ද්වාරය:ආසියාව
![]() | Portal maintenance status: (2020 නොවැම්බර්)
|
Introduction
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය .
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් ව
Selected general articles
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් තුර්කමෙනිස්ථානයට, උස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත. වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේ දී සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ සන්ධිස්ථානයක් විය. ක්‍රිපූ 50,000 තරම් ඈත අතීතයේ මෙහි මිනිස් වාසය පැවති බවට සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මේ ප්‍රදේශයේ නාගරික ජනාවාස ක්‍රිපූ 3000-2000 අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි සැළකේ.
කාලයත් සමග ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිගත් ඉන්දියානු උපමහාද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පිහිටුමක පවතියි. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ හමුදා ආක්රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත. (තව දුරටත්...)
චීනය (චීන: 中国; පින්යින්: Zhōngguó), නිල වශයෙන් මහජන චීන සමූහාණ්ඩුව (PRC; චීන: 中华人民共和国; පින්යින්: Zhōnghuá Rénmín Gònghéguó), නැගෙනහිර ආසියාවේ රටකි. එය බිලියන 1.5කට වඩා වැඩි ජනගහනයක් සිටින ලොව වැඩිම ජනගහනයක් සහිත රටයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, භූගෝලීය කාල කලාප පහක් පුරා විහිදෙන අතර රටවල් 14කට මායිම් වන අතර, රුසියාවෙන් පසු ලෝකයේ ඕනෑම රටකට වඩා දෙවැනි ස්ථානයයි. දළ වශයෙන් වර්ග කිලෝමීටර් මිලියන 9.6 ක (වර්ග සැතපුම් 3,700,000) ප්‍රදේශයක් ආවරණය වන පරිදි එය ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වේ. රට පළාත් 23කින්, ස්වයං පාලන කලාප පහකින්, මහ නගර සභා හතරකින් සහ විශේෂ පරිපාලන කලාප දෙකකින් සමන්විත වේ. (හොංකොං සහ මැකාවු). ජාතික අගනුවර බීජිං වන අතර විශාලතම නගරය ෂැංහයි වේ.
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන තනි-පක්ෂ රාජ්‍යයකි. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළාත් 22 ක් මතද , ස්වතන්ත්‍ර ප්‍රදේශයන් පහක් මතද, සෘජු ලෙසින් පරිපාලිත මහ නගර සභා ප්‍රදේශයන් සතරක් (බෙයිජිං, ටියාංජිං, ෂැංහයි, සහ චොංකිං) මතද, අතිශයින් ස්වතන්ත්‍ර විශේෂ පරිපාලන ප්‍රදේශයන් දෙකක් – හොං කොං සහ මැකාවු – මතද සිය අධිපත්‍යය පතුරවයි. එහි අගනගරය බෙයිජිං වෙයි. (තව දුරටත්...)
ඊජීප්තුව නිල වශයෙන් අරාබියේ මිස්ර් ජනරජය අප්‍රිකානු සහ ආසියානු මහාද්වීප 2ටම පැතිරී ඇති ස්වෛරීය රාජ්‍යයකි. එය ගිනිකොණ ආසියාවේ භූමියෙහි සිනායි අර්ධද්වීපය නිර්මාණය කරයි. ඊජීප්තුව අන්තර් මහාද්වීපික රටකි. එය ප්‍රධාන වශයෙන් උතුරු අප්‍රිකාව, මෙඩිටරේනියන් ප්‍රදේශය, අප්‍රිකානු මහාද්වීපය, නයිල් ගඟ, ඉස්ලාමීය ලෝකය සහ රතු මුහුද මූලික කොට ගත්තකි. වර්ග ප්‍රමාණ වර්ග කිලෝමීටර් 1,010,000 (390,000 වර්ග මීටර) කි. ඊජීප්තුව උතුරින් මධ්‍යධරණී මුහුද, ගිණිකොණින් ගාසා තීරය සහ ඊශ්‍රායලයටත්, නැගෙනහිරින් රතු මුහුදටත්, දකුණු සුඩාන් සහ බටහිර ලිබියාවට බටහිර දෙසිනුත් සීමා වේ. ඊජීප්තුව මධ්‍යම නැගෙනහිර හා අප්‍රිකාව අතර ප්‍රසිද්ධ රටකි. ජනගහනය වන මිලියන 77.4 නයිල් ගඟ අසබඩ භූමි ප්‍රමාණ වර්ග කි.මී 40,000 (15,000 වර්ග සැතැප්ම) වන එකම ආරුබල් කෘෂිකාර්මික බිමෙහි ජීවත් වෙයි. සහරා කාන්තාරයේ වැඩි ප්‍රමාණයක් ජනාවාස නොමැති තරම්ය. එහි ඉතා සුළු ප්‍රදේශයක පමණක් ජනාවාස පිහිටා තිබේ. ඊජීප්තු ජාතිකයින් වැඩි කොටසක් නාගරික ප්‍රදේශවල සිටින අතර, අනෙකුත් පිරිස් ජනගහනයෙන් අධික වූ කයිරෝ, අලෙක්සැන්ඩ්‍රියා සහ අනෙකුත් මූලික නගරවල හා නයිල්, ඩෙල්ටාව තුළ ජීවත් වෙයි. (තව දුරටත්...)
නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව යනුවෙන් හඳුන්වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය. (තව දුරටත්...)
උතුරු කොරියාව, හෙවත් නිල වශයෙන් හඳුන්වන පරිදී ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව (DPRK) නැගෙනහිර ආසියාවේ පිහිටි කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ පිහිටි රටකි. මෙය ට උතුරින් චීනයත් රුසියාවත් අම්නොක් ගඟින් (චීන බසින් 'යාලු' ගඟ) හා ටුමෙන් ගඟින් වෙන් වන අතර දකුණින් දකුණු කොරියාව අධි ආරක්ෂිත කොරියානු යුධ මුක්ත කලාපයෙන් වෙන් වේ. උතුරු කොරියාව, දකුණු කොරියාව ආකාරයෙන්ම මුළු අර්ධද්වීපයේත් ආසන්න දූපත්වලත් පාලනය හිමි රජය බවට හඳුන්වාගනී. මෙහි අගනුවර හා විශාලතම නගරය වන්නේ පියොංයෑන් නගරය යි.
1910 දී ජපාන අධිරාජ්‍ය විසින් කොරියාව යටත් කරගන්නා ලදී. දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානය යටත් වීමත් සමඟ කොරියාව කොටස් දෙකකට බෙදා උතුරු කොටස සෝවියට් සමූහාණ්ඩුව යටතේත්, දකුණු කොටස ඇමෙරිකානු එක්සත් ජනපදය යටතේත් පාලනය කෙරිණ. නැවත එක් කිරීමට තිබූ සාකච්ඡා අසාර්ථක වූ අතර 1948දී රජයන් දෙකක් පිහිටුවනු ලැබිණ, එනම්: උතුරේ "ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව" හා දකුණින් ධනවාදී "කොරියානු ජනරජය" පිහිටවනු ලැබීය. උතුරු කොරියාව විසින් ඇරඹි ආක්‍රමණයකින් කොරියානු යුද්ධය (1950-1953) ඇරඹිණ. සටන් විරාම ගිවිසුමකින් යුද්ධය නතර වූවද සාම ගිවිසුමක් අත්සන් නොකෙරුණි. (තව දුරටත්...)
ටජිකිස්ථානයේ නිල නාමය වනුයේ 'ටජිකිස්ථාන් ජනරජය' යන්නයි. මෙය මධ්‍යම ආසියාවේ පිහිටි ගොඩබිමින් වටවී තිබෙන කඳු සහිත රාජ්‍යයකි. දකුණින් පිහිටි ඇෆ්ගනිස්ථානයත්, බටහිරින් වූ උස්බෙකිස්ථානයත්, උතුරින් කිර්ගිස්ථානය සහ නැගෙනහිරින් වූ මහජන චීන සමූහාණ්ඩුවත් මෙරටෙහි දේශ සීමාවන් වේ. එසේම ටජිකිස්ථානය පිහිටා ඇත්තේ 'වඛාන්' (Wakhan) නමින් හඳුන්වන පටු තීරයෙන් පමණක් වෙන්ව, පකිස්ථානයට යාබදවය. ටජිකිස්ථාන් ජනගහණයෙන් වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ, පර්සියන් බස කථා කරන 'තජික්' ජනවාර්ගික කොට්ඨාශයටය. මෙම ජන කොට්ඨාශය ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යන රටවල භාෂාවේ, සංස්කෘතියේ හා ඉතිහාසයේ කොටස්කරුවෝ වෙති. 20 වැනි සියවසේ දී වරක් 'සමනිඩ්' අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් තිබියදී ටජිකිස්ථානය සෝවියට් සමූහාණ්ඩු සංගමයේ එක් ස්ථාපිත සමූහාණ්ඩුවක් ව පැවතිණි. එකල එය හඳුන්වන ලද්දේ 'සෝවියට් සමාජවාදී ටජික් සමූහාණ්ඩුව' යනුවෙනි. මෙම මධ්‍යම ආසියානු සමූහාණ්ඩුවේ 90% ක්ම වැසී ඇත්තේ කඳු වලිනි.
නිදහස ලැබීමෙන් අනතුරුව 1992 සිට 1997 දක්වා පැවති විනාශකාරී සිවිල් යුද්ධයෙන් ටජිකිස්ථානය මහත් පීඩා වින්දේය. යුද්ධය නිමා වීමෙන් පසු රටතුළ ස්ථාපිත වූ දේශපාලන ස්ථාවරත්වය සහ ලැබු විදේශ ආධාර රටෙහි ආර්ථිකය වර්ධනය විමට ඉඩ ප්‍රස්තා සැලසීය. කපු සහ ඇලුමිනියම් කම්බි වැනි වෙළඳ ද්‍රව්‍ය අලෙවිය, මෙම ස්ථාවර ආර්ථිකයේ අභිවෘද්ධියට දායකත්වයක් සැපයීය. (තව දුරටත්...)
යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. යේමන භූමි ප්‍රමාණයට දූපත් 200 ක් පමණ අයත් වේ. එහි විශාලම දූපත වන Socotre (සොකෝට්‍රා) ප්‍රධාන භූමියට කි. මී. 415 ක් දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි. (තව දුරටත්...)
වියට්නාමය (නිල නාමය: වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව) ගිනිකොණදිග ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එය උතුරින් චීනයට, වයඹින් ලාඕසයට, නිරිත දිගින් කාම්බෝජයට සහ නැගෙනහිරින් දකුණු චීන මුහුදට මායිම් වෙයි. 2012 දී මිලියන 90.3ක ජනගහණයකින් යුක්ත වූ වියට්නාමය ලොව 13 වැනියට වැඩිම ජන සංඛ්‍යාවක් වෙසෙන රටයි. 1976 දී සිදුවුණු උතුරු සහ දකුණු වියට්නාම එකමුතුවත් සමග රටේ අගනුවර හැනෝයි ලෙස නම් කෙරිණි.
ක්‍රි.ව. 938 දී බැන්ඩැන් ගඟ ආශ්‍රිතව සිදුවූ සටනකින් පසුව වියට්නාමය චීනයෙන් මිදී තම නිදහස ලබා ගත්තේය. මින්පසුව 19 වැනි ශතවර්ෂය තෙක් පැවත ආ රජ පරම්පරා සමග වියට්නාමය ගිනිකොණදිග ආසියාව පුරා විහිදුණු අතර 1954 දී පළමු ඉන්දු-චීන සටනේ දී රට උතුරු සහ දකුණු වියට්නාම ලෙස වෙන්වුණි. දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලී ගිය අතර වියට්නාම යුද්ධයෙන් පසුව එය 1975 දී උතුරු වියට්නාමය ජයගැනීමෙන් අවසන් විය. (තව දුරටත්...)
පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්රමණවලට මුහුණ දී ඇත.
ඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය. (තව දුරටත්...)
අරාබි අර්ධද්වීපයේ, පර්සියානු බොක්කේ දකුණු වෙරළේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය, 1971 වසරේදී නිදහස් ශෛක් රටවල් හතක් එක් වීමෙන් සැදුනකි. ව.කි.මි.77,700ක් තරම් මෙරට, 1991දී 1,630,000ක් ජනයා විසූහ.
එහි මායිම් වන්නේ ඕමානය සහ සවුදි අරාබියයි. මෙහි රාජ්‍යයන් හතක් ඇත. එනම් අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම්-අල්, කුවේන්, රස්-අල්, කයිමා සහ ෆුජයිරා වේ. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ අබුඩාබියයි. එය දේශපාලන, කර්මාන්ත සහ සංස්කෘතිමය මධ්‍යස්ථානයයි. 1971 ට පෙර UAE හැඳින්වුයේ සටන් විරාමයක් ලද රාජ්‍යයක් ලෙසිනි. 19 වන ශතවර්ෂයේ මෙම සටන් විරාමය එක්සත් රාජධානිය හා අරාබි ශීක් ජාතිකයන් අතර පැවතුණි. 18 වන ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මෙම ප්‍රදේශය පයිරට් කෝස් නමින් හැඳින්වේ. 1971 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත එරට දේශපාලන පද්ධතිය රාජ්‍ය පාලන කිහිපයකින් සමන්විතයි. ප්‍රධාන ආගම වන්නේ ඉස්ලාම් ආගමයි. අරාබි ප්‍රධාන භාෂාව වේ. මෙරට ලෝකයේ 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වු ආර්ථිකයන්ගෙන් එකකි. මුල්‍ය විනිමය මත ආර්ථිකයක් පවතී. එය 66 වන විශාලම ආර්ථිකයයි. එහි ඒක පුද්ගල ගෘහස්ථ නිෂ්පාදනය ඉහළ වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 46,584 කි. ඒක පුද්ගල මිළදී ගැනීම් අනුව 14 වන විශාලම රාජ්‍ය වන අතර ආසියානු මහද්විපයේ සංසන්දනාත්මකව මානව සංවර්ධන සටහන ඉහළ මට්ටමක පවතී. මෙය ලෝකයේ 35 වන ස්ථානය ගනි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිර්මාතෘ සාමාජිකයෙක් වන්නේ අරාබි රාජ්‍යයන්ගේ ඒකාබද්ධ අරාබි සංගමයයි. මෙම රට එක්සත් ජාතීන්ගේ සංගමය, ඔපෙක් සංවිධානය සහ ලෝක වෙළඳ සංගමයේ ද සාමාජිකයෙකි. (තව දුරටත්...)
තායිවානය, නිල වශයෙන් චීන සමූහාණ්ඩුව, යනු, නැගෙනහිර ආසියාවේ රාජ්‍යයක් වන අතර ආසියාවේ පළමු ව්‍යවස්ථාමය සමූහාණ්ඩුව වෙයි. (තව දුරටත්...)
මලයාසියාව ගිණිකොණ ආසියාවේ පිහිටි රාජ්‍ය 30 කින් හා එක්සත් පාලන ප්‍රදේශ 3 කින් සමන්විත වර්ග කි.මී. 329,845 (වර්ග සැතපුම් 127,354) යුත් රටකි. අගනුවර වන්නේ ක්වාලා ලම්පූර්ය. එක්සත් ආණ්ඩුවේ ආසනය වන්නේ පුම්මුජයාය. ජනගහනය මිලියන 28 කි. මැලේසියාව මායිම් වන්නේ තායිලන්තය, ඉන්දුනිසියාව, සිංගප්පුරුව හා බෲනායි වේ. එය නිරක්ෂයට ආසන්න වන අතර සෞම්‍ය දේශගුණයක් ඇත. රාජ්‍ය නායකයා වන්නේ යැන්ග් ඩී. පර්ටුආන් අගොන්ග්ය. රාජාණ්ඩුවේ හා රාජ්‍යයේ නායකයා වන්නේ අගමැතිය. මෙරට පවතින්නේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයයි. 1963 තෙක් මැලේසියාව රාජ්‍යයන් ලෙස නොපැවතුණි. 18 වන ශතවර්ෂය සිට එක්සත් රාජධානියේ බලපෑම ජනාවාස ඇති කිරීමට හේතු විය. වර්තමාන මැලේසියාවේ බටහිර කොටස රාජධානියන් කිහිපයකින් අඩංගු විය. 1946 දි විසිර යාමට පෙර එය බ්‍රිතාන්‍යය මලයාව වශයෙන් හඳුන්වනු ලැබීය. 1948 දි රටේ විසිරි පැවති විපක්ෂ හේතුවෙන් එය එක්සත් මැලේසියාව වශයෙන් නම් කල අතර, 1957 අගෝස්තු 31 දා නිදහස ලැබීය. 1963 වර්ෂයේ සැප්තැම්බර් 16 වනදා සිංගප්පුරුව, සරවන්, බ්‍රිතාන්‍ය, උතුරු බෝනියෝව එකතුවෙන් මැලේසියාව පිහිටුවන ලදි. 20 වන ශතවර්ෂයේ දී රට ආර්ථිකය අතින් ඉහළට ගියේය. එහි මායිමක් වන මලක්කාව වැදගත් නැව් සේවයේ සන්ධිස්ථානයකි. විදේශ වෙළදාම මෙරට ආර්ථිකය පෝෂණය කර ඇත. නිෂ්පාදනය මැලේසියානු ආර්ථිකයේ ඉහල කොටසක් දරන අතර, ශාක හා සත්ව ජෛව විවිධත්වය පවතින රටවල් 17 න් එකක් ලෙස සැලකේ. (තව දුරටත්...)
බෲනායි නිල වශයෙන් බෲනායි දරුසලාමි හෝ බෲනායි රාජ්‍ය නමින් හැඳින්වේ. සාමයේ මුලස්ථානය (මැලේ, නෙගාරා බෲනායි දරුසලාම්, ජාවී)වන බෲනායි රාජ්‍යය දකුණු ගිණිකොන ආසියාවේ බෝනියෝහි උතුරු වෙරල තීරයෙහි පිහිටා ඇත. දකුණු චීනයේ වෙරළ තීරය හැරුණුකොට, එය සම්පූර්ණයෙන්ම මැලේසියාවේ සාරවත් රාජ්‍යයන්ගෙන් වට වී ඇත. තවද එය කොටස් දෙකකට වෙන් වී ඇත. එය ලිම්බාත් වලින් වෙන් වී ඇත. බෲනායි හි ඉහළම මානව වර්ධන ලැයිස්තුව පිහිටා ඇති රටක් වන අතර, එය දකුණු ගිනිකොණ රාජ්‍යයන් අතර වේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් ලෙස ලැයිස්තු ගත කර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව (IMF), බෲනායි දල ගෘහස්ථ නිෂ්පාදිත මිලදී ගැනීම් අනුව ලෝකයේ හතරවන ස්ථානයේ සිටී.
(තව දුරටත්...)
වර්ථමානයේ ඛ්මේර් රාජය ලෙස හදුන්වයි.කාම්බෝජියා රාජධානිය ගිනිකොන ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා නිරිත දෙසින් තායිලන්තයෙන්ද, උතුරින් ලාඕසය, නැගෙනහිරින් හා ගිනිකොණින් වියට්නාමයෙන්ද, දකුණින් තායිලන්ත ආගාධයට ද මායිම් වේ. කාම්බෝජියාවේ භූගෝලීය පසුබිම බැලු කල මීකොන්ග් ගංගාව ප්‍රධාන වේ. කාම්බෝජියාහි ව්‍යවස්ථාදායක රාජ්‍යතන්ත්‍රයක් තිබෙන අතර, නොම් පෙනේ එහි අගනුවර වෙයි. එය එරට විශාලතම නගරයද වේ. ආර්ථික, කර්මාන්න, වානිජ සහ සංස්කෘතික කේන්ද්‍ර ස්ථානයද මෙම නොම් පෙනේ නගරයයි . සියම් රීප් යනු පෞරාණික ප්‍රදේශයක් ලෙස ප්‍රකට අන්ගෝබොට් සහ අන්ගෝ ප්‍රදේශයට ඇති ප්‍රවේශය කාම්බෝජියාව සතු ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයවේ. බටම්බන්ග් බටහිර කාම්බෝජියාවේ පිහිටි විශාලතම නගරයවේ. මෙහි සහල් නිෂ්පාදනයට මූලික තැනක් හිමිවේ. සිහනොක්විල් වෙරළබඩ නගරය එරට මුලික වරාය වේ. කෘෂිකර්මය කාම්බෝජියානු ආර්ථිකයේ ප්‍රධාන අංගයයි. ජනගහනයෙන් 59% ක් කෘෂිකර්මය, ඔවුන්ගේ ජිවනෝපාය බවට පත්කොට ගෙන තිබේ. ඇඟලුම්, සංචාරක හා ඉදිකිරීම් කර්මාන්තද එරට වැදගත් කර්මාන්ත අතර වේ. ඇන්කොබොට් වෙත ලඟාවෙන විදේශිකයන් ගණන මිලියන 4 ක් ලෙස 2005 වර්ෂයේ සඳහන් විය. තෙල් සහ ස්වාභාවික ගෑස් නිධි කාම්බෝජියාවේ ජලජ ප්‍රදේශවලින් හමු වී ඇත. වානිජ කැණීම් 2011 ආරම්භ වු පසු මෙම තෙල් නිධි කාම්බෝජියානු ආර්ථිකයට ගැඹුරු ලෙස බලපානු ඇත. නිරීක්ෂකයින් පවසන පරිදි මෙම නිධි මනා ලෙස ආරක්ෂා කර නොගතහොත් ඒවා බොහෝමයක් සංවර්ධිත රටවල්වලින් හා දේශපාලන බලවතුන් විසින් අත්කර ගනු ලබනු ඇත. (තව දුරටත්...)
ලෙබනන් සමුහාණ්ඩුව නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් සිරියාවටත්, දකුණින් ඊශ්‍රායලයටත්ය. ලෙබනනයේ මධ්‍යධරණියේ හා අරාබියේ පිහිටීම මත එයට පොහොසත් ඉතිහාසයක්, සංස්කෘතිමය අනන්‍යතාවයක්, ආගමික හා මානව විවිධත්වයක් ලැබී ඇත. එහි ඉතිහාසයට අනුව මීට වසර 7000 ට පෙර මානව ශිෂ්ඨාචාරයක් පැවතුණි. එය අවුරුදු 2500 ක සිට ෆිනිෂියන්වරුන්ගේ කාලයේ සිට පැවැත එන්නකි. 2 වන ලෝක යුද්ධයෙන් පසු ඔටොමන් අධිරාජ්‍යයේ කඩා වැටිමත් සමඟ එහි තිබු ප්‍රදේශ 5 ක් නිල වශයෙන් ප්‍රංශය යටතට ගන්නා ලදි. ප්‍රංශය විසින් ලෙබනනයේ මායිම් වන මවුන්ට් ප්‍රදේශය පුළුල් කරන ලදි. එහි මැරොනයිට් කතෝලිකයන් සහ වැඩි වශයෙන් මුස්ලිම්වරුන් පදිංචි කරන ලදි.1943 දි මෙම රට නිදහස ලැබු අතර ඔවුන් පාපොච්චාරණ ප්‍රතිපත්ති ප්‍රකාශය යනුවෙන් දේශපාලන පද්ධතියක් නිර්මාණය කළ අතර, එය ආගමික සංවිධාන මත බලය බෙදීමේ ක්‍රියාවලියකි. 1975 – 1990 පැවැති සිවිල් යුද්ධයට පෙර එරටෙහි සාමය හා සෞභාග්‍යය පැවති අතර සංචාරක, කෘෂිකාර්මික හා බැංකු කටයුතු පැවතුණි. එහි තිබු ආර්ථික බලය හා විවිධත්වය හේතුවෙන් එය නැගෙනහිර ස්විස්ටර්ලන්තය වශයෙන් හඳුන්වනු ලැබීය. එය විශාල සංචාරකයින් ඇදගත් අතර අගනුවර වන බීරුට් මැදපෙරදිග පැරිසිය වශයෙන් හඳුන්වනු ලැබීය. 2006 ජූලි 26 වන තෙක් ලෙබනනයේ ස්ථිරත්වයක් පැවති අතර 2006 ඊශ්‍රායලය හා හිස්බුල්ලා අතර යුද්ධයෙන් සිවිල් ජනතාව මරණයට පත් වු අතර එහි සිවිල් පද්ධතියට හානි පැමිණියහ. එහි පැවැති මනා ආර්ථික පාලනය හේතුවෙන් 2007 – 2010 පැවැති ආර්ථික අර්බුදයෙන් එහි බැංකු කටයුතු වලට හානියක් නොවීය. ලෝක ආර්ථික පසුබෑම අභියස ලෙබනනය ආර්ථික වර්ධනය 90% හා එහි ඉතිහාසයේ විශාලතම සංචාරකයන් පිරිසකට සත්කාර කළහ. (තව දුරටත්...)
නේපාලය, නිල වශයෙන් නේපාල ෆෙඩරල් ප්රජාතන්ත්රවාදී ජනරජය, යනු දකුණු ආසියාතික රටකි. සිව් දිශාවෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රාජ්‍යය 2010 වන විට වඩාත් මෑතකදී ජනරජයක් බවට පත්වූ රට වෙයි. හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති මෙම රාජ්‍යය උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇත. වර්ග කි.මී. 147,181ක වර්ගප්‍රමාණයකින් ද, ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහණයකින් ද සමන්විත නේපාලය, ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව 93 වැනි තැන ද, ජනගහණය අතින් ලොව 41 වැනි තැන ද ගනියි. කත්මණ්ඩු රටේ අගනුවර සහ විශාලතම නගරය වෙයි.
නේපාලය ඉහළ භූගෝලීය, සංස්කෘතික සහ ආගමික විවිධත්වයකින් පොහොසත් රටකි. ලොව උසම කඳු දහයෙන් අටක්ම පවතින්නේ කඳුකර උතුරු නේපාලයේ ය. ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද ද මේ අතර වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 20,000කට (මීටර 6,096) වඩා උසින් පවතින කඳු මුදුන් 240ක් මෙම ප්‍රදේශෙය් පිහිටා ඇත. රටේ සාරවත් දකුණු අර්ධය බෙහෙවින් නාගරීකරණය වී ඇත. (තව දුරටත්...)
ජෝර්ජියා යනු යුරේසියාවේ කෝකසස් ප්‍රදේශයෙහි පිහිටි ස්වෛරී රාජ්‍යයකි. බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතර සන්ධියක පිහිටි මෙය, බටහිරින් කළු මුහුදෙන්ද, උතුරින් රුසියාවෙන්ද, දකුණෙන් තුර්කියෙන් හා ආර්මේනියාවෙන්ද සහ, ගිණිකොණ දෙසින් අසර්බයිජානයෙන්ද මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය ටිබිලිසි වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව ඒකීය, අර්ධ-ජනාධිපතිමය ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදයක් ඔස්සේය. (තව දුරටත්...)
භූතාන රාජධානිය යනු ස්වෛරීය රාජ්‍යයකි. සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.
භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් දළ ජාතික සතුට (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ සංස්කෘතිය, සංස්කෘතික අනන්‍යතාවය සහ පරිසරය සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව Business Week සඟරාව වාර්තා කළේය. (තව දුරටත්...)
සයිප්‍රස් නිල වශයෙන් හඳුන්වන්නේ සයිප්‍රස් සමුහාණ්ඩුව යන නමිනි. නැගෙනහිර මධ්‍යධරණීය, දකුණු තුර්කිය, බටහිර සිරියාව හා ලෙබනන් අතර පවතින සයිප්‍රසය යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරණී මුහුදෙහි පිහිටි 3 වැනි විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක්ම එම තත්ත්වයේ පැවතුණි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරුදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමඟ එක්ව රාජ්‍යය ආක්‍රමණය කොට රටෙහි උතුරු ප්‍රදේශය තමනට යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටුම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාථ වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්මුතියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වලට හේතූන්ය.
(තව දුරටත්...)
නිල වශයෙන් ඉන්දුනීසියා ජනරජය ලෙසද හැඳින්වෙන ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ගිනිකොණ දිග ආසියාව හා ඕෂේනියාවේ (පැසිපික් සාගරය අවට කලාපය ) ය. ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17508 ක් වෙයි. මිලියන 230 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ හතරවැනි අධික ජනගහනයක් වෙසෙන රට වේ. එසේම විශාලතම සංඛ්‍යාවක් මුස්ලිම් ජනතාවක් වෙසෙන්නේ ද මෙරටෙහිය. ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන ව්‍යවස්ථාදායකයක් සහ ජනාධිපතිවරයෙක් ද සිටින ඉන්දුනීසියාව, සමුහාණ්ඩුවක් වේ. ජාතික අගනගරය වනුයේ ජකර්තා නුවරයි. මෙම රට පැපුවා නිව් ගිනියා, නැගෙනහිර තිමෝරය හා මැලේසියාව සමඟින් ස්වකීය දේශ සීමාවන් හවුලේ පරිහරණය කරයි. අවශේෂ අසල්වැසි රටවල් අතරට සිංගප්පූරුව, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, අන්දමන් හා නිකෝබාර් දූපත් හි ඉන්දියානු පාලන ප්‍රදේශද අයත් වේ.
යටත් පිරිසෙයින් දාහත්වන සියවසේ සිට ඉන්දුනීසියානු දූපත් සමූහය වැදගත් වෙළඳ කලාපයක් බවට පත්ව තිබුණේය. මුලින් ශ්‍රී විජය ද, අනතුරුව 'මාජපහිත්‍රාඩඩ්' (Majapahittraded) ද, චීනය සහ ඉන්දියාව සමඟ ද වෙළඳ සබඳතා පැවැත්වුහ. මුල් ශතවර්ෂයන්හි සිට දේශීය පාලකයෝ, සංස්කෘතික, ආගමික හා දේශපාලනික කේෂ්ත්රයන්හිලා ඉන්දියානු ආදර්ශක හා අකෘතීන් තෝරා ගත්හ. එහෙයින් එංගලන්ත සභාවට අයත් (church of England) හා හින්දු සහ බෞද්ධ රාජධානි සශ්‍රීක විය. ඉන්දුනීසියාවේ ස්වාභාවික සම්පත් වෙත ඇදී ආ විදේශ බලවතුන්ගේ ආභාශය නිසා ඉන්දුනීසියානු ඉතිහාසයට බලපෑමක් ඇතිවිය. මුස්ලිම් වෙළෙන්දෝ ඉස්ලාම් ධර්මය රැගෙන ආහ. දේශ ගවේෂණ සමයෙහි දී 'සයිප්‍රස්' දූපත් හි ද, මලුකුහි ද (Maluku) වෙළඳ ඒකාධිකාරය පවත්වාගෙන යනු පිණිස යුරෝපීය බලවත්තු එකිනෙකා සමඟ දබර කර ගත්හ. සියවස් තුනහමාරක ඕලන්ද යටත් විජිත වාදයෙන් ඉක්බිති, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉන්දුනීසියාව ස්වකීය රටට නිදහස ලබා ගැනීමට සමත් විය. ස්වාභාවික ව්‍යසන, දූෂණ, බෙදුම් වාදය, ප්රජාතන්ත්රිකරණ ක්‍රියාවලිය, ඉක්මන් ආර්ථික වෙනස්කම් සිදුකළ කාල පරිච්ඡේදයන්, යනාදිය වෙතින් පැන නැංගා වූ අභියෝග හේතු කොට ගෙන, ඉන්දුනීසියාව නිදහසින් පසු අවුල් සහගත තත්ත්වයකට බඳුන් වුයේය. (තව දුරටත්...)
Need help?
Do you have a question about ආසියාව to which you can't find the answer?
Consider asking it at the Wikipedia reference desk.
Selected images
1870 දී පමණ උචිඩා කුයිචි විසින් ගන්නා නාගසාකියේ ඡායාරූපයක්
1864 දී ඉදිකරන ලද ඕවුරා පල්ලිය, ජපානයේ ජාතික නිධානයක් ලෙස සැලකේ.
නාගසාකි වෙත පැමිණෙන පෘතුගීසි කැරැක් නෞකාවක චිත්රයකි. මෙය 1571 දී පමණ නිර්මාණය වූ ජපාන නැන්බැන් යුගයට අයත් බ්යෝබු නිර්මාණයකි.
මෝගල්වරු ඉදිකළ ටජ් මහල්
Subcategories
- Select [►] to view subcategories
Subtopics
ස්වාධීන රාජ්‍යයන් |
| ||||||
---|---|---|---|---|---|---|---|
සීමිත පිළිගැනීමක් ඇති රාජ්‍යයන් | |||||||
යටත් ප්‍රදේශ සහ විශේෂ පාලන ප්‍රදේශ |
|
Associated Wikimedia
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව