පළමුවන ලම්බකර්ණ රාජවංශය
ලම්කබර්ණ(ලම්භකන්න) රාජවංශය ශ්‍රී ලංකාව පාලනය කල ප්‍රභල රාජ පෙළපතක් වෙ.වසභ රජතුමාගෙන් පසු මහනුවර රාජධානිය තෙක් ලක්දිව පාලනය කල සියලුම රජවරු ලම්බකර්ණ රාජ්‍ය පෙළපතේ හෝ එයට නෑකම් කියයි.
පටන්ගැන්ම
[සංස්කරණය]මෙම රාජ්‍යවංශය පිළිබධ පළමු සදහන සදහන් වෙන්නේ මහාවන්ශයෙ ඉලංග රජුගේ පාලන සමයෙයි. එහි සදහන් වන්නේ ලම්කබර්ණ රාජකීය සේවකයින් ලෙස කටයුතු කරබවයි.ඔවුහු ඉලංග රජතුමාව තිසා වැවට කටුව ගිය බවයි.පසුව ඔවුහු රජතුමාව එහි තනිව දමා නැවත පැමිණිය බවත්ය. නමුත් වසර ගණනාවකට පසු වසභ රජතුමාගෙන් පසුව සිය රාජවංශය පිහිටුවීය. කෝට්ටේ යුගයේ ප්‍රභවයන්ට අනුව ශ්‍රී මහා බෝධි වෘක්ෂය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේද මෙම රාජ වංශයටයි.
I වන ලම්බකර්ණ රාජවංශය (66–436)
[සංස්කරණය]රුව | නම | උපත | මරණය | රාජ්‍ය සමයේ ආරම්භය | රාජ්‍ය සමයේ අවසානය | පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව |
---|---|---|---|---|---|---|
වසභ | - | - | 66 | 110 | *ලම්බකර්ණ වංශයේ සාමාජිකයෙකි. | |
වංකනාසික තිස්ස | - | - | 110 | 113 | *වසභ රජුගේ පුත්‍රයායි. | |
ගජබාහු I | - | - | 113 | 135 | *වංකනාසික තිස්ස රජුගේ පුත්‍රයායි. | |
මහල්ලකනාග | - | - | 135 | 141 | *Iවන ගජබාහුගේ මාමණ්ඩියයි. | |
භාතික තිස්ස | - | - | 141 | 165 | *මහල්ලකනාගගේ පුත්‍රයායි. | |
කනිට්ඨතිස්ස | - | - | 165 | 193 | *භාතිකතිස්ස රජුගේ බාල සොහොයුරායි. | |
චූලනාග
(හෙවත් ඛුජ්ජනාග) |
- | - | 193 | 195 | *කනිට්ඨතිස්සගේ පුත්‍රයායි. | |
කුඩානාග
(හෙවත් කුංචනාග) |
- | - | 195 | 196 | *චූල නාගගේ සොහොයුරායි. | |
සිරිනාග I | - | - | 196 | 215 | *කුඩා නාගගේ මස්සිනායි. | |
වෝහාරිකතිස්ස
(හෙවත් වීර තිස්ස / වෝහාරකතිස්ස) |
- | - | 215 | 237 | *Iවන සිරිනාගගේ පුත්‍රයායි. | |
අභයනාග | - | - | 237 | 245 | *වෝහාරකතිස්සගේ සොහොයුරායි. | |
සිරිනාග II | - | - | 245 | 247 | *වෝහාරකතිස්සගේ පුත්‍රයායි. | |
විජය කුමාර | - | - | 247 | 248 | *IIවන සිරිනාගගේ පුත්‍රයායි. | |
සංඝතිස්ස I | - | - | 248 | 252 | *ලම්බකර්ණ වංශිකයෙකි. | |
සිරි සංඝබෝධි I
(හෙවත් සිරි සඟබෝ) |
- | - | 252 | 254 | *ලම්බකර්ණ වංශිකයෙකි. | |
ගෝඨාභය | - | - | 254 | 267 | *රාජ්‍ය අමාත්‍යවරයායි.
*ලම්බකර්ණ වංශිකයෙකි. | |
ජෙට්ඨතිස්ස I
(හෙවත් දෙටුතිස් I) |
- | - | 267 | 277 | *ගෝඨාභයගේ වැඩිමහල් පුත්‍රයායි. | |
මහාසේන | - | - | 277 | 304 | *ජෙට්ඨතිස්සගේ සොහොයුරායි.
*ගෝඨාභයගේ බාල පුත්‍රයායි. | |
සිරිමේඝවණ්ණ | - | - | 304 | 332 | *මහාසේනගේ පුත්‍රයායි. | |
ජෙට්ඨ තිස්ස II | - | - | 332 | 341 | *සිරිමේඝවණ්ණගේ සොහොයුරායි. | |
බුද්ධදාස | - | - | 341 | 370 | *IIවන ජෙට්ඨතිස්සගේ පුත්‍රයායි. | |
උපතිස්ස I | - | - | 370 | 412 | *බුද්ධදාස රජුගේ වැඩිමහල් පුත්‍රයායි. | |
මහානාම | - | - | 412 | 434 | *Iවන උපතිස්සගේ සොහොයුරායි. | |
සොත්ථිසේන | - | - | 434 | 434 | *මහානාම රජුගේ දෙමළ බිසවකගේ පුත්‍රයායි. | |
ඡත්තගාහක ජන්තු
(හෙවත් ඡත්තගාහක) |
- | - | 434 | 435 | *මහානාම රජුගේ සිංහල රැජිනගේ දියණිය වූ සංඝාගේ සැමියායි. | |
මිත්තසේන | - | - | 435 | 436 | *සිහසුන පැහැරගත්තෙකි. |
ශිලාලේඛන හා සාහිත්යයෙහි පරිශීලන
[සංස්කරණය]"ලාමානි" "මහලේ" වැනි පදවි නාමයන් ලම්බකර්නයන් භාවිතා කළ අතර, මේ පිලිබදව ශිලාලේඛන හා සාහිත්යයේ නිතර නිතර සටහන් වේ. දීපවංශයට අනුව, ශ්‍රී මහා බෝධියෙහි ආරක්ෂකයන් ලෙස මොවුන්ව නම් කර ඇත. මීට අමතරව, මහාවංශයේ සදහන් වන ලෙස මංගල උත්සව වලදී ධජය දරන්නන් ලෙස නම් කර ඇත. ආයුධ පිළිබද හසල දැනුමක් ඇති ලම්බකර්නයන් යුද නායකයන් ලෙසද කටයුතු කර ඇත.
පරිශීලන
[සංස්කරණය]