරට වෙරළබඩ ප්‍රදේශවල පාලනය නතු කරගැනීමට සමත් විය. මහනුවර යුද්ධ සහ 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, දිවයින බ්‍රිතාන්‍ය රජු වූ තුන්වන ජෝර්ජ් රජතුමා රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා ලදී. මෙලෙසින් වසර 2350 කට අධික කාලයක් පැවති රාජාණ්ඩුව අවසන් විය.

රාජධානිය නැවත පිහිටුවීම

වසර 133 අධික බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරමින් 1948 පෙබරවාරි 4 දින නිදහස ලබා නැවතත් ලංකා නමින්, රාජධානිය යලි පිහිටවීය. ක්‍රි.ව. 1972 මැයි 22 ශ්‍රී ලංකා නමින් ජනරජයක් පිහිටුවීමෙන් රාජධානිය අහෝසි විය.

කාලරේඛාව

මහනුවර රාජධානියසීතාවක රාජධානියකෝට්ටේ රාජධානියගම්පොළ රාජධානියදඹදෙණිය රාජධානියපොළොන්නරු රාජධානියඅනුරාධපුර චෝළ ආධිපත්‍යයඅනුරාධපුර රාජධානියඋපතිස්ස නුවර රාජධානියතම්බපණ්ණි රාජධානියමහනුවර නායක්කාරවරුදිනරාජ රාජවංශයසිරි සඟ බෝ රාජවංශයකාලිංග රාජවංශයවිජයබාහු රාජවංශයIIවන ලම්බකර්ණ රාජවංශයමෝරිය රාජවංශයIවන ලම්බකර්ණ රාජවංශයවිජය රාජවංශයවිජය රාජවංශයවිජය රාජවංශයවිජය රාජවංශය

ආශ්‍රේයයන්

  1. "The Mahavamsa: Original Version Chapters 1 – 37". Mahavamsa.org. සම්ප්‍රවේශය 27 February 2013.
  2. 1 2 Geiger (Tr), Wilhelm (1912). The Mahawamsa or Great Chronicle of Ceylon. Oxford: Oxford University Press (for the Pali Text Society). p. 300. 2008-10-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-08-07. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  3. S G M Weerasinghe, A history of the cultural relations between Sri Lanka and China: an aspect of the Silk Route, Colombo: Central Cultural Fund, 1995, ISBN 955-613-055-1, p.40
  4. Stephen Spencer Gosch, Peter N. Stearns, Premodern Travel in World History, Routledge, 2008; ISBN 0-415-22940-5, p.93
  5. Cousins, L. S. "The Dating of the Historical Buddha: A Review Article". indology. සම්ප්‍රවේශය 27 February 2013.
  6. Codrington, Humphry William. "The Dambadeniya And Gampola Kings". lakdiva.org. සම්ප්‍රවේශය 27 February 2013.

වැඩිදුර කියවීමට

ප්‍රාථමික මූලාශ්‍ර

ද්විතීයික මූලාශ්‍ර

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=ලක්දිව_රාජාවලිය&oldid=773948" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි