පළමුවන විමලධර්මසූරිය රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පළමුවන විමලධර්මසූරිය රජ
සිංහලේ රජ
King Vimaladharmasuriya I.jpg
රාජ්‍ය සමය1590–1604
පූර්වප්‍රාප්තිකයාසීතාවක රාජසිංහ රජු
අනුප්‍රාප්තිකයාසෙනරත් රජු
උපත1591
සෙංකඩගල, ශ්‍රී ලංකාව
මරණය1604
ශ්‍රී ලංකාව
භූමදානයසෙංකඩගල
වල්ලභයාකුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා රැජිණ
භාර්යාවන්
දරුවන්මහඅස්ථාන කුමරු
සූරියදේවී
සාමාදේවී
වංශයදිණරාජ
රාජවංශයදිණරාජ
පියාවීරසුන්දර බණ්ඩාර
ආගමබුද්ධ ධර්මය

පළමුවන විමලධර්‍මසූරිය ( ක්‍රි.ව. 1591-1604 ) මහනුවර රාජධානියේ රජු වි මුළු දිවයිනම ප්‍රථම වතාවට මහනුවර රාජධානිය යටතේ පාලනය ගෙන යන ලදි.

උපතින් කොනප්පු බණ්ඩාර ලෙස හැඳින්වුනු මෙතුමාගේ පියා පළමුවැනි රාජසිංහ රජුගේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසුවේ යැයි සැකයට ලක්වී බොරුවලකට වට්ටවා මරවනු ලැබීය. ඉන්පසු ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙත ගොස් කතෝලික දහමද වැළඳගෙන දොන් ජෝන් ( දොන් ජෝන් ඔෆ් ඔස්ට්‍රියා, Don John of Austria) නමින් බෞතීස්ම ලබා සිටියේය. උඩරට යටත් කරගෙන සීතාවක සිට රජකම් කළ පළමුවන රාජසිංහ රජු පරාජය කිරීමට දොන් පිලිප්( යමසිංහ බණ්ඩාර) නම් රජකමට උරුමකම් කියන කුමාරයෙක් සමඟ පෘතුගීසීන්ට උදව් කළේය. නමුත් පෘතුගීසින් රජකමට පත්කළේ ඔහුව නොව දොන් පිලිප් නම් කුමාරයාවය. මීට එරෙහි වූ දොන් ජෝන් පෘතුගීසින් ඉවත්ව යනතෙක් සිට දොන් පිලිප් ට වස දී මරා දැමීය. පෘතුගීසින්ට තර්ජනය කොට මහනුවරින් එළවා දැමුවේ යැයි කියවේ. ඉන්පසු ප්‍රසිද්ධියේම ක්‍රිස්තියානිය අතහැර බුදු දහම වැළගඳ ගත්තේය. පළමුවන විමලධර්මසූරිය ලෙසින් සෙංකඩගල රජ විය.

මේ අසා පෘතුගීසීන් ඉන්දියාවේ ගෝවෙන් උපකාර ලබා නැවත සංවිධානය වී දොන් පිලිප්ගේ බිසව වූ දෝන කැතරිනා(කුසුමාසන දේවිය) ද සමඟ 1594 ( උඩරටට විරුද්ධව සටනට පැමිණි නමුත් දන්තුරේදී ඉන් පැරද පළා ගියෝය. දෝන කැතරිනා විමලධර්මසූරිය රජුගේ සේනාවට අසුවුන අතර රජු ඇයව විවාහ කරගත්හ. .

විමලධර්මසූරිය රජු සිදුකල ශාසනික සේවය කෙසේද යත් රත්නපුර කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේද සෙංකඩගලට වැඩමවා රාජ්‍යත්වයට නියම හිමිකම ඇති කරගත්තෙන් නිල වශයෙන් මුළු ලංකාවටම රජ විය. (නමුත් වෙරළබඩ තවමත් පෘතුගීසීන් සතු විය)බුරුමයෙන් උපසම්පදාව ගෙන්වීමට කටයුතු කළහ .ගඩලාදෙණිය රිදී විහාරය ලංකාතිලකය ආදි වෙහෙර විහාරස්ථාන අලුත්වැඩියා කළේය.

ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවාතැන හා කපුවගාව දියුණුකිරීම ,කොත්මලේ වලපනේ නගරවල යකඩ හා වානේ කර්මාන්ත දියුණු කිරීම, ලුණුවෙඩි කර්මාන්තය දියුනුනිරීම සිදුකළහ.

ලන්දේසි ගවේශකයෙකු වූ ජොරිස් වැන් ස්පිල්බර්ජන් පෘතුගීසීන් පලවා හැරීම සඳහා සටන් කිරීමට සන්ධානයක් ඇති කර ගැනීමේ අදහසක් ඉදිරිපත් කළේය. එම සාකච්ඡාවලින් පසු අද්මිරාල් වයිබ්‍රැන්ඩ් වෑන් වොර්විජෙක් විසින් ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සෙබෝල්ඩ් ඩි වීර්ට් එවනු ලැබීය. මෙම සන්ධානය ශෝකාන්තයකින් කෙළවර විය. මත්පැන් සාදයකදී අවිනීත ලෙස හැසිරුණු ලන්දේසීහු රජුට අපහාසය කිරීමේ ප්‍රථිඵලයක් ලෙස ඒ සියලු දෙනා මැරුම් කෑහ. නැවත 1612 දක්වා සන්ධානයක් බිහිවීම අවස්ථාවක් උදා නොවිණි. 1612 දී නව ලන්දේසි නියෝජිතයා වූ මර්සෙලිස් බොස්චවුචර් විමලධර්මසූරිය රජුට පසුව රජ පැමිණි සෙනරත් රජු සමග ගිවිසුමක් ඇති කර ගත්තේය. මෙහි ප්‍රථිඵලය වූයේ පෘතුගීසීන් ලංකාවෙන් ඉවත් කිරීමේ සිට ඉංග්‍රීසීන් මෙහි පැමිණ යටත් කර ගන්නා තෙක් පැවති ලන්දේසි පාලනය යුගයක් ආරම්භ වීමයි.1604 දී මෙතුමා උණ රෝගයකින් මිය ගියේය.

පළමුවන විමලධර්මසූරිය රජු බලයට පත් වීමත් සමඟ මුහුණ දුන් අභියෝග කිහිපයක්[සංස්කරණය]

යමසිංහ බණ්ඩාරගෙන් පසු උඩරට රජ බවට පත් පළමුවන විමලධර්මසූරිය රජු වීරසුන්දර බණ්ඩාරගේ පුතා විය. මෙතුමා උඩරට නව රාජවංශයක ආරම්භකයා වේ.
පළමුවන විමලධර්මසූරිය රජු බලයට පත් වීමත් සමඟ මුහුණ දුන් අභියෝග කිහිපයක් විය.

  • නීත්‍යනුකූල රාජ්‍ය උරුමයක් නොවීම.
  • උඩරට රාජධානිය පෘතුගීසි ග‍්‍රහණයෙන් බේරාගත යුතු වීම.
  • උඩරට රාජ්‍ය සීතාවක බලපෑමෙන් මුදාගත යුතු වීම.
  • පරිහානියට පත් බුදු සසුන නගා සිටු විය යුතු වීම.
  • මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු දියුණු කළ යුතු වීම.


උඩරට රාජ්‍ය ආශ‍්‍රිත වෙඩි ලූණු කර්මාන්තයේ දියුණුවට පියවර ගැනීමමෙසේ විවිධ මාර්ගයන්ගෙන් උඩරට රාජධානිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ පළමුවන විමලධර්මසූරිය රජු හදිසියේ වැළඳුණු දරුණු උණ රෝගයකින් ක‍්‍රිස්තු වර්ෂ 1604 දී මරණයටපත් විය.

මේවාද බලන්න[සංස්කරණය]