පාණ්ඩ්‍ය රාජධානිය

විකිපීඩියා වෙතින්

පාණ්ඩ්‍ය රාජධානිය ආදි පුරාතන යුගයේ දකුණු ඉන්දියාවේ තිබු පැරණි දමිළ රාජධානියක් විය. මෙය පුර්ව ඓතිහාසික යුගවල සිට 15 වැනි ශත වර්ෂයේ අගභාගය දක්වා දමිළ රාජ්‍ය පාලනය කළ පුරාණ දමිළ රාජධානි තුන අතරින් එකක් විය. (අනෙක් රාධානීන් වන්නේ චෝල හා කේරළ) ඔවුන් පළමුව රාජ්‍ය පාලනය කළේ ඉන්දියානු අර්ධද්වීපයේ දකුණු කොටසේ තොටුපලක් වු කොකායිහි සිටය. පසු කාලයන් හි එය මදුරායි වෙතට සංක්‍රමණය විය.

සංගම් සාහිත්‍ය නැමැත්තෙහි සහ එම කාලවකවානුවේ බිහිවුණු ග්‍රීක හා රෝම මූලාශ්‍ර වල පාණ්ඩයන් ගැන සදහන් වේ. චීන ඉතිහාසයේ 3 වන සිය වස ගැන කියවෙන විලූයිහි ද පාණ්ඩ්‍ය රාජ්‍යය ගැන පැහැදිලිව සදහන් වෙයි.

සංගම් සාහිත්‍යයේ එන පුර්ව පාණ්ඩ්‍ය රාජ්‍ය වංශය කලබ්‍රාස්ගේ ආක්‍රමණය අතරතුර යට ගැසිණි. 6 වැනි ශත වර්ෂයේ මුල් භාගයේදී කඩුන්ගොන් යටතේ පාණ්ඩ්‍ය රාජ්‍ය වංශය යලි පණ ලැබු අතර ඔහු විසින් කලබ්‍රාස් දමිළ රාජ්‍යයෙන් පහ කොට මදුරායිහි සිට රට පාලනය කිරීම අරඹන ලදී. 9 වැනි ශතවර්ෂයේ දී ඔවුන් චෝල රාජ්‍ය හමුවේ නැවත පසු බෑ ඇතර නිතර ගැටුම් ඇති කර ගැනීමට උත්සුක වූහ. ඉන්පසු පාණ්ඩ්‍යයන් 13 වැනි ශතවර්ෂයේ අගභාගයේදී සිහලයන් හා කේරළයන් සමග චෝල අධිරාජ්‍ය තලා පෙළමින් ඔවුන්ට නැවත නැගී සිටීමට අවස්ථාවක් මාන බලමින් වුන්හ.


තම අධිරාජ්‍ය තෙළිගු රාජ්‍ය දක්වා පුළුල් කර ශ්‍රි ලංකාව නම් දිවයිනේ උතුරු භාගය යටපත් කරගැනීමෙහිලා එය ආක්‍රමණය කළ ජටාවමන් සුන්දරා පාණ්ඩ්‍යන් (ක්‍රි.ව 1251 දී) යටතේ පාණ්ඩ්‍යයන්ට තම ස්වර්ණමය යුගය කරා එළඹීමට හැකිවිය. ඔවුන්ට ශ්‍රී විජය සහ යුව රජ වරුන්ගේ දක්ෂින ප්‍රාචීර ආසියානු සමුද්‍රාසන්න අධිරාජ්‍ය සමග පෘථුල වෙළෙද සම්බන්ධතා තිබිණි. පාන්ඩ්‍ය ඉතිහාසය ගෙනහැර පෑවිට පලාවරුන්, චෝලයන් හෝ සලාස්වරුන් හෝ අවසාන වශයෙන් දිල්ලි සුල්තාන් රාජ්‍යයේ මුස්ලිම් ආක්‍රමණිකයින් සමග යළි යළිත් සටන් වෑදිමට පාණ්ඩ්‍යයන් කටයුතු කොට ඇත. අවසානයේ 16 වැනි ශත වර්ෂයේදී මධුරායි සුල්තාන් රාජ්‍ය පිහිටු වීමත් සමග පාණ්ඩ්‍ය රාජධානිය තුරන් විය. පාණ්ඩ්‍යන් වෙළෙඳාමේත් සාහිත්‍යයේත් විශිෂ්ටයෝත් වූහ. පුරාණ ලෝකයේ අගනාම මුතු සොයා ගනු ලැබු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පිහිටි දකුණු ඉන්දීය වෙරළ තීරයේ මුතු සෙවීමේ කටයුතු පාලනය වුයේ පාණ්ඩ්‍යයන් අතිනි. පුරාවෘත්තමය “සංගම්” මදුරායිහි පැවැත්වුණේ ඔවුන්ගේ අනුග්‍රහකයන් යටතේ බවට මතයක් පවතී. යම් පාණ්ඩ්‍ය රජවරුන් සංගම් කවියන් වුහ.

පුරාතන පාණ්ඩ්‍යයන් ජෛන ආගමිකයන් වු අතර එවිටද ද්‍රවිඩ ආගම් තදින් කා වැදී තිබුණි. ප්‍රධාන දෙවියා වුයේ අරුහක්කඩාවුල්ය. ක්‍රි.ව. 600 න් පසු පාණ්ඩ්‍යයන් ශිව දේවියන් ගේ හා පාර්වතී දෙවියන්ගෙන් පැවත එන සාඩම්බර හින්දු වරුන් බවට පත්විය.ශිව දෙවියන් ඔවුන් බොහෝ ලෙස ඇදවූහ.මීනක්ෂී දේවිය ඒ අතර ප්‍රධානයි

== සටහන් =මදුරෛ මීණාක්ශි කෝවිල



| Pandyan_kingdom |}

"https://si.wikipedia.org/w/index.php?title=පාණ්ඩ්‍ය_රාජධානිය&oldid=482850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි