ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ක්‍රීඩාව, ශ්‍රී ලාංකික සංස්කෘතියේ සුවිශේෂී අංගයක් ලෙස සලකනු ලැබේ. ක්‍රිකට්‌ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රියත ම ක්‍රීඩාව ලෙස සලකන අතර සෙසු ජනප්‍රිය ක්‍රීඩා ලෙස ජල ක්‍රීඩා, බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා, පාපන්දු, පැසිපන්දු සහ ටෙනිස් සලකනු ලැබේ. ශ්‍රී ලංකාවේ පාසල් වල නිතරම ක්‍රීඩා තරඟ පැවැත්වෙන අතර ඒවා බොහොමයක් පළාත් මට්ටමෙන් සහ ජාතික මට්ටමෙන් සංවිධානය වේ.  

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්ඩායම 1990 ගණන්වල සිට සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ගත් අතර, 1996 ක්‍රිකට්‌ ලෝක කුසලානය ජය ගැනීම ශ්‍රී ලාංකිකයන්ට ස්වර්ණමය අවස්ථාවකි. 2007 බාර්බඩෝස්හී බ්රිජ්ටවූන් නගරයේදී කැන්සිංග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති නව වන ක්‍රිකට් ලෝක කුසලානයෙදී ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් පරාජයට පත් කරන ලදී. එමෙන්ම 2011 ක්‍රිකට් ලෝක කුසලානයෙදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගට තේරී පත් වූ අතර එහිදී ද ඉන්දීය කණ්ඩායම විසින් ලෝක කුසලානය අත්පත් කරගන්නා ලදී. මෙම තරඟය ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ අවසාන තරඟය වූ අතර මුම්බායිහී පිහිටි වැන්කඩේ ක්‍රීඩාංගණයෙදී ඔහු තම ක්‍රීඩා දිවියට සමු දුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් අවස්ථා කිහිපයක ම ආසියා කුසාලනය ජය ගත් අතර 1986, 1997, 2004, 2008 සහ 2014 මේ අතර වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන විශාල ප්‍රමාණයක් තිබෙන අතර කොළඹ පිහිටා තිබෙන සිංහල ක්‍රිඩා සමාජ ක්‍රීඩාංගණය, පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, හම්බන්තොට පිහිටා තිබෙන මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, මහනුවර පිහිටා තිබෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, දඹුල්ලේ පිහිටා තිබෙන රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ ගාල්ලේ පිහිටා තිබෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙයින් ප්‍රධාන වේ. 1996 ක්‍රිකට්‌ ලෝක කුසාලනයේ ආගන්තුක සත්කාර රටවල් වූයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානයයි. 2011 ක්‍රිකට් ලෝක කුසලානයේදී ආගන්තුක සත්කාරය ඉන්දියාව සහ බංගලාදේශය සමග එක්ව පිරි නැමුහ. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වන ශ්‍රීී ලංංකාවේ ජල ක්‍රීඩා අතර බෝට්ටුු පැදීම, සර්ෆින් (රළ මත ලිස්සායාමේ) ක්‍රීඩාව, පිිහිනුම් සහ ස්කූබා යොදාගෙන දිය යට පිහිිිනීම මුහුදුබඩ ප්‍රදේශවල දැකිය හැකි වේ.

පටුන

ඉතිහාසය[සංස්කරණය]

සංස්කෘතික ක්‍රීඩා[සංස්කරණය]

කබඩි, කිලි තට්ටු, කනා මුට්ටි, තේන්කායී අඩ්ඩී, එල්ලේ, බහූ, තට්ටූ, සහ ගුඩු මේ අතර කිහිපයක් වේ. ශ්‍රී ලංකාවේ පවතින සටන් කලා අතරින් චීනඩි, සහ අංගම්පොර මෙරටට ආවේණික වේ.

අන්තර්ජාතික තරඟ[සංස්කරණය]

ඔලිම්පික් ක්‍රීඩා උළෙල  [සංස්කරණය]

ආසියාතික ක්‍රීඩා උළෙල [සංස්කරණය]

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල [සංස්කරණය]

පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල [සංස්කරණය]

ජනප්‍රිය ක්‍රීඩා [සංස්කරණය]

ක්‍රිකට් ක්‍රීඩාව[සංස්කරණය]

2001 මාර්තු මස කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟය 

ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රියත ම ක්‍රීඩාවයි. පූර්ණ සාමාජිකත්වය සහ ටෙස්ට් ක්‍රිකට් වරම් ලබා ඇති රටවල් දහය අතරින් එකක් වන ශ්‍රී ලංකාව, ක්‍රීකට් ලෝක කුසලානය අත්පත් කර ගත් රටවල් පහ අතුරින් ද එකකි. වෘත්තීමය, අර්ධ වෘත්තීමය සහ විනෝදාත්මක මට්ටමෙ තරඟ රට තුළ පැවැත්වෙන අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ නරඹන්නන්ගේ ගණන අති මහත් ය.

බ්‍රිතාන්‍යයන් විසින් මෙම දිවයිනට ක්‍රිකට් ක්‍රීඩා ව හදුන්වා දුන් අතර 1800 ගණන්වල දී ප්‍රථම වරට තරඟ වැදූනහ. 1832 සැප්තැම්බර් මස 5 වන දින කොළඹ ජර්නලයේ සදහන් වාර්තාවක පල වුයේ එකල ක්‍රිකට් සංගමය ආරම්භ වී ඇති බවයි. කොළඹ ක්‍රිකට් සංගමය පිහිටුවීමත් සමග 1832 නොවැම්බර් මස වන විට තරග වැදීම ආරම්භ වුණි. එදා පටන් අද දක්වාම මෙම ක්‍රීඩාව රට තුල ඉතා වේගයෙන් දියණු වෙමින් ප්‍රධාන පෙළේ උළෙලවල් රැසක් සංවිධානය වූ අතර ප්‍රිමියර් ට්‍රෝෆි (1938 සිට) සහ ප්‍රිමියර් සීමිත ඕවර තරඟාවලිය (1988-88 සිට) ඒවායින් කිහිපයක් වේ. 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එක්දින තරඟ සදහා වරම් ලබන්නේ 1975 ක්‍රිකට් ලෝක කුසාලනයත් සමගයි. පසුව 1981 දී ටෙස්ට් තරඟ සදහා මුල් අඩිතාලම තැබු අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා ඇති නව වන රට ලෙස නම් කරන ලදී. 1990 ගණන් වන විට ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයින් බවට පත් වූ අතර 1996 ක්‍රිකට් ලෝක කුසාලනයද උරුම කරගත්හ. එපමණක් නොව 2002 පැවති අයිසීසී ශූරයන්ගේ කුසලානය (ඉන්දියාව සමග සම ශූරතාව)  සහ 2014 පැවති අයිසීසී ලෝක විස්සයි20 තරඟාවලියේ ද ජය ශ්‍රී ලංකාව අත්පත් කර ගත්හ. 2007 පැවති ක්‍රිකට් ලෝක කුසලානයේ ද, 2011 පැවති ක්‍රිකට් ලෝක කුසලානයේ ද, 2009 සහ 2012 පැවති අයිසීසී ලෝක විස්සයි20 තරඟාවලි වල ද අනු ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය කරනු ලබන අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරඟ (ඉංග්‍රීසි: First-class cricket) මණ්ඩලය යටතේ කටයුතු කරයි.

රගර් ක්‍රීඩාව[සංස්කරණය]

1879 ක අතීතයකට දිව යන රගර් ක්‍රීඩාව ජනප්‍රිය කණ්ඩායම් ක්‍රීඩාවක් වන අතර අර්ධ වෘත්තියමය සහ විනෝදාත්මක මට්ටමේ ක්‍රීඩාවකි. ශ්‍රී ලංකා රගර් සංගමය රටෙහි රගර් ක්‍රීඩාව වෙනුවෙන් බල පැවැත්වෙන කමිටුවයි. ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ මූලාරම්භය 1908 වර්ෂ වලට දිව යන අතර 1988 වසරේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රගර් මණ්ඩලයට (ඉංග්‍රීසි: IBR) එක් විය. කොළඹ රගර් සංගමය 1879 වසරේදී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම රගර් සංගමයයි. ශ්‍රී ලංකාව විසින් තරග වැදුනු ප්‍රථම රගර් තරඟය පැවැත් වුයේ එම වසරේ ජුනි මස 30 වන දින ලෝක කණ්ඩායමක් සහ කොළඹ කණ්ඩායම සමඟයි. ප්‍රථම ජාතික තරඟය පැවැත්වුනේ ඕල් සිලෝන් සහ ඕල් බ්ලැක්ස් කණ්ඩායම් දෙක අතරයි.

ශ්‍රී ලංකාව තවම රගර් ලෝක කුසලානයට සුදුසුකම් ලබා නැතත් ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම දියුණු වෙමින් ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 42 වන ස්ථානයට පත් වීමට 2006 වසරේ දී හැකි විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමේ දස්කම් නොපෙන්නුවද, රගර් වල දියුණුව තකා පැවැත්වෙන සමාජ තරඟ සදහා පැමිණෙන්නන්ගෙන් අඩුවක් නොතිබෙන අතර එය හතලිස්දහසක් හෝ පනස්දහසක් පමණ වේ. 2010 වන විට ආසියානු රාජ්‍යයන් පහේ තරගාවලියට එක් වූ අතර, දැනට කොට්ඨාසය අංක එක යටතේ තරඟ වදියි.

ශ්‍රී ලංකාවේද හත් සාමාජික ජාතික රගර් කණ්ඩායමක් ඇති අතර, ශ්‍රී ලංකා සෙවන්ස් නමින් ක්‍රීඩා උළෙලක් පැවැත්වෙන අතර එය ආසියා සෙවන්ස් තරගාවලියට සමගාමීව පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ රගර් දියුණු නොවීම පිළිබඳ යම් යම් හේතු සාධක තිබෙන අතර එයින් ප්‍රධානකෝටම මුල්‍යමය ඌනතාවය, ලෝකයේ තිබෙන යටිතල පහසුකම් සහ ශ්‍රී ලංකාවේ පැවති වසර ගණනක යුද්ධය වේ.

පාපන්දු ක්‍රීඩාව[සංස්කරණය]

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙරට පාපන්දු ක්‍රීඩාවට බලපැවැත්වෙන ආයතයනයයි. එමගින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගය පාපන්දු තරඟාවලිය පාලනය කෙරේ.

දැල්පන්දු ක්‍රීඩාව[සංස්කරණය]

ප්‍රථම වරට දැල්පන්දු ක්‍රීඩාව තරඟ වැදුනේ 1921 වසරේදී ය. ප්‍රථම තරඟාවලිය ක්‍රීඩා කෙරුණු ලැබුවේ මහනුවර උසස් බාලිකා පාසලේ ශ්‍රී ලංකා කාන්තා බාලදක්ෂ සමුහය විසිනි. 1927 දී රජයේ පුහුණු පාසල විසින් පැසිපන්දු තරඟයක් පැවැත්වුණු අතර මේ හේතුවෙන් රට පුරා ක්‍රීඩාව ප්‍රචලිත විය. 1952 වන විට ශ්‍රී ලංකාවේ දැල්පන්දු සමාජ ඉන්දියාවේ ක්‍රීඩා සමාජ සමග ක්‍රීඩා කරමින් සිටියහ. 1956 දී ශ්‍රී ලංකාව ප්‍රථම ජාත්‍යන්තර දැල්පන්දු තරඟය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග ක්‍රීඩා කරන ලදී. 1972 දී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය පිහිටවනු ලැබුවත්, එය 1983 දී නැවත විසුරුවා හරින ලදී.

1949 සහ 1976 කාල සිමා අතර එංගලන්තය සමග තිබු තරගෙන් ජය ගැනීම මෙම ක්‍රීඩාවේ එක් ජයග්‍රහණයකි.

1960 දී ශ්‍රී ලංකාවේ පැවති දැල්පන්දු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් සමග තිබු හමුවේ දී ක්‍රීඩාවේ උන්නතිය උදෙසා නීති ප්‍රමිතිගත කිරීම සාකච්ඡාවට නැගුණි.

2011 වන විට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් වල පහළොස්වන ස්ථානය අත් කරගත්හ.

වෙනත් ක්‍රීඩා[සංස්කරණය]

ධාවන තරඟ[සංස්කරණය]

Lamborghini Huracan LP620-2 Dilango Racing
2016 ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ පිහිටි සර්කිට් රිකාඩෝ ටොර්මෝ ධාවන පිටියේ පැවති ලෝක අවසාන මහා තරඟයේ දිලන්ත මාලගමුව ධාවනයේ යෙදෙන අයුරු 

ශ්‍රී ලංකා ධාවනකරුවන් සහ යතුරුපැදිකරුවන්ගේ සම්මේලනය (ඉංග්‍රීසි : SRI LANKA ASSOCIATION OF RACING DRIVERS AND RIDERS/SLARDAR) මෙරට මෝටර් රථ ක්‍රීඩා සදහා පුරෝගාමී ආයතනයයි. ශ්‍රී ලංකාව තුල ප්‍රධාන ධාවන තරඟ වර්ෂය පුරා ම පැවැත්වෙන අතර ෆොක්ස් හිල් මෝටර් ක්‍රොස්, කොමාන්ඩෝ සුපර් ක්‍රොස්, ගජබා සුපර් ක්‍රොස්, මේ අතර  වේ. බොහොමයක් ධාවන තරඟ සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ධාවනකරුවන් සහ යතුරුපැදිකරුවන්ගේ සම්මේලනය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසිනි.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවක දිලන්ත මාලගමුව මහතා ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර ඔහු තරඟ වදින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ධාවන කණ්ඩායම වන දිලන්ගෝ රේසින් කණ්ඩායම යටතේ වේ. ඔහු 2011 සහ 2016 ජි.ටී ඒසියා තරඟාවලිය ජය ගත් අතර 2002 පැවති බාතුර්ස්ට් 24 හවර්, ඒසියා ලී මෑන්ස් සීරිස් සහ ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆි තරඟාවලිවල ශ්‍රී ලංකාව නියෝජනය කළහ.

ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩාව (ඉංග්‍රීසි: Australian Rules Football)[සංස්කරණය]

ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුල වර්ධනය වෙමින් පවතින ක්‍රීඩාවකි. කෙසේ වෙතත්, ඒ.එෆ්.එල් (AFL) නිලධාරීන් කණ්ඩායමක් 2010 වසරේදී දේශීය වෙළඳ හා සමුපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රීඩාව ප්‍රවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාවට භාජනය කර තිබේ. මෙම සාකච්ඡාව මැනෙල් ධර්මකීර්ති මහතා විසින් සංවිධානය කෙරුණු අතර මේ සදහා ඒ.එෆ්.එල් (AFL) හී අන්තර්ජාතික නියෝජිත බ්‍රෙට් ක්ර්ක් මහතා ඇතුළු වර්තමාන සහ හිටපු ඒ.එෆ්.එල් (AFL) ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ද සහභාගී වි සිටියහ.

හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් මිල්ටන් අමරසිංහ සහ මැනෙල් ධර්මකීර්ති යන මහත්වරුන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා එක්ව කටයුතු කරනු ලබයි. ඔවුන්ගේ ප්‍රථම අරමුණ වුයේ 2011 වසරේදී තරඟාවලියක් පැවැත්වීමයි. ප්‍රනාන්දු මහතා නිතරම ඔවුන්ගේ අරමුණු කරා ගමන් කිරීමට සහය ලබා දුන් අතර ඔහුගේ සම්පුර්ණ සහය ක්‍රීඩාවේ උන්නතිය සදහා ලබා දෙන බවට පොරොන්දු වුහ.

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාව පිළිබද අධ්‍යයනය කිරීමටයි. මෙම සංචාරයේ මුලික අරමුණ වුයේ ඔස්ට්‍රේලියානු ආදිවාසී ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව සමඟ සම්බන්ධතාවයක් ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම පාපන්දු ක්‍රීඩාව තුළින් ද ගොඩනැගීමටයි.

ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව (ඉංග්‍රීසි: American Football)[සංස්කරණය]

දකුණු ආසියාවේ ප්‍රථම ඇමරිකානු පාපන්දු සම්මේලනය වන, එලයිට් ලීග් ඔෆ් ඉන්දීයා තරඟාවලිය විසින් කල යෝජනාවට අනුව 2012 වසරේ නොවැම්බර් මස කොළඹ ඇමෙරිකානු පාපන්දු කණ්ඩායම ස්ථාපිත කරන ලදී. කලම්බු ලයන්ස් වැනි සියලු ඊ.එෆ්.එල්.අයි (EFLI) කණ්ඩායම් ඉන්දියාවේ පුනේහී දී ඔවුන්ගේ ප්‍රථම ක්‍රීඩා සමයේ තරඟ වදින අතර, ශ්‍රී ලංකාව තුල විකාශනය කිරීම තහනම් කර ඇත.

බැඩ්මින්ටන් ක්‍රීඩාව[සංස්කරණය]

බේස්බෝල් ක්‍රීඩාව[සංස්කරණය]

බේස්බෝල් ක්‍රීඩාව 1980 මැද බාගය වන විට මෙරටට හදුන්වා දුන් ක්‍රීඩාවකි. හිටපු ගරු අමාත්‍ය ෆෙස්ටස් පෙරේරාගේ ඉල්ලීම මත ඇමෙරිකානු තානාදිපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවට බේස්බෝල් ක්‍රීඩාව හදුන්වා දෙන ලදී. ක්‍රීඩාව අවබෝධ කරගෙන මූලාරම්භයක් ලබා ගැනීම උදෙසා කණ්ඩායම් හතරක් නිර්මාණය කළේය. ඒවා නම්, ශ්‍රී ලංකා ගුවන් හමුදා බේස්බෝල් කණ්ඩායම, ශක්ති බේස්බෝල් කණ්ඩායම, ගෝල්ඩ් ෆිෂ් බේස්බෝල් කණ්ඩායම සහ රාජකීය විද්‍යාලීය බේස්බෝල් කණ්ඩායමයි. මුල් අවදියේ දී ඇමෙරිකානු තානාදිපති කාර්යාලයේ නිලධාරි මණ්ඩලය සහ දේශීය කණ්ඩායම අතර සුහද තරඟ පැවැත්වුයේ කොළඹ හැව්ලොක් පාක්හිදීය.

ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායම ප්‍රථම වරට ආසියා බේස්බෝල් තරගාවලියට තේරීපත් වීම සදහා 1995 වසරේ පිලිපීනයේ දී තරඟ වැදුනහ. 2009 වසරේදී ප්‍රථම වරට ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායම ආසියා බේස්බෝල් තරඟාවලියට සුදුසුකම් ලැබුහ.

පැසිපන්දු ක්‍රීඩාව[සංස්කරණය]

ශ්‍රී ලංකාවට මුල් වරට පැසිපන්දු ක්‍රීඩාව හදුන්වා දුන්නේ 1917 ඇමෙරිකානු ජාතික වෝල්ටර් කම්මෙක් විසිනි. අවුරුදු දහයකට පසු 1927 දී ආනන්ද විද්‍යාලය විසින් පැසිපන්දු ක්‍රීඩාව පාසල් වලට හඳුන්වා දෙන ලදී. 1958 වසරේදී ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය ස්ථාපිත කරන අතර 1959 වසරේදී  ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනයේ (FIBA) පිළිගත් ආයතයනයක් බවට පත් වේ. එමෙන්ම ශ්‍රී ලංකාව 1962 වසරේදී ආසියානු පැසිපන්දු සම්මේලනයට එක් වන අතර එදා පටන් තිබු තරඟාවලි වල ක්‍රීඩා කළහ.

කේවල ක්‍රීඩා[සංස්කරණය]

කැරම් ක්‍රීඩාව[සංස්කරණය]

  • ශ්‍රී ලංකා කැරම් සම්මේලනය

මලල ක්‍රීඩා[සංස්කරණය]

ගොල්ෆ් ක්‍රීඩාව[සංස්කරණය]

  • රාජකීය කොළඹ ගොල්ෆ් සමාජය

පිහිනුම්[සංස්කරණය]

  • කොළඹ පිහිනුම් සමාජය

ටෙනිස් ක්‍රීඩාව[සංස්කරණය]

  • ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය

ඔරු පැදීම[සංස්කරණය]

  • ශ්‍රී ලංකා ඔරු පැදීමේ සම්මේලනය

මේස පන්දු ක්‍රීඩාව[සංස්කරණය]

  • ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය

අනෙකුත් ජනප්‍රිය කේවල ක්‍රීඩා[සංස්කරණය]

ක්‍රීඩා ගිවිසුම් ලැයිස්තුව (ඉංග්‍රීසි: sports leagues) [සංස්කරණය]

ක්‍රිකට් ක්‍රීඩාව

  • පළාත් : ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගය (විස්සයි විස්ස)
  • සමාජ:
    • ප්‍රිමියර් ට්‍රෝෆි
    • ප්‍රිමියර් සීමිත ඕවර තරඟාවලිය (A ලැයිස්තුව)

පාපන්දු ක්‍රීඩාව

  • ශ්‍රී ලංකා පාපන්දු ප්‍රිමියර් ලීගය (හොදම කොට්ඨාසය)
  • ශ්‍රී ලංකා එෆ්.ඒ (FA) කුසලානය (පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය)

රගර් ක්‍රීඩාව

  • කැල්ටෙක්ස් ලීගය (හොදම කොට්ඨාසය)
  • ක්ලිෆඩ් කප් පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය (පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය)
  • ජනාධිපති කුසාලනය (පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය)

References[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_ක්‍රීඩාව&oldid=436143" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි