Jump to content

පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය

විකිපීඩියා වෙතින්
(Architecture of ancient Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
මහනුවර දළදා මාළිගයෙහි පත්තිරිප්පුව

ශ්‍රී ලංකාවේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රම තුළ ඉතා අනර්ඝ, විවිධාකාර, නිර්මාණාත්මක ගුණාංග වලින් යුත් ආකෘතියන් හා ශෛලීන් දැකිය හැක. නූතන ශ්‍රී ලංකේය සංස්කෘතියට අතිශය වැදගත් වන්නා වූ සංස්කෘතික උරුමයන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් ප්‍රබල ලක්ෂණ දැනට නටබුන් වී ඇති තත්තවයෙන් වුවද එම පුරාණ ගොඩනැගිලි වලින් ප්‍රදර්ශනය වෙයි. ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ අනෙකුත් සෑම අංගයන්ට මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයටද බුදුදහම අතිශයින් බලපා ඇත.

බෞද්ධ ගෘහ නිර්මාණ

[සංස්කරණය]

ආගමික කටයුතු කෙරෙන ප්‍රධාන ගොඩනැගිලි පහකින් යුත් පංචාවාස ආරාම නිම කිරීමට 25 කට අධික ශෛලීන් භාවිතා කර ඇත. මෙම සංවිධානය සංඝසභාව, පිළිම ගෙය, බෝධිඝරය, චෛත්‍ය සහ සංඝාරාමය නැතහොත් සභාව වැනි ගොඩනැගිලි ඇතුලත් විය. වටදාගෙය සහ බෝධිඝරය සදහා ආකෘතින් කිහිපයක් විය. මෙම පුරාණ ගොඩනැගිලි තැනීමේදී කලම්ප වද්දා යකඩ ඇණ භාවිතා කර විශාල දැව කොටස් එකට සම්බන්ධ කර සෑදු දැව රාමු යොදා ඇති බවද බිත්ති කපරාරු කර වහල උළු සෙවිලි කරීමෙන් නිම කර ඇති බවද පුරා විද්‍යාඥ හා ගෘහ නිර්මාණ ශිල්පීන් අනාවරණය කර ඇත. විවිධාකාර හැඩතල වලින් යුත් වහලද නොයෙකුත් හැඩයේ උලුවහුද ඒවායේ තිබිණ.

ලෙන් විහාර

[සංස්කරණය]
දඹුල්ල රජමහා විහාරය

වාසය කිරීම සදහා අවම මට්ටමේ පහසුකම් පමණක් ඇති ලෙන් විහාර මුලු දිවයින පුරාම තිබේ. මෙම ගල් ලෙන් වලට ඉහළින් කටාරම් කොටා ඇත්තේ වැසි ජලය ලෙන තුලට ගලා ඒම වැළකෙනු පිණිසයි. මෙම කටාරම් කෙටීමේ කලාව ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂීයි. මෙම ගල් ලෙන් වලට ලෙනෙහි බිත්ති සහ වහල සුදෙන් කපරාරු කර බිතු සිතුවම් වලින් අලංකාර කෙරුණි. පර්වතයේ ගල් පතුරු මැටි පොළව යටින් අතුරා ඇත.

දඹුල්ල හා සිතුල්පව්ව වැනි ආරාම සංකීර්ණයන්හී 80 කට වැඩි ලෙන් ප්‍රමාණයක් දැකගත හැකිවේ. මිහින්තලේ කලුදිය පොකුණේ ගඩොල් බිත්ති ගලින් කළ ජනෙල් සහ සිවිලිම් දක්නට ඇත. සිගිරියේ කිරිඔය ප්‍රදේශයේ තිබෙන ලෙන් වල සිදුරු (Post holes), එහි දැවමය වේදිකාවක් තිබුණු බවට සළකුණු පෙන්වයි. තවත් ලෙනක වහලේ හුණු බදාමෙන් කපරාරු කළ බවට ලකුණු තිබේ. එවැනි ලෙන් අවුකන හා අරංකැලේද දක්නට ඇත. පොළොන්නරුව ගල් විහාරය සහ දඹුල්ල විහාරය පසු කලක පිලිම තැන්පත් කරන ලද ලෙන් විහාර වේ.

ස්ථූප/දාගැබ්

[සංස්කරණය]
රුවන්වැලිසෑය

දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදි (ක්‍රි.පු. 307 – 267) ලංකාවට වැඩම කළ අර්හත් මහින්ද හිමි විසින් ලක්දිව බුද්ධාගම හදුන්වාදිමෙන් පසු අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පෞරාණික පුජනීය අග නගරය විය. දේවානම්පියතිස්ස රජතුමා “නන්දන” සහ “මහා මේඝ” නැමැති රාජකීය උයන් මහා සංඝයා වෙත පිළිගන්වා අනතුරුව භික්ෂුන් උදෙසා විහාරාරාමයක් වශයෙන් මහාවිහාරය ගොඩ නැංවුයේය.

මුදුනේ කොතක් පිහිටුවා ඇති අර්ධගෝලාකාර “ස්ථුප” නමින් වු මෙම ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ හමුවන මුල්ම ස්මාරක වෙයි. අශෝක අධිරාජ්‍යයාගේ සමයේදී ඉන්දි‍යාවේ ශුද්ධ වු ස්ථානයන්හි ස්ථුප විශාල සංඛ්‍යාවක් ඉදි කරන ලදී. මේවා තුළ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු නිදන් ‍කෙරුණු අතර මහජනතාව මෙම ස්ථුප වලට මහත් සේ ගරු සරු දැක්වූහ. ශ්‍රී ලංකාවේ ඒ වන විට බුදුන්ගේ ශාරීරික ධාතුවක් නොමැති බව දැන ගැනීමෙන් පසු අරහත් මහින්ද හිමිගේ යෝජනාවක් අනුව (දේවානම්පියතිස්ස) රජතුමා බුදුන්ගේ ශාරීරික ධාතු එවන අධිරාජ්‍යයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වු අධිරාජ්‍යයා බුදුන්ගේ දකුණු අකු ධාතුව ශ්‍රී ලංකාවට එවීය. දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉහත කී ධාතු තැන්පත් කිරීමට ථූපාරාමය කරවුයේය. එපරිදි එය ශ්‍රී ලංකාවේ පැරණිතම ස්ථුපය විය. මුලදි එය වී ගොඩක හැඩයකින් යුක්ත වු නමුදු කාලයාගේ අවෑමෙන් කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් අද පවත්නා හැඩය ගෙන ඇත. ධාතු ගර්භය දාගැබෙහි මධ්‍යයේ ඉදිකෙරිණි. ධාතු ගර්භය මධ්‍යයේ වටිනා ලෝහයෙන් නිම කළ බෝධි වෘක්ෂයක්ද, බුදු පිළිමයක්ද තැන්පත් කරන ලද අතර ඒ වටා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපනය වන දර්ශන තිබුණේය. ස්ථුපයේ පාදමේ විෂ්කම්භය අඩි 59 කුත් අගල් 6කි. ථුපය සහ ආරාම (භික්ෂුන් උදෙසා වු විහාරය) යන වචනය එකතු වීමෙන් ථුපාරාමය යන නම නිර්මාණය විය. ස්ථුපය වටා අක්කර තුනක් පමණ භූමි භාගයක් තුල මෙම විහාර සංකීර්ණයේ නටබුන් තවමත් දක්නට ඇත.

වටදාගෙය

[සංස්කරණය]

හතරවැනි සියවසෙන් පසු විශාල ප්‍රමාණයේ දාගැබ් ඉදිකිරීම් අවසාන වූ බව පෙනී ගොස් තිබේ. ඉන් පසු අනුරාධපුරයේ ථූපාරාමය ආදර්ශයට ගෙන කුඩා ප්‍රමාණයේ ස්ථූප ගොඩනංවා තිබේ. මෙම කුඩා ස්තූප වටා වටදාගෙය නම් වෘත්තාකාර ධාතු මන්දිර ඉදිකෙරුණි. අනුරාධපුරයේ ථූපාරාමය, ලංකා‍රාමය හැරුණු විට හොඳම නිදර්ශනය දක්නට ලැබෙන්නේ පොළොන්නරුවෙහිය.එය වටදාගෙය නම් වේ.

බෝධි ඝරය

[සංස්කරණය]
නිල්ලග්ගම බෝධි ඝරය

බෝධිඝර යනු බෝරුකක් වටා පිහිටි පුජාසනයකි. එම පුජාසනය ‍වේදිකා දෙකකින් යුක්තය. බෝරුක ඇත්තේ ඉහලින් පිහිටි වේදිකාවේ මෙය වහලක් ඇති අතර එය වටකුරු හෝ හතරැස් නොවේ. බෝධිඝර සම්බන්ධයෙන් ඉතා අගනා නිදර්ශන තිබෙන්නේ ශ්‍රී ලංකාවේය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලක්ගම තිබෙන බෝධිඝරය (8‍වෙනි ශත වර්ෂය) එසේ හදුනාගනු ලැබූ පළමුවැන්නය. බෞද්ධ රටවල් තුළ හොදින් ආරක්ෂා වී තිබෙන එකම බෝධිඝරය ලෙස ඉහතින් විස්තර කළ බෝධිඝරය ආචාර්ය පරණවිතාන මහතා විසින් හදුනාගනු ලැබ ඇත. එය මුලින් පැවති තත්වයෙන් අදද දක්නට ඇත. එම බෝධිඝරය සොයා ගැනීමෙන් පසු තවත් බෝධ්ඝර 38ක් ශ්‍රී ලංකාව තුළින් සොයාගෙන තිබේ.

පධානඝරය

[සංස්කරණය]
අනුරාධපුරය බටහිරාරාමය පධානඝර නටඹුන්

රිටිගල සහ අරංකැලේ වැනි ආරණ්‍යවල තිබෙන භාවනා කුටි (පධානඝර) ශ්‍රී ලංකාවට පමණක් විශේෂිත ඒවාය. සෑම කුටියක්ම උස් වේදිකා දෙකකින් යුක්තය. එම වේදිකා දෙක ගල් පාලමකින් එකට යා කර ඇත. උස් වු බිම් කඩක්, වටකොට තැනු බැම්මක් පිවිසුම් දොරටු හතරක් ආදී අංගවලින් යුක්තව මෙම භාවනා ශාලාවල් නිමවා ඇත. පිටත වේදිකාව විවෘතය. එය ඇතුලේ වේදිකාවේ වඩා විශාලය, උස්ය. ඇතුල් වේදිකාව ස්වාභාවික ගල් පර්වතයක් කොටයකි. දිය අගලකින් වටවී ඇත. ඒ මත ගොඩනැගිල්ලක් තිබුණි. වහල දරා සිටීමට යෙදු ගල් කණු අද ද දැකිය හැක. පිවිසුම් දොරටුව දෙපැත්තේම ආසන තිබේ. සැරසිලි කිසිවක් නොමැත.

ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨත්වය මෙම භාවනා කු‍ටි වලින් දිස්වේ. ඒවායේ සමචතුරශ්‍රාකාර හා සෘජු කෝණාකාර හැඩයන් ඒවා නිර්මාණය කල ශිල්පීන්ගේ නිර්මාණශීලිත්වය ප්‍රකට කරමින් එකට කදිමට ගලපා තිබේ. ගලින් කළ නිමැවුම් ඉතා උසස් තත්වයෙන් තිබේ. විවිධ හැඩයන්ට කපා එකට පරුද්දා විශාල ගල් කුට්ටි ‍යොදා ගොඩනැගිල්ලේ බිම සකස් කර ඇත. වේදිකා දෙක එකට යා කරන පාලම තනා ඇත්තේ විශාල තනි කලු ගල් පුවරුවකිනි. එවැනි එක ගල් පුවරුව ක් දිගින් අඩි 15ක්ද පළලින් 13ක් පමණද වේ. මෙම ගල් පුවරු කෙතරම් සුක්ෂ්ම අන්දමින් එකිනෙකට සම්බන්ධ කර ඇද්ද කියතොත් ගල් පුවරු වේදිකාවට සම්බන්ධ කර ඇති ස්ථාන සොයා ගැනීම පවා ඇති දුෂ්කරය.

ප්‍රථිමාඝරය

[සංස්කරණය]

කවාකාර වහල සහිත පුදබිම්

[සංස්කරණය]
කවාකර හැඩයෙන් යුත් පියස්ස හොඳින්ම ආරක්ෂා වී ඇති ගොඩනැගිල්ල ලෙස ථූපාරාම පිළිම ගෙය සැළකේ

පොළොන්නරුවේ ථුපාරමයේද , ලංකාතිලකය හා තිවංක පිළිම ගෙයද දක්නට ලැබෙන ගඩොලින් නිම කළ කවාකාර/ආරුක්කු හැඩයෙන් යුත් වහල සහිත වන්දනීය ස්ථාන ශ්‍රී ලංකාවට පමණක් විශේෂිත වු ස්ථාන වේ. මෙවැනි නිර්මාණ වලට සම කළ හැකි වෙනත් නිර්මාණ බෞද්ධ ලෝකයේ වෙන කිසිදු ස්ථානයක දක්නට නොලැබේ. එසේ කියන්නේ ආචාර්ය පරණවිතාන මහතාය. ලංකාතිලක විහාරයේ පිවිසුමේ තිබෙන ලම්භාකාර සැරසිලි සදහා කදිම නිමාවකින් යතු විශේෂ හැඩයකට සකස් කල ගඩොල් පාවිච්චි කර තිබේ. එම ගඩොල් එකිනෙකට සම්බන්ධ කිරීමේදී අනුගමනය කර ඇති ක්‍රම වේදය කොතරම් සුක්ෂම ඇයි කියතොත් ගඩොල් දෙකක් අතරට පෑන පිහියක තුඩක්වත් ඇතුල් කළ නොහැක. අදවන විටත් සම්පුර්ණයෙන් වාගේ නිරපද්‍රිතව තිබෙන ථුපාරමයේ ආරුක්කු හැඩයෙන් යුත් වහල නිර්මාණය කර ඇති ආකරය ගැන කිසියම් අදහසක් අපිට ලබාගත හැකිය. නියම හැඩයේ ආරුක්කු පිළිබද මුලධර්මය පුරාණ ශ්‍රී ලාංකික පිරිස විසින් දැනගෙන තිබුණි. ‍එසේ වුවත් හරස් ආරුක්කුව ආරක්ෂිත ඉදි කිරීම් ක්‍රමයක් බව සැලකේ.

ආරෝග්‍යශාලා

[සංස්කරණය]

ආරෝග්‍යශාලා ගෘහ නිර්මාණ ශිල්පය ගැන යම් අදහසක් පොළොන්නරුව සහ මිහින්තලේ තිබුණු භික්ෂු රෝහල්වලින් අනුමාන වශයෙන් සිතා ගත හැකිය. මෙම ආරෝග්‍යශාලාවල සැලසුම ජාතික ‍කෞතුකාගාරයේදී බැලීමට පුළුවන. ඵහි පිටත අංගන ද, ඇතුළත අංගන ද තිබුණි. චතුරශ්‍රාකාර ඇතුළු අංගනයක් තිබුණු අතර ඵ් වටා කැනීම්වලදී වැසිකිලි හා නාන කාමර ද තිබුණු බව සොයා ගත් අතර ඵක් කෙළවරකින් පිටවීමේ දොරටුවක්ද විය. එක් කුටියක ‍ඖෂධීය නාන කාමරයක් ද විය. ආලාහන පිරිවෙනෙහි කුටි වෙනුවට තිබුනේ දිග නේවාසිකාගාරයන්ය. පිටත අංගනයන්හි භොජන ශාලාවක් ද උණූ වතුර නාන කාමරයක් ද, ගබඩා කාමරයක් සහ බෙහෙත් ශාලාවක් විය. රෝහල වටා ආරක්ෂිත බිත්ති තිබුනේය. ජනෙල්වලට අමතරව විවෘත ශාලා දෙකක් සපයා තිබීමෙන් ගොඩනැගිලි තුළ උපරිම වාතාශ්‍රය සැපයීම ද වාතය නිදැල්ලේ හමා යැම ද සිදු විය.

මාළිගා

[සංස්කරණය]

රාජකීය වාසස්ථාන පහක් හඳුනාගෙන ඇත. ඒවා නම් ඇතුළු අනුරාධපුරයේ විජයබාහු මාළිගය - පොළොන්නරුවේ නිශ්ශංකමල්ල සහ පරාක්‍රමබාහු රජ මාළිගා, ඌව පළාතේ ගලබද්ද නම් ස්ථානයේ සුගලා දේවියගේ මාළිගාව, හෙට්ටිපොල අසල පඬුවස් නුවර පරාක්‍රමබාහුගේ මාළිගාව යනුවෙනි. එම මළිගාව මලය දේශය ඔහු විසින් පාලනය කරද්දී පාවිච්චි කරන ලද්දකි.

බ්ම් සැළසුම

[සංස්කරණය]

සියලුම මාළිගා සඳහා එකම ආකාරයේ බ්ම් සැලැස්මක් තිබුණි. සෑම එකක්ම පිහිටියේ හතරැස් ප්‍රදේශයකයි. එය පටු මාර්ගයකින් වටවී තිබුණි. නැගෙනහිර පැත්තෙන් පිවිසීමේ දොරටුවක් විය. ඉදිරියේ තිබුණු විශාල මිදුල අමුත්තන් පිළිගන්නා ශාලාවක් ලෙස ප්‍රයෝජනයට ගැනුණි. එහෙත් එහි හිඳ ගැනීමට අවසර නොලැබුණි. ප්‍රධාන ගොඩනැගිලිවලට පිවිසීම සඳහා පියගැට පේළි කිහිපයක් තිබුණි. එහි පිට පැත්තට විහිදුණු කුළුණු සහිත ශාලාවක් විය. එහි කෙළවරෙහි කුඩා වේදිකාවක් තිබුණි. රජ මාළිගා සංකිර්ණය වටා පේළි දෙකකට හෝ තුනකින් යුක්තව කුඩා කුටි 50 කට අධික සංඛ්‍යාවක් තිබුණි. නිශ්ශංකමල්ල රජතුමාගේ ශාලාව දිගින් අඩි 133 ක් ද (මි.41) පළලින් අඩි 63 ක් (මි.19) ද විය. පරාක්‍රමබාහු රජතුමාගේ මාළිගයේ ඉහළ මාල කොන්ක්‍රීට් කර තිබිණ. පඬුවස් නුවර මාළිගයේ මනා වාතාශ්‍රයක් ලැබීම පිණිස කටයුතු සලසා තිබුණි. පාවිච්චි කළ ජලය බැස යාමේදී ඒවා උරා ගැනීමට වළවල් සාදා තිබුණි.

සීගිරිය

[සංස්කරණය]

සීගිරිය පර්වතය මස්තකයේද මාළිගාවක් තිබුණි. සම්පූර්ණ සැකැස්මේ පිට මායිම් හා සෑම අංගයකම අඩංගු හැඩතල තවමත් දකින්නට තිබේ. එහි පහත මාළිගාවට සමාන්තරව ඉහළින් තැනූ මාළිගාවක්ද තිබුණි. එහෙත් එහි උන්නතාංශකය වැඩිය. එයට හාත්පස බැලිය හැකි සඳළු තලයක්ද තිබුණි. ඇතුළතින්ම පිහිටි රාජකීය නිවස්න මහල්වලින් යුක්ත විය. එහි සිට අංශක 360 වටා නගරයේ උද්‍යාන සහ පහළ භූමිය බැලීමට හැකි විය. පිළිවෙලින් තනන ලද අංගන පංතියක්ද කාමර ද සහ පියගැටවලින් එකට සම්බන්ධ කරන ලද උස් වේදිකාවක්ද, ගඩොල් ඇල්ලූ පදික මං තිරුද එහි තිබුනේය.

ප්‍රේක්ෂක ශාලා

[සංස්කරණය]

අති විශාල ප්‍රේක්ෂකාගාර දෙකක නටබුන් පොළොන්නරුවෙහි දක්නට ලැබේ. මේවායින් එකක් පරාක්‍රමබාහු රජුගේ මහජන සභා ශාලාව විය. අනෙක නිශ්ශංකමල්ල රජු සම්මන්ත්‍රණ ආදිය පැවැත්වූ ශාලාවයි. පරාක්‍රමබාහු රජතුමාගේ සම්මන්ත්‍රණ ශාලාව පුළුල් වේදිකාවක එක පිට එක තැබූ ආයත චතුරශ්‍රාකාර ව්‍යුහවලින් යුතු ඉදිකිරීමක් විය. එහි මූණත උතුරට යොමු වී තිබුණි.

පියගැට පේළි දෙකක් ප්‍රධාන පිවිසුම් දොරටුව වෙත යොමු විය. බිම් මට්ටමේදී අතරින් ඇවිද යා හැකි අවකාශවලින් ද යුක්ත විය. පොළොන්නරුවේ රැස්වීම් ශාලාවේ තිබුණු කුළුණුවල පතුල හතරැස් විය. මැද කොටස අටපට්ටම් හැඩයක් ගත් අතර නැවත ඉහළ කොටස හතරැස් විය.

රාජකීය ස්නාන ශාලා

[සංස්කරණය]

රාජකීය නානකාමර තැනීම පිළිබඳව ඉතාම අගනා උදාහරණවලින් එකක් වන්නේ පොළොන්නරුවේ කුමාර පොකුණයි. දිගු පටු පියගැට පෙළක් ආයත චතුරශ්‍රාකාර පොකුණ දක්වා විහිදුනේය. පොකුණට පැමිණෙන ජලය පාලනය කිරීමට භූගත නල මාර්ග තිබුනේය. අසල තිබුණු ඇල මාර්ගයකින් එම නල හරහා එන ජලය පොකුණට වැටෙන්නේ මකර රූප දෙකක මුඛය තුළිණි. ජල බාධක කපාටයක් ලෙස හා පාවිච්චි කළ ජලය පිටවීමේ දොරටුවක් ලෙස ගල්වලින්ම කළ අගුලක් යොදා තිබුණි. ඇඳුම් මාරුකිරීමේ කාමරයක් ද තිබුණි. මෙය දැනට නටබුන් වී ඇත.

නිවාස

[සංස්කරණය]

කිරිඳි ඔය ආශ්‍රිත ප්‍රදේශයේ කරන ලද කැනීම්වලින් ක්‍රි.පූ. 450 දී පමණ ඉදිකරන ලද වරිච්චි බිත්ති සහිත නිවාසයක නටබුන් සොයා ගෙන ඇත. තවත් ඵවැන්නක් වීරවිල, අඳල්ලේ හමුවී ඇත. ක්‍රි.ව. 50 සිට 450 දක්වා කාලය තුළ තිබුණු නිවාස ගැන තොරතුරු වලගම්පත්තුවෙන් ලැබේ. කුස්සියේ භාවිතා වූ උපකරණ තවමත් ඵහි තිබේ.

මධ්‍යකාලීන යුගයේ ධනවතුන්ට විශාල නිවාස තිබූ අතර ඒවා ගලින් සහ හුණු බදාමයෙන් කර උළු වහලින් ද හුණු ගාන ලද බිත්තිවලින් ද යුක්ත විය. ඒවා‍යේ දොර ජනෙල්වලින් යුතු කාමර සහ අමුත්තන්ගේ කාමර ද විය. ජනෙල්වලට ඉහළින් අර්ධ කවාකාර කවුළු තිබුනේය. දොරවල්වලට යතුරු, අගුළු සහ අසව් යොදා තිබුනේය. මෙම නිවාසවලට මිදුල් හෝ අංගන සහ සඳලුතලද තිබුණි. වී කෙටීම සඳහා වෙනම කාමර තිබුණු අතර වී ගබඩා කිරීමට අටුවක් ද කරත්ත ආදිය නවතා තැබීමට මඩු ද විය. වැසිකිලි ගැනද සඳහන් කළ යුතුය. හැම ගෙයකටම වාගේ කුස්සියක් තිබුනේය.

සැලසුම හා ගොඩනැගීම

[සංස්කරණය]

නිර්මාණ ශිල්පීන්

[සංස්කරණය]

ගොඩනැගිලි බිම් ගැන සොයාබැලීමට ගෘහ නිර්මාණ ශිල්පීහු සිටියහ. ගල් ගුහාවල තිබෙන ලියවිලිවල 'නගර ගෘහ නිර්මාණ ශිල්පියෙකු' ගැන සඳහන් වේ. අති සූක්ෂම හා විශේෂිත උපකරණ යොදාගනිමින් විද්යානනුකූලව ගොඩනැගීම් කර තිබුණි. උදාහරණයක් වශයෙන් සමහර ගල් පුවරු කොතරම් අගනා ලෙස කපා තිබුණේද කියතොත් ඒවා සම්බන්ධ වූ තැන් පවා දැකගත නොහැකි විය. එම ස්ථාන කෙතරම් සූක්ෂම අයුරින් පුරුද්දා ඇත්දැයි කියතොත් ඒතැන් වලින් කිසිදු දෙයක් ඇතුල් කිරීම පවා දුෂ්කරය. ඈෂ්ලි ඩී වොස් (Ashley de Vos) කියන්නේ මෙවැනි නිමැවුම් කිරීමට වර්තමාන යුගයේදී පවා අති සූක්ෂම උපකරණ තිබිය යුතුය යනුවෙනි. අඩි විස්සක් පමණ දිග තුනී ගල් පුවරු ඔසවා තැබීමට ව්යුශහාත්මක යන්ත්රය ශාස්ත්රෙය පිළිබඳ දැනීමක් අවශ්යප විය. මුළු ලෝකයෙන්ම පළමු පෙර සවි තාක්ෂණයක් තිබෙන්නට ඇත්තේ ශ්රී ලංකාවේය යනුවෙන් ඩී වොස් තව දුරටත් කියයි. ඇතැම් පූජනීය ස්ථානවල තිබුණු ගොඩනැගිලි වෙනත් ස්ථානයක නිමවා පසුව එකලස් කරන ලද ඒවා විය.

කලා කෞශල්යය

[සංස්කරණය]
පොළොන්නරුවේ වටදා ගෙය (කැටයම් ශිල්පයට උදාහරණයක් ලෙසින්)

තාක්ෂණික සාමාර්ථ්යෙයට අමතරව කලා කෞශල්යදය ද තිබුනේය. අටවෙනි ශත වර්ෂයෙන් මෙපිට නිර්මිත කදිම ගල් කණු වලින් ඒ බව විදහා දැක්වෙයි. ඒවා විවිධාකාර මෝස්තරවලින් යුක්තය. නිශ්ශංකලතා මණ්ඩපයේ තිබෙන නෙලුම් මල් කැටයම් සහිත ගල් කණු ගත් කළ ඒවා මුළු දකුණු ආසියාවේම දක්නට නොලැබෙන සුවිශේෂී අංග ලක්ෂණවලින් යුතු ඒවා විය. අවදානම් සහිත යයි සැළකෙන ආරුක්කුවලින් යුත් ස්ථාන නිර්මාණයේදී හුණු බදාම පාවිච්චි කර ඇත.

ජලයෙන් වට වූ දූපතක පිහිටි මණ්ඩපයක් තිබණු අතර එය හඳුන්වන ලද්දේ "සීතල මාළිගාව" යන නමිනි. ඒ වටා නෙලුම් මලින් යුතු පොකුණු තිබිණි. පොළොන්නරුවේ රාජකීය උද්යා නය වෙන් වශයෙන් නම් කරන ලද විවිධාකාර හැඩයෙන් හා විශාලත්වයෙන් යුත් පොකුණුවලින් යුක්ත විය. සීගිරියෙහි අටපට්ටම් පොකුණක් තිබුණි. සර්පයෙකුගේ දරණක ආකාර පොකුණක්ද පිපුණු නෙලුමක ආකාරය නිරූපණය වන පොකුණක් ද පොළොන්නරුවේ තිබුණි. අනුරාධපුරයේ කුට්ටම් පොකුණ මතුපිට සිට ගැඹුර දක්වා විහිදුණු පොකුණු කිහිපයකින් සැදුණේ විය. අත්යාොවශ්යක පහසුකම් පවා නොසළකා නොහරින ලදි. දීප්තිමත් නාන කාමරයක් නන්දන උයනෙහි තිබුනේය.

වායු සමනය

[සංස්කරණය]

පුරාණ කාලයෙහි වාතය සිසිල් කිරීමේ ක්ර ම වේදයන් තිබුණි. ගොඩනැගිළිවල වහල මත වියලන ලද මීහරක් සම් අතුරා වර්ෂාවකදී ඒ මතට ජලය විසිරෙන අයුරින් නල මාර්ගයකින් ජලය පතිත කිරීමේ ක්ර මයක් තිබුණි. ඒ මගින් සීතල වාතය ඇතුළට කාන්දු විය. ශීත කාලයට හා ඌෂ්ණ කාලයට ඔබින අන්දමින් බිත්තිවල එල්ලන ලද පින්තූර මාරු කෙරුනේය.

ගොඩනැගිලි ද්‍රව්‍ය

[සංස්කරණය]

ගොඩනැගිලි ඉදිකරන්නෝ ගල්, ගඩොල් දැව ආදි විවිධාකාර දෑ උපයෝගී කර ගත්හ. ඉදිරියට නෙරා ඇති කවාකාර ගඩොල් ආරුක්කු, කවාකාර පියැසි, සහ ගෝලාකාර ශිඛර යනාදිය ද ගොඩනංවන ලදි. ගොඩනැගිලිවල ආධාරක බිත්ති වශයෙන් පර්වතවල මුහුණත යොදාගන්නා ලදී. සීගිරියේ කැටපත් පවුර දරා සිටින වේදිකාව ද ගඩොලින් කරන ලද පියගැට පෙල ද පිහිටා තිබෙන්නේ ප්‍රපාතාකාර ගල් පර්වතයෙහිය. 6 වැනි ශත වර්ෂයේදී පමණ ගොඩනැගිලි නිර්මාණකරුවෝ හුණුගල්වලින් නයිස් නම් කලු ගල් වර්ගය වෙත මාරු වූහ. පොළොන්නරුවේ වටදාගෙයිහි බිත්ති ගල්වලින් නිර්මාණය කරන ලදී. ඒවා ඉහල මහළ දක්වා උස් විය. ඉහල මාලය කරා යොමු වුණු ගල් පඩි පේලියක පහලම පඩිය පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජ මාළිගයේ ඇති නටබුන්වල අදත් දැකිය හැක. පස් වෙනි ශත වර්ෂයේ ආරණ්‍යවල විසූ භික්ෂුන් වහන්සේලා පාවිච්චි කළ අතු සෙවිලි කල මඩුව ද ඉතා නිවැරදිව සැලසුම් කරන ලද ඒවා විය.

පරාක්‍රමබාහු මාළිගයේ ගඩොල් බිත්තිවල සිරස් විවරයන් තුල වහලේ බර දරා සිටීමට දැව කණු යොදා තිබූ බව සැළකේ

පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයේදී පාවිච්චි කර ඇත්තේ ගල් පමණක් නොවන බව සටහන් කර ගැනීම වැදගත්ය. දැනට දක්නට තිබෙන ගල් නිමැවුම්වල නටබුන්වලින් යමක් නිශ්චය කිරීම නිරවද්‍ය නොවේ. ඒවා මැටි හෝ කපරාරු බිත්ති සහිතව මූලික වශයෙන් දැවවලින් කරන ලද ගොඩනැගිලිය. 3 වැනි සියවසේ සිටම ඉතා අලංකාරව නිර්මාණය කළ දැව ගොඩනැගිලි තිබුණේය. සීගිරියෙහි කොටස් කීපයකින් යුත් වහලක් සමග දැවයෙන් සහ ගඩොල් යොදා නිර්මාණය කල අලංකාර වාහල්කඩක් තිබුණේය. අද ද දක්නට ලැබෙන අති විශාල උළුවහු කණුවලින් මේ බව සනාථ වේ.

බර දරා සිටීම සඳහා දැව යොදා ගෙන තිබුණි. සැකිළි සඳහා ගසක කඳ සම්පූර්ණයෙන්ම යොදා ගෙන ඇත. ක්‍රි.පු 4 වැනි සියවසේදි ඉදිකරන ලද අනුරාධපුර නැගෙනහිර වාහල්කඩ නිර්මාණය කිරීමට යොදා ගෙන තිබුණේ සම්පූර්ණ දැව කඳන්ය. පොළොන්නරුවේ සහ පඬුවස්නුවර මාළිගාවල තිබෙන ගඩොල් බිත්තිවල සිරස් විවරයන් තුල, ඉහල මාලයේ සහ වහලේ බර දරා සිටීමට යොදාගෙන තිබෙන දැව කණු තනි ගසකින් නිර්මාණය කර ගත් දැව කණු වෙයි.

මංජු ශ්‍රි ශිල්පය නැමති ග්‍රන්ථයේ දැව කැපීම සහ පදම් කිරීම පිළිබඳව තොරතුරු ඇතුලත් වේ. හොඳින් වැඩුනු ගස් තෝරා ගෙන නව සඳ කාලයේදි ඒවා කපනු ලබයි. එසේ කරන්නේ ඒ කාලයේදි ගසෙහි ක‍ඳේ සීනි ප්‍රමාණය අඩු බැවිනි. එසේ වූ විට ගසේ කඳට හානි කරන කෘමින් ඒම වැළකේ.

ශෛලමය නටබුන්වල ඉතිරි වී තිබෙන සළකුණුවලින් පෙනෙන්නේ ඉතා විශිෂ්ඨ වඩු තාක්ෂණයක් යොදාගෙන තිබුණු බවයි. වඩු වැඩ සඳහා යොදාගෙන තිබුණේ පොරව, වෑය, සහ නියන වැනි සාමාන්‍ය ආයුධයි. වඩු කර්මාන්තයේදී භාවිතයට ගන්නා ශිල්පීය ක්‍රම දෙකක් සද්ධර්මරත්නාවලියේ විස්තරවේ. දැව නරක් නොවීම සඳහා තෙල් ගැල්වූ අතර ඇද ඇරීම සඳහා රත් කර ඇත.