පාලි

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
පාලි
[] error: {{lang}}: no text (help) Pāḷi
උච්චාරණය[paːli]
ස්වදේශික වන්නේඉන්දියානු උපමහාද්වීපය
නෂ්ට වූමළ බසක් නොවේ. ජීව භාෂාවක් ද නොවේ. සම්භාව්‍ය භාෂාවකි. භාවිතය සාහිත්‍යයේදී හා සජ්ඣායනාවේදී පමණි.
බ්‍රාහ්මීය අක්ෂර, බ්‍රාහ්මී -ආභාෂය ලැබූ අකුරු හා ලතින් අක්ෂර (refer to article)
භාෂා කේත
ISO 639-1pi
ISO 639-2pli
ISO 639-3pli

පාලි යනු ප්‍රාකෘත බස් පරම්පරාවෙන් පැවතෙන බුදු දහම හා සබැඳි භාෂාවකි. පාලි බසෙහි ඇරඹුම ඉන්දීය අර්ධද්වීපයේ ඇති වුණි. මෙම බස සඳහා නිසි අකුරු ක්‍රමයක් නැත. මළ බසක් වුවද තවමත් භාවිතයේ පැවතෙන්නේ පාරිශුද්ධ බුද්ධ ධර්මයේ මව්බස පාලි වන බැවිනි. ත්‍රිපිටකය පරිශීලනයට පාලි බොහෝ සේ වැදගත් වේ. පාලි හා සංස්කෘත බසින් පැවතෙන බොහෝ වදන් බුදුදහමේ ව්‍යාප්තියත් සමඟ අන් භාෂා වලටද ආභාෂය ලබා දී ඇත.

සම්භවය හා සංවර්ධනය[සංස්කරණය]

නිරුක්තිය[සංස්කරණය]

පාලි යන වචනාර්ථයෙන් ම හැඟෙන්නේ "රේඛාව" හෝ "(ආගමික) පාඨය" යන්නයි. "පාලි" යන වදනම මුර්ධජ "ළ" යොදා "පාළි" ලෙස ද ලිවිය හැක. ආර්.සී.චිල්ඩර්ස් මෙය පරිවර්තනය කරන්නේ "පේළිය" ලෙස ය. ඔහු කියා සිටින්නේ මේ බස "එහි ව්‍යාකරනාණුකූලතාව නිසා මෙමෙ විරුද නාමය ලැබීමට සුදුසු බව" යි.[1]

රොබට් සීසර් චිල්ඩර්ස් තවදුරටත් පවසන්නේ පාලි බසෙහි සැබෑ නාමය මාගධි බවත් , ආදි බෞද්ධයින් පාලි යන්නේ වචනාර්ථය වන "රේඛාව , පේළිය, පාඨය" යන්නෙහි තේරුම දිග්කර "ග්‍රන්ථමාලාව" යන අරුත ගෙන ආ නිසා, පාලිභාසා යනු "පොත් පේලියේ බස " බවයි.[2]

පාලි භාසාවේ අක්ෂර[සංස්කරණය]

පාලි භාෂාව අක්ෂර 41කින් සමන්විතය. එහි ස්වර අක්ෂර 8ක් ද ව්‍යඤ්ජන අක්ෂර 33ක් ද ඇත.

සරා (ස්වර)

අ ආ ඉ ඊ උ ඌ එ ඔ

බ්‍යඤ්ජන (ව්‍යඤ්ජන)

ක් (ක) ඛ් (ඛ) ග් (ග) ඝ් (ඝ) ඞ් (ඞ)

ච් (ච) ඡ් (ඡ) ජ් (ජ) ඣ් (ඣ) ඤ් (ඤ)

ට් (ට) ඨ් (ඨ) ඩ් (ඩ) ඪ් (ඪ) ණ් (ණ)

ත් (ත) ථ් (ථ) ද් (ද) ධ් (ධ) න් (න)

ප් (ප) ඵ් (ඵ) බ් (බ) භ් (භ) ම් (ම)

ය් (ය) ර් (ර) ල් (ල) ව් (ව)

ස් (ස) හ් (හ) ළ් (ළ)

(අං)

ඉහත ස්වර අක්ෂර හ්‍රස්ව හා දීර්ඝ යැයි කොටස් දෙකකට බෙදනු ලැබේ.

  • අ, ඉ, උ යන අක්ෂර හ්‍රස්ව අකුරු වේ.
  • ආ, ඊ, ඌ යන අකුරු දීර්ඝ අකුරු වේ.


  • එ සහ ඔ අකුරු දෙකෙහි විශේෂත්වයක් ඇත.

එම අකුරු දෙක බැඳි අකුරුවලට මුලින් හෙවත් හල් කිරීම සහිත අකුරකට මුලින් යෙදී ඇති විට හ්‍රස්ව අකුරු ලෙස ගැනේ. උදා:- ඔක්කන්ති (මෙහි ඔ හ්‍රස්ව හෙවත් ඕ ලෙස ඇද ශබ්ද කිරීමක් නොකරයි. මෙලෙසම සොත්ථි, එත්තාවතා, ඛෙත්ත ආදිය ද වෙත්.)

එ, ඔ අකුරු දෙකට පිටුපසින් බැඳි අකුරු නැත්නම් හෙවත් හල් අකුරක් නැත්නම් දීර්ඝ අකුරු ලෙස ගැනේ. උදා:- එවං (මෙය 'ඒ' ලෙස ඇද ශබ්ද කළ යුතුය.) ඔසද (මෙය 'ඕ' ලෙස ඇද ශබ්ද කළ යුතුය.) මෙලෙසම ඛෙම, සොම, ලොම ආදිය ද පිළිවෙලින් ඛේම, සෝම, ලෝම යනාදී ලෙස ශබ්ද කෙරේ.

ඉහත ව්‍යඤ්ජන අක්ෂරවල ක සිට ම තෙක් ඇති අකුරු වර්ග 5කට බෙදනු ලැබේ. ඒවා නම් ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය.

  • ක වර්ගය- ක, ඛ, ග, ඝ, ඞ
  • ච වර්ගය- ච, ඡ, ජ, ඣ, ඤ
  • ට වර්ගය- ට, ඨ, ඩ, ඪ, ණ
  • ත වර්ගය- ත, ථ, ද, ධ, න
  • ප වර්ගය- ප, ඵ, බ, භ, ම

ව්‍යඤ්ජන අකුරුවලින්,

  • ඛ, ඝ, ඡ, ඣ, ඨ, ඪ, ථ, ධ, ඵ, භ යන අකුරු මහාප්‍රාණ වේ.
  • ක, ග, ඞ, ච, ජ, ඤ, ට, ඩ, ණ, ත, ද, න, ප, බ, ම, ය, ර, ල, ව, ස, හ, ළ අල්පප්‍රාණ වේ.
  • බින්දුව නිග්ගහීතය යැයි හැඳින්වේ.
  • ග, ඝ, ඞ, ජ, ඣ, ඤ, ඩ, ඪ, ණ, ද, ධ, න, බ, භ, ම, ය, ර, ල, ව, හ, ළ යන අක්ෂර ඝෝෂ අකුරු නම් වේ.
  • ක, ඛ, ච, ඡ, ට, ඨ, ත, ථ, ප, ඵ, ස යන අකුරු අඝෝෂ අක්ෂර නම් වේ.

කණ්ඨජ අක්ෂර:- අ, ආ, ක, ඛ, ග, ඝ, ඞ, හ

තාලුජ අක්ෂර:- ඉ, ඊ, ච, ඡ, ජ, ඣ, ඤ, ය

මුද්ධජ අක්ෂර:- ට, ඨ, ඩ, ඪ, ණ, ර, ළ

දන්තජ අක්ෂර:- ත, ථ, ද, ධ, න, ල, ස

ඔට්ඨජ අක්ෂර:- උ, ඌ, ප, ඵ, බ, භ, ම

කණ්ඨතාලුජ:-

කණ්ඨොට්ඨජ:-

දන්තොට්ඨජ:-

නාමපද සහ විභක්ති[සංස්කරණය]

පාලි භාෂාවේ නාමපද ප්‍රධාන වශයෙන් පුරුෂ, ස්ත්‍රී හා නපුංසක ලෙස ලිඞ්ග 3කට බෙදේ. මෙහි විශේෂත්වය වන්නේ ජීවී දේවල් පමණක් නොව මුහුද, පොත යනාදී අජීවී වස්තූන් ද ශක්තිය, තණ්හාව, රස යනාදී නාම පද ද පවා ඉහත ලිඞ්ග තුනෙන් එකකට අයත් වීමය. උදාහරණයක් ලෙස අග්ගි (ගින්න) යන්න පුල්ලිඞ්ග (පුරුෂ ලිඞ්ග) වන අතර රත්ති (රාත්‍රිය) යන්න ඉත්ථී ලිඞ්ගික (ස්ත්‍රී ලිඞ්ගික) ලෙස ද අට්ඨි (අස්ථි) යන්න නපුංසක ලිඞ්ගික ලෙස ද ගැනේ. මෙනිසා පාලි භාසාව යම් පමණකට දුෂ්කර බසක් යැයි ද කෙනෙකුට සිතිය හැක. මෙවැනිම ලිඞ්ග භේදයක් ජර්මානු භාෂාවෙහි ද ඇත.

මේ නාමපද අතිශය බොහෝමයක් (කීපයක් හැර) ඒක වචන හා බහු වචන ලෙස ද දැක්වෙත්.

එමෙන්ම සෑම නාමපදයක්ම නැවතත් මූලික වශයෙන් විභත්ති 9කට (ආලපන හා කරණ විභත්තීන් ද ඇතුළත්ව) බෙදී විවිධ අර්ථ ප්‍රකාශ කරයි. එම අර්ථ පහත පරිදි දැක්විය හැක.

  • පඨමා - උක්තය
  • ආලපන - ආමන්ත්‍රණය
  • දුතියා - කර්මය
  • තතියා - කර්තෘ
  • කරණ - යමක හෝ යමෙකු කරණ කොට දෙයක් සිදුවන බව පැවසීමේදී
  • චතුත්ථි - කාටද, කුමකට ද, කා උදෙසා ද ක්‍රියාව කරන්නේ යන්න පැවසීමේදී
  • පඤ්චමී - කුමකින් ක්‍රියාව වන්නේද යන්න පැවසීමේදී
  • ඡට්ඨි - කාගේ කුමකගේ ක්‍රියාවක් දැයි පැවසීමේදී
  • සත්තමී - කා කෙරෙහි, කුමක් කෙරෙහි ක්‍රියාව සිදු වන්නේදැයි පැවසීමේදී

ඉහත විභත්ති බෙදීම ඇති වන්නේ නාම පදය අගට ඕ, ආ, ඒ ආදී ප්‍රත්‍යයන් එක් කිරීමෙනි. සිංහල භාෂාවේ දී නම් ට, ගේ, හි යන ප්‍රත්‍ය යෙදෙති. නමුත් සිංහල භාෂාවට වඩා පාලි භාෂාවේ ඇති වෙනස්කම් වන්නේ,

  • ලිඞ්ග භේදය අනුව අදාළ ප්‍රත්‍ය වෙනස් වීම
  • නාම පදය අවසන් වන අකුරේ ස්වරය හෙවත් අන්ත ස්වරය අනුව (අකාරාන්ත, ඉකාරාන්ත, ඊකාරාන්ත ආදී) අදාළ ප්‍රත්‍ය වෙනස් වීම යන කරුණු නිසාය.

පුල්ලිඞ්ගික නාම පද[සංස්කරණය]

පුල්ලිඞ්ග පදවල ප්‍රත්‍ය සමූහ 7ක් ඒ ඒ අන්ත ස්වරයට අනුකූලව ඇත.

අකාරාන්ත පද ප්‍රත්‍ය

පඨමා - ඕ (ඒක වචන), ආ (බහු වචන)

ආලපන - අ/ආ (ඒක), ආ (බහු)

දුතියා - අං/ආනං (ඒක), ඒ (බහු)

තතියා හා කරණ - ඒන/නා (ඒක), ඒහි/ඒභි (බහු)

චතුත්ථි - ආය/ස්ස (ඒක), ආනං (බහු)

පඤ්චමී - ආ/ම්හා/ස්මා (ඒක), ඒහි/ඒභි (බහු)

ඡට්ඨි - ස්ස (ඒක), ආනං (බහු)

ආධාර - ඒ/ම්හි/ස්මිං (ඒක), ඒසු (බහු)

උදාහරණ 1- ධම්ම

ධම්මෝ (ධර්මය), ධම්මා (ධර්මයෝ)

ධම්ම/ධම්මා (පින්වත ධර්මය!), ධම්මා (ධර්මයනි!)

ධම්මං (ධර්මයව), ධම්මේ (ධර්මයන්ව)

ධම්මේන (ධර්මය විසින්/ ධර්මය කරණ කොට/ ධර්මය නිසා/ ධර්මය ලවා/ ධර්මය/ වශයෙන්/ ධර්මයෙන්/ ධර්මයෙහි/ ධර්මය වෙනුවෙන්/ ධර්මය ලෙස/ ධර්මය හේතුවෙන්/ ධර්මයේදී), ධම්මේහි/ධම්මේභි (බහු)

ධම්මාය/ධම්මස්ස (ධර්මයට/ ධර්මය උදෙසා/ ධර්මය සඳහා/ ධර්මය පිණිස), ධම්මානං (බහු)

ධම්මා/ධම්මම්හා/ධම්මස්මා (ධර්මයෙන්/ ධර්මය කෙරෙන්), ධම්මේහි/ධම්මේභි (බහු)

ධම්මස්ස (ධර්මයේ/ ධර්මයෙන්/ ධර්මය අතර), ධම්මානං (බහු)

ධම්මේ/ධම්මම්හි/ධම්මස්මිං (ධර්මය කෙරෙහි/ ධර්මයෙහි/ ධර්මය මත/ ධර්මය උඩ/ ධර්මය තුළ/ ධර්මය සමීපයෙහි/ ධර්මය ඇති කල්හී/ ධර්මය ඇති විට/ ධර්මය අතර/ ධර්මයේදී/ ධර්මය පිළිබඳ), ධම්මේසු (බහු)

උදාහරණ 2- අත්ත

අත්තා (තමා/ ආත්මය), අත්තානෝ (ආත්මයෝ)

අත්ත/අත්තා (පින්වත් ආත්මය!), අත්තානෝ (ආත්මයනි!)

අත්තේන/අත්තනා (තමා විසින්/ තමා නිසා), අත්තනේහි/අත්තනේභි (බහු)

අත්තනෝ (තමාට), අත්තානං (ආත්මයන්ට)

අත්තනා (තමාගෙන්), අත්තනේහි/අත්තනේභි (ආත්මයන්ගෙන්)

අත්තනෝ (තමාගේ), අත්තානං (බහු)

අත්තනි (තමා කෙරෙහි), අත්තනේසු (ආත්මයන්හි)

උදාහරණ 3 - චරන්ත මෙවැනි වර්තමාන කාල කෘදන්ත පද ඉහත ඒවාට වඩා වෙනස්ය.

චරං (හැසිරෙන්නා), චරන්තෝ/චරන්තා (හැසිරෙන්නෝ)

චරං/චර/චරා (එබ්බා හැසිරෙන්නා!), චරන්තෝ/චරන්තා (බහු)

චරන්තං (හැසිරෙන්නාව), චරන්තේ (බහු)

චරතා/චරන්තේන (හැසිරෙන්නා විසින්), චරන්තේහි/ චරන්තේභි (බහු)

චරතෝ/චරන්තස්ස (හැසිරෙන්නාට), චරතං/චරන්තානං (බහු)

චරතා/චරන්තම්හා/චරන්තස්මා (හැසිරෙන්නාගෙන්), චරන්තේහි/චරන්තේභි (බහු)

චරතෝ/චරන්තස්ස (හැසිරෙන්නාගේ), චරතං/චරන්තානං (බහු)

චරති/චරින්තේ/චරන්තම්හි/චරන්තස්මිං (හැසිරෙන්නා කෙරෙහි), චරන්තේසු (බහු)

උදාහරණ 4 - චේත මෙවැනි චචන ද ඉහත ඒවාට වඩා වෙනස්ය.

චේතෝ (සිතීම), චේතා (බහු)

චේත/චේතා (එම්බා සිතිවිල්ල!), චේතා (බහු)

චේතං (සිතිවිල්ලව), චේතේ (බහු)

චේතසා/චේතේන (සිතීම නිසා), චේතේහි/චේතේභි (බහු)

චේතසෝ/චේතස්ස (සිතීමට), චේතානං (බහු)

චේතා/චේතම්හා/චේතස්මා (සිතීමෙන්), චේතේහි/චේතේභි (බහු)

චේතසෝ/චේතස්ස (සිතීමේ/ සිතිවිල්ලේ), චේතානං (බහු)

චේතසි/චේතේ/චේතම්හි/චේතස්මිං (සිතීමෙහි), චේතේසු (බහු)

ඉකාරාන්ත පද ප්‍රත්‍ය

පඨමා - ඉ (ඒක), ඊ/අයෝ (බහු)

ආලපන - ඉ (ඒක), ඊ/අයෝ (බහු)

දුතියා - ඉං (ඒක), ඊ/අයෝ (බහු)

තතියා හා කරණ - නා (ඒක), ඊහි/ඊභි (බහු)

චතුත්ථි - නෝ/ස්ස (ඒක), ඊනං (බහු)

පඤ්චමී - නා/ම්හා/ස්මා (ඒක), ඊහි/ඊභි (බහු)

ඡට්ඨි - නෝ/ස්ස (ඒක), ඊනං (බහු)

සත්තමී - ම්හි/ස්මිං (ඒක), ඉසු/ඊසු (බහු)

උදාහරණ - ගහපති

ගහපති (ගෘහපතියා), ගහපතී/ගහපතයෝ (බහු)

ගහපති (ඒක), ගහපතී/ගහපතයෝ (බහු)

ගහපතිං (ඒක), ගහපතී/ගහපතයෝ (බහු)

ගහපතිනා (ඒක), ගහපතීහි/ගහපතීභි (බහු)

ගහපතිනෝ/ගහපතිස්ස (ගෘහපතියාට), ගහපතීනං (බහු)

ගහපතිනා/ගහපතිම්හා/ගහපතිස්මා (ගෘහපතියාගෙන්), ගහපතීහි/ගහපතීභි (බහු)

ගහපතිනෝ/ගහපතිස්ස (ඒක), ගහපතීනං (බහු)

ගහපතිම්හි/ගහපතිස්මිං (ඒක), ගහපතිසු/ගහපතීසු (බහු)

ඊකාරාන්ත පද

මේ ප්‍රත්‍ය ද ඉකාරාන්ත පද ප්‍රත්‍යවලට බොහෝ දුරට සමානය.

උදාහරණ - පාපකාරී

පාපකාරී (පව් කාරයා), පාපකාරී/පාපකාරිනෝ (බහු)

පාපකාරී (ඒක), පාපකාරී/පාපකාරිනෝ (බහු)

පාපකාරිනං/පාපකාරිං (ඒක), පාපකාරී/පාපකාරිනෝ (බහු)

පාපකාරිනා (ඒක), පාපකාරිහි/පාපකාරිභි (බහු)

පාපකාරිනෝ/පාපකාරිස්ස (ඒක), පාපකාරීනං (බහු)

පාපකාරිනා/පාපකාරිම්හා/පාපකාරිස්මා (ඒක), පාපකාරිහි/පාපකාරිභි (බහු)

පාපකාරිනෝ/පාපකාරිස්ස (ඒක), පාපකාරීනං (බහු)

පාපකාරිනි/පාපකාරිම්හි/පාපකාරිස්මිං (ඒක), පාපකාරිසු/පාපකාරීසු (බහු)

උකාරාන්ත පද

උදාහරණ - මච්චු

මච්චු (මාරයා), මච්චූ/මච්චවෝ (බහු)

මච්චු (එම්බා මාරය), මච්චූ/මච්චවෝ (බහු)

මච්චුං (මාරයාව), මච්චූ/මච්චවෝ (බහු)

මච්චුනා (මාරයා විසින්), මච්චූභි/මච්චූහි (බහු)

මච්චුනෝ/මච්චුස්ස (මාරයාට), මච්චචුනං/මච්චූනං (බහු)

මච්චචුනා/මච්චුම්හා/මච්චුස්මා (මාරයාගෙන්), මච්චූහි/මච්චූභි (බහු)

මච්චුනෝ/මච්චුස්ස (මාරයාගේ), මච්චූනං (බහු)

මච්චුම්හි/මච්චුස්මිං (මාරයා කෙරෙහි), මච්චුසු/මච්චූසු (බහු)

උදාහරණ - කත්තු

කත්තා (කර්තෘ), කත්තාරෝ (බහු)

කත්ත/කත්තා (පින්වත් කර්තෘ), කත්තාරෝ (බහු)

කත්තාරං (කර්තෘව), කත්තාරේ/කත්තාරෝ (බහු)

කත්තාරා (කර්තෘ විසින්), කත්තාරේහි/කත්තාරේභි (බහු)

කත්තු/කත්තුනෝ/කත්තුස්ස (කර්තෘට), කත්තාරානං/කත්තානං (බහු)

කත්තාරා (කර්තෘගෙන්), කත්තාරේහි/කත්තාරේභි (බහු)

කත්තු/කත්තුනෝ/කත්තුස්ස (කර්තෘගේ), කත්තාරානං/කත්තානං (බහු)

කත්තරි (කර්තෘ කෙරෙහි), කත්තාරේසු (බහු)

උදාහරණ - භගවන්තු

භගවා/භගවන්තෝ (භාග්‍යවන්තයා), භගවන්තෝ/භගවන්තා (බහු)

භගවං/භගවා (භාග්‍යවතුනි!), භගවන්තෝ/භගවන්තා (බහු)

භගවන්තං (භාග්‍යවතුන්ව), භගවන්තේ (බහු)

භගවතා/භගවන්තේන (භාග්‍යවතුන් විසින්), භගවන්තේහි/භගවන්තේභි (බහු)

භගවතෝ/භගවන්තස්ස (භාග්‍යවතුන්ට), භගවතං/භගවන්තානං (බහු)

භගවතා/භගවන්තම්හා/භගවන්තස්මා (භාග්‍යවතුන්ගෙන්), භගවන්තේහි/භගවන්තේභි (බහු)

භගවතෝ/භගවන්තස්ස (භාග්‍යවතුන්ගේ), භගවතං/භගවන්තානං (බහු)

භගවති/භගවන්තේ/භගවන්තම්හි/භගවන්තස්මිං (භාග්‍යවතුන් කෙරෙහි), භගවන්තේසු (බහු)

ඌකාරාන්ත පද

උදාහරණ - කතඤ්ඤූ

කතඤ්ඤූ (කළගුණ දන්නා), කතඤ්ඤු/කතඤ්ඤුනෝ (බහු)

කතඤ්ඤූ (ඒක), කතඤ්ඤු/කතඤ්ඤුනෝ (බහු)

කතඤ්ඤුං (ඒක), කතඤ්ඤු/කතඤ්ඤුනෝ (බහු)

කතඤ්ඤුනා (ඒක), කතඤ්ඤුහි/කතඤ්ඤුභි (බහු)

කතඤ්ඤුනෝ/කතඤ්ඤුස්ස (ඒක), කතඤ්ඤුනං (බහු)

කතඤ්ඤුනා/කතඤ්ඤුම්හා/කතඤ්ඤුස්මා (ඒක), කතඤ්ඤුහි/කතඤ්ඤුභි (බහු)

කතඤ්ඤුනෝ/කතඤ්ඤුස්ස (ඒක), කතඤ්ඤුනං (බහු)

කතඤ්ඤුම්හි/කතඤ්ඤුස්මිං (ඒක), කතඤ්ඤුසු (බහු)

ඉත්ථිලිඞ්ගික නාම පද[සංස්කරණය]

ආකාරාන්ත පද ප්‍රත්‍ය

පඨමා - ආ (ඒක), ආ/ආයෝ (බහු)

ආලපන - ඒ (ඒක), ආ/ආයෝ (බහු)

දුතියා - අං (ඒක), ආ/ආයෝ (බහු)

තතියා, කරණ, චතුත්ථි, පඤ්චමී, ඡට්ඨී, සත්තමී ඒක වචන - ආය

තතියා, කරණ, පඤ්චමී බහු - ආහි/ආභි

චතුත්ථි, ඡට්ඨී බහු - ආනං

සත්තමී - ආයං (ඒක), ආසු (බහු)

උදාහරණ - පඤ්ඤා

පඤ්ඤා (ඒක), පඤ්ඤා/පඤ්ඤායෝ (බහු)

පඤ්ඤේ (ඒක), පඤ්ඤා/පඤ්ඤායෝ (බහු)

තතියා සිට සත්තමී ඒක - පඤ්ඤාය

තතියා, කරණ, පඤ්චමී බහු - පඤ්ඤාහි/පඤ්ඤාභි

චතුත්ථි, ඡට්ඨී - පඤ්ඤානං

සත්තමී - පඤ්ඤායං (ඒක), පඤ්ඤාසු (බහු)

ඉකාරාන්ත පද

උදාහරණ - ජාති

ජාති (ජාතිය), ජාතී/ජාතියෝ/ජාත්‍යෝ (බහු)

ජත්ති (එම්බා ජාතිය), ජත්තී/ජත්තියෝ/ජාත්‍යෝ (බහු)

ජත්තිං (ජාතියව), ජත්තී/ජත්තියෝ/ජාත්‍යෝ

ජාතියා (ඒක වචන - තතියා, කරණ, චතුත්ථි, පඤ්චමී, ඡට්ඨී, සත්තමී)

ජාත්‍යා (ඒක - තතියා, කරණ, පඤ්චමී, සත්තමී)

ජාතියං/ජාත්‍යං/ජාතිං/ජාතෝ (ඒක - සත්තමී)

ජාතීහි/ජාතීභි (බහු - තතියා, කරණ, පඤ්චමී)

ජාතීනං (බහු - චතුත්ථි, ඡට්ඨී)

ජාතිසු/ජාතීසු (බහු - සත්තමී)

ඊකාරාන්ත පද

උදාහරණ - රාජිනී

රාජිනී (රැජිණ, රැජිණියනි), රාජිනි, රාජිනියෝ (බහු)

රාජිනියං/රාජිනිං (රැජිණව), රාජිනි, රාජිනියෝ (බහු)

රාජිනියා (ඒක - තතියා, කරණ, චතුත්ථි, පඤ්චමී, ඡට්ඨී, සත්තමී)

රාජිනියං (ඒක - සත්තමී)

රාජිනිභි/රාජිනිහි (බහු - තතියා, කරණ, පඤ්චමී)

රාජිනං (බහු - චතුත්ථි, පඤ්චමී)

රාජිනිසු (බහු - සත්තමී)

උකාරාන්ත, ඌකාරාන්ත පදද මීට බොහෝ සමානය

නපුංසකලිඞ්ගික නාම පද[සංස්කරණය]

ප්‍රත්‍ය

පඨමා, ආලපන - අං (ඒක), ආ/ආනි (බහු)

දුතියා - අං (ඒක), ඒ/ආනි (බහු)

තතියා, කරණ - ඒන (ඒක), ඒහි/ඒභි (බහු)

චතුත්ථි - ආය/ස්ස (ඒක), ආනං (බහු)

පඤ්චමී - ආ/ම්හා/ස්මා (ඒක), ඒහි/ඒභි (බහු)

ඡට්ඨී - ස්ස (ඒක), ආනං (බහු)

සත්තමී - ඒ/ම්හි/ස්මිං (ඒක), ඒසු (බහු)

උදාහරණ - පාප

  • පාපං, පාපා/පාපානි
  • පාපං, පාපේ/පාපානි
  • පාපේන, පාපේහි/පාපේභි
  • පාපාය/පාපස්ස, පාපානං
  • පාපා/පාපම්හා/පාපස්මා, පාපේහි/පාපේභි
  • පාපස්ස, පාපානං
  • පාපේ/පාපම්හි/පාපස්මිං (ඒක), පාපේසු (බහු)

කම්ම ශබ්දයේදී

තතියා, කරණ ඒක වචන - කම්මුනා/කම්මනා/කම්මේන

චතුත්ථි, ඡට්ඨී ඒක වචන - කම්මුනෝ/කම්මස්ස

සත්තමී ඒක වචන - කම්මනි/කම්මේ/කම්මම්හි/කම්මස්මිං

සබ්බනාම පද[සංස්කරණය]

ත ශබ්දය (ඔහු/ඇය/එය/එම/එයා)

  • පුල්ලිඞ්ග

සෝ (ඔහු/එයා), නේ/තේ (ඔවුහූ)

නං/තං (දුතියා ඒක), නේ/තේ (බහු)

නේන/තේන (තතිතා, කරණ ඒක), නේහි/තේහි/නේභි/තේභි (බහු)

නස්ස/තස්ස (චතුත්ථි, ඡට්ඨී ඒක), නේසං/නේසානං/තේසං/තේසානං (බහු)

නම්හා/තම්හා/තස්මා/නස්මා (පඤ්චමී ඒක), නේහි/තේහි/නේභි/තේභි (බහු)

තම්හි/නම්හි/තස්මිං/නස්මිං (සත්තමී ඒක), නේසු/තේසු (බහු)


  • ඉත්ථි ලිඞ්ග

ඒක වචන, බහු වචන

සා, නා/නායෝ/තා/තායෝ

නං/තං, නා/නායෝ/තා/තායෝ

නාය/තාය (තතියා, කරණ, පඤ්චමී), නාහි/තාහි/නාභි/තාභි

තිස්සාය/තිස්සා/තස්සා/තාය (චතුත්ථි, ඡට්ඨී), තාසං/තාසානං

තිස්සං/තස්සං/තායං, නාසු/තාසු

  • නපුංසක ලිඞ්ග

ඒක වචන, බහු වචන

නං/තං (පඨමා, දුතියා), නේ/තේ/තානි/නානි

නේන/තේන (තතියා, කරණ), නේහි/තේහි/නේභි/තේභි

නස්ස/තස්ස, නේසං/තේසං/නේසානං/තේසානං

තභ්හා/නම්හා/නස්මා/තස්මා, නේහි/තේහි/තේභි/නේභි

තම්හි/නම්හි/නස්මිං/තස්මිං, නේසු/තේසු

අව්‍යය පද[සංස්කරණය]

උපසර්ග[සංස්කරණය]

නිපාත[සංස්කරණය]

ක්‍රියා පද (ආඛ්‍යාත)[සංස්කරණය]

වත්තමාන විභත්තිය[සංස්කරණය]

පඤ්චමී විභත්තිය[සංස්කරණය]

සත්තමී විභත්තිය[සංස්කරණය]

හීයත්තනී විභත්තිය[සංස්කරණය]

පරොක්ඛා විභත්තිය[සංස්කරණය]

අජ්ජතනී විභත්තිය[සංස්කරණය]

භවිස්සන්තී විභත්තිය[සංස්කරණය]

කාලාතිපත්ති විභත්තිය[සංස්කරණය]

ප්‍රයෝජ්‍ය ක්‍රියා (හෙත්වර්ථ ක්‍රියා)[සංස්කරණය]

විභක්ති භේදය[සංස්කරණය]

පඨමා විභත්තිය (කර්තෘ කාරකය)[සංස්කරණය]

දුතියා විභත්තිය (කර්ම කාරකය)[සංස්කරණය]

තතියා විභත්තිය (කරණ කාරකය)[සංස්කරණය]

චතුත්ථි විභත්තිය (සම්ප්‍රදාන කාරකය) ක කකක[සංස්කරණය]

පඤ්චමී විභත්තිය (අපදාන කාරකය)[සංස්කරණය]

ඡට්ඨී විභත්තිය (සම්බන්ධ විභක්තිය)[සංස්කරණය]

සත්තමී විභත්තිය (ආධාර කාරකය)[සංස්කරණය]

සන්ධි[සංස්කරණය]

ස්වර සන්ධිය[සංස්කරණය]

ව්‍යඤ්ජන සන්ධිය[සංස්කරණය]

නිග්ගහීත සන්ධිය[සංස්කරණය]

වොමිස්සක සන්ධිය[සංස්කරණය]

පකති සාධනය[සංස්කරණය]

සමාස[සංස්කරණය]

තද්ධිත[සංස්කරණය]

ධාතු[සංස්කරණය]

කිතක[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

පාලි විකිපීඩියාව W:pi:पालि Pāli

External links[සංස්කරණය]

  • Sinhala to Hindi translator - This program can translate Sinhala into Hindi. It also converts Sinhala script to/from Devanagari script.
  1. Hazra, Kanai Lal. Pāli Language and Literature; a systematic survey and historical study. D.K. Printworld Lrd., New Delhi, 1994, page 19.
  2. A Dictionary of the Pali Language By Robert Cæsar Childers
"https://si.wikipedia.org/w/index.php?title=පාලි&oldid=474814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි