සංඝමිත්තා තෙරණිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සංඝමිත්තා තෙරණිය
Arhat Sangamitta Theri.jpg
සංඝමිත්තා තෙරණිය ජයශ්‍රීමහා බෝධිය ලංකාවට වැඩමවීම
උපත ක්‍රි:පූ:3 වන සියවසේ
ඉන්දියාවේදී උජ්ජයිනී නගරයේදී
මරණය ජීවත් වූ වයස:79
අනුරාධපුර,ශ්‍රීලංකාව
මරණයට හේතුව වයස්ගතවීම
අවසන් කටයුතු ශ්‍රීලංකාව
ජාතිකත්වය ඉන්දියානු
වෙනත් නම් සංඝමිත්‍රා
අධ්‍යාපනය ථෙරවාදී බෞද්ධ ධර්මය
උගත් ශාස්ත්‍රාලය ආයුපාලා ආචාර්‍යවරයා
ප්‍රසිද්ධ වන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රි ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවීම
ආගම ථෙරවාදී බෞද්ධ
කලත්‍රයා(යන්) අග්‍රිබ්‍රාහ්ම
දරුවන් සුමන(සාමණේර)
දෙමාපියන් අශෝක අධිරාජ්‍යයා (පියා)
දේවි(අම්මා)
තිළිණයන් ශ්‍රි ලාංකික භික්ෂූණීන් වෙනුවෙන් භික්ෂුණී ශාසනය පිහිටවූ රහත් තෙරණිය

සංඝමිත්‍රා තෙරණිය (සිංහල උරුව:සංඝමිත්තා තෙරණිය) අශෝක අධිරාජ්‍යයාගේ සහ ඔහුගේ "දේවී" නම් බෞද්ධ රැජිණගේ දියණියයි. සංඝමිත්තාගේ සොයුරු මහින්ද සමග ඇය බෞද්ධ භික්ෂුණී ශාසනයට ඇතුළත් වූවාය. මෙම සහෝදරයා සහ සහෝදරිය බුදු දහම පැතිරවීම සඳහා පසුව ශ්‍රී ලංකාවට ගියහ. ඇයට සංඝමිත්තා යනුවෙන් නම තැබීමට වෙනත් හේතුද ඉදිරිපත් වෙයි. ඒවාට අනුව ඇය අශෝක රජුගේ බාලම දියණියයි. වැඩිමහල්ලා මහින්ද කුමරුය.
කාලිංග යුද්ධය අවසාන වීමෙන් පසු අශෝක රජු තම බෞද්ධ දේවිය සමග බුද්ධාගම වැලඳ ගත් අවස්ථාවේ දියණියට බෞද්ධ නමක් තබන ලෙස කරන ලද ඉල්ලීම අනුව ඇයට සංඝමිත්තා යන නම දේවිය විසින් යොදා ඇත. අශෝක රජු තම දරුවන් ධර්ම දූත කටයුතු සඳහා විදේශ රටකට යැවීමට තීරණය කළේය. ඇයට ගරු කරන දිනය සෑම වසරකම දක්ෂිණායන දිනයයි. නැතහොත් දෙසැම්බර් 21 වැනි දිනය.
ලකාවේ රජකල දේවනම්පියතිස්ස රජු (ක්‍රි:පූ: 250-210) අශෝක රජුගේ (ක්‍රි:පූ:304-232) සමකාලීන මිත්‍රයෙකි. එතුමාගේ ඉල්ලීමක් පරිදි ලංකාවේ බුදුදහම ස්ථපිත කිරීම සඳහා සංඝමිත්තා තෙරණිය සහ මිහිඳු හිමියන්(මහින්ද) පසුව ලංකාව බලා නැව් නැග පිටත් වේ. ඉන්දියන් සාගරය ඔස්සේ යාත්‍රා කල මෙම පිරිස ලංකාවේ උතුරු පලාතේ යාපනය නගරයෙන් 16km ක් ඔබ්බට වන්නට ඉන්දියන් සාගරයේ වෙරලාසන්නය ඔස්සේ පිහිටි “මතාගල” නම් වු ග්‍රාමයට ගොඩබසින ලදී.

මිහිඳු හිමිගේ ලංකාගමනයත් සමඟ එහි වැසියන් බෞද්ධයන් බවට පත් විය. මේ නිසා “අනුලා” බිසව සහ රජ මැඳුරේ තවත් කාන්තා පිරිසක් බුදු සසුනේ භික්ෂූණීන් ලෙස පවිදි වීමට තිස්ස රජුගෙන් අවසර ඉල්ලා සිටියේය.[1][2][3][4][5] ඒ සඳහා ධර්මාශෝක අධිරාජ්‍යයා තවත් භික්ෂූණීන් පිරිසක් ලංකාවට පිටත් කර හරින ලදී. මෙම පිරිස මුල් වීමෙන් ලංකාවේ භික්ෂුණි ශාසනය ආරම්භ විය. එපමනක් නොව, ඇගේ ලංකාගමනේදී ශ්‍රි ලාංකීය බෞද්ධ ජනතාවට වන්දනමාන කිරීම සඳහා ඉන්දියාවේදී බුදුන් වහන්සේ බුදුවීමේදී සෙවන දුන් බෝධියේ රෝපණය කරන ලද දක්ෂිණ ශාඛාවක්ද ශ්‍රි ලංකාවට ගෙනෙන ලදී.එය අනුරාධපුරයේ රෝපණය කරන ලදී. ලාංකික බෞද්ධ ජනතාව ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන මෙම බෝධි ශාඛය වර්ථමානය වන විටත් නොනැසී පවතී. සෑම වසරකම උඳුවප් මස පොහෝ දිනයේදී (දෙසැම්බරයේදී) මෙම බෝධිය ඉතා උත්සවශ්‍රීයෙන් වන්දනාමාන කරනු ලැබේ. එය ශ්‍රි ලංකා බෞද්ධයන් ලද අගනා පූජනීය වස්තුවක් ලෙස සලකයි.[2][4][6]

පසුබිම[සංස්කරණය]

ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉන්දියාව පාලනය කළ, මෞර්ය වංශික අශෝක අධිරාජ්යයාගේ(සංඝමිත්තාගේ පියාණන්) මූලිකත්වයෙන්, මිහිඳු හිමි ලංකාවට මුලින්ම බුදුදහම හදුන්වා දුන්නේය. ඉන්පසු ශ්‍රි ලාංකික කාන්තාවන්ට ධර්මයක අවශ්‍යතාවය හදුනාගත් එතුමිය ශ්‍රි ලංකාවේ වැඩසිටි සමයේ මූලික පරමාර්ථය ලෙස සැලකුවේ ශ්‍රි ලාංකික කාන්තාවන් බුදු දහමට යොමු කිරීමයි.තමන් වැලඳගත් මෙම උතුම් ථෙරවාද බුදු දහම කලාපයේ තවත් රටවල් 9ක් තුල ව්‍යාප්ත කිරිමට අශෝක රජු ක්‍රියා කලේය. අශෝක රජුගේ සමකාලීන මිත්‍රයකු වූද, ශ්‍රි ලංකාවේ රජතුමා වුද දේවානම්පියතිස්ස රජු ශ්‍රි ලංකාව තුල බුදුදහමේ ප්‍රචලිත වීම දුටුවේය.

කෙසේ වුවද බුදුදහම ඉන්දියාව අවට රටවල් කිහිපය තුල ප්‍රචලිත කිරීමට ප්‍රථම, අශෝක රජු, මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ හමුවී උපදෙස් ලබා ගත්තේය. මෙහිදී බ්‍රාහ්මීය හින්දු ආගම නිසා බුදු දහමට වන හානිය ප්‍රධාන වශයෙන් සාකච්ඡා කල අතර, විනයානුකූල නොවු භික්ෂූන් ගැනද සාකච්ඡා කෙරිණි. බුදු දහමේ අනාගත පැවැත්ම ගැන සිතා, මෙයට විසඳුමක් ලෙස රහතන් වහන්සේලා 1000 නමකගේ සහභාගිත්වයෙන් තුන්වන ධර්ම සංගායනාවක් පැවැත්වීමට තීරණය විය. මෙම සංගායනාවේ මූලිකත්වය ගෙන ක්‍රියා කලේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේයි. සංගායනාවෙන් අනතුරුව පිරිසිදු බුදුදහම ව්‍යාප්ත කිරීම පිණිස, කණ්ඩායම් 9ක් විවිධ දිශාවලට පිටත් කරන ලදී.


මෙසේ අශෝක රජු විසින් දිශා 9කට ධර්මදුත පිරිස පිටත් කර හරින ලදී. ඉන්දියාවේ දකුණු දෙසට පිටත් කර හරින ලද පිරිසෙහි නායකත්වය මිහිඳු හිමි භාර ගත්තේය. තිස්ස රජුගේ ඉල්ලීම පරිදි, මිහිඳු හිමි ඇතුලු පිරිස ශ්‍රි ලංකාව බලා පිටත් විය. මෙම දීර්ඝ ගමනට පෙර සිය මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට උන්වහන්සේ අමතක නොකලේය. මෙම ගමනට මිහිඳු හිමි සහ තවත් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විය. එනම් ඉට්ඨිය,උත්ථිය,සම්බල,බද්ධසාල යන රහතන්ද , සුමන සාමණේරයන්ද(මිහිඳු හිමිගේ බෑණනුවන්) ,භන්ඩුක(මිහිඳු හිමිගේ ඥාති සහෝදරයෙකි) උපාසකත් ය.

මෙම දුත පිරිසෙහි සියලු සාමාජිකයන් රාජකීය පව්ලට අයත් විය. බුදු දහම ශ්‍රි ලංකාව තුල ව්‍යාප්ත කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් පිටත් කරවූ දුත පිරිස අශෝක රජු විසින් සිදු විය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු වැඩ සිටි කාලය තුළ 3 වතාවක් ලංකාවට වරින් වර වැඩම කර ඇත. එනම් බුද්ධත්වයෙන් වසර 8ක් පමණ ගතවූ මොහොතේය. එසේ වැඩම කල උන්වහන්සේ, එවකට ලංකාවේ වාසය කල රාජ්‍යවාංශික පිරිසට මෙන්ම, සාමාන්‍ය ජනතාවට ද උන්වහන්සේ අවබෝධ කල ධර්මයෙහි අර්ථය වටහා දුන් අතර, ජනතාවට ශික්ෂාපද හදුන්වා දී ඒවා පිලිපැදීමටද ඉගැන්විය.නමුත් බුදුන්වහන්සේගේ ලංකාගමනය සිදුවී බොහෝ කලක් ගතවන එම වකවානුවේදී නැවතත් ලංකාව තුල බුදුදහම ව්‍යාප්ත කිරීම කාලෝචිත විය.බුදුන් ජීවමානව වැඩිසිටි කාලයේදී ,බුදුදහමෙහි අනාගත පැවැත්ම සලසා ධර්ම විනය පුහුණු කිරීමට සංඝ සමාජයක් පිහිටුවන ලදී. එනම් භික්ෂූන් සහ භික්ෂූණීන් (මෙහෙණින් ) වහන්සේලාය. පිරිසිදු බුදුදහම අනාගත පරපුරට දයාද කිරීම මෙහි අරමුණ විය.

තම රට තුල ආගමික පසුබිමක් එවකට නොමැතිබව හොඳින්ම අවබෝධ කරගත් තිස්ස රජු, ඉන්දියාවෙන් පැමිණි මෙම දූත පිරිස ඉතා කැමැත්තෙන් පිලිගත්තේය. මිහිඳු හිමි උන්වහන්සේගේ පිරිවර සමඟ වැඩම කලේ අනුරාධපුරයටයි. එහිදී තිස්ස රජු සහ රජුගේ මළණුවන්ගේ භාර්යාව වන අනුලා දේවිය ඇතුළු කාන්තා පිරිසද, මහාමේඝ උයනේදී හමුවිය. එහිදී මිහිඳුහිමිගේ දූත මෙහෙවරෙහි සාර්ථකත්වය සනාථ කරමින් උන්වහන්සේ විසින් ලංකාවේ පුරුෂ පක්ෂය සඳහා භික්ෂූ ශාසනය පිහිටුවන ලදී.

මේ වනවිට තිස්ස රජු මෙන්ම අනුලා දේවියද තෙරුවන් සරණ ගොස් තිබිණි. මෙහිදී අනුලා දේවියඇතුළු දහසකට අධික කාන්තා පිරිස පැවිදි වීමට අවසර ඉල්ලා සිටියෝය. තමන් විසින් කාන්තාවන්ට පැවිද්ද ලබාදිය නොහැකි බවත්, එය කල හැක්කේ තෙරණින්(මෙහෙණින්) වහන්සේ නමකට බවත් සඳහන් කල මිහිඳු හිමි පැවසුවේ, අශෝක රජුට හසුනක් යවා, තම නැගණිය වන සංඝමිත්තාගේ සහය ලබාගන්නා ලෙසයි(බුද්ධ දර්ශනය පිළිබඳව මනා අවබෝධයක් ඇය සතු විය). ඒ උපදෙස් අනුව ක්‍රියා කල රජු තවත් යමක් ඉල්ලා සිටියේය. එනම් , බුද්ධත්වයට පත්වීමේදී බෝධිසත්වයන් පිටදුන් මහා බෝධියේ ශඛාවක් ද ඇය සමඟ වැඩම කරවන ලෙසයි. මෙම හසුන අශෝක රජුට යැවීමට, තම බෑණා වූ ඇමති අරිට්ඨ කුමරා සුදුසු බව රජතුමා සිතීය. එහිදී එක් කොන්දේසියක් මත කුමරු ගමනට එකඟ විය. එනම් පෙරලා පැමිණි පසු තමන්ටද භික්ෂූ ශාසනය තුල පැවිදි වීමට අවසර දෙන ලෙසටයි. එයට අනුමැතිය දුන් රජු අරිට්ඨ කුමරු ඉන්දියාවට පිටත් කර හැරීය.

ජීවිතයේ මුල් භාගය[සංස්කරණය]

සංඝමිත්තාගේ දෙමවුපියන් අශෝක අධිරාජ්‍යයා සහ ඔහුගේ අගමෙහෙසිය විදීස දේවියයි.ක්‍රි:පූ 285 දී ඇය උපත ලැබුවාය. ජනකතා අනුව අශෝක රජුගේ දෙවන දරුවාවු ද, මහින්ද කුමරුගේ බාල නැගණිය වුද සංඝමිත්තාගේ උපත පිලිබඳව ග්‍රන්ථ පවා ලියවී ඇත.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ‘උජ්ජයිනී‘ නම් වු ග්‍රාමයේ ඇයගේ උපත සිදුවී ඇත. කුඩා කලදීම සංඝමිත්තා සහ මහින්ද බුදුදහම වැලඳගෙන තිබුණි. වයස අවු:14 දී අශෝක රජුගේ බෑණනුවන් කෙනෙකු වන්නාවූ ‘අග්‍රිබ්‍රාහ්මී’ නම් වූ කෙනෙකු සමඟ ඇය විවාහ වෙයි. ඇයට සුමන නමින් පුතෙකු විය.

පසු කලෙක ඇයද මහණ වී , මිහිඳු හිමි(මාමා) සමඟ ලංකාවට පැමිණ බුදුදහම ප්‍රචලිත කිරීමේ කටයුතුවල නිරතව ඇත.ඇය වයස අවු:18දී ථෙරවාදී බුදුසසුනෙහි පැවිදි බව ලබයි (මහින්ද කුමරු මහණ වී ඇත්තේද මේ වකවානුවෙහිදීමය ). සංඝමිත්තා තෙරණියගේ දැඩි වීර්යය සහ කැපවීම නිසාම නොබෝ කලකින් අරහත්වයට පත්විය. මෙම මෙහෙණිය පසුව ‘පාටලීපුත්‍ර’ නම් වු ග්‍රාමයෙහි ජීවත්වීය.

ජීවිතයේ මැද භාගය[සංස්කරණය]

මිහිඳු හිමිගේ ලංකාගමනේදී උන්වහන්සේ දේශනා කල ධර්මය අසා, තිස්ස රජුගේ මලණුවන්ගේ බිරිඳ වූ අනුලා දේවිය සෝතාපණ්ණ විය. පසුව ඇය පැවිදි බව ඉල්ලා සිටි නිසා, තිස්ස රජු මෙන්ම මිහිඳු හිමියන්ද අශෝක රජුට හසුන් පතක් යවා කියා සිටියේ , සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරවා දෙන ලෙසටය. එය තිස්ස රජුගේ කාරුණික ඉල්ලීමක් ලෙස සටහන් කර තිබිණි. තිස්ස රජු සහ තම පුතු මිහිඳු හිමිගේ ඉල්ලීමට අනුව , අනුලා දේවිය ඇතුලු කාන්තා පිරිසට පැවිදි බව ලබා දීම පිණිස, අශෝක රජු විසින් සංඝමිත්තා තෙරණිය, තවත් උගත් භික්ෂූණීන් 10 දෙනෙකු ඇතුලු පිරිසක් ලංකාවට යවන ලදී.මුලදී තම දියණිය වෙනත් රටකට යැවීමට අශෝක රජු අකමැත්ත පලකර සිටියද , සංඝමිත්තා තෙරණියගේ කැමැත්ත සහ බලවත් ආයාචනය නිසාම පසුව රජු ඊට අනුමැතිය ලබා දුන්නේය. ඇය තම පියාට මෙසේ පවසා සිටියේය.

මහරජතුමණි! මාගේ සොහොයුරාට මාගේ පැමිණීම අත්‍යාවශ්‍ය වී තිබේ. පැවිදි වීමට සිටින ලාංකික කාන්තා පිරිස බොහෝය; 
එමනිසා නිසැකවම මා එහි පැමිණීම අනිවාර්ය වේ.

එතුමියගේ ලංකාගමනෙහි අරමුණ වූයේ, බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා භික්ෂූණී සංඝ සමාජය පිහිටුවීමත්, ලංකාවේ කාන්තාවන්ගේ විමුක්තිය සලසා දීමත්ය. රන් බඳුනක බහාලූ බෝධි ශාඛයද රැගෙන නැවකින් යාත්‍රා කල තෙරණිය, ලංකාවේ උතුරු වෙරළේ ජම්බුකෝල පටුනෙන් ගොඩබසින ලදී. බෝධි පැලය සහිත සංඝමිත්තා ඇතුලු පිරිස තිස්ස රජු විසින් ඉතා ගෞරවයෙන් සහ භක්තියෙන් පිලිගන්නා ලදී. මෙම පිරිස රජුගේ පිරිස විසින් උත්සව මධ්‍යයේ අනුරාධපුරයට කැඳවාගෙන යන ලදී. ඔවුන් පිරිස උතුරු දොරින් අනුරාධපුරයට ඇතුළු විය. එතැන් සිට මර්ගයේ සුදු වැලි අතුරා තිබුණි. මහාමේඝ නම් වූ උපවනයේ පූජෝපහාර මැද ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ දක්ශිණ ශාඛය රෝපණය කරන ලදී. එය වර්තමානය වන විටත් එය නොනැසී පවතී.

දීපවංශයේ සඳහන් වන පරිදි සංඝමිත්තා තෙරණිය සමග ලංකාවට පැමිණි භික්ෂුණීන් වහන්සේලා වන්නේ උත්තරා, හේමා,පසද්පලා,අග්ගිමිත්තා,දාසිකා, ජේගු, පබ්බතා,මන්තා,මල්ලා සහ ධම්මදාසියා යන පිරිසයි. මීට අමතරව ශ්‍රි ලංකාවෙන් ගිය රාජ දූතයා වන අතිත කුමරු පිරිස සමග නැව් නැග ආපසු පැමිණෙන විට, විවිධ කර්මාන්ත වලට දක්ෂ වූ පිරිසක්ද ගෙන්වා ගන්නා ලදී. එසේම මගධයේ රාජකීය පෙළපතට අයත් 8 දෙනෙක්ද (බෝගත්, සුමිත්ත, සන්ගොත්,දෙව්ගොත්, හිරුගොත්, දම්ගොත්, සිසිගොත් සහ ජටින්දරා) , රදළ පෙළපතට අයත් 8 දෙනෙකුත්, බ්‍රාහ්මණවරු 8 දෙනෙකුත්, වෛශ්‍යයන් (වෙළෙදුන්)8 දෙනෙකුත්,එඪේරුන්,කර්මාන්තකරුවන්,යක්ශයන් (මොවුන් ගෝත්‍රික මිනිසුන්ය), නාගයන්(මොවුන් ගෝත්‍රික මිනිසුන්ය), සන්නලියන්ද, කුඹල් කරුවන්ද, තවත් කුලවලට අයත් පිරිසද වේ.

මෙම ගමනට පිටත් වනවිට සංඝමිත්තා තෙරණියගේ වයස අවු: 32කි. ඇයගේ පුත්‍ර සාමණේරයන් මේ වනවිට ලංකාවේ සිටියේය(මිහිඳු හිමි සමඟ ). ශ්‍රි ලංකාවේ මුලින්ම පැවිදි වු කාන්තව අනුලා දේවියයි. ඊට අමතරව 1000කට අධික ලාංකික කාන්තා පිරිසක්ද දසසිල් සමාදන් වීමෙන් පැවිදි උපසම්පදාව මෙහිදී ලබා ගත්තෝය. මෙය ලංකවේ විධිමත්, විනයානුකූලව සිදුවූ මුල්ම භික්ෂූණී ශාසනයයි. මෙම පැවිදි වීම සඳහා සමාජයේ විවිධ ස්ථරවල කාන්තාවන් සිටීම දක්නට ලැබේ. සංඝමිත්තා තෙරණිය ශ්‍රි ලංකාවේ කාන්තාවන්ගේ ආධ්‍යාත්මික ජීවන මට්ටම ඉහළ නැංවීමට බොහෝ කැප කිරීම් කලාය.

සංඝමිත්තා තෙරණිය අනුරාධපුරයට වැඩම කල අවස්ථාවේදී කල ඉල්ලීමකට අනුව තිස්ස රජු විසින් මුලින්ම ‘උපාසිකා’ විහාරයද භික්ෂූණීන්ට භවනා, වතාවත් ආදිය කිරීම පිණිස තවත් ගොඩනැගිලි 12ක් ද , ඒ සියල්ලෙන් වෙන්වන පරිදි සංඝමිත්තා තෙරණිය වෙනුවෙන් ‘හතලක’ විහාරයද කරවන ලදී. දීපවංශයට අනුව, ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවීමත් සමඟ ධර්මය රටපුරා කාන්තාවන් අතර වයස් භේදයකින් තොරව ව්‍යාප්ත විය. පැවිදි කාන්තාවෝ(භික්ෂුණීන් ) ධර්ම ග්‍රන්ථ වැඩිපුර භාවිතා කල අතර, සාමාන්‍ය සමාජයේ විනය, එකිනෙකාට ගරුකිරීම වැනි ගුණාංග දියුණු විය.


ජය ශ්‍රි මහා බෝධිය සහ එහි වතාවත්[සංස්කරණය]

Revered Bodhi tree brought by Sangamitta and planted at Anuradhapura, Sri Lanka -Oldest surviving Bodhi Tree

අශෝක රජු රජවී 12 වසරක් ගතවන මොහොතක සංඝමිත්තා තෙරණිය විසින් බුද්ධගයාවේ දක්ෂිණ ශාඛයක් ලංකාවට ගෙනෙන ලදී. මෙම පූජනීය බෝ පැලය දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නාවේ රෝපණය කරන ලදී. මෙම බෝධි ශාඛයේ විශේෂත්වය වන්නේ බුදුන් පිරිණිවන්පානා මොහොතේ ප්‍රකාශ කල පරිදිම බෝ අත්ත මව් ශාඛයෙන් ඉබේම වෙන්වී රන් බඳුන තුල පිහිටීමයි. පසුව මෙම බෝ පැලය සහිත රන් බඳුන සංඝමිත්තා තෙරණිය විසින් ගෙනැවිත් අනුරාධපුරයේදී දේවානම්පියතිස්ස රජුට භාරදෙන ලදී.

තවද බොධි පැලෑටිය උත්සවශ්‍රීයෙන් රජු විසින් රෝපණය කරන ලද්දේ, සංඝමිත්තා සහ මිහිඳු හිමි ඉදිරිපිටදී කජරාගාම, චන්දනගාම සහ හිවක්කු යන පූජකවරුන්ගේද සහය ඇතිවය. ඒ මොහොතේදී අශ්චර්යවත් ලෙස තවත් බෝ පැල 8ක් මතුවිය. තවද එහි බීජ සහිත ඵල ද හටගන්නා ලදී. මෙවා ලංකාවේ ජම්බුකෝල,තිවක්ක,ථූපාරාම, තිස්සමහාරාම, ප්‍රථමසේටිය, චේතියගිරි, කජරාගාම සහ චන්දනගාම යන ප්‍රදේශ වල පූජනීය වෘක්ෂ ලෙස රෝපණය කරන ලදී.

වර්ශ 1907 වන විටදී ශ්‍රි මහා බෝධියේ උස අඩි 32(9.8m) ක් වූ අතර , වටප්‍රමාණය අඩි 8.17(2.49m) කි. අඩි 61(19m)*අඩි 57(17m) ප්‍රමාණයෙන්ද , උසින් අඩි 21(6.4m) ප්‍රමාණයෙන්ද යුක්ත වු රන් ආලේපිත වැටකින් බෝධියට ආරක්ෂාව සපයයි. ඊට එපිටින් මිදුල වටේට පූජාසන පිහිටා ඇත. තවත් බෝධි ශාඛ කිහිපයක්ම කොටු සීමාව තුල රෝපණය කර පවතී. තවද වෙනත් වර්ගයේ ශාඛ 32ක් පමණ අවට දක්නට ලැබේ.

මෙම බෝගය ශතවර්ෂ ගණනාවක් මුලුල්ලේම ශ්‍රි ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සුරක්ෂිතව පවතී. තවද එය නඩත්තු කිරීම සඳහා පත්කල ගම් වැසියෙක්ද සිටී. H.G. වෙල්ස් නැමති ඉතිහාසඥයාගේ මෑත නිකුත් කල දත්ත අනුව නඩත්තු වී පවතින ලොව පැරණිතම ශාඛය ජයශ්‍රිමහා බෝධියයි. තවද ඉන්දියාවේ පිහිටි මහා බෝධියද බෞද්ධයන් ඉතාම පූජනීයකොට සලකන ගසකි.

ජීවිතයේ අග භාගය[සංස්කරණය]

ඌට්ඨිය රජු රජකමට පැමිණ වසර 9ක් ගතවූ අවස්ථාවේදී සංඝමිත්තා තෙරණිය අපවත්වී(මරණය) වදාලහ. ඒ අනුරධපුරායේ පිහිටි ඇයගේ ආවාසය වූ හත්තාලෝක උපාසිකාරාමයේදී වයස අවු: 79ක් ව තිබියදීය. ඇයට ගරු කිරීමක් ලෙස සතියක් පුරා මුළු ශ්‍රි ලංකාව පුරාම ඇයගේ අනුස්මරණය සිදුවිය.

ඇය ජීවමානව සීටියදී ඉල්ලා සිටි පරිදි ඇයගේ දේහය, නැගෙනහිර ථුපාරාමයේ බෝධි ශාඛය ඉදිරිපිට ආදාහනය කොට , එහි භෂ්මාවශේෂ මැදිකොට උට්ඨිය
රජු විසින් ස්ථූපයක් සාදන ලදී.

References[සංස්කරණය]

  1. Sanghamittā Therī. What the Buddha said in plain English!. සම්ප්‍රවේශය 2010-04-28. 
  2. 2.0 2.1 A brief history of Sanghamitta. Bodhistav Foundation. සම්ප්‍රවේශය 2010-05-02. 
  3. Mahindagamanaya was more than a diplomatic mission. Daily Mirror. සම්ප්‍රවේශය 2010-05-02. 
  4. 4.0 4.1 Theerrii Sanghamiitttta and The Bodhii—tree (pdf). California: A Gift of Dhamma:Maung Paw. pp. 1–8. සම්ප්‍රවේශය 2010-05-02. 
  5. Harishchanndar, Walisinha (1998). The sacred city of Anuradhapura. Asian Educational Services. පිටු 29–36. ISBN 81-206-0216-1. http://books.google.co.in/books?id=aWv0A4abVyQC&pg=PA30&dq=Sanghamitta#v=onepage&q=Sanghamitta&f=false. Retrieved 2010-05-02. 
  6. How to be Real Buddhist through Observance?. What Buddha Said Net. සම්ප්‍රවේශය 2010-05-02. 


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සංඝමිත්තා_තෙරණිය&oldid=305827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි